නුවරඑළියේ ජන්ද මධ්‍යස්ථානයක් අවන්හලකට කුලියට දීලා මැතිවරණ ඉතාහාසයේ සිටම ඡන්ද මධ්‍යස්ථානයක ලෙස යොදා ගත් නුවරඑළිය රජයේ සේවකයන්ගේ ක්‍රීඩා සමාජ ශාලාව පෞද්ගලික ව්‍යාපාරිකයකුට අවන්හලකට සඳහා බදු දීම නිසා මෙවර ඡන්දය මධ්‍යස්ථානයක් අහිමී වී ඇතැයි මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග කියයි. 14 August 2024
විසක් කාන්දු වී දෙදෙනෙක් මරුට මාලඹේ කහන්තොට පාර ජයන්ති මාවත නිවසක් තුළ දී විස වායුවක් කාන්දු වීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි මාලඹේ පොලිසිය පවසයි. 13 August 2024
දැරියට අතවර කළ සිද්ධිය වසන් කළැයි විදුහල්පති ඇතුළු 4ක් අත්අඩංගුවට පාසල් දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සියලු තොරතුරු දැනගෙනත් එම තොරතුරු පොලිසියට වසන් කිරීම සම්බන්ධයෙන් තණමල්විල ජාතික පාසලේ විදුහල්පතිවරයා ඇතුළු සිවුදෙනෙකු අද (13)සවස අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය පවසයි. 13 August 2024
මන්ත්‍රීවරු 20ක් වත්කම් ඉදිරිපත් කර නෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි දෙනකු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැර හැර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ. 13 August 2024
ප්‍රේමලාල්ගෙන් යළිත් කරනමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වීමට තීරණය කර තිබේ. 12 August 2024
අලි සබ්රි අධිකරණ ඇමති ධුරයේ දිවුරුම් දෙයි අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලෙස අලි සබ්රි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය. 12 August 2024
චන්ද්‍රිකා පැත්තකට වෙයි ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී පවසා තිබේ. 11 August 2024
ෂෙයික් හසීනා ඇමෙරිකාවට ඇඟිල්ල දිගු කරයි බෙංගාල බොක්කේ ශාන්ත මාටින් දූපත ඇමෙරිකාවට පවරා දුන්නේ නම් තමන්ට තව දුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ සිටීමට හැකියාව තිබූ බව හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඉකොනොමික් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කළාය. 11 August 2024
කන්තෝරුවලට හිටිහැටියෙ කඩා පනින බලඇණි රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතුවලට යොදාගන්නේ දැයි රාජ්‍ය ආයතනවලට හදිසියේ කඩා පැන සෙවීමටත් එවැනි නීති විරෝධී ක්‍රියා සිදුවන ආයතනවල ප්‍රධානීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් වෙනම කණ්ඩායම් පත්කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය. 11 August 2024
අලි ඇතුන් නැතිව මහනුවර දේවාල පෙරහරේ දෑල නොයයි හීලෑ අලි ඇතුන් නොමැති නිසා මෙවර මහනුවර ඇසළ පෙරහරේ සතර මහා දේවාලවල කරඩුව වැඩම වන හස්තියා දෙපස දෑලේ ඇතුන් ගමන් නොකළ බව සමස්ත ලංකා බස්නායක නිළමේ වරුන්ගේ සංඟමයේ සභාපති මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා පවසයි. 11 August 2024
ජේලර්ගේ නිවෙසින් ගිනි අවි සහ කුඩු මතුවේ බන්ධනාගාර මූලස්ථානයේ ජේලර්වරයකු ගේ රාජගිරිය මාදින්නාගොඩ නිවසක සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 10 August 2024
පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනයෙන් රජයට රතු එළියක් බන්ධනාගාරගත කර ඇති හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ව එළඹෙන 30 වැනිදාට ප්‍රථම නිදහස් කරන ලෙස පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය එරට රජයට අවසන් නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 10 August 2024
මනූෂ - හරීන් සජබෙන් නෙරපීම හරි අමාත්‍යවරුන් වන මනුෂ්‍ය නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන් සමගි බලවේගය පක්ෂයෙන් නෙරපීම නීතියානු කූල බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මීට සුළු වේලාවකට පෙර තීන්දු කළේය. 09 August 2024
පොහොට්ටුවේ අටක් ඇමතිධූර අත්හරිති ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවැසේ. 09 August 2024
පොලිස් මාර්ග බාධකයේ කළබලයෙන් වෙඩි වැදි අයෙක් මරුට කොටු ගොඩ මස්කඩේ හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ පොලිස් නිලධාරීන් හා පොර බදා ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයකු වෙඩි වැදී බරපතල තුවාල සහිතව මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතිඅතර පොලිස් නිලධාරියකුත් තුවාල ලබා ඇතැයි සී දුව පොලීසිය කියයි . 08 August 2024
නාමල්ගේ නම ස්ථීර කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නිලවශයෙන් ප්‍රකාශ කළේය. 07 August 2024
පොහොට්ටුවෙන් නාමල්? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පත් කෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ. 06 August 2024
ජනපති සටනට එන්නේ නෑ ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් පෞද්ගලික හේතුවක් මත තමා ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත. 06 August 2024
ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායා එළියට ගිය හැටි සොයයි අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මහතාගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් හෝමගම මූලික රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකුගෙන් පමණ සාක්කි සටහන්කරගෙන ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි. 06 August 2024
ෂෙයික් හසිනා රටින් පැන යයි බංග්ලාදේශය අග්‍රාමාත්‍ය නිල නිවසට කඩා වැදුණු විරෝධතාකරුවන් එහි තිබූ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ සාරි, ගමන් මලු, චිත්‍ර ආදිය සොරාගෙන ඇති බවත් හසීනාගේ දේශපාලන කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ කර දමා ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය. 05 August 2024
බංග්ලාදේශ අගමැතිනිය ඉල්ලා අස්වෙයි බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඩකාහි අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්ව ආරක්ෂිත ස්ථානයක් කරා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. 05 August 2024
ආණ්ඩුවේ බහුතරය නැතිවෙයි ? දේශපාලන පිටියේ පසුගිය දිනවල සිදුවුණු විවිධ පෙරළි සහ හැලහැප්පීම් හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද දැඩි උණුසුම්කාරී තත්වයක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 05 August 2024
‘‘ මහ බැංකු හොරකම කළේ රනිල් කියා මා කියා නෑ‘‘ මම කිසිම වෙලාවක කියලා නැහැ මහා බැංකු හොරකම කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. එතුමා පත් කරපු අය නිසා තමයි ඒක වුණේ. මම පත් කරපු කෙනෙක් වැරැද්දක් කළාට ඒකට මම පලි නෑනේ . ඒ වගේ දෙයක් තමා එතැන වෙලා තියෙන්නේ යැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ දී පැවසීය. 04 August 2024
රෝහිතගේ සහයත් රනිල්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ. 04 August 2024
අම්පාරේ ඝාතන වැලක්? අම්පාර ඉගිණියාගල නාමල්ඔය ප්‍රදේශයේදි පොලිස් කොස්තාපල්වරයකු තවත් කොස්තාපල්වරයකුට වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩිතබාගෙන මියගොස් ඇතැයි අම්පාර පොලිසිය කියයි. වෙඩි තැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයා තවත් කාන්තාවන් දෙදෙනකුට වෙඩි තබා මරා දමා ඇතැයි තහවුරු නොවූ පුවත් පවසයි. 04 August 2024
‘‘ලයිඩා‘‘ තාක්ෂණයෙන් පරාක්‍රමබාහු මාලිගයේ තොරතුරු පොළොන්නරුව ඉපැරණි ඇතුළු නගරයේ පරාක්‍රමබාහු මාලිගය පරිශ්‍රය තුළ ප්‍රථම වරට ‘‘ලයිඩා‘‘ තාක්ෂණය උපයෝගි කර ගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් උද්‍යාන සහිත නටබුන් කලාපයක් සොයා ගැනීමට හැකි වූ බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා අද (03) දහවල් අනාවරණය කළේය. 03 August 2024
මහින්ද රනිල්ට බෑ කියයි පක්ෂය නැවත තීරණය කළහොත් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය වෙනස් කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී ඇත. 02 August 2024
ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සඳුදා ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවගේ සම්භාවනාවට පත් ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ නමක වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නවගම්කෝරලය ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ ගල්බොඩ ඥානීස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සඳුදා (05) පස්වරු 3.00 විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගනයේදී සිදුකෙරේ. 02 August 2024
ශානිගේ පෙත්සමට කමල්,දේශබන්දු අධිකරණයට රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා රිය අනතුරක් කර මරා දැමීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු පැහැදිලි කරන ලෙස ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, ජාතික පොලිස් කොමිසම සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළේය. 02 August 2024
කංජිපානි - ලොකු පැටී අත්අඩංගුවට? කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 01 August 2024
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026