රුසියාව අඩියක් පස්සට තබයි රුසියානු - යුක්රේන දේශසීමාවේ රඳවා සිටි රුසියානු හමුදාවෙන් කොටසක් ඉවත් කරගන්නා බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මිට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 15 February 2022
හොරෙන් දුම්වැටි ගෙනත් වසර හතරක් හිරගෙට ලීබඩු ආනයනය කරන මුවාවෙන් රුපියල් දස කෝටි පනස් ලක්ෂයක වටිනාකමකින් යුත් විදේශීය සිගරට් ලක්ෂ 420ක් මෙරටට ගෙන්වා දුම්කොළ බදු පනත ප්‍රකාරව වරදක් සිදුකර අධිකරණය හමුවේ වරදකරු වූ ව්‍යාපාරිකයින් දෙදෙනකුට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය ඊයේ (14) නියම කළාය. 14 February 2022
චමුදිතගේ නිවෙසට අසූචි ප්‍රහාරයක් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට අද අලුයම ආ නාදුනන පිරිසක් ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 14 February 2022
තරුණ මන්ත්‍රී ගිය ඩී.ජේ. පාටියෙන් මත් පෙති සමග හතක් අල්ලයි අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, වෛද්‍යවරයකු ඇතුළු දෙසීයකගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවැති ඩී.ජේ. පාටියකට එක්ව සිටි හත් දෙනකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ කාර්යාංශය පවසයි. 13 February 2022
විදුලිය-රෝගී නඩත්තුව අත්‍යවශ්‍ය සේවා යටතට විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ ඊට සමාන ආයතන වල රෝගී නඩත්තුව, පෝෂණය කිරීම රැක බලා ගැනීම යනාදී කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 12 February 2022
සතොස සභාපතිගේ සේවය අත්හිටුවයි මුල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවනතෙක් සතොස සභාපතිවරයා ඇතුලු නිලධාරීන්ගේ සේවය අත්හිටුවන්නැයි උපදෙස් දුන් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 11 February 2022
සුව සේවක වර්ජනයට වාරණ නියෝගයක් කෝවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක අනීතික ලෙස වැඩ වර්ජන කිරීම වළාක්වාලමින් කොළඹ දිසාවිනිසුරු අරුණ අලුත්ගේ මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව වාරණ නියෝගයක් අද නිකුත් කළේය. 10 February 2022
හඬපටයෙන් කියන කෝටි තුනක් වංචා කළ ලොක්කා කවුද රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුගේ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන හඬ පටයක් එම ආයතනයේ නිලධාරීන් අතට පත්ව ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි. 09 February 2022
වරායේ සිරව තිබූ කන්ටේනර් එළියට වරායේ මාස ගණනාවක් හිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් විශාල ප්‍රමාණයක් අද මුදාහැරියේය. 09 February 2022
එළිසබත් රැජිනගෙන් කැමිලාට ඔටුන්නක් චාල්ස් කුමරුගේ ඔටුණු පැළඳ වීමේ උත්සවයේදී කෝන්වෝල් හි කැමිලා පාකර් ආදිපාදවරියට තම මිල කළ නොහැකි ඔටුන්න පරිත්‍යාග ලබා දිමට දෙවැනි එලිසබත් රැජින සූදානමින් සිටින්නිය. 08 February 2022
ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ගම්මන්පිලට වාග් ප්‍රහාරයක් අරලියගහ මන්දිරයේ අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් අතර උණුසුම් මත ගැටුමක් ඇති වූ බව වාර්තා වේ. 07 February 2022
රජය වියදම් තව අඩු කරයි මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය ආයතන වල වියදම් තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කර ඇත . 07 February 2022
මොරොක්කෝවේ රයන් ලොවක් හඬවා සමු ගනියි මොරොක්කෝවේ උතුරු පළාතේ දුෂ්කර ගම්මානයක පිහිටි මීටර් 32 ක් ගැඹුරු නළ ළිඳකට වැටුණු පස් හැවිරිදි රයන් දරුවා වළට වැටී පැය 100කට පසු මීට සුළු මොහොතකට පෙර ගොඩගත් අතර ඔහුගේ ජීවිතය බේරාගැනීමට සහන කණ්ඩායම්වලට නොහැකි විය. 06 February 2022
එන්නත් තුනම නොගත් අයට පොදු ස්ථාන තහනම් පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම අප්‍රේල් 30 සිට වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත 05 February 2022
‘වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන කතාකිරීම සුදුසු නෑ‘ ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරනවිට බවත්, වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතාකිරීම සුදුසු නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 04 February 2022
74 වැනි ජාතික නිදහස් උළෙල ඇරඹෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්ස භූමියට සම්ප්‍රාප්තවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මීට සුළු මොහොතකට පෙර ඉති අභිමානවත් අයුරින් ආරම්භ විය. 04 February 2022
අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය ධූරයෙන් අද( 03) ඉල්ලා අස්විය. 03 February 2022
වෛද්‍ය සිසුන්ට පහරදුන් සිද්ධියට අරුන්දිකගේ පුතා අත්අඩංගුවට රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට බලහත්කාරයෙන් කඩා වැදී එහි සිටි සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා අද (3) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි . 03 February 2022
වෛද්‍ය සිසුන්ට පහර දුන් හයක් අල්ලයි රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩා වැදී එහි සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 02 February 2022
අමාත්‍යංශ වාහනයකින් ආ පිරිසක් වෛද්‍ය සිසුන්ට පහර දෙති රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ අද අලූයම සිදු වූ ගැටුමකින් වෛද්‍ය සිසුන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 02 February 2022
ලිත් නඩුවෙන් බැසිල් නිදහස් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසිවන අන්දමට ඔහුගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමෙන් රජයට පාඩු සිදු කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ කිත්සිරි රණවක මහතාට එරෙහි නඩුවෙන් විත්තිකරුවගේ වාචික නොකැඳවාම ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය. 01 February 2022
කොළඹ නගර සභා කමිටු රැස්වීමේදී කුණු බිත්තර ප්‍රහාරයක් කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට අද (31) පෙරවරුවේ එහි පැවැති කමිටු රැස්වීමක දී මිරිස්කුඩු මිශ්‍ර කුණුබිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇත. 31 January 2022
කොරෝනා වැළඳුණු පාසල් දැරියක මිය යයි නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක ‘කොරෝනා’ වයිරසය ආසාදනය වීමෙන් මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) මියගිය බව එම රෝහලේ වෛද්‍යවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය. 30 January 2022
උමාඔය ගැරඬි ඇල්ලේ ගසාගෙන ගිය පහම මරුට බදුල්ල ඇටම්පිටිය ගැරඩිඇල්ල දියඇල්ලේ දියනෑමට ගිය පිරිසගෙන් පස්දෙනකු දියේ ගිලීමෙන් අද (29) හවස 4.00 පමණ අවාසනාවන්ත ලෙස මියගොස් ඇති අතර එක් තරුණියක් අතුරුදහන්ව ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි. 29 January 2022
ඉන්ධනවලට ඩොලර් සෙවීම කබ්රාල් බාර ගනී මතුව තිබෙන ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සොයාදීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බාර ගනු ලැබ ඇත . 29 January 2022
ජල මණ්ඩලයට කෝටි 720ක පොල්ලක් ජල පාරිභෝගිකයන් ලක්ෂ 6 කට වැඩි පිරිසක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි 720 කට වැඩි මුදලක් පසුගිය වසරක පමණ කාලයේදී ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (අයකිරීම්) ඒකනායක වීරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 28 January 2022
අපනයන ආදායම ගිය වසරේ වාර්තාවක් තබයි ශ්‍රී ලංකාව 2021 වසරේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1 ක් හෙවත් ඩොලර් කෝටි 1510 ක් ආදායමක් උපයමින් ශ්‍රී ලංකා ඉතිසාහයේ ඉහළතම අපනයන ආදායම ඉපයූ බවත් එය 2020 සමඟ සැසදීමේදී අපනයන ආදායමේ සියයට 23 ක වර්ධනයක් බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) පැවසීය. 28 January 2022
හිටපු මැති ඇමැතිවරුන්ගෙන් ගුවන් හමුදාවට පොල්ලක් හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ගමන් බිමන් සඳහා කුලියට ගත් ගුවන් යානා වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අය විය යුතු රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 28 January 2022
පෙරළිකාර කණ්ඩායමෙන් ආණ්ඩුවට යෝජනා මාලාවක් රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත . 27 January 2022
‘ලිට්රෝ’ සමාගම රජයේ විගණනයෙන් ඉවත්වීමට විශාල උත්සාහයක් දැරුවා‘‘ රජයේ සමාගමක් වන ලිට්රෝ සමාගම පසුගිය කාලයේ රජයේ විගණනයෙන් ඉවත්වීමට විශාල උත්සාහයක් දැරූ බව පාර්ලිමේන්තුවේ ‘කෝප්’ කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. 26 January 2022
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026