සිරුරේ රස්නය නිවා ගන්න ජල බඳුනක ගත කරන ජීවිතය වකුගඩු රෝගයෙන් පෙළෙන අනුරාධපුර පරසන්ගස්වැව හිටපු යුද හමුදා සෙබළකු තම සිරුරේ දැඩි උණුසුම මකා ගැනීමට දවස පුරා වතුර බැරලයකට බස සිටින පුද්ගලයකු අපට හමු විය. 01 September 2022
දහම් පොලොන්නරු බටහිරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පොලොන්නරුව බටහිර ආසනයේ නව ශ්‍රී.ල.නි.ප සංවිධායකවරයා පත් කර ඇත. 01 September 2022
තවදුරටත් තද වැසි ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලීය පවතින කැළඹිලි තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට අද (1) දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 September 2022
මන්ත්‍රී නිවාසවලට පහරදුන් තවත් හතරක් අල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරියගේ නිවසට සහ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ නිවසට මෙන්ම ජාතික රූපවාහිනියට සහ තවලම ප්‍රාදේශීය සභාවේ කැබ් රථයකට පහරදී අලාභානි කළ පුද්ගලයන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහල් තල්දූව මහතා පැවසීය. 01 September 2022
මුල්ලේරියාව රෝහලේ ගබඩාව කැඩූ පිරිසක් මාට්ටු නැගෙනහිර කොළඹ මූලික රෝහල (මුල්ලේරියාව රෝහල) ගබඩාව කාමරය හා අවට නිවාස කිහිපයක් බිඳ රුපියල් ලක්ෂ 10 ට ආසන්න භාණ්ඩ සොරාගත් සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි. 31 August 2022
තරුණයකුට පා පහරක් ගැසූ හමුදා නිලධාරියට දුන් නිර්දේශය කුරුණෑගල යක්ගහපිටිය ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයකු පා පහරක් එල්ල කළ යුද හමුදා ලුතිනන් කර්නල්වරයාට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම යුද හමුදාපතිවරයා වෙත නිර්දේශ කර ඇති බව එම කොමිසම පවසයි. 31 August 2022
බළපිටියේ වෙඩි තැබීමක්:තරුණයෙක් මරුට ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු බළපිටිය රෝහල අසල දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 31 August 2022
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක මූල්‍ය සහායක් ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක හදිසි මූල්‍ය සහායක් ලෙස අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 31 August 2022
මාස තුනක පඩි නෑතැයි විරෝධයක් ධීවර අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබන ලුණුවිල ප්‍රදේශයේ පිහිටි මත්ස්‍ය දැල් නිෂ්පාදනය කරන ලබන නෝත් සී කර්මාන්තශාලාවේ සේවකයන්ගේ මාස තුනක වැටුප් නොගෙවීම හේතුවෙන් ලුණුවිල නෝත් සී සුරැකීමේ සේවක එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මාළිගාවත්ත ධීවර අමාත්‍යංශය ඉදිරිපිට අද (31) පැවැත්විය. 31 August 2022
දිසා කීපයකට ගංවතුර අවදානමක් කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්කයේ පහත් බිම් ගණනාවකට ගං වතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 31 August 2022
මහින්දානන්ද බදු ෆයිල් එළියට අදී කන්න දෙකකට රුපියල් බිලියන 100 ක ශුද්ධ ලාභයක් ලබන මෙරට ප්‍රධාන පෙළේ වී මෝල් හිමියකු වසරකට බදු ගෙවන්නේ රුපියල් ලක්ෂ නවයක් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (31)පැවසීය. 31 August 2022
අන්තරේ විරෝධයෙන් අත්අඩංගුවට ගත් පිරිස ත්‍රස්ත පනත යටතේ රඳවන්නෑ කොළඹදී ඊයේ පැවැත්වුණ ශිෂ්‍ය උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවීමට බලාපොරොත්තු නොවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (31) පැවසීය. 31 August 2022
රටේ ආයතන ඕනවට වඩා වැඩි බව පාඨලී කියයි රටේ එක් වැඩකට එක් ආයතනයක් පමණක් තිබීම හොඳටම ප්‍රමාණවත් බව සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (31) පැවසීය. 31 August 2022
මරණ දණ්ඩනයට අත්සන් තැබීම ජනාධිපති ප්‍රතික්ෂේප කරයි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (31) දැනුම්දී තිබේ. 31 August 2022
’’සැබෑ දේශපාලන බලවේගයක් බිහි කරනවා’’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට දුන් පොරොන්දු සැබෑවටම ඉටු කළ හැකි ශක්තිමත් දේශපාලන බලවේගයක් බිහිකිරීම කාලීන අවශ්‍යතාවක් බව එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී අද (31) පැවසීය. 31 August 2022
’’මේක ටොප් බයියා අයවැයක්’’ රජයේ අයවැය ටොප් බයියා අයවැයක් බව සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 31 August 2022
’’අයවැයේ සාධනීය යෝජනා මෙන්ම අඩුපාඩුත් තියෙනවා’’ අතුරු අයවැයේ සාධනීය යෝජනා මෙන්ම අඩුපාඩු ගණනාවක් ද පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 31 August 2022
නෙළුම් කුළුනේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වැනිදා ඇරඹෙයි දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. 31 August 2022
මීගමුවේ වෙඩි තැබීමකින් දෙකකට තුවාලයි යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මීගමුව අධිකරණය අසල රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහල් තල්දූව මහතා පැවසීය 31 August 2022
අලුත් තෙල් පිරිපහදුවකට සෞදියට ආරාධනා ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් පිහිටුවීම සඳහා සෞදි අරාබියට ඊයේ (30) ශ්‍රී ලංකාව ආරාධනය කළ බව සෞදි මාධ්‍ය වාර්තා කළේය.සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වන පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා මෙම ආරාධනය කර ඇතැයි පැවැසෙයි. 31 August 2022
බිත්තර හතරට ලක්ෂ පහක දඩයක් බිත්තර සදහා නියම කර ඇති මිලට වඩා වැඩි මිලකට අලෙවි කල බලන්ගොඩ නගරයේ ව්‍යාපාරික ස්ථානයකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ඒ. එමි . එස්. මැණිකේ මහත්මිය නියෝග කළාය. 31 August 2022
රනිල්ගේ අය වැය ගැන විපක්ෂය ’’ආසයි බයයි’’ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් ආසයි බයයි ප්රතිපත්තියක නොසිට ධනාත්මකව සිතමු යැයි වරාය හා නාවික ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 31 August 2022
අයි.එම්.එෆ්. සාකච්ඡා එකඟතාවකට ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයක් ඇති වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. 31 August 2022
කැබිතිගොල්ලෑවෙන් පිපිණු සුවඳ හමන කුසුම මා අමතර පන්ති යවන්න වත් අනුරාධපුරයේ පන්ති යන්න බස් ගාස්තු දෙන්නවත් මගේ අම්මට වත්කමක් තිබුණේ නැහැ. රුවන් දෙහිගම, තුෂාර රාජපක්ෂ යන සර්ලා අපේ ආර්ථික අපහසුකම් දැකලා මට නොමිලේ ඉගැන්නුවා යැයි මෙවර උසස් පෙළ විභාගයෙන් ’ජෛව පද්ධති තාක්ෂණය වේදය’ විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබා ගත් කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ දර්ශන නිපුන් ආරියරත්න සිසුවා පැවැසීය. 31 August 2022
ජනපති හදිසියේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ ප්‍රකාශයක් කරයි හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක් වත් වියදම් කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය. 31 August 2022
අයිස් කිලෝ 10ක සමග තරුණයෝ දෙකක් දැලේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10කට අධික ප්‍රමණයක් කැබ්රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු මන්නාරමේ දී අත්අඩංගුවට ගත් බව යුද හමුදාව කියයි 31 August 2022
රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ’’කාක් කූඩුවෙි කොහා පැටවෙක්’’ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 31 August 2022
කෘෂි ඇමති එළවළු කඩයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අගුණකොලපැලැස්සේ තම ගෙවත්තේ කාබනික පොහොර යොදා සිදු කළ එළවළු වගා අස්වැන්න නෙලා ගත්තේය. 31 August 2022
’’ආණ්ඩුවේ මන්ත්‍රීවරු විපක්ෂයට පැනීම ඇරඹුණා’’ ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට මන්ත්‍රීවරුන් එන්නට පටන් ගෙන ඇති බවත් අද සිදු වුයේ ආරම්භයක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 31 August 2022
පොහොට්ටුවේ දහතුනක් විපක්ෂයේ අසුන් ගනිති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්රතිසංස්කරණවාදී කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බව පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 31 August 2022
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026