කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ACL කේබල්ස් පීඑල්සී සමාගම තුළ සේවක අර්ථසාධක අරමුදල (EPF) සතු කොටස් හිමිකම, පසුගිය සැප්තැම්බර් 30 වැනිදා වන විට කොටස් 71,872,416 ක් දක්වා ඉහළ නැංවී තිබෙන බව එම සමාගම පවසයි. ඒ අනුව මෙය සමස්ත කොටස් අතරින් සියයට 10ක ප්‍රතිශතයකි. 

ඊයේ (02) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් ACL කේබල්ස් පීඑල්සී මේ බව අනාවරණය කර තිබේ. 

මේ අතර පසුගිය ජූනි 30 වැනිදා වනවිට එම කොටස් හිමිකම, කොටස් 68,858,834ක් ලෙස පැවැති අතර, එය සමස්ත කොටස් අතරින් සියයට 9.6ක ප්‍රතිශතයක් විය.