සතා සිවුපාවාත් පරිසරයත් වනසන නරුම අමනයෝ කඳුකරයේ මදු ගසා මරා දත්, නිය, හම් ඇතුළු කොටස් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනෙන බව පරිසරවේදීන් ප්‍රකාශ කළ බවට සඳහන් පුවතක් අප පුවත්පත් ඉකුත් දා වාර්තා කළේය. මෑත භාගයේ මෙම ජාවාරම වැඩිවෙමින් පවතින බවත් මදු ගසා කොටි මැරීමේ සිදුවීම් ගණනාවක් ඉකුත් සමයේ වාර්තා වූ බවත් පරිසරවේදියකු හා සත්ව සංරක්ෂකයකු වන රුක්ෂාන් ජයවර්ධන මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණ. 26 June 2020
රටට වින කරන දේශපාලන දහන්ගැට දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලනඥයෝ ද මේ දිනවල මැතිවරණයට අවි මුවහත් කරමින් සිටිති. පැවැත්වීමට නියමිතව ඇත්තේ රටේ අනාගතය තීරණය කෙරෙන තවත් මැතිවරණයකි. මැතිවරණ යනු රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කෙරෙන මූලිකම අංගයයි. මැතිවරණ නොපවත්වන පසුබිමක ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමක් හෝ මුවහත් වීමක් නැත. නිරතුරු නිසි කල මැතිවරණ පවත්වන්නේ නම් ජනතාවට තම සිතැඟි පරිදි පාලකයන් තෝරා පත්කර ගැනීමට පුළුවන. 25 June 2020
ජරාජීර්ණ මනාප පොරය කොතෙක් කල් පවතීද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් පිරිසකට සහාය දැක්වීම සඳහා කොටපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ ඉකුත් 21 වැනිදා උදෑසන පැවැත්වීමට සූදානම් කර තිබූ රැස්වීමක් අතරතුර ඇති වූ ගුටිබැට හුවමාරුවකදී කොටපොළ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පහර කෑමට ලක්ව රෝහල් ගත කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 25 June 2020
පිබිදෙන යුගයකට අලුත් රාමුවක් ලෝක ප්‍රජාව අනපේක්ෂිත ඉරණමකට මුහුණ දුන් නමුත් ක්‍රමයෙන් එයින් නිදහස් වෙමින් සිටි. කෙරෝනා වයිරසයේ බලපෑම ගැන මෙයින් අදහස් කෙරේ. මිලියන ගණනක් රෝගී වූහ. ලක්ෂ ගණනක් ජීවිත බිලිගෙන තිබේ. ඛේදවාචකයෙන් පාඩම් ඉගෙනගත් රටවල් නැවත යළි නැගී සිටිමින් සිටින අතර අලුත් ජවයක් සහ නව්‍යකරණයක් ද නිරික්ෂණය කළ හැකිය. 24 June 2020
බස් සේවය ලෙල්ලට වැට්ටූ දේශපාලනය මගී බස් ප්‍රවාහන සේවාව නිරන්තර කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ එහි පවතින අවිධිමත්බව, ගැටලු යනාදී කාරණා හේතුවෙනි. 1958ට පෙර ලංකාවේ මගී ප්‍රවාහන අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම සපුරා දුන්නේ පෞද්ගලික අංශයෙනි. විවිධ සමාගම් මගින් මගී ප්‍රවාහනය කිරිමේ වැඩ පිළිවෙළක් එදා තිබුණි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා බලයට පැමිණියේ වෙනමම දර්ශනයක් ඇතිවය. ජනසතුකරණය ඔහුගේ දර්ශනයේ මූලිකාංගයක් වී තිබුණි. 24 June 2020
පළාත් සභා රටට තවදුරටත් අවශ්‍යද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ මාතෘකාව යළිත් දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් බවට පත්වෙමින් තිබේ. අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය වන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණක් වීම එයට හේතුව වී තිබේ. ඒ වෙනුවෙන් ආණ්ඩුව තම ප්රචාරක ව්‍යාපාරය තුළ වැඩි බරක් තැබීමටද ක්‍රියාකරමින් සිටියි. 24 June 2020
ආසියානු බලවතුන්ගේ විරසකය මැද කොළඹ සංවේදීවන ආකාරය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් පියවරයන්ට ස්තූතිවන්ත වන්නට ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ කොරෝනා වසංගතය බලපෑ රටවල ලැයිස්තුවේ අවසන් හරියට වන්නටය. 23 June 2020
පරිස්සමෙන් ඇදගෙන යමු... නොසැලකිල්ලෙන් ක්‍රියා කරන්නට හෝ අවදානමක් ගන්නට කිසිදු ඉඩක් නැත. ශ්‍රී ලංකාව තම සේවා ස්ථාන සේවකයන්ට විවෘත කරද්දී වන්දනාමාන කරන ස්ථානවල දොරටු බැතිමතුනට විවර කරද්දී, සිසුනට පාසල් දොරටු විවර වෙද්දී මහජන සෞඛ්‍ය සේවා භාර රටේ ඉහළම නිලධාරියා නැවත නැවත ඉහත කී දේ කියා සිටී. 23 June 2020
සමාජයේ පිළිකුලට ලක්වූ බන්ධනාගාර වෙළේ සුදා, කංජිපානි, ඉම්රාන් ඇතුළු පාතාලයේ මුදල්වලින් තම දරුවන් පෝෂණය නොකරන ලෙසට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. බන්ධනාගාරයේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් මාධ්‍යවල පළවන වාර්තා අනුව නිල ඇඳුම තමන්ට ඇඳීමට සුදුසුද නැද්ද කියා හෘද සාක්ෂියෙන් විමසිය යුතු බව ද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 23 June 2020
අප කවදාවත් ඡන්දෙට බය වුණේ නෑ මහ මැතිවරණයට මුහුණදීම ඇතුළු කාලීන දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් ශ්‍රී.ල. පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණී ලොකුගේ සහ සමගි ජලබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්. මරික්කාර් යන මහත්වරු සමග කළ සාකච්ඡා මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු. 22 June 2020
රජයේ දේපළ ඡන්දයට යොදාගැනීම වළක්වමු රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ට ලබා දී ඇති නිල වාහන නැවත බාර දී ඇතිදැයි සොයා බැලීමේ විශේෂ වැඩපිළිවෙළක් මැතිවරණ කොමිසම මගින් ආරම්භකර ඇතැයි අපි පසුගිය දිනක ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කළෙමු. ඒ සමග ඇමැති කාර්ය මණ්ඩල සහ සංස්ථා දේපළ පරිහරණය සම්බන්ධයෙන් ද සොයා බැලෙනු ඇත. මේ පියවර ගනු ලබන්නේ මැතිවරණ ප්රචාරක කටයුතුවලදී රාජ්‍ය දේපළ අයුතු ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබිණි. 22 June 2020
ඡන්දයට පෙරහුරු දිගටම මැතිවරණ උණුසුම දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු මාසයේදී ද පැවැත්වීම දුෂ්කරවනු ඇතැයි ඇතැම් පාර්ශව පළකළ අනාවැකිද මේ වනවිට ව්යර්ථවෙමින් තිබේ. මහ මැතිවරණය ස්ථීර වශයෙන්ම අගෝස්තු මස 05 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිසම ලහි ලහියේ සූදානම් වෙමින් සිටී. 19 June 2020
සන්ෂයින් සුද්දා - මදූෂ් - හරක් කටා ගැන කතා මාතර වැලිගම මිරිස්ස ධීවර වරාය ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකි. ඒ ඉකුත් මැයි මස 30 වැනිදා සෙනසුරාදා උදෑසන 7.30ට පමණය. 19 June 2020
ඩඩ්ලි හොඳ වැඩියි ශ්‍රී ලංකාවේ බත් දුන් පියා ලෙස විරුදාවලි ලත් ඩඩ්ලි සේනානායක මහතාගේ 109 වැනි ජන්ම දින සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 19 June 2020
ප්රජාතන්ත්රවාදී අර්බුදයේ උරුමක්කාරයෝ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමය වූ කලී එක් අතකින් බලන විට රෝද තුනක් උඩ දුවන වාහනයකට සමාන වේ. වඩාත්ම ජනප්‍රිය සමාජගත භාෂාවෙන් කියනවා නම් ත්‍රී වීලර් එකකට සමාන වේ. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය මෙම රෝද තුන වේ. ආණ්ඩුක්රමය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ මෙම රෝද තුන නිසියාකාරව මෙන්ම අවශ්‍ය ආකාරයට කරකැවුණහොත් පමණි. 19 June 2020
මූල්‍ය සමාගම්වල අක්‍රමිකතා මඬින අතර ඒවා වට්ටන්නත් එපා මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යා යුත්තේ රටේ මහජනතාවගේත් ව්‍යාපාරිකයන්ගේත් අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි. ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කරමින් තමන් ද ලාභ ලබන ආයතන වශයෙන් ඒවා පවත්වාගෙන යාම ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණ විය යුතුය. එහෙත් ඒ වෙනුවට ජනතාවගේ රීරිමාංස උරා බොන, ෆිනෑන්ස් ලීසිං පහසුකම් ලබාගත් ගනුදෙනුකරුවන් උස්සා පොළොවේ ගසන තත්ත්වයක් පවතී නම් එහි කොතැනක හෝ බරපතළ වැරැද්දක් තිබිය යුතුය. 19 June 2020
හූල්-මහින්ද විරසකය ඡන්දයටත් රටටත් අගතියක් කළාද? මාරාන්තික කොරෝනා වයිරස වසංගත තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමුණ ද, එසේ ඇතිවූ බිය පහව ගොස් ඇති සෙයක් සහ උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැත්වීමට එදිරිව පවතීයැයි පෙන්වාදුන් නෛතික බැමි අතුරුදන්ව ඇති සෙයක් පෙනෙන්නට තිබේ. 18 June 2020
හණමිටි මතවලටත් - සම්මතයටත් එරෙහිවූ දයාබර පියතුමා 1969 වසරේ වෙසක් සමයේ එක්තරා දිනක සවස් වරුවේ මා මිත්‍ර චිත්‍රපට විචාරක, ලේඛක ඈෂ්ලි රත්න විභූෂණ කැලණියේ පෑලියගොඩ මීසම්වල පාලනාධිපති ලෙස සේවය කළ අර්නස්ට් පොරුතොට පියතුමා මට හඳුන්වා දුන්නේය. පෑලියගොඩ බියගමට යන පාරේ දේවස්ථානයට ගිය මට දක්නට ලැබුණේ එහි විදුලි එළියෙන් දිදුලන වෙසක් කූඩුය. මා මවිතයෙන් වට පිට බැලුවෙන් පෝරුතොට පියතුමා මොකද? මෙයා පුදුම වෙලා කියා ඇසුවේය. 18 June 2020
කිතුනු සංස්කෘතියේ ජාතික සලකුණ අර්නස්ට් පෝරුතොට පියතුමා මෙරට අන්තර් ආගමික සංහිඳියාව වෙනුවෙන් මෙන්ම සාහිත්‍ය හා සිනමා කලා ක්ෂේත්රය වෙනුවෙන් අති මහත් මෙහෙවරක් ඉටුකළ, ස්වර්ගස්ථ වූ අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සහ දිව්‍ය පූජාව කටුකුරුන්ද සාන්ත පිලිප් නේරි දේවස්ථානයේදී අද (18) පස්වරු 2.30ට සිදු කිරීමට නියමිතය. 18 June 2020
අමාරු කාලයේ ජනතාවට පිහිටවූ සුළු වෙළෙන්ඳාගේ ඉරණම කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීමට රට පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීය. නිවෙස්වලට කොටු වූ ජනී ජනයාට එදිනෙදා බඩු භාණ්ඩ මිල දී ගැනීමට නිසි පිළිවෙළක් නොතිබුණි. උවමනා දේ මිල දී ගත්තේ ජංගම ව්‍යාපාරිකයන්ගෙනි. වාහන ශබ්දයක් ඇසෙන තෙක් මහ පාර දෙස බලාගෙන සිටියහ. අන්තර් ජාලය හරහා ඇණවුම් කළ හැකි බව සුපිරි වෙළඳ ජාලාවලින් ප්‍රකාශ කරන ලද නමුත් අවසානයේ දී සාර්ථක වුයේ නැත. නිවෙස අසලටම පැමිණ යමක් විකුණා යන වෙළෙන්දෝ ප්‍රසාදය දිනා ගත්හ. 18 June 2020
සෑම දෙනාටම සරසවි වරම් ලැබීමේ මග ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන ජනාධිපතිවරණ පොරොන්දු වලින් එකක් වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය උදෙසා සුදුසුකම් ලැබූ සියල්ලන්ටම තෘතීය අධ්‍යාපනය ලබාදීමය. මෙම පොරොන්දුව දෙන ලද්දේ අපේ රට ඊළඟ මට්ටම කරා ගෙනයාමට අනාගත තරුණ පරපුර සූදානම් කිරීම උදෙසාය. මෙය මැතිවරණ වේදිකාවේ සුපුරුදු පොරොන්දුවක් වුවද මෙය රටේ යථාර්ථය හා මැනවින් ගැළපෙන්නකි. 18 June 2020
වාහනවලින් ඉගිලෙන මග මරුවන්ට දෙන දඬුවම් මදි බම්බලපිටිය තුම්මුල්ල ප්‍රදේශයේ දී සිදු වූ ඩිෆෙන්ඩර් - යතුරු පැදි ගැටුමෙන්, යතුරු පැදියේ ගමන් කළ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරි කළ ආධුනික පොලිස් කොස්තාපල් සිතුම් දුලීප යොමාල් අලහප්පෙරුම මහතා මිය ගියේය. ඔහු සමග යතුරු පැදියේ ගමන් කළ පොලිස් නිලධාරියා ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ඩිෆෙන්ඩර් රථය පැදවූ නීති ශිෂ්‍යයා බීමතින් සිටි බවට තහවුරු වූ බවත් ඔහු රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවත් අප පුවත්පත වාර්තා කළේය. 18 June 2020
එපා කියා බදාගන්න මනාප ක්‍රමය මීළඟ මහා මැතිවරණයට දින නියම වී තිබේ. ඒ පසුබිම යටතේ මැතිවරණ ක්‍රමය සහ මනාප ක්‍රමය සම්බන්ධයෙන් වැඩි අවධානයක්ද යොමුව තිබේ. මේ කාරණා දෙක දැඩි විවේචනයට ලක්වනු අපි විටින් විට දැක ඇත්තෙමු. එයටද හේතු රැසකි. මුලින් මෙරට පැවැති මැතිවරණ ක්රමයේ වෙනසක් පසු කාලීනව සිදුවුණි. කේවළ ඡන්ද ක්‍රමය යනු මුලින් මෙරටට හඳුන්වා දී තිබූ මැතිවරණ ක්‍රමයයි. 17 June 2020
ඡන්ද දූෂණ ගැන මැකෝගේ කතාව අද ගළපාගැනීම කාන්තාවක සමූහ දූෂණයට ලක් කිරීමත් ඡන්ද මධ්‍යස්ථානවලට කඩාපැන ඡන්ද පෙට්ටි පිරවීමත් අතර වෙනසක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගිය දිනක කියා තිබිණි. රූපවාහිනී නාළිකාවක සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කළ මේ ප්‍රකාශය එම වැඩසටහන නැරඹූ බොහෝදෙනාගේ ප්‍රබල අවධානයක් දිනාගැනීමට සමත්විය. ඒ සමඟ දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ මැතිවරණ නොපැවැත්වීමද ඒ හා සමාන වැරුද්දක්, දූෂණයක් බවය. 17 June 2020
ලෝකය මවිතකළ අපේ මානවයා අප්‍රිකාවෙන් පිටත ආදි මානවයාගේ දුනු හී භාවිතය පිළිබඳ පැරණිම සාධක ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමත් සමඟ මේ වනවිට මානව පරිණාමයේ නව පිටුවක් පෙරැළී තිබේ. එය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ආඩම්බර විය හැකි කරුණකි. මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවියේ පළ විය. 16 June 2020
පරිසරය සුරකින වියදම් අඩු ඡන්දයකට මඟක් සියවසකට ආසන්න කලක් ශ්‍රී ලාංකීය පුරවැසියා ආසක්ත කරන ලද යම් සමාජ කරුණක් වේ නම් එය නිසැකවම මැතිවරණයි. සීමිත නියෝජනයක් සහිතව වුවද මෙරටට සර්වජන ජන්ද බලය ලැබුණු දින පටන් එනම් වසර 1931 සිට අද දක්වා පවත්වා ඇති මැතිවරණ සංඛ්‍යාව 73 කි. ප්රජාතන්ත්රවාදී වටිනාකම් සුරැකීම හා සබැඳි නොසංසිඳෙන අර්බුද රැසක් හා පොරබදන සමයක මෙරටේ ප්රජාතන්ත්රවාදී මැතිවරණ වාර්තාව අනභිබවනීය බව අවධාරණය කරනු වටී. 16 June 2020
බෝම්බ තුවාලකරුවකු නිකම්ම රෝහලකට ඇතුළු වූයේ කෙසේද? පාස්කු ඉරිදා ප්‍රහාරයේ සහ්රාන් කල්ලියේ බෝම්බ නිෂ්පාදනකරු වූ රිල්වාන් හෂිම් නැමැත්තා බෝම්බයක් අත්හදා බැලීමකදී සිදු වූ පිපිරීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ සති තුනක් ප්‍රතිකාර ලබමින් සිට ඇති බවට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 16 June 2020
කොරෝනා මැඬීම අද අපි හොඳම තැනක ඉන්නවා කොවිඩ් සමාජ රටාව සහ මහමැතිවරණයට යෑම ගැන මේ වනවිට සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ. මෙවර සඳුදා හමුව වෙන්වන්නේ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනකු පවතින එම දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළ කරන අදහස්වලටය. 15 June 2020
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අප රටට විතරක් නරකද? පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙන අලුත් යෝජනාව පිළිබඳව අධ්‍යයනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් කමිටුවක් පත්කර තිබේ. සාමාජිකයන් 05 දෙනකුගෙන් සමන්විත අදාළ කමිටුව වෛද්‍ය සංගමයේ සාමාජික ශාඛා සම්බන්ධීකරණය කරමින් වාර්තාවක් සකස් කිරීමට නියමිතය. එම වාර්තාව අපේ රටට ලෝක තත්ත්වයේ වෛද්‍ය සේවාවක් ලබාදීම සඳහා ඉහළ ප්‍රමිතියකින් යුත් වෛද්‍යවරුන් බිහිකිරීමේ වඩාත්ම යෝග්‍ය ක්‍රමවේද පිළිබඳ කරුණු එළිදක්වනු ඇත. 15 June 2020
හූල් කී කතා නොකී කතා මැතිවරණවලට තරග කරන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් සඳහා වූ ප්‍රතිපත්ති මාලාවක් (Code of Conduct) ජාතික මැතිවරණ කොමිසම පසුගිය 3 වැනිදා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරිණි. 14 June 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026