මිරිස් විකුණා ආදායම් වාර්තාවක් තබයි අනුරාධපුර ගොවි මහතෙක් මිරිස් අස්වැන්නෙන් ඉහලම ආදායමක් උපයමින් වාර්තාවක් පිහිටුවා තිබේ. 08 November 2023
දිය රළකට සංචාරකයෙක් බිලි හික්කඩුව නාරිගම මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරකට අසුවී දියඹට ගසා ගොස් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 08 November 2023
විදුලි සැර වැදී එක්දරු මව මරුට විදුලි සැර වැදිමෙන් ස පුත්තලම පුලිදිවාසල් ප්‍රදේශයෙ එක් දරු මවක් මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 08 November 2023
අශෝකගේ ප්‍රකාශයකින් මැතිසබේ ඇවිලෙයි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් ඇයට අපහාසයක් වූ බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්වයක් අද (8) පෙරවරුවේ ඇතිවිය. 08 November 2023
නීති විරෝධීව කුවේටයේ සිටි 26ක් පිටුවහල් කරයි නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින් , එරට විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු එරටින් පිටුවහල් කර , ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් අද( 08 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි . 08 November 2023
බස් - ත්‍රිරොද ගැටී 17ක් රෝහලේ මාපලගම සිට මතුගම හරහා කොළඹ බලා ධාවනයවූ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකනෙක ගැටිමෙන් 17 දෙනකු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 08 November 2023
උපාධිධාරි පෙම්වතා උපාධිධාරි පෙම්වතියගේ ගෙළ කපා මරලා උපාධිධාරී පෙම්වතියගේ ගෙළ කපා ඝාතනය කළ උපාධිධාරී පෙම්වතා පෙති වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව නාගොඩ රෝහලට ඇතුළත්වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව මූලස්ථාන පොලීසිය කියයි. 08 November 2023
සවස 1.00න පසු අදත් තද වැසි දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 November 2023
කොල්ලුපිටියේ ගහක් වාහන දෙකක් ගරාජයට යවයි කොළඹ ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව සහ සුළං සමග කොල්ලුපිටිය ආර්. ඒ. ද. මෙල් මාවත චාල්ස් ඩ්‍රයිව් මාර්ගය අසල පිහිටි ගසක් වැටීමෙන් වාහන 2කට අලාභානි වී එක් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි. 07 November 2023
ඊශ්‍රායලයේදී මියගිය යටවරගේ දේහයට අවසන් ගෞරව හමාස් - ඊශ්‍රායල ගැටුම්වලින් මිය ගිය ශ්‍රී ලාංකික සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහයට ඊශ්‍රායලය තානාපති කාර්යාලයේ දී අද ආගමික වතාවත් සිදු කෙරුණි . 07 November 2023
වැඩ වර්ජන කළොත් රටටම පාරේ ලගින්න වෙයි ණය දෙන ආයතන වල විශ්වාසය දිනාගෙන රට ගොඩනගන්න හදන අවස්ථාවේ කවුරුන් හෝ විසින් නැවත වැඩ වර්ජන රැල්ලක් ඇති කළොත් ආයෙත් සියලු දෙනාටම ඉන්න වෙන්නේ මහ පාරේ බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 07 November 2023
’’අස්වැසුමට’’ ප්‍රා: ලේ සංගමය එකඟ වෙයි අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කළ බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය . 07 November 2023
තැපෑලට දින තුනක් නිවාඩු නෑ සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අද(8) හෙට(9) සහ අනිද්දා (10) අවලංගු කිරීමට තැපැල්පති රුවන් සත්කුමාර මහතා තීරණය කර ඇත. 07 November 2023
වැස්ස දුම්රිය රැසක් ප්‍රමාද කරයි:නගර රැසක් ජලයෙන් යටවේ අධික වර්ෂාවත් සමග අදත් ප්‍රදේශ රැසක මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 07 November 2023
තැපැල් සේවකයෝ අද රත්‍රීයේ සිට සේවයෙන් ඉවත්වෙති ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළියේ සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් අද (7) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සම්පත් ලියනගේ මහතා පැවසීය. 07 November 2023
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මරදාන සහ බේස්ලයින් පාර අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 07 November 2023
කොළඹ බදුල්ල මාර්ගය යළි වැසෙයි පැවති අධික වර්ෂාව සමග බත්ගොඩ නායයාම නැවතත් සක්‍රියවී අද (7) සවස හතර පමණ සිට කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වීඇති බව පොලීසිය කියයි. 07 November 2023
ඩීසල් තොගයක් ගැන සැකයක් ලංකා ඉන්දියානු ඔයිල් සමාගම විසින් ආනයනය කෙරුණු ඩීසල් තොගයක් ගැන මතුවූ සැකයක් මත ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 November 2023
ජනපතිගේ ඉල්ලීම ඇමති රොෂාන් ඉවත දමයි ක්‍රිකට් අතුරු කමිටුව ඉවත් කරගන්නැයි ඉල්ලීම් කර එසේ නොකළහොත් ක්‍රීඩා නීතිය ඔහු යටතට ගන්නේ යැයි ජනාධිපතිවරයා තමාට පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 November 2023
මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ ටී 56 අවිය සොයා ගනී සරුංගල් සිද්ධික් මුල්කරගෙන 2022 වසරේ දී මිනුවන්ගෙඩ ගමන් ගෙදර ප්‍රදේශයේ එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදාගත් ටී 56 ගිනි අවිය හා තවත් පිස්තෝල දෙකක් ඇතුලු ආයුධ සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 07 November 2023
ජනපති විශේෂ ප්‍රකාශයක් කරන්න සැරසෙයි මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, ඊට අදාලව නීති සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් පිහිට වූ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සාර්ථක වුවහොත් එළඹෙන පළමු ජාතික මැතිවරණයේදීම එම නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකිදැයි සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල අංශ වෙත උපදෙස් දුන්නේය . 07 November 2023
වී සොරා කෑ පහකගේ වැඩ තහනම් වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා හතරක වී තොග අතුරුදන් වීම සම්බන්ධයෙන් ගබඩා බාර නිලධාරීන් පස් දෙනකුගේ වැඩ තහනම් කර තිබේ. 07 November 2023
ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තයට ලාංකිකයෝ 10,000ක් පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරයත් සමඟ ඇරඹි ඊශ්‍රායල යුද්ධයෙන් දරුණු බලපෑමක් එල්ල වී ඇති එරට කෘෂිකර්මාන්ත ක්ෂේත්රයට ශ්‍රී ලාංකික සේවකයන් 10,000 ක් ගෙන්වා ගැනීමට අදාළ ගිවිසුමට ඉකුත්දා අත්සන් තැබූ බව ඊශ්‍රායලයේ ග්ලෝබ්ස් පුවත්පත වාර්තා කර ඇත. 07 November 2023
අලූත් ආයෝජන පනතක් එයි ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 07 November 2023
මත්පැන් සමාගම්වල බදු පොල්ල රාජ්‍ය ඇමති හෙළි කරයි මත්පැන් සමාගම් පහක් රුපියල් කෝටි 672 කට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය. 07 November 2023
වංචා වැලැක්වීමේ පනත සංශෝධනයට වංචා වැලැක්වීමේ ආඥා පනත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 07 November 2023
අබලන් දුම්රිය පාලම් දෙකක් හදන කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන වලට පිවිසෙන පදික පාලම් රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 07 November 2023
හම්බන්තොට පවුල් 97කට අලුත් ගෙවල් විසල් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩම් අත්කර ගැනීමේ හා පවරා ගැනීම හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා විකල්ප ඉඩම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 07 November 2023
රේගු ආඥා පනත සංශෝධනයට රේගු ආඥා පනත සඳහා යෝජිත සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 07 November 2023
ත්‍රස්ත පනතේ ව්‍යවස්ථානුකූලභාවය හොයන්න බැහැ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැති හෙයින් එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය තීරණය කිරීමට බලයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 November 2023
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026