IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ළමයින් අතර පැතිරී යන වයිරස් උණක්

වැස්ස කාලෙදි ළමයින් ලෙඩ රෝගවලට ගොදුරු වීම වැඩියි. ඒ වැසි සහිත සීත දේශගුණය ලෙඩ රෝග ගණනාවකටම හිස එසවීමට කදිම හේතුවක් බැවිනි. සීත කාලයේදී ඉහළ ස්වසන මාර්ගයේ සේම පහළ ස්වසන මාර්ගයේ රෝගද පැතිරී යාමේ අවදානමක් පවතී. ඒ අනුව මේ දිනවලදී කුඩා දරුවන් වැඩි වශයෙන් ගොදුරු වන වයිරස් උණ රෝගී තත්ත්වයක් පැතිරී යාමට පටන් ගෙන ඇත.

රෝග ලක්ෂණ

මෙහිදී උණ සමග සෙම ගතිය, හතිය එකවර ඇති වීම නිසා තත්ත්වය උත්සන්න වීමට පුළුවන. වේගවත් හුස්ම ගැනීම සේම එක දිගට කල් අල්ලා පවතින කැස්ස ගතියද මෙහි මූලික රෝග ලක්ෂණ වේ. උණ තත්ත්වය සුව වුවද කැස්ස ගතිය කල් අල්ලා පැවතිය හැකියි. වයිරස් රෝගී තත්ත්වයේදී සේම පසු වයිරස් තත්ත්වයේදී වුව කැස්ස ගතිය තිබීමට පුළුවන. කල් අල්ලා පවතින සෙම සහිත කැස්ස, නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වීමටද හැකියි.

නිබියුලයිස් ප්‍රතිකාරය

යම් හෙයකින් කුඩා දරුවන්ගේ කැස්ස ස්වාභාවයෙහි වැඩිවීමක් ,හතිය ගතිය සුව නොවී පවතී නම් හැකි ඉක්මනින් රජයේ රෝහලක් වෙත යොමු කළ යුතුවේ. එහිදී නිබියුලයිස් ප්‍රතිකාරය ( දුම් ඇල්ලීමේ ප්‍රතිකාරය) දිනක් හෝ දින දෙකක් ලබා දිය යුතුයි.

මෙය කොවිඩ් නොවේ

මේ වනතෙක් මෙය කුමන රෝගී තත්ත්වයක්ද යන්න නිශ්චය කොට නොමැති අතර නව වයිරස් තත්ත්වයක් විය හැකි බවට සැක කෙරේ. කොවිඩ් හෝ ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක් ද නොවේ. කොවිඩ් රෝගයද යන්න තහවුරු කර ගැනීම උදෙසා අද වනවිට රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණය පමණක් සිදු කෙරේ. ඒ අනුව මේ දිනවලදී වාර්තා වෙන කොවිඩ් රෝගීන්ද සාමාන්‍ය මට්ටමක පසු වේ. මේ අතර ඩෙංගු රෝගීන්ගේ යම් වැඩි වීමක් හා

ඉන්ෆ්ලුවන්සා A+ රෝගීන්ගේ වාර්තා වීමේ යම් ප්‍රතිශතයක්ද දැකිය හැකි වේ.

රෝගී දරුවන්ගෙන් රෝගය බෝ නොවීමට

නව වයිරස් උණ රෝගයෙන් පෙළෙන කිසිම දරුවකු පාසල් ,පෙර පාසල් සහ අමතර පන්තිවලට යැවීමෙන් වලකින්න. රෝගී දරුවන් හැකි සෑම විටකම නිවෙස්වල රඳවා විවේකය ලබා දිය යුතුවේ. සෙසු දරුවන් අතරද රෝගය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වී යාමට මූලික හේතුව මෙය වයිරස් රෝගී තත්ත්වයක් වීමයි.

උණ දිගටම ඇත්නම්

උණ පහව යන තෙක් පැය 6න් 6ට පැරසිටමෝල් නියමිත මාත්‍රාව පමණක් ලබා දෙන්න. ඒ හැරුනු විට හිතුමතේ ඖෂධ කිසිවක් කුඩා දරුවන්ට ලබා දීමෙන් වලකින්න. පවතින උණ වයිරස් තත්ත්වයක් හෝ කොවිඩ් වුවද මේ දිනවලදී ඩෙංගු රෝගයද පැතිර යන බැවින් ඒ ගැන සැලකිලිමත් වීම වටී. ඒ නිසා නිසි වෛද්‍ය උපදෙසකින් බැහැරව ඖෂධ පිළිබඳ මවුපියන් තීරණ ගැනීමට යාමෙන් වලකින්න.

පැරසිටමෝල් සිරප් හිඟය

කුඩා දරුවන්ට නිර්දේශ කරන සිරප් වර්ගවල , ප්‍රතිජීවක ඖෂධවල දැඩි හිඟයකට අප මේවනවිට මුහුණ දී තිබේ. වයිරස් රෝගී තත්ත්ව ආදියට ප්‍රතිජීවක සුලබව භාවිත නොවූවත් පැරසිටමෝල් සිරප් වෙනුවට අපට පැරසිටමෝල් පෙත්ත භාවිත කළ හැකියි. සාමාන්‍යයෙන් අවුරුදු 2න් පහළ ළමයින්ට සිරප් නිර්දේශ කෙරෙන අතර අවුරුදු 02ට වැඩි දරුවන් උදෙසා පෙති නිර්දේශ කෙරේ.

කුඩාම දරුවන්ට පෙති ලබා දීම දුෂ්කර කටයුත්තක් වුණත් වයස සහ බර අනුව මාත්‍රාව තීරණය කළ යුතු වේ. උණ ගතිය වැඩි නම් මඳ උණුසුම් ජලයෙන් කිහිලි,ඉකිලි තෙත මාත්තු කොට දැමිය හැකියි.

මුව ආවරණය දිගටම

නව වයිරස් උණ රෝගී තත්ත්වය කුඩා දරුවන් අතර සම්ප්‍රේෂණය වීම වැලැක්වීම උදෙසා තව දුරටත් ඔවුන්ව නිවැරැදි මුව ආවරණ භාවිතයට හුරු කළ යුතුව තිබේ. ස්වසන මාර්ගයේ රෝගවලට ගොදුරු වූවන් නිසි පරිදි මුව ආවරණ පැළැදීමෙන් රෝගය තව උත්සන්න වීම හෝ අන් අයට සම්ප්‍රේෂණය වීම වලක්වා ගත හැකි වනු ඇත.

ඒ අනුව සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, වයිරස් උණ රෝග වැනි ඉහළ ස්වසන මාර්ගයේ රෝගත් නියුමෝනියාව, හතිය වැනි පහල ස්වසන මාර්ගයේ රෝගාදියත් ව්‍යාප්ත වීම වැලැක්වීමට මුව ආවරණය තවදුරටත් හොඳ විසඳුමක් වනු ඇත. එය ඉදිරියටත් පැළැඳීමේ අවශ්‍යතාවක් මතු වනු ඇත.

අත්, පා, මුඛ රෝගය

වයිරස් උණ රෝගී තත්ත්වය සේම මේ දිනවලදී කුඩා දරුවන් අත්,පා ,මුඛ රෝගයටද Hand Foot Mouth disease ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මෙම රෝගයේදී සුදු පැහැති වතුර පිරුණු බිබිලි ශරීරය පුරා දක්නට ලැබේ. මෙයද වයිරස් රෝගී තත්ත්වයක් නිසාවෙන් රෝගියාගේ ශරීරය පුරාමත්, තවත් කෙනකුටත් බෝ වීමේ හැකියාව වැඩි කරයි.

කුඩා දරුවන් අතර ව්‍යාප්තව පවතින මේ තත්ත්වයට ගොදුරු වූ දරුවන්ව අනෙක් ළමයින් අතරට නොයවා වෛද්‍ය උපදෙස් මත නිවසේ රඳවා තබා ගැනීමට කටයුතු කරන්න.

මෙම රෝගී තත්තවයට ගොදුරුවූ දරුවන් බහුතරයකගේම නියපොතු හැළී යාමේ අවදානමක් පවතී. වෛද්‍ය උපදෙස් මත සින්ක් අඩංගු සිරප් වර්ගයක් ලබා දීම උචිතය. ඊට අමතරව සින්ක් අඩංගු ආහාර පානද ලබා දීමට හැකියි. විශේෂයෙන් පැළවී එන මුං ඇටවල සින්ක් අඩංගු වන නිසා එබඳු ආහාරද රෝගියාට විටින් විට ලබා දීම සුදුසුය.

දරුවන්ගේ ප්‍රතිශක්තිය වඩවන ආහාර පාන සේම මෙවන් කාලයකදී පෙනහලු යුවළද සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමෙන් ලෙඩ රෝග ගණනාවකින්ම ඈත්වී හිඳීමට මහෝපකාරී වනු ඇත. තවද ඖෂධ, ප්‍රතිජීවක හිඟ කාලයකට ඔරොත්තු දිය හැකි පරිදි නිරෝගී දිවි පෙවෙතකට හැඩ ගැසීමද සියලු දෙනා ඉදිරියේ ඇති අභියෝගයකි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

ළමයින් අතර පැතිරී යන වයිරස් උණක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයා රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 28 1 0

චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය


ආණ්ඩුව කුජීත වුණ බව චන්න කියයි
2025 අප්‍රේල් මස 28 112 0

මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ


තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම
2025 අප්‍රේල් මස 28 155 0

තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය


ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ මුද්‍රණය කරයි
2025 අප්‍රේල් මස 28 51 0

පළාත් පාලන මැතිවරණය (2025) සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ හයදහස් පන්සිය තිස්තුනක් (25,206,533) මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හත


සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 1072 0

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 994 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 430 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 578 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site