දැවිතෙල් හා නැප්තා මිල පහළට දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහල හෙළීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය ගෙන ඇත. ඒ අනුව දැවිතෙල් ලීටරයක මිල ද රුපියල් 248 සිට රුපියල් 210 දක්වා රුපියල් 38කින් ද,නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා රුපියල් 35කින් ද මිල අඩු කර තිබේ. නව මිල අද (04) මැදියම් රැයේ සිට ක්‍රියාත්මක වෙයි. 04 September 2026
හිටපු ඇමති ජොනී අත්අංඩගුවට අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒම කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. 04 September 2026
හිස් කළ බෝවතැන්න පවතින වියලි කාලගුණික තත්ත්වය උපයෝගී කරගෙන බෝවතැන්න ජලාශයේ පිරී ඇති රොන් මඩ ජලජ ශාඛ ඉවත් කිරීම දිවා රෑ නොබලා මේ දිනවල ලහි ලහියේ සිදු කරයි. 04 September 2026
ට්‍රම්ප්ගේ රුව රැගත් ඩොලරයක කාසියක් නිකුත් කරයි ඇමරිකානු ආයතන මත තම පෞද්ගලික සලකුණ තැබීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් නවතම පියවරක් ලෙස ඔහුගේ රුව ඇතුළත් ඩොලරයේ කාසියක් නිකුත් කර තිබේ. 04 September 2026
කතානායක සැප ලයිස්තුව අරන් මැතිසභා ලොක්කෝ අල්ලස් කොමිසමේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි දූෂණ චෝදනා පැමිණිල්ල සම්බන්ධයෙන් තොරතුරැ දීමට පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීහු තිදෙනෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙරවරැවේ පෙනී සිටියහ. 04 September 2026
සුදු මැණිකේ මහනුවර සම්බන්ධීකරණයටත් යයි මෙවර මහනුවර ඇසළ පෙරහර පැවැත්වෙමින් තිබියදී මාර්ග සෝදිසි කිරීම් වල යෙදුන පොලිස් නිලධාරින් විසින් පුද්ගලයකු සෝදිසි කිරීමේදී හස්ති පාලකවරයකු සන්තකයේ තිබී කිනිස්සක් වැනි ආයුධයක් හමුවූ අවස්ථාවේදී එම හස්ති පාලකවරයාට අලියා රැගෙන එන ලෙස කිසි විටෙකත් දැනුම් නොදුන්බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පැවසීය. 04 September 2026
බටුවත්තේ චාමර ගැන වාර්තාවක් අධිකරණයට සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්ජරුවකු යැයි සැක කෙරෙන මනෝජ් සුරංග ලියනගේ හෙවත් බටුවත්තේ චාමර නමැත්තාගේ සුඛෝපභෝගී වාහනයක් සහ ලක්ෂ 400ක තෙමහල් නිවසක් ඇතුලු දේපළ ක්‍රියා විරහිත කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කාර්යාංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කරුණු දක්වමින් අද පැවසීය. 03 September 2026
සැමියාගේ පිහිපහරින් බිරියත් නූපන් දරුවාත් මරුට දෙදරු මවක වන අටමස් ගැඹිණියකට ඇයගේ සැමියාගේ පිහිට පහරින් ගැඹිණියත් ඇගේ කුස තුළ සිටි බිළිදාත් මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 03 September 2026
බස් යතුරු පැදි අනතුරින් එක්දරු මව මරුට මීගමුව සිට ගම්පහ දක්වා ගමන්කළ පෞද්ගලික බස් රථයක් පැරණි මිනුවන්ගොඩ මාර්ගයේදී යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියෙහි පසුපස ගමන්ගත් එක් දරු මවක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පැදිය පැදවූ පියා තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති බවත් ගම්පහ පොලීසිය සදහන් කරයි. 03 September 2026
උපයන විට ගෙවන බද්ද හොඳටම වැඩියි ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned) බොහොම වැඩි බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය. 03 September 2026
නව අභියාචනාධිකරණ විනිසුරුවරියක් දිවුරුම් දෙයි අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක මෙනෙවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) පස්වරුවේ දිවුරුම් දෙන ලදී. 03 September 2026
පොලිසියට අලුත් නිල ඇඳුමක් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් නිසි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 03 September 2026
‘‘ආණ්ඩුවේ ඒකාධිපති වියරුව ජනබලයෙන් පරාජය කරනවා‘‘ 22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව ජනබලයෙන් පරාජය කරන බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 03 September 2026
ලබන මාසයේ පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනයට දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය දක්වා වු කොටසේ ඉදි කිරීම් මේ වන විට අවසන් වෙමින් පවතින ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. 03 September 2026
තවත් සැකකරුවන් දෙදෙනෙක් දිවයිනට මත්ද්‍රව්‍ය , නීතිවිරෝධී ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම සහ සංවිධානාත්මක අපරාධ පිළිබද මෙරටට වැඩිදුර විමර්ශන කටයුතු සදහා අත්‍යාවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අබුඩාබි නුවර සිට පිටුවහල් කර මෙරටට එවා තිබුණි. 03 September 2026
එල් නිනෝ හානි වන්දි ගෙවන්න මිලියන තුන්දාහක් එල් නිනෝ තත්වය යටතේ නියගයෙන් විපතට පත් වගාවන්ට කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි ගෙවීමට රුපියල් මිලියන 3000 ක් වෙන් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති 03 September 2026
එල්නිනෝ බලපෑමෙන් පවුල් 30,000කට දැඩි බලපෑම් එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවතින වියලි කාලගුණයෙන් පවුල් 30,011 කට අයත් පුද්ගලයින් 96056 කට මේ වනවිට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 03 September 2026
පද්මේ සූම් ඔස්සේ මීළඟ නඩුවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පසුගිය 25 දින රක්ෂිත බන්ධනාගාර ගත කළ කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ සැකකරු දැඩි රැකවල් යොදා අධිකරණයට ඉදිරිපත් කළ යුතු හෙයින් සූම් තාක්ෂණය ඔස්සේ පැමිණිලි විභාගයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කොට ඇත. 03 September 2026
පවුලක අවම ජීවන වියදම රුපියල් 70,716යි මෙරට ජීවත්වන සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා පමණක් සපුරා ගැනීමට සාමාන්‍යයෙන් රුපියල් 70,716 මුදලක් අවශ්‍ය බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. 03 September 2026
රජයේ මානව හිමිකම් ප්‍රතිඥා ක්‍රියාත්මක වීම සීමිතයි ශ්‍රී ලංකාවේ අතීතයේ සිදුවූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සඳහා වත්මන් රජය ප්‍රතිඥා ලබාදී තිබුණද, එම පොරොන්දු ක්‍රියාත්මක කිරීමේදී මෙතෙක් සිදුව ඇත්තේ සීමිත ප්‍රගතියක් බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පසුගියදා නවතම වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දුන්නේය. 03 September 2026
මහල් නිවාස වංචා කළැයි වසර 6කට හිරේ නිවාස අධිකාරියට අයත් කොම්පඤ්ඤවීදියේ මහල් නිවාසයක් ලබාදෙන බවට පවසා රුපියල් 1950 000.00ක් ( දහනම ලක්ෂ පනස් දාහක මුදලක් ) වංචා කිරීමේ චෝදනාවන්ට වරදකරු කළ ගල්කිස්සේ පුද්ගලයෙකුට වසර හයක බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ (02) නියම කළේය . 03 September 2026
කිරින්ද ධීවර වරාය බදු දීමේ නඩුව: රාජිතට ඇප කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් අත්තනෝමතිකව හා අනීතික අන්දමින් ප්‍රසම්පාදන කටයුතු වලීන් තොරව, කොරියානු සමාගමකට බද්දට දී රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් වු අධිචෝදනා පත්‍රය හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඔහු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට අද (03) නියම කළේය. 03 September 2026
මාලු මිල ශීඝ්‍රයෙන් ඉහළට වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 03 September 2026
සූදු හොර මගඩි වෙබ් “බ්ලොක්” කරයි නීති විරෝධී සූදු සහ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධව සිටි වෙබ් අඩවි රැසක් අවහිර කර ඇතැයි විමර්ශන නිලධාරීහු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට දැනුම් දුන්හ. 03 September 2026
වන අලි ප්‍රහාරයකින් වන්දනා බස් රථයක් පෙරළෙයි: 10කට තුවාල බුත්තල කතරගම මාර්ගයේ ගල්ගේ ප්‍රදේශයේදී අද (03) උදේ 11ට පමණ වන අලියෙකු පහරදීමෙන් වන්දනා බස් රියක් පෙරලී එහි සිටි වන්දනා කරුවන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය. 03 September 2026
පාකිස්තාන හිරගෙවල් පිරිලා අධිකරණ තීන්දු ප්‍රමාද වීම හේතුවෙන් විභාග වෙමින් පවතින නඩුවලට අදාළ සැකකරුවන්ගෙන් බන්ධනාගාර පිරී ගොස් ඇති බවත්, ඒවා තුළ දැඩි තදබදයක් නිර්මාණය වී ඇති බවත් පැවැසෙයි. 03 September 2026
ඉරාන ලොක්කන් වැසිකිළි යන්නෙත් අපට බයෙන් ඉරානයේ සියලුම නායකයන් සිටින්නේ කොහෙදැයි ඇමෙරිකන් බුද්ධි අංශ හොඳ සෙවිල්ලෙන් පසුවන බවත්, ඉරාන නායකත්වය ඒ ගැන දන්නා නිසා, වැසිකිළි යන්නේ ද ඇමෙරිකාවට බයෙන් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 03 September 2026
පොඩි දරුවන්ට උගන්වන්න කෘත්‍රිම බුද්ධි ගුරුවරුන් ඕනෑ නෑ ඇමෙරිකාවේ, නිව්යෝක් නගරය ද අයත් නිව්යෝක් ජනපදයේ රජයේ ප්‍රාථමික සහ කණිෂ්ඨ ද්විතීයික පාසල්වල කුඩා දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කිරීමේ අරමුණින් හඳුන්වා දුන් කෘත්‍රිම බුද්ධි අධ්‍යාපන ක්‍රමවේද වසරක කාලයකට අත්හිටුවීමට, නිව්යෝක් නගරාධිපති සොහ්රාන් මම්දානී තීරණය කර ඇත. 03 September 2026
හැරී-මෙගාන් ගියාට ට්‍රම්ප් සතුටින් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මෙගාන් මාකෙල්, ඇමෙරිකාව අතහැර යළි බ්‍රිතාන්‍යයේ පදිංචියට ගත් තීරණය සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතුට පළ කර ඇත. 03 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026