ගල් අඟුරු ටෙන්ඩරයෙන් කෝප් වැඩ අරඹයි ආන්දෝලනයට තුඩුදුන් ගල්අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊට සම්බන්ධ වූ පාර්ශ්වයන් කැඳවීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කරඇත 08 October 2022
උත්තර දේවී තඹුත්තේගමදී පීලීපනී කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ උත්තර දේවී නරගාන්තර දුම්රිය තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර අද (8) පෙරවරුවේ පීලී පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවැසීය. 08 October 2022
15 වියැති දරුවා ගාලුමුවදොර මුහුදේ ගිලී මරුට ගාලුමුවදොර මුහුදේ විනෝදයට දිය නාමින් සිටි පිරිමි ළමයෙක් දියේ ගිලී මියගොස් ඇතැයි කොටුව පොලීසිය කියයි 08 October 2022
ජාතික සභාවේ මීළඟ තනතුර නාමල්ට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාතික සභාවේ කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ අනු කමිටුවේ සභාපති ලෙස පත් කරනු ලැබ සිටී. 08 October 2022
දක්ෂිණ අධිවේගීයේ ලොරි-බවුසර් අනතුරෙන් අයෙක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 80..9 කණුව අසලදී ධාවනය වෙමින් පැවති කුඩා ලොරි රථයක් සහ බවුසර් රථයක් ගැටීමෙන් ලොරි රථයේ සහයක මියගොස් ඇතැයි පොලිසිය කියයි. 08 October 2022
22කට පොහොට්ටුවේ පිරිසක් විරුද්ධ වේ විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි විරෝධය පළ කිරීම හේතුවෙන්,එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ ගැටලුවක් මතුවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 08 October 2022
අරගල ක්‍රියාකරු හෂාන් ජීවන්ත මුදා හරි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලගේ සමග අත් අඩංගුවට ගෙන දින 50ක් රඳවාගෙන ප්‍රශ්න කළ හෂාන් ජීවන්ත ගුණතිලක මහතා මුදාහැරීමට තංගල්ල මහෙස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර මහත මුදා හළේය. 08 October 2022
කෝටිපතියන්ගේ ධනයට විද්ද රූමතිය ගැන තොරතුරු තව එළියට කාන්තාවක විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය මූල්‍ය ආයතනයේ ප්‍රබල දේශපාලකයන් ද කෝටි ගණනක් ආයෝජනය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇතැයි එහි ආරංචි මාර්ග පවසයි. 08 October 2022
කසල තේ පොවන්න බැරි වේ මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ 8,807 ක ප්‍රමාණයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු නාවලපිටිය පාර් රේන්දපොල ප්‍රදේශයේ දී විශේෂ කාර්යබළකාර මගින් අඩංගුවට ගෙන ඇත . 08 October 2022
පුරාවිද්‍යා කටයුතුවලටත් බාධා රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතුවලටද දැඩි බාධා එල්ලවී ඇතැයි වාර්තා වේ. 08 October 2022
පළාත් රැසකට අදත් වැස්ස ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 October 2022
සංචාරක පැමිණීමේ ප්‍රගතියක් මෙම වසරේ අගෝස්තු 31 වැනිදා වන විට මෙරටට සංචාරකයන් 4,96,430 දෙනෙක් පැමිණ ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 08 October 2022
නෙළුම් කුලුනෙන් බිමට පනිමු ලෝක ප්‍රසිද්ධ ත්‍රාසජනක ක්‍රීඩාවක් වන ‘බංජි ජම්ප්’ ක්‍රීඩාව ලබන වසරේ ජනවාරි මස සිට ‘නෙළුම් කුලුනේ’ ප්‍රදර්ශනයට කිරීමට නෙළුම් කුලුන කළමනාකරණ සමාගම සහ ‘බන්කි’ සමාගම අද (7) ගිවිසුමට අස්සන් තැබීය. 07 October 2022
උසස් පෙළ - ශිෂ්‍යත්ව විභාග කල්දමයි අ.පො.ස උසස් පෙළ විභාගය (2022) සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට පියවර ගත් බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය. 07 October 2022
ආර්ථික අර්බුදය ගැන මහින්දානන්දගෙන් පාපොච්චාරණයක් ආර්ථික අර්බුදය උත්සන්න වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට ආර්ථික විශේෂඥයන් දුන් වැරදි උපදෙස් නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 October 2022
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බී.පී.අළුවිහාරේ වැඩබලන අගවිනිසුරු ධුරයට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ මහතා අගවිනිසුරු ධුරයේ වැඩ බැලීම සඳහා පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය පළවිය. 07 October 2022
කෝටියක් යොදා අලුත් කළ හෝටලය සී.අයි.ඩිය භාරයට කොළඹ 6, රාමක්‍රිෂ්ණ පාරේ පවත්වාගෙන යන හෝටලයක් නවීකරණය කර පවත්වාගෙන යෑම සඳහා යෙදවූ රුපියල් කෝටියකට අධික මුදල උපයාගත් ආකාරය පිළිබඳව පරීක්ෂණයක් ක්‍රියාත්මක නිසා එම හෝටලය සහ එහි භෞතික සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට අද (7) ගෙන තිබේ. 07 October 2022
22 විවාදයට ගන්නා දින තීරණය වේ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ලබන 20 සහ 21 දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (7) තීරණය කළේය. 07 October 2022
ජනපතිගේ විශේෂ ප්‍රකාශය ජනතාව මුලා කිරීමක් ජපානය, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙමින් ශ්‍රී ලංකාවට ණය දීමට අදාල සමුළුවේ සම සභාපති ධූරයේ කටයුතු කිරීමට එකඟ වූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය ජපානය ප්‍රතික්ෂේප කර ඇති බවත් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ සමස්තය බොරුවෙන් පිරුණු ජනතාව මුලා කිරීමට ගත් උත්සහයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (7) පැවසීය. 07 October 2022
නිවැරදි තොරතුරු ජනගත කිරීමට කැපවන්න වත්මන් අභියෝගයෙන් රට ගොඩගැනීමට නම් රටෙි ස්ථාවරභාවයක් ඇති කළයුතු බවත්, ඒ සඳහා නිවැරදි තොරතුරු ජනගත කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය . 07 October 2022
තිරප්පනේ පොලිස් ස්ථානාධිපති මියයයි අනුරාධපුර තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් අලවත්ත මහතා අද (7) හදිසියේ රෝගාතුර වී මියගොස් ඇත. 07 October 2022
විෂමාචාරවලට ඇල්ලූ පාර්ලිමේන්තු සේවකයන් දෙන්නාගේ වැඩ තහනම් විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු සේවකයන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත. 07 October 2022
ත්රස්තවාදීන් යැයි රඳවා සිටින අයගේ තොරතුරු දෙන්නැයි නියෝග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඇතුළු තොරතුරු මේ මස 28 වැනිදාට පෙර මුදාහරින ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පොලිසියට නියෝග කර තිබේ. 07 October 2022
බන්දුලගෙන් උද්දිකට වරප්‍රසාද ප්‍රශ්නයක් තමා සභාවේ නොමැති මොහොතක උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා තමාගේ චරිතයට අපහාස වන ආකාරයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විභාගයක් පවත්වා අවශ්‍ය තීරණ ගැනීමට වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන්නැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (07) ඉල්ලීමක් කළේය. 07 October 2022
සීනි කරිඤ්ඤං ඇල්ලීමට ගෙනා නීති ඊසි කෑෂ් යුගයට ගැලපෙන්නේ නැහැ සීනි කරිඤ්ඤං ඇල්ලීමට වසර 60, 70කට පෙර සකස් කළ නීති වර්තමානයේ දී සුරාව පාලනය කිරීම සඳහා ගැලපෙන්නේ නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 07 October 2022
එක වගේ ආයතන එකතු කරන්න යයි එකම විෂය පථයකට අයත් ආයතන ඒකාබද්ධ කර පවත්වනවා ගෙන යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙි. 07 October 2022
නොබෙල් සාම ත්‍යාගය මානව ක්‍රියාකාරීන්ට මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය බෙලරූසයේ, රුසියාවේ සහ යුක්රේනයේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් අතරේ බෙදී ගියේය. 07 October 2022
පැය දෙකක විදුලි කප්පාදුව තවත් දින තුනක් පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (8) 10 වැනිදා දක්වා දින තුනක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පස්වරුවේ පැවසීය. 07 October 2022
ශ්‍රී ලංකා ජනරජ ස්වර්ණ ජයන්තියට මුද්දරයක් ශ්‍රී ලංකා ජනරජ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් රුපියල් 50ක වටිනාකමින් යුත් මුද්දරයක් හා මුල්දින කවරයක් එළිදැක්වීම තැපැල් මූලස්ථානයේ දී අද (7) සිදුකෙරිණි. 07 October 2022
පාඨලීට තනතුරක් ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේ දී නිතරගයෙන් පත් විය. 07 October 2022
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026