‘කාබනික පොහොර භාවිතයේදී අභියෝග නොතකා ඉදිරියට යා යුතුයි‘ කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 08 June 2021
සායනික ඇස් රෝගීන්ට ඖෂධ තැපෑලෙන් කොළඹ ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් නිවසට එවීමට කටයුතු යොදා ඇතැයි කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසයි. 08 June 2021
විදේශිකයන්ට මත්වෙන්න සුපිරි හෝටල් සංචරණ සීමා බලපැවැත්වෙන කාලය තුළ සුරක්ෂිත හා අරක්ෂිත පළමුපෙළේ හෝටල්වල විදේශිකයින්ට මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තුමේන්තුව අවසර ලබාදී තිබේ. 08 June 2021
එක්ස්ප්‍රස් පර්ල් නැවට එරෙහිව සජබෙන් පැමිණිල්ලක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් විමෙන් ධිවර ජනතාවට සිදු වු හානිය පිළිබද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මානව හිමිකමි කොමිසම වෙත අද (08) පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 08 June 2021
කොරෝනා පනත අද මැති සබයට කොවිඩ් වසංගත සමයේදී ජනතාවට සහන සැලසීම සහ අධිකරණ කටයුතු යථාවත්ව පවත්වාගෙන යෑමට අදාළ නව නීති ප්‍රතිපාදන ඇතුළත් කොරෝනා රෝගය (2019) තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවට අද (8 )ඉදිරිපත් කළේය. 08 June 2021
‘‘තැපෑලේ සාමාන්‍ය සේවා තවම නෑ‘‘ තැපැල් දෙපාර්තමේන්තුව මේ දක්වා සාමාන්‍ය සේවා ආරම්භ කර නොමැති යැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. 08 June 2021
‘බර අඩු කළාට ගෑස් සමාගම්වලට නඩු දානවා‘ ගෑස්වල බර අඩු කිරිම සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පවරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (8 ) පැවැසීය. 08 June 2021
බැංකු සහ තැපැල් කාර්යාල විවෘත කරන්නැයි උපදෙස් රාජ්‍ය විශ්‍රාමිකයන්ගේ ජූනි මස විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා බැංකු සහ තැපැල් කාර්යාල විවෘත කරන ලෙස රජය උපදෙස් දී තිබේ. 08 June 2021
කොළඹ දේවි බාලිකා-ඩී එස් විදුහල්වල ඉඩම් ගැටළු මැතිසබයේ කතාබහට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සහ ඩී එස් සේනානායක විද්‍යාලයේ ඉඩම් සම්බන්ධයෙන් ගැටලුකාරී හා අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇති හෙයින් පාසල් හා සම්බන්ධ මෙවැනි සංවේදී කාරණා සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී අද(8)ඉල්ලීමක් කළේය . 08 June 2021
ඩොල්ෆින් මත්ස්‍යයකුගේ සහ කැස්බෑවකුගේ සිරුරු සින්නපාඩුව වෙරළේ සින්නපාඩුව වෙරළ තීරයේ ආසන්න ස්ථාන දෙකකින් ඩොල්ෆින් මත්ස්‍ය පැටවකු ගේ සහ කැස්බෑවකුගේ මළ සිරුරු ගොඩ ගසා තිබුණු බැව්,වන ජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය කාර්යාලයේ නිලධාරියකු පැවසීය. 08 June 2021
හොටෙල් ව්‍යාපාරිකයා වැසිකිලියේ කසිප්පු පෙරලා සංචරණ සීමා පැනවීමත් සමඟ කෙරවළපිටිය ව්‍යාපාරිකයෙකු හෝටලය වසා දමා එහි ඉහළ කාමරයක වැසිකිලිය තුළ නීති විරෝධි මත්පැන් පෙරමින් සිටියදී වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 08 June 2021
දියගම මල්ශාලාවක කළමනාකරු ඇතුළු 7 කට කොරෝනා හෝමාගම විවිධ සේවා සමුපකාර සමිතියට අයත් , දියගම මල්ශාලාවේ කළමනාකරු ඇතුළු හත් දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම මල් ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කහතුඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී . සමරසේකර මහතා පවසයි. 08 June 2021
කප්පම් ගන්න හැදුවැයි ගුවන් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට කල්පිටිය කල්කුඩාව ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක යමින් සිටි ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂයක කප්පමක් ඉල්ලා කොල්ල කෑමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ භටයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ අජිත් රෝහණ මහතා පවසයි. 08 June 2021
අන්තර් ජාලයේ බොරු දමා අමාරුවේ වැටේ ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන රැසක වෙබ් අඩවිවලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ තොරතුරු පළ කළ පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 08 June 2021
වැස්ස වැඩිවන ලකුණු දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්වයේ තාවකාලික වැඩිවීමක් අද (8) සහ හෙට (9) දිනවල දී සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 June 2021
සමෘද්ධි නිලධාරීයාට පොල්ලකින් ගැසූ කත අල්ලයි රාජකාරී කටයුත්තකට සහභාගි වී සිය යතුරු පැදියෙන් ආපසු යමින් සිටි කොලොන්න කැම්පනේ වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයාට පොල්ලකින් පහරිදීම සම්බන්ධයෙන් තිස්හතර හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගත් බව පනාමුර පොලීසිය කියයි 08 June 2021
කොරෝනා මරණ තවත් 47 වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 47 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කරයි. 08 June 2021
ගමේ අය බලා සිටිද්දී පිටතින් ආ අයට කොවිෂීල්ඩ් එන්නත ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් අද දිනයේ ඇස්ට්‍රාසෙනිකා, කොවිෂිල්ඩ් එන්නතේ 2වන මාත්‍රාව ලබා ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 07 June 2021
මහ වැස්සෙන් 19ක් මරුට දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ දිස්ත්‍රික්ක 10කට බලපෑ ගං වතුර සහ නායයෑම් හේතුවෙන් දින හතරක් තුළ දී සිදුවූ මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 07 June 2021
සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයෝ සහන ඉල්ලති කොරෝනා වසංගතයේ හේතුවෙන් බලපෑමකට ලක්ව තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ට සහන ලබා දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයිගේ සංගමයේ සභාපති පවසයි. 07 June 2021
‘‘ආණ්ඩුව ජාතික පාසල් දහසක් අල්ලාගෙන මාධ්‍ය සංදර්ශනයක‘‘ පාසල් අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටී ඇති තත්ත්වයක් තුළ ආණ්ඩුව ජාතික පාසල් දහසක් අලුතින් ස්ථාපිත කිරීමේ සංදර්ශනයක් අරඹා ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි. 07 June 2021
දරු ප්‍රසූතියට මාස තුනකට පෙර සිට ගර්භනී හෙදියන්ට නිවාඩු හෙද සේවයේ නිරත ගර්භනී කාන්තාවනට දරු ප්‍රසූතියට මාස තුනකට පෙර සම්පූර්ණ නිවාඩු හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. 07 June 2021
ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට දින දෙකක් විවෘතයි සියලුම විශේෂ ආර්ථික මාධ්‍යස්ථාන හෙට සහ අනිද්දා (8 සහ 9) දෙදින විවෘත කිරීමට වෙළෙඳ අමාත්‍ය තීරණය කර තිබේ. 07 June 2021
‘‘මේ ආණ්ඩුව දැන දැනම ජනතාව මරණ මංචකයට ඇද දමලා‘‘ පසුගිය ආණ්ඩුව දැන දැනම පාස්කු ප්‍රහාරයට ඉඩ දුන්නා යැයි චෝදනා කළ උදවිය දැන් දැන දැනම රටට කොරෝනා ගෙනවිත් ජනතාව මරණ මංචකයට ඇද දමා තිබෙන බව ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. 07 June 2021
‘‘නෞකාවේ වගකිය යුත්තන් හිතාමතා කරුණු වසන් කර අප රටේ මුහුදු සීමාවට ඇතුළු වෙලා‘‘ මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා සහ මෙරට නියෝජිතයා ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ දස දෙනකුට සිතාසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (07) ප්‍රතික්ෂේප කළාය. 07 June 2021
සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් බැංකු සේවා දිගටම ‘කොවිඩ්-19’ වසංගතය මධ්‍යයේ අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. 07 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1960ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,960 දෙනකු අද (7) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 07 June 2021
රුවන්ගෙන් ගම්පහ රෝහලට රුපියල් ලක්ෂ 10ක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා හදිසි සත්කාර ඒකකයෙහි අවශ්‍යතා සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාගය කළේය. 07 June 2021
රාජසන්තක කළ ආහාර සතොසට ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කළ පරිභෝජනයට සුදුසු අත්‍යවශ්‍ය භාණ්ඩ සතොසට ලබාදීමට රජය තීරණය කර තිබේ. 07 June 2021
පෞද්ගලික බැංකු දින හතක් වහයි පෞද්ගලික බැංකු රැසක් අද (7) සිට දින හතක සියලුම ශාඛා වසා තබන බව එම බැංකු නිවේදන නිකුත් කරමින් පවසයි. 07 June 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026