සිමෙන්තිත් මිල අඩු කරයි සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දී සිටින අපහසුතාව පිළිබඳව අවධානය යොමු කරමින් සිමෙන්ති සමාගමක් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව ඉදිකිරීම් ක්ෂේත්රයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 04 October 2022
වන සතුන් දරුවන් මෙන් රැක ගත යුතුයි වනසතුන් දරුවන් මෙන් රැකබලා ගැනීමේ වගකීම රජයට මෙන්ම ජනතාවට ද පැවරෙන බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 04 October 2022
මං එදා දවල්ට කෑවේ සිංගප්පූරු එයාර් ලයින් එකෙන් ජපන් යන ගමන් සිංගප්පූරුවේ දී අර්ජුන මහේන්ද්‍රන් එක්ක තමා දවල් කෑම කෑවා යැයි කියන කතාව අමූලික බොරුවක් යැයිද එදින තමා දවල්ට කෑවේ සිංගප්පූරු එයාර්ලයින් එකෙන් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 October 2022
ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට විරෝධතාවක් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඉංජිනේරු සංස්ථාවේ ස්වෙච්ඡා වන්දි අයදුම්කරුවන්ගේ එකමුතුව සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවක් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට අද (04) පැවැත්විය. 04 October 2022
මංගල දැන්වීම්වලින් කතුන් රවටා මුදල් ගැරූ අයෙක් අල්ලයි පුවත්පත්වල මංගල දැන්වීම් පළකර කාන්තාවන් රවටා රුපියල් කෝටි ගණන් මුදල් වංචා කළ පුද්ගලයකු පානදුර, හිරණ ප්‍රදේශයේදී හෝමාගම විශේෂ අපරාධන විමර්ෂණ ඒකකය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය. 04 October 2022
2023 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය 2023 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) පැවසීය. 04 October 2022
පාසල් සිසුන් තව ලක්ෂ 10කට දිවා ආහාරය පාසල් සිසුන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන යටතේ තවත් සිසුන් ලක්ෂ 10කට පමණ දිවා ආහාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 04 October 2022
කංසා නීති ළඟදීම කැබිනට්ටුවට කංසා ආයුර්වේද නිෂ්පාදන ලෙස නීතිගත කිරීමට අදාළ නීති සකස් කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. 04 October 2022
ධීවරයන් වෙනුවෙන් සජිත්ගෙන් යෝජනාවක් ඉන්ධන සහ භූමිතෙල් මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් සමස්ත ධීවර ජනතාව බරපතළ ප්‍රශ්නයකට මුහුණදී සිටින හෙයින් ඔවුනට කඩිනම් සහනයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (04) පැවසීය. 04 October 2022
කෙසෙල්වත්ත දිනුකගේ ගෝලයෙක් අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකුව සිටී කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ ගෝලයෙකු හොරොයින් සමග ඊයේ (3) සවස අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 04 October 2022
අයි.එම්.එෆ් ගිවිසුම කමිටුවලට දෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට අවතීර්ණවූ පසු ඒ පිළිබඳ විස්තර අදාළ කමිටුවලට ලබාදීමට සූදානම් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවසීය. 04 October 2022
දූපත් සංවර්ධන අධිකාරියක් පිහිටුවීමට යයි ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනයක් ස්ථාපනය කිරීමට යයි. 04 October 2022
බුද්ධිමත් අපිව කෝපා කමිටුවෙන් හලලා කෝපා කමිටුවෙි සිටි තමා ඇතුළු බුද්ධිමතුන් ටික මෙවර ඉවත්කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 October 2022
ආහාර ප්‍රතිපත්ති කමිටුව පිහිටුවීමට කැබිනට් අනුමැතිය ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම වෙනුවෙන් ආහාර ප්‍රතිපත්ති කමිටුව පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 04 October 2022
විශ්‍රාම වයස සංශෝධනයට චක්‍රලේඛ නිකුත් කිරීමට අනුමැතිය රජය සතු ව්‍යවසායන්හි සේවයේ නියුතු සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60ක් ලෙස සංශෝධනය කිරීමට අදාළව විධිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 04 October 2022
අපි කාගෙවත් නම් කැපුවේ නැහැ කෝප් එකට පත් කරද්දී අපිනම් කාගෙවත් නම් කැපුවේ නැහැ.නම් කැපුවෙ ආණ්ඩුවෙන් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.එතකොට මොල හතානෝ කියලා මන්ත්‍රීවරයෙකුත් නෑනේ යනුවෙන් ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය. 04 October 2022
සනත් ජයසූරිය ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සමාජිකයකු ලෙස පත්කර තිබේ. 04 October 2022
මම පුම්බපු මහාචාර්ය කෙනෙක් නොවේ තමුන්නාන්සේලා පුම්බන මහාචාර්යවරුන්ට ඇත්ත මහාචාර්ය කමක් තිබෙනවා යැයි පුළුවන් නම් ඔප්පු කරන්නැයි පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා:- (පොපෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 October 2022
කෝප් එකට චරිත පත් කරන්න පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( කෝප් කමිටුව ) සඳහා එම කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මහතා සාමාජික මන්ත්‍රීවරයකු ලෙස නැවත පත්කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (4) යෝජනා කළේය. 04 October 2022
’’පුරවැසියන් 225ට නිවන් පතනවා’’ පුරවැසියන් 225ට නිවන් ඇර වෙන දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නැතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා:-(පොපෙ) පැවසීය. 04 October 2022
අලුත් කොප් කමිටුවේ ඉන්නේ මොල හතාගේ අවතාර කෝප් කමිටුවට පත් කර තිබෙන්නේ මොල හතාගේ අවතාර ටිකක් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 04 October 2022
මන්ත්‍රීවරුන්ගෙන් සියයට 80කට ආරක්ෂක ගිනි අවි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට අසූවක් පමණ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවිය (පිස්තෝලය) ලබාගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. 04 October 2022
ඉන්ධන ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා කරයි සේවා රැසක් නැවතත් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 04 October 2022
දේශීය කිරිපිටි මිලත් ඉහළට දේශීය කිරි පිටි මිල ඉහළ දැමීමට කිරිපිටි නිෂ්පාදනකයන් පියවර ගෙන තිබේ. 04 October 2022
ජනපතිට අයිස්ලන්තයත් සුබ පතයි ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව බව අයිස්ලන්ත ජනාධිපති ගුඕනි යොහැන්සන් (Guoni Th.Johannesson) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කරයි. 04 October 2022
කඳුකරයේ ජලාශ කීපයක වාන් දොරටු විවර කරයි උඩරට මධ්‍යම කඳුකරයේ ජලවිදුලි බලාගාර ආශ්රිත ජල පෝෂක ප්‍රදේශයනගේ පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට ජලාශ කීපයක වාන් දොරටු අද (04) දිනයේ විවෘත කර තැබීමට ජලාශයන් භාර ඉංජිනේවරු පියවර ගෙන තිබිණි. 04 October 2022
නැති වූ යතුරු පැදියක් සමග කොස්තාපල් මාට්ටු මහරගම නගරයෙන් අස්ථානගත වූ යතුරු පැදියක් භාවිතා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොහුවල පොලීසිය පවසයි . 04 October 2022
ඉන්දීය මහ කොමසාරිස් තිරුකෝණේෂ්වරම් යයි ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා තිරුකෝණේෂ්වරම් කෝවිලේ වැදපුදා ගත්තේය. 04 October 2022
බස්නාහිර ඇතුළු පළාත් කිපයකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 October 2022
අධිකරණයට අපහාස කළැයි සනත්ට එරෙහිව පෙත්සමක් ගෝඨා ගෝ ගම අරගලයට පහරදමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප දීමේදී මහේස්ත්‍රාත්වරු ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කිරීම සම්බන්ධයෙන් පොදුජන එක්සත් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කොට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා අධිකරණ සේවා සංගමය අභියාචනාධිකරණයට අද (03) පෙත්සමක් ඉදිරිපත් කෙරිණී. 04 October 2022
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026