පොහොට්ටුව දෙකඩ වෙයි: රාජපක්ෂලා එක පිලකට ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයත් සමඟ එම පක්ෂය දෙකඩවීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇත. 31 July 2024
’’පොලිස්පතිවරයකු පත් කරන්න’’ පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පති වරයකු පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. 30 July 2024
පොහොට්ටුව ඇතුලේ අද වෙච්ච දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් එකොළොස් දෙනකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විය යුතු බවට ප්‍රකාශ කිරීම විශේෂ සිද්ධියක් විය. 29 July 2024
විජයදාස ඉල්ලා අස්වෙයි අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර නිලවශයෙන් නිවේදනය කළේය. 29 July 2024
හබරාදූවේ වෙඩි තැබීමක් හබරාදුව හරුමල්ගොඩ ප්‍රදේශයේ කාමර පහසුකම් ලබාදෙන හෝටලයක් අසළදි ඊයේ රාත්‍රි පුද්ගලයකුට වෙඩි තබා ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 29 July 2024
ලක් කෙල්ලෝ ආසියාවම දිනයි පස්වැනි ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද (28) සමත් විය. 28 July 2024
‘‘රනිල් ඉල්ලුවොත් අම්මෝ උඩින්ම දෙනවා‘‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න කියලා පක්ෂය කිව්වොත් අම්මෝ උඩින් දෙන්නේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 28 July 2024
බැසිල්ගෙන් රනිල්ට කොන්දේසි මාලාවක් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡාවක් එකඟතාවයෙන් තොරව අවසන් වූ බව පොදුජන පෙරමුණේ උසස් නිලධාරියෙක් පැවසීය. 27 July 2024
මෛත්‍රී රෝද තුනෙන් යයි නිදහස් පක්ශයේ ආසන සංවිධායක වරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පාරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වෙන අතර මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද රථයකන් එම ස්ථානයට පැමිණීම විශේෂත්වයක් විය 26 July 2024
රනිල් ඇප තියයි සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඇප මුදල් තැන්පත් කළේය . 26 July 2024
ජනපතිවරණය සැප්තැම්බර් 21 ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. 26 July 2024
ජනපති පුටුවට දැනට 12ක් සටනට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇත. 26 July 2024
’’පොලිස්පති ධුරය හිස් වෙලා නෑ’’ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබේ. 25 July 2024
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශයක් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමට අද(24) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. 24 July 2024
පොලිස්පති දේශබන්දුට ධූරය වළක්වමින් අතුරු තහනමක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධූරය දැරීම බලතල භාවිතය සහ එම ධූරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය. 24 July 2024
ල.වි.බ.ම. අතිරේක සමාන්‍යාධිකාරි ධූරය අත්හිටුවමින් අතුරු තහනමක් ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආවරණය කිරීමට විදුලි ඉන්ජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (23) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 23 July 2024
ඝාතනයකට යොදා ගත් ගිනිඅවියක් නුගේගොඩින් හමුවෙයි ඩුබායි රාජ්‍යය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට රැගෙන ආ සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී ඝාතනයක් සදහා යොදාගත් ගිනි අවියක් නුගේගොඩ ප්‍රදේශයේ වළදමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයගනු ලැබීය. 23 July 2024
හිරුණිකාට ඇප තරුණයකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියකට තම පුද්ගලික ආරක්ෂකයින්ට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරදකරු වීසිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියකොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹමහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (22) ඇප නියම කළේය. 22 July 2024
ජනපති සටනින් බයිඩන් ඉවත් වෙයි ඩිමොක්රටික් පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් තමන් නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත්, ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තමන් උප ජනාධිපතිනී කමලා හැරිස් නම් කරන බවත් ජෝ බයිඩන් පවසයි. 22 July 2024
පුහු මතයට තැන දී පුංචි පුතුගේ දේහය එළු ගාලක තියලා හෘදබාධයකින් මියගියේයැයි කියන පිය රැකවරණය අහිමි නව හැවිරිදි පුතකුගේ මෘතදේහය එළු ගාලක තහඩුවලින් හා සාරිවලින් ආවරණය කර තැන්පත් කර තැබූ පුවතක් අරණායක සාමසර එළපිටිය ප්‍රදේශයෙන් අද වාර්තාවිය. 21 July 2024
අධිවේගයේ අනතුරක්:පහකට තුවාලයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්න දුව අතර කිලෝමීටර් 92 ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 5 කු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි. 21 July 2024
පොහොට්ටු අපෙක්ෂකයා ණය ගෙවිය හැකි කෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 20 July 2024
අලි සබ්රි ඇප මත මුදා හරියි විවෘත වරෙන්තුවක් ලබා සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා අද දින පුත්තලම අධීකරණයට ඉදිරිපත් කිරිමේන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් ඉන්දික තෙන්නකොන් මහතා නියෝග කළේය. 20 July 2024
අසිරිමත් ඇසළ පොහොය අදයි ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය. මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙන සිදුවීම් රැසක් පිළිබඳව ශාසන ඉතිහාසයේ සඳහන්වේ. 20 July 2024
රේගුවේ මහා හොරයක්:සිවු දෙදෙනෙක් ගෙදර රේගු පරීක්ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනාවට ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිවුදෙනකුගේ වැඩ තහනම් කළ බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 19 July 2024
නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයෙන් දඩ නියම කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විනය පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි. 18 July 2024
ඥානසාර හිමිට ඇප බොදුබල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය. 18 July 2024
උපසම්පදා පිංකමට ගල් පෙරළයි කරුවලගස්වැව අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ උප සම්පදා උත්සවයට සහභාගි වු පිරිසකට ඊයේ 16 දින සවස එල්ලවු ගල් හා පොලු මුගුරු ප්‍රහාරයකින් තුවාල ලැබු දෙදෙනකු තඹුත්තේගම රෝහලට ඇතුලත් කර ඇති බව සාලියවැව පොලිසිය කියයි. 18 July 2024
ඇමැති බන්දුල ඇමැතිකම ඇපේට තියයි හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කළ රටබීමහල සතියක් තුළ ඉවත් කිරීමට කටයුතු නොකලහොත් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෝ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොමැති බවත් ඒ සියලු දේට වඩා වටින්නේ හෝමාගම ජනතාවගේ අභිමානය බැවින් තමන් දැඩි පියවරක් ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (17) සවස හෝමාගම පිටිපන ප්‍රදේශයේ දී පැවසීය 17 July 2024
විවෘත වරෙන්තුවත් තියාගෙන මන්ත්‍රී සබ්රි උත්සවයකට ඇවිත් කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරනයේ දී විවෘත වරෙන්තු නිකුත් කර සිටින පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ති අලි සබ්රි රහීම් මහතා අද (16 )දින කල්පිටිය අල් අක්ෂා ජාතික පාසලේ පැවැති උත්සවයක් සදහා සම්භාවනීය විශේෂ අමුත්තා ලෙස සහභාගී සිටි බැව් ජනතාව පවසති. 17 July 2024
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026