“දැන වෙ‌ෙළඳාම, නොදැන ගොවිතැන”‍ යැයි කියමනක් තිබේ. අපේ රටේ පොදු ජනතාව බොහෝ විට මුලින්ම විශ්වාසය තබන්නේ බටහිර වෙදකම කෙරෙහිය. බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලබන තැන ඔවුන් නැඹුරු වන්නේ ආයුර්වේදීය නොහොත් දේශීය සිංහල වෙදකමටය.

රුධිර වාර්තා , රුධිර පීඩන වාර්තා  හා වෙනත් වාර්තා පරීක්ෂා කිරීම් ආදී බොහෝ දේ අතරින් අප කියන්නට යන්නේ නාඩි පරීක්ෂාවෙන්ම ප්‍රතිකාර ආරම්භ කරන වෙද මාතාවක් ගැනය. ඇයට රෝගියා විසින් තමන්ගේ රෝගී තත්ත්වය විස්තර කිරීම අවශ්‍ය නොවේ. ඇය රෝගියාගේ නාඩි බලා, ප්‍රතිකාර අවශ්‍ය රෝගී තත්ත්වයන් නිශ්චිතවම නිගමනය කරන්නේ රෝගියා ද මවිතයට පත් කරමිනි. වසර ගණනාවක් ප්‍රතිකාර ගෙන සුව නොවූ රෝගීන්, ඇගේ ප්‍රතිකාර හමුවේ  දින කීපයක් තුළ සුවපත් වීම ඊට හේතුවයි.

ඇය නමින් වෛද්‍ය අනෝමා දමයන්ති සොලමන් ය.

විද්‍යෝදය පිරිවෙනේ එකල වැඩවිසූ නායක හිමියන් ඇගේ පරම්පරාවේ ළඟම ඥාතියෙකි. ඇගේ වැඩිමහල් පුතු වන, දැනට යුරෝපයේ වෙසෙන වෛද්‍ය අමෝද වික්‍රමබාහු මහණකර ගැනීමට පවා එදා ඉල්ලීමක් ලැබී තිබිණි. අකුරැටියේ අමරවංශ හිමියන් ද ඇගේ පරම්පරාවේමය.

විද්‍යෝදය ආයුර්වේද වෛද්‍ය අංශයෙන් අධ්‍යාපනය ලැබීමට ඇයට මග පෑදුවේ ඇගේ මවගේ සොහොයුරා වූ දොන් ජේ. විතානාරච්චි ය. ඔහු කොලොන්නාව රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති කොලොන්නාවේ ධම්මික හිමියන්ගේ පියා වන අතර, එකල මහ රැජිනගේ හමුදාවේ නිලධාරියෙක් ලෙස සේවය කළේය. 88-89 භීෂණ සමයේ වෙඩි පහරින් අපවත් වූ කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමියන් ද විතානාරච්චි නැන්දාගේ නෑකමින් මාමා කෙනෙකි.

යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබූ අනෝමා දමයන්ති වෛද්‍යතුමියගේ මව ඉංග්‍රීසි ලඝුලේඛන හා ටයිප් රයිටින්  පුහුණු ගුරුවරියකි. පියා ඉංග්‍රීසි උගතෙකු මෙන්ම හේවුඩ් ආයතනයෙන් සංගීත අධ්‍යාපනය ලබා, ඉංග්‍රීසි දන්ත කාර්මිකයෙක් ලෙස කටයුතු කළේය. වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් ඇය ලබා ඇති අධ්‍යාපන සුදුසුකම් බොහෝය. ආයුර්වේද ශාස්ත්‍රී, ශාස්ත්‍රපති උපාධිය, බෞද්ධ ආයුර්වේද පශ්චාත් උපාධිය, ආයුර්වේද ග්‍රාහී (DA ), ඉන්දියාවේ විද්‍යාත් පණ්ඩිත, විද්‍යෝද දේශීය වෛද්‍ය ඩිප්ලෝමාව ආදී සහතික 22 කට ආසන්න ප්‍රමාණයක් ඇය සතුය.

ශල්‍ය වෛද්‍යවරුන් පිළිබඳව අප බටහිර වෛද්‍ය විද්‍යාවේ දී අසා තිබුණද, අනෝමා දමයන්ති සොලමන් වෛද්‍යතුමිය පවසන්නේ ශල්‍ය වෛද්‍ය ශිල්පයේ පියා ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවේදී පවා ගෞරවයෙන් පිළිගන්නේ ‘සුශ්‍රැත‘ ධර්මාචාර්යයන් වහන්සේ බවයි.

“සිංහල වෙදකමේ ශල්‍ය වෛද්‍ය ක්‍රමවලට අවශ්‍ය සියලු‍ උපකරණ ගැන ‘සුශ්‍රැත‘ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. අපේ ආච්චි අම්මා 1800 ගණන්වල අශ්ව කරත්තයෙන් වැටිලා දණහිසේ කටුව කුඩු වුණාම, දණහිසට කුකුළ් කටුවක් බද්ධ කරලයි සුවපත් කළේ. එතුමිය අවුරුදු 105 ක් ජීවත් වෙලා 1991 දී තමයි නැතිවුණේ.”‍ යැයි වෛද්‍යතුමිය අප සමග පැවසුවාය.

ඇය වසර 16 ක් පුරා රාගම යුධ හමුදා පුනරුත්ථාපන රෝහලේ රණවිරුවන්ට ප්‍රතිකාර කළාය. යුද්ධයේදී අනතුරට පත් බොහෝ රණවිරුවන් අවසානයේ සුවය ලැබුවේ ඇගෙනි. යුධ සමයේදී මොළයට හානි වී තරලය පිරුණු රෝගීන් මෙන්ම, රසායනික ප්‍රහාරයක් හේතුවෙන් දෑස් අන්ධ වූ රණවිරුවකුට පවා නැවත පෙනීම ලබා දීමට තරම් ඇගේ ප්‍රතිකාර බලවත් විය.

ගල්කිස්ස තාපෝධනාරාමයේ පරිවේණාධිපති නන්ද හිමියන්ගේ ඉල්ලීම මත, පානදුරේ සද්ධම්මාකර පරිවෙනේ අනුනායක තලල්ලේ මෙත්තානන්ද හිමියන් ද ඇගේ ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි.

“ලොකු හාමුදුරුවෝ හිටියේ ඉතා අසාධ්‍ය තත්ත්වයේ. අපවත් වේ යැයි සිතා ඝණ්ටාර ගහන්න පවා සූදානම් කරලයි තිබුණේ. ප්‍රතිකාර පටන් ගන්නකොට උන්වහන්සේගේ පිටේ සුව නොවන වන (තණ) 15 ක් තිබුණා; සිහි කල්පනාව තිබුණේ නැහැ. කීප වරක් ප්‍රතිකාර කරනකොට ඒ වන සුවපත් වෙලා නායක හාමුදුරුවෝ කතා කරන්න පටන් ගත්තා. දැන් තනියම දානය වළඳනවා.”‍

ඇගේ මව් පාර්ශ්වය නුවර ලේවැල්ලේ වෙද පරම්පරාවේ දොන් සේකර මුදියාන්සේලාගේ යසෝමැණිකේ බණ්ඩාර වෙද හාමිනේගේ පරම්පරාවට අයත්ය. ඇගේ මව වූ මේරි මාග්‍රට් මහත්මිය ගුරුවරියකි. පියා වූ එඩ්වින් සොලමන් දන්ත වෛද්‍යවරයකු මෙන්ම ප්‍රකට සමාජ සේවකයෙකි. ගෙඩි, වන හා පිළිකා සඳහා ප්‍රසිද්ධ සොලමන් වෙද පරම්පරාවෙන් සහ මව් පාර්ශ්වයේ ලේවැල්ලේ වෙද පරම්පරාවෙන් ලද උරුමයෙන්, සර්වාංග රෝග හා ස්නායු (නාඩි-නර) රෝග සඳහා ඇය නාඩි බලා ප්‍රතිකාර කරන්නීය.

එමෙන්ම කශේරුකා ආබාධ, මස්තිෂ්ක ආබාධ, මස්තිෂ්ක ප්‍රදාහයන්, සන්ධි විස්ථාපන, තුනටියේ ආබාධ, පීනස, හතිය, සිහිවිසංඥ වූ අංශභාග රෝගීන් මෙන්ම ඩිමෙන්ෂියා  සහ පාකින්සන් රෝගීන් පවා ඇගෙන් ප්‍රතිකාර ලබා සුවපත් වී ඇත. අද සමාජයේ බොහෝ දෙනා පීඩා විඳින ගැස්ට්‍රයිටිස් (අම්ල පිත්ත) සහ ආතරයිටීස් (ආම වාත) රෝග නිට්ටාවටම සුව කිරීමේ හැකියාව ඇයට තිබේ.

ආයුර්වේදයේ පීනස රෝග වර්ග 18 ක් දක්වා ඇති බවත්, ඒ සඳහා පුරාණ වට්ටෝරුවලට අනුව තෙල් වර්ග නිෂ්පාදනය කර ප්‍රතිකාර කරන බවත් ඇය සඳහන් කරන්නීය. එසේම, දණහිස් ගෙවීම් හා කාටිලේජ වියළීම් සඳහා කෘත්‍රිම අස්ථි බද්ධ කිරීමට යොමුවන රෝගීන්ට, පත්තු සහ පාරම්පරික බෙහෙත් ඔරුවේ තබා කෙරෙන ප්‍රතිකාර මගින් කාටිලේජ නැවත වර්ධනය කළ හැකි බව ඇය පවසන්නීය.

කශේරුකාවේ ස්නායු තෙරපීමක් හා තුවාලයක් නිසා හටගත් තුනටියේ වේදනාවෙන් පීඩා විඳි, කාසල් වීදිය රෝහලේ ශල්‍යාගාරයේ වසර 20 ක් සේවය කළ මල්රේණු නම් හෙදියද අවසානයේ සුවය ලැබුවේ ඇයගෙනි. වසර හතරක් පුරා විවිධ වෛද්‍ය ක්‍රමවලින් සුවයක් නොලැබූ ඇය, අනෝමා දමයන්ති වෛද්‍යතුමියගේ මාස එකහමාරක ප්‍රතිකාරවලින් පසුව නිට්ටාවටම සුවය ලබා නැවත යුරෝපයේ හෙදි රැකියාව සඳහා පිටත්ව ගොස් ඇත.

එසේම, සුෂුම්නාවේ ලේ කැටි තුනක් සිරවීම නිසා අතපය වකුටු වී, සිහි මඳ ගතියෙන් පීඩා විඳි හලාවත ඩබ්ලිව්. ටී. ප්‍රනාන්දු ද මාස තුනක ප්‍රතිකාරවලින් පසු පූර්ණ සුවය ලබා ඇත. ඔහු වෙනුවෙන්ම ඔහුගේ පවුලේ උදවිය රණවිරු සෙවණ අසල නිවසක් කුලියට ගෙන ප්‍රතිකාර සඳහා යොමුවී තිබිණි. “දැන් මට තනියම ඇවිදින්න සහ ආහාර ගන්න පුළුවන්.”‍ යැයි ප්‍රනාන්දු පවසයි.

රෝගීන් භාරගැනීම පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය අනෝමා දමයන්ති: “රෝගියකු භාරගැනීමේදී මා වෙදකම කරනවා වගේම, වේලාවට බෙහෙත් ලබාදෙමින්, පත්‍ය-අපත්‍ය රැකබලා ගන්නා භාරකරුවෙක් (සැමියා, භාර්යාව හෝ වෙනත් අයෙකු) සිටීම අනිවාර්යයි. මගේ 0775039269 අංකයට ඇමතුමක් ලැබුණොත් මා මුලින්ම බලන්නේ ඒ කාරණයයි. නිසි භාරකරුවකු සිටින්නේ නම් ඇඳේ ඔත්පළ වූ අසාධ්‍ය රෝගියෙකු වුවත් මා භාරගන්නවා.”

“දේශීය වෙදකමේ හිසට ගල්වන අංශභාග නිවාරණ තෙල් මෙන්ම ‘සිද්ධාර්ථ‘ තෙල වැනි මරණාසන්න රෝගීන් පවා පණගන්වා ගත හැකි ඖෂධ තිබෙනවා. එමෙන්ම වාජීකරණ සහ අධික මිලෙන් යුත් රසායන ඖෂධද ප්‍රතිකාර සඳහා භාවිත කරනවා.”‍

කැපවීමෙන් කටයුතු කරන, ආර්ථික අපහසුතා ඇති රෝගීන්ට පිහිටවීමටද ඇය සදා සූදානම්ව සිටින්නීය.

මහින්ද රණවීර