නිමල කොඩිතුවක්කු 


මහනුවර - යාපනය මාර්ගය (A009) පුළුල් කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම (කිලෝමීටර 58+240 සිට කිලෝමීටර 63+000 දක්වා) සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ජාතික මහාමාර්ග පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ මහනුවර - යාපනය මාර්ගයේ කිලෝමීටර 58+240 සිට කිලෝමීටර 63+000 දක්වා වන මාර්ග කොටස පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ.

ඒ සඳහා ලංඝු 08 ක් ලැබී ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ යහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන, M/s Tudawe Brothers (Pvt) Ltd., වෙත රුපියල් බිලියන 1.07 (අවිනිශ්චිතතා අරමුදල් ඇතුළුව සහ එකතු කළ අගය මත බදු රහිතව) මුදලකට එම කොන්ත්‍රාත්තුව පිරිනැමීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.