ගාල්ලේ ආසන තුනකට ශ්‍රීලනිපෙන් නව සංවිධායකවරු ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය, අක්මීමන සහ රත්ගම ආසන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරු තිදෙනෙක් අද (21) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබූහ. 21 March 2017
පොලිසියේ දෙදෙනෙක් අල්ලස් දැලේ මැටි ප්‍රවාහනය කරන ලොරියකින් රුපියල් 100 ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් සහායකවරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 21 March 2017
ඉදිරියටත් ධීවර ඇමතිධුරය දරන්න අමරවීර කැමැත්තෙන් ඉදිරියටත් ධීවර අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට අකැමැත්තක් නැති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 21 March 2017
දුර ගමන් සේවා බස් සේවකයෝ පුත්තලම - කොළඹ මාර්ගයේ විරෝධයක පුත්තලම කොළඹ මාර්ගයේ දුර ගමන් සේවා බස් රථවල මගීන් හා බස් රථ රියදුරන් පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයේදි පැය දෙකකට ආසන්න කාලයක් මාර්ගය වසා රථවාහන පොලිස් නිලධාරින්ට විරෝධය පළ කිරිම නිසා ගමනාගමන කටයුතු වලට බාධා එල්ල විය. 21 March 2017
විමල්ගේ ඇප අයදුම්පත විසිවේ රජයේ වාහන 40ක් අවභාවිත කළැයි රිමාන්ඩ් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹ මහාධිකරණයට ගොනු කළ ප්‍රතිශෝදන ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (21) නියෝග කළේය. 21 March 2017
ශ්‍රී ලංකාවට සහයෝගය නොදෙන්න’යි මෛත්රීයන් කියයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවට වසර දෙකක් කල් ලබා දෙන ලෙසට ඉල්ලා ඉදිරිපත් කර ඇති යෝජනාවට ඉන්දියාව විරෝධය පළ කළ යුතු යැයි ඒ.අයි.ඒ.ඩි.එම්.කේ. පක්ෂය සඳහන් කරන බව ඉන්දියාවේ එක්ස්ප්‍රස් නිව්ස් පුවත්සේවය අද (21) වාර්තා කළේය. 21 March 2017
අපිරිසිදු ජලය විකුණු ව්‍යාපාරිකයා අත්අඩංගුවට අධිකරණ නියෝගයක් මත මුද්‍රා තබා වසා දමා තිබූ නීති විරෝධි පැණි බීම සහ පානිය ජල බෝතල් ඇසිරිමේ ගබඩාවක් බලහත්කාරයෙන් කඩා විවෘත කර එම ගබඩාව තුළ තිබු මහජන පානයට නුසුදුසු පානීය ජලය අලෙවි කර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ව්‍යාපාරිකයකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා එප්පාවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අධිකාරි මහතාට නියෝග කළේය. 21 March 2017
ජාතික සම්මාන උළෙලට ගිය ලූෂන් බුලත්සිංහලට බාධා ජාතික වීර දිනයට සමගාමීව නෙළුම් පොකුරණ රඟහලේ දී මේ වන විට පැවැත්වෙන ජාතික සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වීමට ගිය ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල මහතාට ආරක්ෂක නිලධාරීන්ගෙන් බාධා එල්ල වී තිබේ. 20 March 2017
බස්නායක නිලමේ නිවසේ ඇත්දළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හා තලාතුඔය පොලීසියේ නිලධාරින් එක්ව සිදු කළ වැටලීමකදී මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර මහතාගේ නිවසේ තිබී ඇත් දළ ජෝඩුවක් සොයා ගෙන තිබේ. 20 March 2017
හමුදා සේවය හැරගිය 1994 ක් අත්අඩංගුවට පොදු සමා කාලයේදී ත්‍රිවිධ හමුදා වෙත බාර නොවූ සාමාජිකයින් 41 000ක් අතරින් 1994 දෙනෙකු මේ වනවිට විට අත්අඩංගුවට ගෙන ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි. 20 March 2017
පේරාදෙණිය සම සෞඛ්‍ය පිඨ සිසුන් විරෝධතාවක සම සෞඛ්‍ය පිඨ සිසුන්ට සායනික පුහුණුව සදහා රෝහල් ලබා නොදීමට විරෝධය පළකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පිඨ ශිෂ්‍ය සංගමය උද්ඝෝෂණයක් කළේය. 20 March 2017
කොල්ලකරුවන් ගැන පරීක්ෂණ කළ ස්ථානාධිපතිවරයා මිය යයි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන් මාලයක් කොල්ල කා පලා යමින් සිටියදි අත් අඩංගුවට ගත් මාල හොරුන් දෙදෙනා සම්බන්ධ විමර්ශන කටයුතු කළ හලාවත පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා අද (20) දහවල් හදිසියේ රෝගාතුරවි රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බව පොලිසිය පවසයි. 20 March 2017
මල්වාන ඉඩම වෙන්දේසියේ විකිණීම තාවකාලිකව අත්හිටුවයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ බව කියමින් අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ කැලණි ගඟට මායිම්ව පිහිටි අක්කර 16ක මල්වාන ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම තාවකාලිකව අත්හිටුවන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (20) නියෝග කළාය. 20 March 2017
වැඩ බාරගෙන දවස් දෙකෙන් කොට්ටාව ධර්මපාල විදුහල්පති අස්වෙයි කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නව විදුහල්පති ලෙස සිකුරාදා(17) වැඩ බාරගත් කේ කේ විජේරත්න මහතා ඉල්ලා අස්වී ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 20 March 2017
ලක්ෂ 80ක කේරළ ගංජා වනාතවිල්ලුවෙන් අල්ලයි වනාතවිල්ලුව හයේ කනුව ප්‍රදේශයේදි වැන්රථයකින් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් ලක්ෂ අසුවකට ආසන්න කේරළ ගංජා තොගයක් අද(20) අලුයම සැකකරුවකු සමග අත් අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි. 20 March 2017
රට සිඟරට් ගෙන්නූ අයෙක් අත්අඩංගුවට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය සිගරට් 880 ක් සහ දුම්කුඩු කිලෝ හතරක් ළඟ තබා ගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි. 20 March 2017
බස් මංතීරුව ඉදිරියට ගෙනයෑමේ තීරණය අද සවස කොළඹ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස අත්හදා බැලූ බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරුව හඳුන්වාදීමේ වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් අද (20) සවස තීරණය කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 20 March 2017
මඩකලපුවෙන් බිම් බෝම්බයක් සොයාගනී මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් තාලංගුඩාවෙන් බිම් බෝම්බයක් සොයාගත් බව කාත්තාන්කුඩි පොලිසිය කියයි. 20 March 2017
මාධ්‍යයට පහර දීමට වෙනමම කල්ලියක් සිටි බවට සරත් ෆොන්සේකා හෙළිකරයි සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධව හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂක කපිල හෙන්දවිතාරණගේ මෙහෙයවීම යටතේ මාධ්‍යයට පහරදීම සඳහා විශේෂ කල්ලියක් තිබු බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද ප්‍රකාශය මගින් අනාවරණය වු බව සීඅයිඩීය අද (20) අධිකරණයට පැවසීය. 20 March 2017
තිස්සගේ නඩුවට ජනපති - අගමැතිට සිතාසි කුට ලේඛන සකස් කර මාධ්‍යයට ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි දීම සඳහා ජුලි 17 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (20) සිතාසි නිකුත් කළේය. 20 March 2017
ලක්ෂ දෙකක කේරළ ගංජා සමග අයෙක් අත්අඩංගුවට කිලිනොච්චිය සිට මොණරාගල දක්වා කේරළ ගංජා ග්‍රෑම් 1700ක් රැගෙනයමින් සිටි බව කියන පුද්ගලයකු වවුනියාව බස්නැවතුම්පලේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. 20 March 2017
‘දේපළ ගිනි තියන තුරු පොලිසිය බලාගෙන ඉඳලා‘ වෛද්‍ය ජෝන් පුල්ලේ මහතාගේ නිවසට,වෛද්‍ය මධ්‍යස්ථානයට, කාර්යාලයට සහ වාහන වලට ගිනි තබා විනාශ කර ඇත්තේ අනුරාධපුර පොලිසියේ උසස් නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ඒ දෙස බලාගනෙ සිටියදී බව අදාළ නඩු විභාගයේදී තහවුරු වී ඇති බව උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ප්‍රකාශ කළේය. 20 March 2017
ලංගම රියදුරුට වසර තිස් හත හමාරක සිර දඬුවම් වසර 16කට පෙර කුරුණෑගල මඩගල්ල පාරේ දීගාවේ දී 14 දෙනකුට මරු කැඳවූ ලංගම බස් රථ අනතුරට සම්බන්ධ රියදුරුට කුරුණෑගල මහාධිකරණය අද (20) බරපතල වැඩ සහිතව වසර තිස් හත හමාරක සිර දඬුවම් නියම කළේය. 20 March 2017
කල්පිටි ගොවීන්ට සූර්ය බලය වසරේ වැඩි කලක් පුරා හොදින් සූර්යාලෝකය ලැබෙන කල්පිටි අර්ධද්වීපයේ ගොවි ජනතාවට, සූර්ය බල ශක්තියෙන් සිය ගොවි බිම්වලට විදුලිය ලබාදීම හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් පසුගිය දා කල්පිටිය දලුව කජුවත්තේදී සිදු කෙරිණි. 20 March 2017
රන් මාලය කඩාගත් කොල්ලකරුවන්ට වෙඩි ආයුර්වේද වෛද්‍යවරියක පැළද සිටි රන් මාලයක් කඩාගෙන පලා ගිය බව කියන යතුරු පැදිකරුවන් දෙදෙනකුට හලාවත පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් වෙඩි තබා අත්අඩංගුවට ගෙන ඇත. 20 March 2017
යාපනය බන්ධනාගාරයේ සිටි ඉන්දීය ජාතිකයෙක් පැන යයි යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ජාතිකයකු යාපනය රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිදී පළාගොස් ඇතැයි යාපනය රෝහල් පොලීසිය පවසයි. 20 March 2017
විමල් යළි රිමාන්ඩ් රජයේ වාහන 40 ක් අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා අප්‍රේල් 3 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය. 20 March 2017
ශ්‍රී ලාංකික නැවියන් එන්න සතියක් යයි සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදා ගැණුන ඒරීස් - 13 ඉන්ධන නෞකාවේ කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයින් අටදෙනා යළි දිවයිනට පැමිණීමට තව සතියක් පමණ ගතවනු ඇතැයි ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආංරචි මාර්ග සඳහන් කර සිටී. 19 March 2017
වයිකෝ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය වැටලීමට උත්සාහ දැරූ තමිල්නාඩු එම්.ඩී.එම්.කේ.පක්ෂ මහලේකම් වයිකෝ ඇතුළු පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ඉන්දියාවේ ඩෙකෑන් ක්‍රොනිකල් වෙබ් අඩවිය අද ( 19) වාර්තා කළේය. චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයට ඉදිරිපිට ඊයේ (18) උද්ඝෝෂණයේ නිරත ව සිටියදී කලහකාරී ලෙස හැසිරුණු මෙම පිරිස එම කාර්යාලයට කඩා වැදීම උත්සාහ කර ඇති අතර එහිදී මොවුන් අත්අඩංගුවට පත්ව තිබේ . 19 March 2017
බංග්ලාදේශය ශ්‍රී ලංකාව පරදවයි කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) නිමාවූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව පරදවා කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. 19 March 2017
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026