ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාප්පු සවාරි ගමනාන්තයක් වනHavelock City Mall (HCM) සිය තෙවැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් “Three Is On Us” යන තේමාව ඔස්සේ විශේෂ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණි. වසර තුනක කාලයක් පුරාවට Havelock City Mall සාර්ථක ගමනට සහයෝගය දැක්වූ පාරිභෝගිකයන්, වෙළෙඳ හවුල්කරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ කාර්ය මණ්ඩලය අගය කිරීම වෙනුවෙනුයි මෙම විශේෂ සැමරුම සිදුකෙරුණේ. මේ වැඩසටහන හරහා පාරිභෝගිකයන්ට වටිනා තෑගි, සුවි‍ශේෂී වට්ටම් මෙන්ම විනෝදාත්මක අංග සහ හවුල්කරුවන් ඇගයීමේ උත්සව ඇතුළු විශේෂාංග රැසක් සංවිධානය කර තිබුණි.

2023 වසරේදී ආරම්භ කරන ලදHavelock City Mall,  ගෙවී ගිය වසර තුනක කාලය තුළ සාප්පු සංකීර්ණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගත් අතර, ජාත්‍යන්තර තලයේ මෙන්ම දේශීය ප්‍රමුඛතම සන්නාම, ආහාරපාන සහ විනෝදාස්වාද අත්දැකීම් රැසක් එකම තැනකට ගෙන ඒමට කටයුතු කළේය. ගතවූ වසර කිහිපය තුළ පාරිභෝගිකයන්ට නවමු සාප්පු සවාරි අත්දැකීමක් ලබා දෙමින් විවිධ උත්සව සංවිධානය කරමින්, පවුලේ සැමට සහ මිතුරන්ට එකට එක්වීමට සුදුසුම ස්ථානයක් බවට පත්වීමට Havelock City Mall සමත්ව ඇත. එමගින් “My Happy Place” යන සංකල්පයට නවමු අත්දැකීමක් ලබාදෙමින් සිය පාරිභෝගිකයන් වෙත ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට Havelock City Mall නිරන්තරයෙන් කැපවී සිටියි.

මෙම සංවත්සර සැමරුමේ තවත් එක් අංගයක් ලෙසHavelock City Mall  සාර්ථක ගමන වෙනුවෙන් සක්‍රීයව දායක වූ වෙළෙඳ සහකරුවන් සහ කාර්ය මණ්ඩලයේ කැපවීම අගය කිරීමට කටයුතු කෙරුණා. එහිදී පැවැත්වූ විශේෂ සම්මාන උළෙලේදි පාර්ශ්වකරුවන් වෙනුවෙන් විවිධ කාණ්ඩ 19 ක් යටතේ සම්මාන 34 ක් පිරිනමන ලදී. 

මෙම වැඩසටහන පැවැත්වූ කාලසීමාව තුළ Havelock City Mall  වෙත පැමිණි පාරිභෝගිකයන් සදහා අනුග්‍රාහකත්වය ලබාදෙන සන්නාම වෙතින් සියයට 30 දක්වා වූ සුවිශේෂී වට්ටම් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවුණා. මීට අමතරව, සජීවී සංගීත ප්‍රසංග සහ විනෝදාස්වාද අංගයන් රැසක් ද සංවිධානය කර තිබූ අතර රුපියල් 10,000 ක භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහා ආකර්ෂණීය තෑගි ලබාදෙන සුවිශේෂී Scratch Card ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගී වීමටද අවස්ථාව හිමිවුණා. මෙම සුවිශේෂී වැඩසටහන් මගින්, පවුලේ සැමට සහ මිතුරන්ට එකට එක්ව විශේෂ සාප්පු සවාරියට අමතර වාසි රැසක් ලබා ගැනීමට අවස්ථාව හිමිකර දී තිබුණා.