ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් බැරලයක මිල ඊයේ දිනයේදී කැපී පෙනෙන ලෙස පහළ වැටීමක් සිදු විය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 106.08ක් දක්වා සියයට 6.48 ක අගයකින් පහත වැටුණු අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.33ක් දක්වා සියයට 6.52 කින් පහත වැටීම සිදු විය.
පසුගිය සිකුරාදා දිනයේදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 117.44ක් ලෙස සටහන් වූ අතර, WTI බැරලයක මිල ඩොලර් 104.40 ක් විය.
මැදපෙරදිග යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන සහ කටාර බලධාරීන් අතර පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථක අපේක්ෂාවත් සමගින් මෙලෙස බොරතෙල් මිල ගණන් පහළ බැස තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd