ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා ඩිජිටල් බැංකුකරණ නව්‍යෝත්පාදනයේ ප්‍රමුඛයා ලෙස තම ස්ථානය යළිත් තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව Payable පුද්ගලික සමාගම සහ මාස්ටර්කාඩ් සමග එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට මාස්ටර්කාඩ් Cloud Commerce තාක්ෂණය යොදාගත් zPayable TAPZ පහසුකම් හඳුන්වා දී තිබේ.

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්, ශ්‍රී ලංකාවේ පැවති Mastercard’s Access Unlock සමුළුවේදී එලිදැක්වු මෙම නවතම විසඳුම හරහා NFC පහසුකම සක්‍රීය කර ඇති ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථනයක් ආරක්ෂිතව ස්පර්ශ රහිත ගෙවීම් උපාංගයක් ලෙස භාවිත කළ හැක. මේ සඳහා වෙනම POS යන්ත්‍රයක් භාවිත කිරීමේ අවශ්‍යතාව මගහැරී යයි.

මාස්ටර්කාඩ් Cloud Commerce මගින් බලගැන්වෙන Payable TAP මූලික ගෙවීම් සැකසූම, සත්‍යාපනය සහ ආරක්ෂක ක්‍රියාවලි, උපාංගයෙන් ඉවත් කර Cloud දත්ත ගබඩාව හරහා සිදු කරයි. මෙය මෘදුකාංගමය විකුණුම් ලක්ෂ්‍යය ^Soft POS& තාක්ෂණයේ සුවිශේෂ විකාශනයක් වේ. මෙම තාක්ෂණික ව්‍යුහය මගින් ගෙවීම් පද්ධතිය පුළුල් කිරීමේ හැකියාව, තත්‍ය කාලීනව වංචනික ක්‍රියා නිරීක්ෂණය කිරීම සහ වෙළෙඳ කටයුතුවලට බාධා නොවී අඛණ්ඩව මෘදුකාංගය යාවත්කාලීන කිරීමේ හැකියාව ද ලබා දෙයි. 

Payable TAP මගින් වෙළෙඳ මහතුන්ට ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් මෙන් ම ඩිජිටල් මුදල් පසුම්බිවලින් සිදුකරන ගෙවීම් ලබා ගැනීමේ හැකියාව පවතින අතර එක් ගෙවීම් අවස්ථාවකට රුපියල් 100,000 ක් දක්වා ගනුදෙනු සීමාවක් සහිත Tap and Pay තාක්ෂණය භාවිත වේ. QR ගෙවීම් ද මෙය හරහා සිදුකළ හැකියි. පරිශීලක පහසුව ද සලකා නිර්මාණය වී ඇති Payable TAP හි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වන අතුරු මුහුණතක් ඇති අතර කෙටි පණිවුඩ හෝ විද්‍යුත් තැපෑල හරහා ක්ෂණික ඩිජිටල් රිසිට්පත් නිකුත් කරයි. ව්‍යාපාරවලට තනි ගිණුමකින් ස්මාර්ට් ජංගම දුරකථන කිහිපයක් ම සම්බන්ධ කරගත හැකි අතර එය ජංගම බෙදාහැරීමේ කටයුතු සිදුකරන සහ විකුණුම් ලක්ෂ්‍ය කිහිපයක් ඇති ව්‍යාපාරික ස්ථාන සඳහා කදිම විසඳුමක් වේ. 

සාම්ප්‍රදායික දෘඩාංගමය POS විකුණුම් ලක්ෂ්‍යවල පිරිවැය හා සංකීර්ණත්වය ඉවත් කිරීමෙන් පොදු වෙළෙඳපොළ වෙළෙඳාම්කරුවන් සහ ආහාර අලෙවි රථ ක්‍රියාකරුවන්ගේ සිට භාණ්ඩ බෙදාහරින්නන් මෙන්ම සෘතුමය වෙළෙඳාම්කරුවන් දක්වා වූ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සියලු දෙනාට ම ඩිජිටල් ආර්ථිකයට පූර්ණ ලෙස අවතීර්ණ වීමේ අවස්ථාව Payable TAP මගින් උදාකර දෙයි.