කැස්ස, හෙම්බිරිස්සාව සහ උණෙන් වලකින අයුරු
මේ දිනවල කැස්ස, හෙම්බිරිස්සාව මෙන්ම වයිරස් උණ ආදී රෝග තත්ත්ව ඉතා ඉක්මනින් පැතිරී යන වකවානුවකි. අධික වැස්ස, සීතල දේශගුණය බොහෝ පුද්ගලයන් රෝගී වීමට හේතුවකි. බොහොමයක් දෙනා වැස්සට තෙමීමත්, සීතල ගතිය ඔරොත්තු නොදීමත් නිසා ඉහත සඳහන් කළ රෝගාදියට පහසුවෙන්ම ගොදුරු වේ. එබැවින් මේ කාලයේදී අපි සියලුම දෙනා සනීපාරක්ෂාව ගැන වැඩි වැඩියෙන් සැලකිලිමත් විය යුත්තෙමු. තමා මෙන්ම අන් අයද රෝගවලින් ආරක්ෂා වනු පිණිස සෞඛ්‍ය පුරුදු පිළිපදිමු.