‘මන්දිරවල නොසිට වීදි ගානේ ගොස් සෞභාග්‍යමත් ලංකාවක් හදනවා’ “තමා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තව තවත් ස්ථීර බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාතර දී අද (23) පැවසීය. 23 August 2019
පෞද්ගලික ඉදිකිරීම් සමාගම් රාජ්‍ය අංශයට වඩා ඉදිරියෙන් අවුරුද්දකින් නිමවිය යුතු ඉදිකිරිමක් ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මධ්‍යම කාර්යාංශය හැර අනෙකුත් රජයේ ඉදිකිරීම් ආයතනවලට බාරදුන්නොත් එය අවසන් කරන්නේ අවුරුදු දහයකින්. පෞද්ගලික ඉදිකිරිම් සමාගම් රාජ්‍ය අංශයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටිනවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) පැවසීය. 23 August 2019
‘‘සජිත්ව ජනපති අපේක්ෂකයා ලෙස නම් කරනවා‘‘ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවෙන් කතානායක කරු ජයසූරිය මහතාගේ ස්ථීරත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරි සතියේ දී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අද (23) මාතර දී පැවසීය. 23 August 2019
හදිසි නීතිය අවසන් කිරීමට රජය තීරණය කරයි මාස හතරක් මුළුල්ලේ ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය අවසන් කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රංශ පුවත් සේවය අද (23) වාර්තා කළේය. 23 August 2019
අගමැති ලේකම්ට ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නොතීසි අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් එම කොමිසන් සභාව විසින් නොතීසි නිකුත් කරනු ලැබ ඇත. 23 August 2019
ජනපතිගේ අයැදුම්පත පිළිබඳ තීන්දුව ඉදිරියේදී ජනපති වෙතටම සීමා නිර්ණය කමිටු වාර්තාව ඉදිරිපත් කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මතය විමසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර ඇති අයැදුම්පත පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ඉදිරියේදී ජනාධිපති වෙත දන්වා යවන බව අද (23) නිවේදනය කළේය. 23 August 2019
බිරිඳට රීප්ප පටියකින් පහරදී ඝාතනය කළ අයෙක්ට මරණ දඬුවම සිය බිරිඳට රීප්ප පටියකින් පහර දී ඝාතනය කළ තිදරු පියකුට අද (23) පුත්තලම මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා මරණීය දණ්ඩනය නියම කළේය. 23 August 2019
විදුලිබල ලේකම් කෝප් කමිටුව මගහරී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ අද (23) පෙනී සිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතාට දැනුම් දී තිබියදීත් ඔහු එය මගහැර විදේශ ගතවී ඇති බව එම කමිටුවේදී අනාවරණය විය. 23 August 2019
අත්අඩංගුවට ගත් බුද්ධි නිලධරයා රිමාන්ඩ් මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සාජන් මේජර් චාමක සුමිත් කුමාර ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (23) නියෝග කළේය. 23 August 2019
යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා මේජර් ජනරාල් සත්‍යප්‍රිය ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා පත්කර තිබේ. 23 August 2019
සංවර්ධිත දේශයක් නිර්මාණය ඒකායන අරමුණ බව සජිත් කියයි එදා දුටුගැමුණු රජ සමයේ දී මුළු රටම එක්සේසත් කළා මෙන් අභිමානවත් සංවර්ධිත දේශයක් නිර්මාණය කිරීම තම ඒකායන අරමුණ බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (23) පැවසීය. 23 August 2019
පාතාල සාමාජිකයන් දෙදෙනෙකු සොයන්න මහජන සහය පතයි වත්තල ශ්‍රී සම්රිබිෂන් අයියප්පන් දේවාලය ඉදිරිපිටදී ඉකුත් ජනවාරි 13 වැනි දින ගිනි අවිවලින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි. 23 August 2019
ඇවන්ගාඩ් සැකකරුවන් 4ක් තවදුරටත් රිමාන්ඩ් ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවේ 4, 5, 6 සහ 7 වන සැකකරුවන් තවදුරටත් ලබන මස 6 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද(23) නියෝග කළාය. 23 August 2019
ඇල්ල රොක් ගින්න සම්පුර්ණයෙන් නිවයි ඇල්ල අභය භූමියට ඉහළින් ‘ඇල්ල රොක්’ රක්ෂිතයේ දින දෙකක් පුරා පැතිර යමින් තිබූ ගින්න අද (23) සම්පූර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කර ඇතැයි ආපදා කළමනාකරණ බදුල්ල දිස්ත්‍රික් අධ්යක්ෂ ඊ.එම්.එල්.උදයකුමාර මහතා පැවසීය. 23 August 2019
රජයේ ඉඩමක් බලෙන් අත්පත් කරගන්න හැදූ 39 ක් අත්අඩංගුවට මින්නේරිය සී.පී පුර ග්‍රාමසේවා වසමේ කටුකැලියාව ප්‍රදේශයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට ගිය පුද්ගලයින් 39 මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 23 August 2019
නවක වදයදුන්නැයි ලක්ෂ හයක වන්දියක් නියම වෙයි ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට නවක වදය දී හිරිහැර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එම පීඨයේම ඉගෙනුම ලබන පස් දෙනකුට, වින්දිත සිසුවියට රුපියල් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙස ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් සංජීවනි පතිරණ මහත්මිය අද (23) නියම කළාය. 23 August 2019
රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මොහොමඩ් කාසීම් මොහොමඩ් ෆයිසාල් මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද අලී සබ්රි මවුලානා මහතා ප්‍රාථමික කාර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (23) දහවල් යළි දිවුරුම් දුන්හ. 23 August 2019
කංජිපානිට වසර 6 ක සිරදඬුවමක් පතාල නායක කංජිපානී ඉම්රාන්ට වසර හයක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණය අද (23) නියෝග කළේය. 23 August 2019
‘පොහොට්ටුවේ බදුල්ලේ රැළියට ගෝඨාභය ආවොත් ඔළුවෙන් හිටගන්නවා’ “බදුල්ලේ පොහොට්ටුව දිනවීමේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා ආවොත් නගරයේ ඔරලෝසුකණුව ඉදිරිපිට කිලෝ 125ක් බරැති මම ඔළුවෙන් සිටගන්නවා” යැයි ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා පැවසීය. 23 August 2019
කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට බුද්ධි නිලධාරීයෙක් අත්අඩංගුවට මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (23) අත්අඩංගුවට ගෙන තිබේ. 23 August 2019
ඇල්ල - වැල්ලවාය එක් මංතීරුවකට සීමා වෙයි රාවණා ඇල්ල වනරක්ෂියට අයත් ‘ඇල්ල රොක්’ කදු රක්ෂිතයේ දැනට පැතිර යමින් පවතින ගින්නත් සමඟ රක්ෂිතයේ ගල් පර්වත පහළට අද (23) කඩා වැටීමට පටන් ගැනිමත් සමඟ මේ වන විට ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබේ. 23 August 2019
ටැන්සානියාවේ කිලිමන්ජාරෝ කඳුවැටිය තරණය කළ තරුණයෙක් ලංකාවට අප්‍රිකානු මහාද්වීපයේ ,ටැන්සානියාවේ පිහිටි කිලිමන්ජාරෝ කදුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය. 23 August 2019
ශවේන්ද්‍ර ඉවත් කරන්නැයි සම්බන්ධන් රජයෙන් ඉල්ලයි යුද අපරාධ හා මානව හිමිකම් කඩකළ බවට චෝදනා එල්ල වන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට පත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ජනාධිපතිවරයා කඩිනමින් ඔහුව එම ධූරයෙන් ඉවත් කළ යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය. 23 August 2019
මිද්දෙණියේ වෙඩි තැබීමක් මිද්දෙණිය තෝරකොළයාය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතළ තුවාල ලබා ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කළ බව මිද්දෙණිය පොලිසිය කියයි. 23 August 2019
රිය අනතුරකින් 25 කට තුවාල: 4කට බරපතලයි දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 25 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 23 August 2019
ගෝඨාගේ ගුවන් ගමන් බලපත්‍රය ගැන විමර්ශන යළි සීඅයිඩීයට පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබ සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් බලපත්‍රය ගැන විමර්ශන වැඩ බලන පොලිස්පතිවරයා විසින් යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබ තිබේ. 22 August 2019
‘‘ෆේස්බුක් සාද පාලනය කිරීමේ වගකීම ආරක්ෂක අංශ සතුයි‘‘ දකුණු පළාත් සංචාරක කලාපවල ෆේස්බුක් සාද පැවැත්වීමට අවසර ලබා දීමේදී කිසිදු පාලනයකට යටත් නොවී ඒවා පාලනය කිරීමේ සම්පුර්ණ වගකීම ආරක්ෂක අංශ සතුයැයි දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අද (22) සඳහන් කළේය. 22 August 2019
කැලණියේ තාක්ෂණ පීඨයේ ගැටළු වලට විසඳුම් කැලණිය විශ්ව විද්‍යාලයීය පරිගණක හා තාක්ෂණ පීඨයේ උද්ගත වී තිබූ ගැටළුවලට විසඳුම් ලබා දී තිබෙන බව එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරයි. 22 August 2019
නුවරඑළිය පොලිසිය ගැන පොලිස් මූලස්ථානයෙන් පරීක්ෂණයක් පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් ඇතුලු පිරිසක් නුවරඑළිය නිවාඩු නිකේතනයක පවත්වාගෙන ගිය පුහුණු කඳවුර සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය දැනුවත් කළ ද පොලිසිය ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුනොකළ බවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 22 August 2019
වෛද්‍ය වැඩවර්ජනය අසාර්ථකයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) ක්‍රියාත්මක කළ වෛද්‍ය වැඩවර්ජනය ඉතා අසාර්ථක වූ අතර වෛද්‍යවරුන් 80%ක් පමණ සේවයට වාර්තා කළ බව රජයේ වෛද්‍ය නිලධාරී සංසදය සඳහන් කරයි. 22 August 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026