අජිත් පී පෙරේරාට හෙට තවත් ඇමතිකමක් බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිව්රුම් දුන් අජිත් පී පෙරේරා මහතා හෙට දිනයේදී තවත් අමාත්‍ය ධුරයක දිවුරුම්දීමට නියමිත බව වාර්තාවේ. ඒ මෙතෙක් ඔහු හෙබවු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරයේය. 25 February 2018
රතු වරෙන්තු ගෙන ඩුබායි ගිය අය හිස් අතින් එති ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ද ඇතිව උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විදෙස් ගත වූ සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායම හිස් අතින්ම ශ්‍රී ලංකාවට පැමිණියේය. 25 February 2018
කොට්ටාවේ කඩයක ගින්නක් කොට්ටාව නගරයේ විදේශ රටවලින් යන්ත්‍ර සුත්‍ර ගෙන්වා අලවි කරන ස්ථානයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. 25 February 2018
‘ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කළ යුතුයි’ ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කළ හැකි වෙනත් ක්‍රියාමාර්ග සොයා බැලිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළීබඳ මහ කොමසාරිස් සෙයිද් රාල් හුසේන් කුමරු පවසයි. 25 February 2018
වවුනියාවේ රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයෙක් මියයයි වව්නියාව රම්භකුලම් ප්‍රදේශයේ පිහිට රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයක් තුළ එහි සාමාජිකයකු මිය ගොස් සිටිය දී අද (25) දහවල් ඔහුගේ මළ සිරුර හමු වූ බව වව්නියාව පොලීසිය පවසයි. 25 February 2018
ශ්‍රී ලාංකිකයෙකුගේ ණය ලක්ෂ 4 ඉක්මවයි වසර 2016 අවසානය වන විට ශ්‍රී ලංකා පුරවැසියකු මත පැටවී තිබෙන ණය බර රුපියල් 417,913 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විගණකාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති මහජන ණය කළමණාකරන වාර්තාවේ දැක්වේ. 25 February 2018
ප්‍රබල ඇමැතිවරු 4 ක් රට යති අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදු වු අද (25) දිනයේ ප්‍රබල ඇමැතිවරු සිව් දෙනෙක් විදේශ ගතවන බව වාර්තා වෙයි. 25 February 2018
දියතලාවට බෝම්බය ගෙන ආ සැරයන් මේජර් සුව අතට දියතලාව කහගොල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් තුළ අත්බෝම්බයක් පිපිරීමේ සිද්ධියෙන් අත්බෝම්බය රැගෙන ආ බව කියන යුද හමුදා සැරයන් මේජර්ගේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වෙමින් සිටින බවට පොලිස් ආරංචි මාර්ග කියයි. 25 February 2018
කටුකුරුන්දෙන් ජීව අත්බෝම්බයක් හමුවෙයි හබරාදුව කටුකුරුන්ද ප්‍රදේශයේ ඉඩමක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් අද (25) උදේ සොයා ගෙන ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 25 February 2018
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැති ධුරය හර්ෂට නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ලෙස පත් කර තිබේ. 25 February 2018
කිරිඇල්ලගේ හා කබීර්ගේ ඇමැතිකම් මාරුවෙයි හිටපු මහජන ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලදී. 25 February 2018
හරීන්ට විදේශ රැකියා - සාගලට යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලදී. 25 February 2018
නීතිය හා සාමය අගමැති යටතට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙයි 25 February 2018
කැබිනට් සංශෝධනය ඇරඹේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සහභාගී විම සඳහා රජයේ අමාත්‍යවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණේ. 25 February 2018
බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළි ශ්‍රී දේවී කපූර් මියයයි ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළි ශ්‍රී දේවී කපූර් මියගිය බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 54 හැවිරිදි ශ්‍රී දේවී ඩුබායිහී පැවති පවුලේ මංගල සාදයක් සඳහා සහභාගීව සිටින අතරතුර මෙසේ මියගොස් ඇත. 25 February 2018
මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් බී ධීවරයෙක් මරුට මුහුදේ පාවෙමින් ආ බෝතලයක තිබූ දියරයක් පානය කළ ධීවරයකු මියගොස් ඇතැයි කරාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ යක්කලමුල්ල මාගෙදර පදිංචි රනේපුර හේවගේ ගයාන් මධුශංක (29) නමැති අයෙකි. 25 February 2018
අද ඇමති හෙට මන්ත්‍රී වෙයි - අමරවීර හෙට (25) දින කැබිනට් සංශෝධනයක් වෙන බවත් අද ඇමති හෙට මන්ත්‍රී විය හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද (24) දින අගුණකොළපෑලැස්සේ පැවති උත්සවයකදී පැවසීය. 24 February 2018
පැය 4 කදී 2564 ක් අත්අඩංගුවට අද අලුයම දෙකේ සිට උදේ හය වන තෙක් පැය හතරක කාලයක් තුළ දිවයින පුරා කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 2564 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 24 February 2018
බ්‍රිගේඩියර් ප්‍රියංක ආපසු ගෙන්වූයේ ඔහුගේ ආරක්ෂාවට - යුද හමුදාපති බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ මහතා ශ්‍රීලංකාවට ගෙන්වූවේ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් බවට යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද(24) වවුනියාවේදී පැවසුවේය. 24 February 2018
උනා මැකෝලි දිවියෙන් සමුගනී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක නිලධාරිනිය වශයෙන් කටයුතු කළ උනා මැකෝලි මහත්මිය ඊයේ (23) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය. 24 February 2018
අවුරුදු 21ට වැඩි සිංගප්පූරු වැසියන්ට බෝනස් අවුරුදු 21 ට වැඩි සෑම සිංගප්පූරු වැසියකුටම සිංගප්පූරු ඩොලර් 300ක පාරිතෝෂිකයක් (බෝනස් මුදලක්) ගෙවන බව සිංගප්පූරු මුදල් අමාත්‍යවරයා ඉකුත් දා නිවේදනය කළේය. 23 February 2018
ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ නොහැකි වූ බව අගමැති පිළිගනී අලුත් නායක පරපුරක් බිහි කිරීමට කැපවී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 23 February 2018
දුම්රියක් නානුඔයදී පීලිපනියි කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය කරමින් තිබු දුම්රියක් නානුඔය දුම්රිය ස්ථානයට ආසන්නයේදී පීළි පැනීම නිසා අද එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල විය. 23 February 2018
කළුගඟේ ජලයට ලවණ මුසුවෙලා වියළි කාලගුණ තත්ත්වය සමඟ කළු ගඟට ලවණ මුසු මුහුදු ජලය එක්වන බැවින් එයින් සැපයෙන ජලය පානයට නුසුදුසු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 23 February 2018
නෙවිල් ප්‍රනාන්දුගෙන් ජනපතිට තුති සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට ඇතුළත් කරගන්නා ලෙස ලබාදුන් තීරණයට ජනාධිපතිවරයාට ස්තුති කරන බව මාලබේ සයිටම් ආයතනයේ සභහපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා කියයි. 23 February 2018
වෙල්ගමට එරෙහි නඩුව කල් යයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ උප සභාපති ධූරයක් නොමැතිව එල්. ඒ. විමලරත්න යන අය එම තනතුරට පත් කිරීමෙන් ‘දූෂණය‘ නම් වරදක් සිදුකර ඇතැයි හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවේ වැඩිදුර විභාගය ලබන අප්‍රේල් මස 06 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා අද (23) නියෝග කළේය. 23 February 2018
ආනයනික අර්තාපල් බද්ද රුපියල් 29කින් ඉහළට ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් මත මෙතෙක් පනවා තිබූ රුපියලක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30 දක්වා ඉහළ නංවා තිබේ. 23 February 2018
අලුත් පනත් කෙටුම්පතට එරෙහිව බන්දුල උසාවි යයි සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පතෙහි සමහර වගන්තීන් මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණයවී ඇති බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවේ අනුමැතියෙන් සම්මත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය 23 February 2018
සවුදි හාම්පුතාගේ වත්කම් හිමි සේවකයා හමුවෙයි සෞදි අරාබි හාම්පුතා විසින් ත්‍යාගයක් ලබා දීම සඳහා සොයමින් සිටි ලාංකික සේවයකයා කාර්යංශය වෙත ඉදිරිපත් වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 23 February 2018
දියතලාවේ සිද්ධිය සොයන්න යුද හමුදාවෙන් කමිටුවක් දියතලාව කහගොල්ල ප්‍රදේශයේ දි පෞද්ගලික බස් රථයක් තුළ අත් බෝම්බයක් පිපිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා යුද හමුදාවෙන් පංච පුද්ගල කමිටුවක් පත්කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසිය. 23 February 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026