සැමියාගෙන් බිරියට අහස-පොළව නුහුලන දඬුවමක් සිය බිරිඳව නිරුවත් කොට ඇයගේ දෑත් සහ දෙපා ගැට ගසා කොච්චි මිරිස් තලා තලපයක් කර ඇයගේ ශරීරයට ඇතුළු කළ බව කියන සැමියකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ අරඹා ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 03 March 2023
ෂෙඩ්වලත් ඉන්ධන ජාවාරමක් ත්රීරෝද රථවලට වැඩි මිලට ඉන්ධන පිරවුම්හල්වලින් පෙට්රල් ගැනීමට සිදුවීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පිරවුම්හල් සංවිධානාත්මකව වැඩි මිලට පෙට්රල් අළෙවිය ක්රියාත්මක කරන බවත් රැකියාව ලෙස මගී ප්රවාහනයේ නිරතව සිටින ත්රීරෝද රථ හිමියෝ පවසති. 03 March 2023
මඩකළපුව-කොළඹ දුම්රිය කැන්ටිමේ කැරපොත්තන්-කුහුඹුවන් මඩකලපුවේ සිට කොළඹ රාත්රී දුම්රිය භෝජනාගායේ තිබී පරිභෝජනයට නුසුදුසු ආහාර තොගයක් සොයාගත් බවත් එම ආහාර අතර කැරපොත්තන් සහ කුහුඹුවන්වල සහිත ආහාර ද තිබූ බවත් මහජන සෞඛ්ය පරීක්ෂකවරු පවසති. 03 March 2023
පොහොර දුන්නැයි ජනපතිට උපහාර ආර්ථික අර්බුදයක් තිබියදී වුවද ගොවි ජනතාවට අවශ්ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ප්රසාදය පළ කළහ. 03 March 2023
මිනිස් ජාවාරම්කරුවන්ට වැට බදින්න නව උපක්රමයක් ශ්රී ලාංකිකයන් මිනිස් ජාවාරම්කරුවන්ගේ ආරක්ෂා කිරීමේ සහ මිනිස් වෙළෙදාම වැලැක්වීමේ උපක්රමයක් ලෙස රැකියා සඳහා විදේශගත ශ්රී ලාංකිකයන්ගේ ජෛවමිතික තොරතුරු ඩිජිටල්කරණ ක්රියාවලියකින් දත්ත පද්ධතියක ගබඩා කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 03 March 2023
වෙඩික්කරුට නවාතැන් දුන් යුවළට බල්ලා ගෙන යන්න පොලිස් ආරක්ෂාව හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය ඇතුළු මනුෂ්ය ඝාතන 13කට වෙඩික්කරුවකු සිට කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගිය සැකකරුට නවාතැන් පහසුකම් ලබා දුන් බවට හඳුනාගත් සැකකාර යුවළ පදිංචි මිල්ලනිය නිවසේ සිටි සුනඛයා රැගෙන යාම සඳහා බණ්ඩාරගම පොලිසියේ ප්රධාන පොලිස් පරීක්ෂකවරයකු කොස්තාපල්වරයකු යොදවා ආරක්ෂාව සපයා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය. 03 March 2023
සුද්ද කරන්න ඇවිත් සුද්දයක් දීලා බන්ධනාගාර මාධ්ය් ප්ර කාශක චන්දන ඒකනායක මහතාගේ නිල නිවසේ තිබූ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බොරැල්ල පොලීසිය කියයි. 03 March 2023
අද කාලගුණය ඌව පළාතේත්, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට, දිස්ත්රික්කවලත් අද (3) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. 03 March 2023
ශ්රී ලංකාවේ අර්බුදයට හේතු පෙන්වයි ශ්රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මුල් වූ හේතු ගණනාවක් තිබෙන බවත් රජයේ ආදායම් එකතු කිරීම් මගින් වියදම් අවශ්යතා සපුරාලීමට රජයට ඇති නොහැකියාව ඉන් එක් හේතුවක් බවත් ජාත්යන්තර මූල්ය අරමුදලේ මෙරට කාර්යාලය පවසා ඇත. 03 March 2023
සැරයන් බීලා පැදවූ ජීප් රිය කුඹුරේ දොයි ගලෙන්බිඳුණුවැව කැකිරාව මාර්ගයේ ගමන් ගත් කැබ්රථයක් යකල්ල මෙගොඩවැව දහසයේ කනුව ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අද(02) අලුයම කුඹුරු යායකට පෙරලී ගොස් ඇතැයි පොලිසිය පවසයි. 02 March 2023
සෞඛ්ය ඇමතිකම මට දෙන්න උපරිමයෙන් වැඩ කරනවා සෞඛ්ය වගේ ඇමති ධූරයක් ලැබුණ හොත් රට වර්තමානයේ පත්ව ඇති අභාග්යසම්පන්න තත්වයෙන් ගොඩගන්න උපරිමෙයන් කටයුතු කරන බව විපක්ෂයේ ප්රධානම පක්ෂය වන සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා අද (2) පැවසීය. 02 March 2023
රටට අවුරුද්දක් හුස්ම ගන්න ඉඩ දෙන්න රට අරාජික නොකර අවුරුද්දක් නිදහසේ හුස්ම ගන්න ඉඩදී දේශපාලනය කරන්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව සංචාරක අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පැවසීය. 02 March 2023
නොකොටික් නිලධාරීන්ගේ සල්ලි කොල්ලකන්න ගිිහින් වැඩවරදී මත්ද්රව්ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලක් කිඳෙල්පිටිය බදු විල පාරෙදි කොල්ල කෑමට තැත් කළ සිව් දෙනෙකු යුත් කල්ලියක් අහසට වෙඩි තබා මෙල්ල කර එයින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් සමත් වී ඇතැයි පොලීසිය කියයි. 02 March 2023
කෝටි ගණනක් වංචා කළ රැකියා ජාවාරම්කරු රිමාන්ඩ් කැනඩාවේ රැකියා සහ පදිංචි වීසා දෙන්නේ යැයි පවසා රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා ප්රමාණයන්ගෙන් මුදල් ලබාගෙන ජනතාව මුලාකළ පුද්ගලයෙක් මරදාන පොලිසිය අත්අඩංගුවට ගෙන විදේශ සේවා නියුක්ති කාර්යංශයට අද (2) භාරදුන් බව එම කාර්යංශය පැවසීය. 02 March 2023
මහජන උපයෝගිතා කොමිසමට උප සභාපතිවරයෙක් මහජන උපයෝගිතා කොමිසමේ උප සභාපති තනතුරට එස්. ජී. සේනාරත්න මහතා පත්කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පස්වරුවේ පැවසීය. 02 March 2023
විහාරාධිපතිකම ඉල්ලා හිමි නම ගහ උඩට වැඩලා පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිකම ඉල්ලා එම විහාරස්ථානයේ හිමිනමක ගසකට නැග උපවාසයක නිරත වූ බව පඩුවස්නුවර පොලිසිය පවසයි. 02 March 2023
ප්රමිතියක් නැති දියවැඩියා පරීක්ෂණ පටි පිටුපස මහාපරිමාණ වංචාවක්? ඉන්දියාවේ නිෂ්පාදිත ප්රමිතයෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක මිලදී ගැනීම ජනාධිපති කාර්යාලය මගින් නතර කර තිබියදීත් නැවත ඒවා මිලදී ගැනීමට වෛද්ය සැපයුම් අංශය කටයුතු කරන බව සෞඛ්ය අමාත්යාංශ ආරංචි මාර්ග සදහන් කරයි. 02 March 2023
අලුත් මැතිවරණ දිනය ප්රකාශයට පත්කිරීම හෙට පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන නව දිනය හෙට (3) ප්රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 02 March 2023
ලෝකය ජය ගත් අපේ ශූරිය සිංගප්පූරුවේදී පැවති ජාත්යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේදී ශ්රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කමක් සහ සමස්ථ තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාවට හිමි කුසලානය හිමිකරගත් හෂිනි හේවගේ ක්රීඩිකාව අද (2) අලුයම මෙරටට පැමිණියාය. 02 March 2023
චීන ඉන්ධන ටෝකන් අද සිට චීනයෙන් පරිත්යාග කළ ඉන්ධන ලබා ගැනීම සඳහා අද සිටම ගොවීන්ට ටෝකන් පත් ගොවීන්ට නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්යාංශය පවසයි. 02 March 2023
‘ඉයර් ෆෝන්‘ කනේ ගැහුවොත් ලෙඩේ දරුවන් අන්තර්ජාලයෙන් අධ්යාපනය කටයුතු සිදුකිරීමේදී ‘ඉයර් ෆෝන්‘ භාවිත කිරීම නිසා කනට හානි සිදුවන බව උගුර කන නායස පිළිබඳ විශේෂඥ වෛද්ය චන්ද්රා ජයසූරිය මහත්මිය පැවැසුවාය. 02 March 2023
අඩු වියදම් මාර්ග හදන පර්යේෂණ කඩිනම් කරයි ශ්රී ලංකාව තුළ පවතින මාර්ග නිසි ප්රමිතියකින් යුතුව සංවර්ධනය කිරීම සඳහා ප්රාදේශීය සභා හා පළාත් සභා ඇතුළු පළාත් පාලන ආයතන සමගද එකගතාවයකින් යුතුව ජාතික වශයෙන් ක්රියාත්මක වන නිසි ප්රමිතියක් සහ ක්රමවේදයක් හඳුන්වා දෙන බව ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 02 March 2023
යුරෝපයෙන් මත්තලට ඇවිත් බල්ගේරියානු සංචාරයකන් 175 දෙනකු රැගත් යුරෝපීය ගුවන් සේවයේ කුලී ගුවන් යානය අද උදෑසන මත්තල මහින්ද රාජපක්ෂ ජාත්යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය. 02 March 2023
යන්ත්ර ක්රියාකරුගේ හිස යන්ත්රයට හිර වේ වේයන්ගොඩ මුද්දරගම කාඩ්බෝඩ් කම්හලක සේවය කරමින් සිටි සේවකයකු එහි යන්ත්රයකට හසු වී මියගොස් ඇතැයි පල්ලේවෙල පොලිසිය කියයි. 02 March 2023
ඩොලරය අදත් පහළට ශ්රී ලංකා මහ බැංකුව විසින් අද(02) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව තවත් පහළ ගොස් ඇත. 02 March 2023
ආයෝජන ගේන්න රටවල් පහකට නාමික තානාපතිවරු මෙරටට ලැබෙන ඍජු විදෙස් ආයෝජනය ඉහළ නංවාගැනීමේ අරමුණින් තෝරාගත් රටවල් 5ක් සදහා ආයෝජන ප්රවර්ධන සන්නාම තානාපතිවරු පස්දෙනකු පත්කිරීමට ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා පියවර ගෙන ඇත. 02 March 2023
බිත්තර නිෂ්පාදකයන්ගේ සභාපතිටත් නඩු බිත්තර වැඩි මිලට අළෙවි කිරීමේ චෝදනාවට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතාට අයත් ගොවිපොළකට ද නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 02 March 2023
රෝද තුනෙන් ඇවිත් යාචක කතගේ දරුවා උස්සයි බම්බලපිටිය නගරයේ පිහිටි සිඟමන් යදිමින් සිටි බව කියන කාන්තාවකගේ මාස එකහමාරක් පමණ වයසැති දරුවා කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනකු පැමිණ පැහැරගෙන ත්රිරෝද රථයකින් පලාගොස් ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි. 02 March 2023
යුරෝපා සංගම් නියෝජිතගෙන් කතානායකට ආරාධනයක් ශ්රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ නියෝජ්ය තානාපති ලාර්ස් බ්රෙඩල් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවී සාකච්ඡා පැවැත්වීය. 02 March 2023
පුංචි ඡන්දෙට නම් දුන් රජයේ සේවකයන්ට සහනයක් පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාරදී වැටුප් රහිතව සිටින රජයේ සේවකයන්ට මැතිවරණය තවදුරටත් ගියහොත් වැටුප් ලබා දීමේ ක්රමවේදයක් සකස් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 02 March 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026