- රජයේ ආදායම රැ.බිලියන 4,602යි - වියදම රු.බිලියන 4,579 යි
මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුල් මාස නවය තුළ රජයට හිමි වූ සමස්ත ආදායම් සහ ප්රදාන වටිනාකම වන රුපියල් බිලියන 4,602 ට සාපේක්ෂව එම කාලසීමාව තුළ සිදුකළ වියදම් සහ ආපසු ගෙවීම්වල වටිනාකම රුපියල් බිලියන 4,579 ක් වන බව මහ බැංකුව පවසයි.
ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ ආසන්නතම සතිපතා ආර්ථික දර්ශකය තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ. රජයේ ණය කළමනාකරණ කාර්යාලය මගින් නිකුත් කළ දත්ත අනුව එම සටහන සකස් කර ඇත.
ඒ අනුව වසරේ මුල් මාස නවයේදී රජයේ ආදායම් සහ වියදම් අඩු කළ විට ලැබෙන සමස්ත අයවැය ශේෂය රුපියල් බිලියන 22.31 ක අතිරික්තයක් ලෙස සටහන් වන බව මහ බැංකුව පවසයි.
කෙසේ වෙතත් 2025 වසරේ මුල් මාස නවයේදී රජයේ ආදායම රුපියල් බිලියන 3,835ක් වූ අතර, රජයේ වියදම රුපියල් බිලියන 4,276ක් විය. ඒ අනුව එම කාලසීමාවේදී රජයේ සමස්ත අයවැය ශේෂය රුපියල් බිලියන 441.42 ක හිඟයක් ලෙස සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd