මෑන්පවර් උද්ඝෝෂණයට එරෙහිව කරුණු දැක්වීමට කොටුව පොලිස් ස්ථානාධිපති කැඳවයි මෑන් පවර් සේවකයින් ස්ථිර සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් මූලස්ථානය ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණයට එරෙහිව කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන අපේ‍්‍රල් 04 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු හත්දෙනෙකුට අභියාචනාධිකරණය අද (23) නොතීසී නිකුත් කළේය. 23 March 2017
කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාස 11 ක කුළිය කෝටි 27 ක් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා ලබාගෙන භාවිතයට නොගත් ගොඩනැගිල්ලකට මාස 11ක් සඳහා කුලිය ලෙස රුපියල් කෝටි 27කට ආසන්න මුදලක් ගෙවා ඇතැයි අද(23) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. 23 March 2017
ඩෙංගු රටම ගිලගන්නට සැරසෙයි. නැගෙනහිර පළාත ඇතුළු ප්‍රදේශ ගණනාවක ඉතා තදින් පැතිරෙන ඩෙංගු රෝගය මැඩපැවැත්වීමට රජය උපරිම අයුරින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 March 2017
මෛත්‍රීපාල පුටින් හමුව පැය එක හමාරක් ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රුසියා ජනාධිපති වැලද්මීර් පුටින් මොස්කව් හා ක්‍රෙම්ලින් හිදී එරට වේලාවෙන් අද පස්වරු 2.25 ට ආරම්භ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 23 March 2017
විමල්ගේ දියණිය රෝගාතුරවී රෝහල් ගතකරයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය හදිසියේ අසනීප වීම නිසා අද(23) රෝහල්ගත කර තිබේ. 23 March 2017
ඩෙංගු රෝගයෙන් කින්නියාවෙි 14 ක් මරුට ඩෙංගු රෝගයෙන් කින්නියා ප්‍රදේශයේ පමණක් පුද්ගලයන් 14 දෙනකු මියගොස් ඇතැයි පළාත් සහා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි. 23 March 2017
පැහැරගැනීම් 2 ක පරීක්ෂණ වලට නාවික හමුදාපති සහයෝගය නෑ සුදු වෑන් යොදගෙන 2009 දී කළ බව කියන පැහැරගැනීම් දෙකක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට සහයෝගය දෙන්නැයි අධිකරණය දුන් නියෝගවලට එරෙහිව වර්තමාන නාවික හමුදාපතිවරයා කටයුතු කරන බවත් එම පරීක්ෂණවලට නාවික හමුදාපතිවරයා සහය නොදෙන බවත් අපරාධ විමර්ශන කොට්ඨාසය අද(23) අධීකරණයට දැන්වීය. 23 March 2017
ඒකාබද්ධයේ මන්ත්‍රීවරු උද්ඝෝෂණයට නෑ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද (23) ඒකාබද්ධ විපක්ෂය පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයට දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් නොපැමිණි නිසා ඔවුන්ට එරෙහිව නිකුත් කළ නොතීසි භාරදීමට නොහැකි වූ බව බොරැල්ල පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. 23 March 2017
අධිවේගී මාර්ගයේ අනතුරකින් කතක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට ගමන් ගත් මෝටර් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 23 March 2017
මුහුදු ක්ෂිරපායින්ගේ ඡායාරූප ගත් 6 ක් අත්අඩංගුවට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රා දෙකකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මුහුදු ක්ෂීරපායීන් අසල කිමිදුම් කිමිදෙමින් ඡායාරූප ගත් විදේශිකයන් සිව් දෙනෙකු සහ ලාංකීක පුද්ගලයන් දෙදෙනෙකු තල්අරඹ වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 23 March 2017
ඉදිරි සති දෙක තුළ වැදගත් තීරණ කිහිපයක් - ලක්ෂ්මන් යාපා දේශපාලන සහ ආර්ථික වශයෙන් වැදගත් හා ශක්තිමත් තීන්දු කිහිපයක් ජනාධිපතිවරයා විසින් ඉදිරි සති කිහිපය ඇතුළත දී ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. 23 March 2017
ග්ලයිෆොසේට් පොලිසියේදී ඇමෝනියා වෙයි උඩප්පුව වෙරළ තීරයේ දී බදාදා (22 ) අත් අඩංගුවට ගත් ග්ලයිපෝසෙට් නම් උග්‍ර විෂ රසායනිකය අඩංගු වල් නාශක පැකට් 4205 පොලිසිය විසින් රේගුව වෙත ඉදිරිපත් කොට ඇත්තේ ඇමෝනියා පොහොර වශයෙන් බැව් ආරංචි මාර්ග කියයි. 23 March 2017
දිනේෂ් ඇතුළු නව දෙනකුට නොතීසි වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් නිසා ඇති විය හැකි මහජන පීඩා ගැන සලකා බලා සුදුසු නියෝගයක් ලබාදෙන්නැයි බොරැල්ල පොලිසිය අද (23) අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 23 March 2017
පුත්තලම අවටින් දරුණු වෙෙරස් උණක් ඩෙංගු උණට සමාන ලක්ෂණ සහිත දරුණු වෛරස් උණක් පුත්තලම අවට පැතිරි යමින් තිබෙන බව පුත්තලම රෝහල් අධ්යක්ෂ සුමිත් අත්තනායක මහතා පවසයි. 23 March 2017
වාහන අවභාවිතා කළ ව්‍යාපෘති කළමනාකරුගේ වැඩ තහනම් වාහන අවභාවිතා කිරිම සම්බන්ධයෙන් වූ චෝදනා මත ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව විශේෂ කලාපයේ නේවාසික ව්‍යාපෘති කළමනාකාර රන්බණ්ඩා සිරිසේන මහතාගේ සේවය වහා අත්හිටුවනු ලබයි. 23 March 2017
හිඟුරක්ගොඩ ප්‍රා සභාවේ වැඩ පරීක්ෂක අල්ලස් දැලේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සේවය කරන වැඩ පරීක්ෂකවරයකු ගරාජ් හිමියකුගෙන් රුපියල් 10000ක අල්ලසක් ලබාගැනීමට යාමේදී අද (23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 23 March 2017
උඩුවේ හිමිට ඇප අධික ශබ්දයක් සහිතව ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කරමින් මහජන පීඩාවක් ඇති කළැයි චෝදනා ලැබු ඇලන්මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ වරෙන්තු ආපසු කැඳවු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය උන්වහන්සේට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කළාය. 23 March 2017
ශ්‍රී ලංකා රුසියන් ජනපති හමුව අද රුසියාවේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (23) දහවල් මොස්කව් නගරයේ ක්‍රෙම්ලින් මන්දිරයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා හමුවෙයි. 23 March 2017
මල්වානේ ඉඩමට නිතිමය කරුණු දක්වන්න නිතිපතිට නොතිසි වෙන්දේසියට තිබු මල්වාන ඉඩම රජයට පවරා ගන්නේ නම් නිතිමය කරුණු ඉදිරිපත් කළ යුතු බව පුගොඩ මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය අද (23) නියෝග කළේය. 23 March 2017
විද්‍යා ඝාතන නඩුවේ සැකකරුවන් යළි රිමාන්ඩ් සමූහ දූෂණයට ලක්කර මරා දැමූ යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ පරීක්ෂණවලින් 98%ක්ම මේ වනවිට අවසන්ව ඇති බවත් මෙම නඩුවේ සැකකරුවන්ගේ බිරින්දෑවරුන් සහ පවුල්වල පිරිස් ගැට කපන්නන්ට හසු නොවන ලෙසත් කයිඩ්ස් මහේස්ත්‍රාත් මොහොම්ඩ් රියාල් මහතා සඳහන් කළේය. 23 March 2017
මානව හිමිකම් මහකොමසාරිස්ගෙන් ශ්‍රී ලංකාවට චෝදනා සිවිල් යුද්ධය සමයේදී සිදු වූ බව කියන මානව හිමිකම් සහ යුද අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා රජය අසමත් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු බදාදා (22) චෝදනා කළේය. 23 March 2017
හම්බන්තොට ගිවිසුම හදන්න ඇමැති අනුකමිටුවක් හම්බන්තොට වරායේ අනුග්‍රාහක ගිවිසුම සකස්කොට ක්‍රියාවට නැංවීම සඳහා ඇමැති සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමැති අනු කමිටුවක් පත් කර තිබේ. 22 March 2017
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ වෙඩි තැබීමකින් 12කට තුවාල බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් අද (22) එම පාර්ලිමේන්තුව කල් තබා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. 22 March 2017
දුම්බර බන්ධනාගාර අධිකාරීගේ වැඩ තහනම් දුම්බර බන්ධනාගාර අධිකාරී සෙනරත් සේනානායක මහතාගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි. 22 March 2017
මෑන් පවර් සේවකයන් ස්ථිර කරන්න කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සේවය කරන මෑන් පවර් සේවකයන් අදියර හතරක් යටතේ එම සමාගමට බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 22 March 2017
මිහින්තලේ පාසලක මත්පැන් සාදයක් මිහින්තලේ රජයේ පාසලක සිසු පිරිසක් මත්පැන් සාදයක් පැවැත්වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි විදුහල්පතිවරයා අද (22) පරීක්ෂණයක් ආරම්භ කළේය. 22 March 2017
කළුතර ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර කළුතර දී බන්ධනාගාර රියකට ප්‍රහාරයක් එල්ල කර සමයං ඇතුළු හත් දෙනකු ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ‘බන්ටි‘ නමැත්තා ලබන 27 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය අද (22) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර දුන්නාය. 22 March 2017
මහේෂ් සේනානායක යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා පත් කළ බව ආරක්ෂක ලේකම් කරුණාසේක හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවසීය. 22 March 2017
සිරියාවේ පාසලකට ගුවන් ප්‍රහාර : 33 ක් මරුට සිරියාවේ ඉස්ලාම් අන්තවාදී පාලනය යටතේ පවතින රක්ඛා නගරයේ පාසලකට ගුවන් ප්‍රහාර එල්ලවීමෙන් 33දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. මෙම ස්ථානයේ අවතැන් වූවන් රඳවා සිටි බව සිරියාවේ නිරීක්ෂණ කටයුතු වල යෙදෙන මානව හිමිකම් සංවිධාන පවසයි. 22 March 2017
වතු කම්කරුවන්ගේ දිරි දීමනාව කපා දමන බවට චෝදනා වතු කම්කරුවන් දෛනිකව කරන වැඩ ප්‍රමාණය වෙනුවෙන් ගෙවනු ලබන නිෂ්පාදන දිරි දීමනාව ක්‍රමානුකූලව කපා හරින බවට වතු වෘත්තිය සමිති චෝදනා කරයි. 22 March 2017
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026