බලෙන් ලෙඩ ඈඳා ගත්තාට වුවමනාවෙන්ම ලෙඩ වෙන්න කවුරුත් කැමැති නැත. ආහාර පානාදියෙන් කෙතරම් පරෙස්සම් වුණත් අප ඇති කර ගත යුතු යහ පුරුදු ගණනාවක්ම අපේ නිරෝගීකම උදෙසා බලපානු ලැබේ. ඒ යම පුරුදුවලින් ඈත් වීම නිසාම සිරුර කෙමෙන් කෙමෙන් රෝගවලට ගොදුරු වී යයි.
පුද්ගලයකුට රෝගාබාධ වැළඳීමේ ක්‍රම ගණනාවකි. සිරුරේ ප්‍රතිශක්තිය හීන වීම, වැරැදි ජීවන රටාව ආදී හේතු මේ සඳහා බලපැවැත්වේ. සිරුරට සමබල පෝෂණයක් උදෙසා ආහාර පාන වැදගත් අතර සිරුරේ සමබරතාවත්,නිරෝගීභාවයත් රැක ගැනීම සඳහා පුද්ගලයකුට සාමාන්‍යයෙන් දිනකට විනාඩි 20ක් පමණ සරල ව්‍යායාමයක නිරත වීමේ වැදගත්කම සෞඛ්‍ය අංශ පෙන්වා දේ. ඇතමකු මෙය ගණන් නොගෙන සිටියද රෝග බොහොමයකින්ම වැලකී සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට මෙමගින් හැකියාව ලැබේ.
‘ව්‍යායාම කිරීමට වෙලාවක් නැහැ, ඔබ කාර්යබහුල පුද්ගලයෙක්‘ කියන හේතු කිසිවක් ලෙඩ රෝගවලට අදාල නොවේ. ඔබ රාජකාරියක නිරත පුද්ගලයකු නම් දවසින් වැඩි වෙලාවක්ම අසුනේ වාඩිවී හිඳීමට සිදු වේ. එය කෙසේවත් සුදුසු නැත. අවම වශයෙන් පැය 02කට සැරයක්වත් අසුනෙන් නැගිට කාර්යාලය තුළම කෙටි දුරක් ඇවිදීමට හැකිය. පැය ගණනක් එකම ඉරියව්වක සිටීම වෙනස් කරන්න. කෙටි විවේකයක් ලබා ගැනීමෙන් අනතුරුව ඔබට නැවතත් සුපුරුදු රාජකාරියේ නියැළීමට හැකි වනු ඇත.
ඔබ වාඩිවී ටෙලි නාට්‍ය නරඹන ගමන්ම ඒ ඉරියව්වෙන්ම දෑත්වලට, බඩට,හා දෙපාවලටත් ව්‍යායාම කළ හැකිය. නොඑසේ නම් ඒ වෙලාවේදීම ව්‍යායාම් උපකරණය භාවිත කළ හැකිය. එසේම ඔබ රාජකාරිය නිමවී නිවසට පැමිණෙනවානම් පුරුදු බස් නැවතුමට කලින් නැවතුමෙන් බැස නිවස තෙක් පයින් ගමන් කළ හැකිය. එසේත් නැත්නම් විනාඩි 20ක් එකදිගට දිවීම හෝ සයිකලයක් පැදීම වැනි ව්‍යායාමයක නිරත විය හැකිය. ඉහතින් මා පෙන්වා දී ඇත්තේ ඔබ නිරතවන රාජකාරියට අදාලව කළ හැකි සරල ව්‍යායාම් කිහිපයක් පමණි.
මෙයාකාරයට සරල ව්‍යායාමයක නිරත වන විටදිත් ගත යුතු ආහාර රටාව ගැන විමසිලිමත් වන්න.
පිෂ්ඨය,සීනි,තෙල් අධික ආහාර වැඩිපුර ගෙන ව්‍යායාමවලින් ගොඩ යාමට සිතනවා නම් එය නිෂ්ඵල වැඩකි. දවසින් සුළු හෝ වේලාවක් කැපකර සරල ව්‍යායාමයක නිරත වීමෙන් රෝග බොහොමයකින්ම ඔබ ආරක්ෂා කරනවා පමණක් නොව තමන්ට මනා පාලනයකින් , නම්‍යශීලීව,ලස්සනට සිරුර හැඩ කර ගත හැකිය. ඕනෑම ඇඳුමක් ඇන්ද විට ඔබව තවත් අලංකාරව පෙනෙනු ඇත.
-සටහන- මාධවී ධර්මරත්න
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සරල ව්‍යායාමයක යෙදීමේ වාසි