- 2024 වසරේදී වාර්තා වූ රැපියල් ට්‍රිලියන 1.1 ට සාපේක්ෂවත් කැපී පෙනෙන ඉහළ යාමක්
- විවාදයට ලක් නොවූ බදු හිඟ පවා පවතින බවත් කියයි
පසුගිය 2025 වසර අවසන් වන විට මෙරට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත වාර්තාවී ඇති සමස්ත බදු පැහැර හැරීමේ වටිනාකම රුපියල් ට්‍රිලියන 2.1 ක් පමණ වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙයි. ඒ අනුව අදාළ මුදල එම වසර තුළ රටට අහිමි වූ බදු මුදල් ලෙස ගණන් බැලෙන බවත් එම අරමුදල පවසයි.
මේ අතර අදාළ වාර්තාව පෙන්වා දෙන ආකාරයට මෙම බදු පැහැර හැරීම් වටිනාකම 2024 වසරේදී වාර්තා වූ රුපියල් ට්‍රිලියන 1.1 ට සාපේක්ෂවත් කැපී පෙනෙන ඉහළ යාමකි.
2025 වසරේ පැහැර හැරි මෙම බදු මුදල්වලින් රුපියල් ට්‍රිලියන 1.6 කට ආසන්න ප්‍රමාණයක් බදු තක්සේරු සම්බන්ධ අභියාචනා හෝ වෙනත් විවාදයට ලක්ව ඇති මුදල් බව පැවසෙයි. එසේම 2024 වසරේදී එය රුපියල් බිලියන 947ක් පමණ වන බවත් සඳහන් වෙයි.
එසේම මෙලෙස විවාදයට ලක් නොවූ බදු හිඟ පවා පවතින බවත්, මෙම IMF වාර්තාව පෙන්වා දෙයි. එහිදී කාර්ය මණ්ඩල හිඟය, නිසි ප්‍රමුඛතා ලබා නොදීම ඇතුළුව වඩාත් සාර්ථක ප්‍රායෝගික ක්‍රමවේද නොමැතිවීමත් මේ සඳහා හේතු වී තිබෙන බව හඳනාගෙන තිබේ.
ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් අවදානම් පදනම් කරගත් බදු හිඟ කළමනාකරණ ක්‍රමයක් හඳුන්වාදිය යුතු බවද අදාළ වාර්තාව මගින් නිර්දේශ කර තිබේ. ඒ හරහා ප්‍රායෝගික නොවන බදු හිඟ වෙන වෙනම කළමනාකරණය කිරිමට හැකිවන බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd