හිටපු බුද්ධි අංශ ලොක්කා හෙට එෆ්සීඅයිඩීයට මුල්‍ය ගනුදෙනු රැසක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතේ කෙරෙන පරීක්ෂණ සදහා ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් (විශ්‍රාමික) කපිල හෙන්දාවිතාරණ මහතා හෙට (14) පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 13 June 2017
මුදල් ඇමතිට පිළිතුරු දෙන්න මා බැඳී නැහැ - විගණකාධිපති “මෙම සිද්ධියට අදාළව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මා වෙත ඉදිරිපත් කළ ලිපියට පිළිතුරු ලබා දීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව විගණකාධිපතිවරයා ලෙස මා බැඳී නැතත් ජාතික වැදගත්මක් සහිත ප්‍රශ්නයක් ලෙස සළකා මා ඊට පිළිතුරු ලබා දුන්නා. මා එසේ තොරතුරු ලබාදුන්නේ ඒ අවස්ථාව වන විට රටේ විශාල සංවාදයක් ඇති වී තිබු නිසයි. කෝප් කමිටුවටත්, රවී කරුණානායක මහතාටත්, මා මේ පිළිබඳව දැනුම් දුන්නා“ යැයි බැදුම්කර කො 13 June 2017
බැඳුම්කර ගනුදෙනුවේ අලාභය සොයන්නැයි නියෝග 2015 සහ 2016 අතර වසරක කාලයක් තුළ භාණ්ඩාගාර බැඳුම්කර ද්වීතීයක වෙළෙඳ පොළේ සිදු වු ගනුදෙනු සම්බන්ධයෙන් විගණනයක් සිදුකොට ඉන් රජයට හා ව්‍යවස්ථාපිත ආයතනවලට සිදුවු අලාභය ගණනය කොට දැනුම් දෙන ලෙස බැඳුම්කර කොමිසම රජයේ විගණකාධිපතිවරයාට අද (13) නියම කළේය. 13 June 2017
මහින්දගේ රියැදුරු රිමාන්ඩ් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යාමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද(13) නියෝග කළාය. 13 June 2017
අත්අඩංගුවට නොගන්නැයි ඥානසාර හිමිගෙන් පෙත්සමක් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් තමා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයන් අවසන් වන තෙක් හා ඒ සම්බන්ධයෙන් නීතිපති ගේ උපදෙස් ලැබෙන තෙක් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. 13 June 2017
උතුරු කොරියාවට තවත් චෝදනාවක් උතුරු කොරියාවට අයත් බව සැකකෙරෙන නියමුවන් රහිත යානයක් දකුණු කොරියාවේ ස්ථාපිත කර තිබෙන ඉහළ තාක්ෂණයෙන් යුත් ඇමෙරිකානු මිසයිල නාශක පද්ධතියේ ඡායාරූප ගෙන ඇතැයි දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි. 13 June 2017
කෙහෙළිය - ජයම්පති දෙදෙනාටම නඩු හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට හා රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට එරෙහිව අල්ලස් කොමිසම අද(13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය. 13 June 2017
හමුදාවට බාර වූ පිරිසකට නිදහස දීමට ජනපති පොරොන්දු වෙයි යුද්ධයේ අවසාන සමයේදී හමුදාවට බාර වූ පිරිසක් නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වී තිබේ. 13 June 2017
රජයේ වියදම් අඩු කරගත්තානම් මෙහෙම වෙන්නේ නෑ-විගණකාධිපති අයවැය ඉක්මවා ගිය රාජ්‍ය වියදම් නිසා රජයට මේ ආකාරයට බැඳුම්කර වෙන්දේසි මඟින් මුදල් සොයා ගැනීමට සිදුව ඇතැයිද රජයේ වියදම් අඩුකර ගත්තා නම් මේ තත්ත්වය උද්ගත වීමට ඉඩ නොතිබුණා යැයි රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (13) බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළේය. 13 June 2017
ශ්‍රී ලංකාව ළමා ශ්‍රමිකයන් තුරන් කිරීමේ සාර්ථක වෑයමක ශ්‍රී ලංකාව මෑත භාගය තුළ ළමා ශ්‍රමය අවම කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගෙන ඇත. වයස අවුරුදු 5 -17 අතර ළමයින්ගේ ළමා ශ්‍රමය 2008/09 යේදී වාර්තා වූ සියයට 2.5 සිට 2016 වර්ෂයේ දී සියයට 1.0 දක්වා පහත වැටී ඇත. 13 June 2017
ජාතීන් අසමගි වන පුවත් පළ නොකරන්නැයි ඉල්ලයි ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්රවෘත්ති පලකිරීමෙන් වලකින ලෙසට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (13) මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළේය. 13 June 2017
ඛනිජ තෙල් අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ බාරගනී ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කරනු ලැබූ උපාලි මාරසිංහ මහතා අද(13) වැඩ බාරගත්තේය. 13 June 2017
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පාර්ලිමේන්තු විවාදය 21 දා අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය මේ මස 21 වැනිදා දවසපුරා පැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ. 13 June 2017
මුහුණු පොතේ කවි ලිව් ගුරුවරයා මාරු තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ කවි ලියා පළ කළැයි චෝදනා එල්ල වි සිටි කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ තරුණ ගුරුවරයා වෙනත් පාසලකට ස්ථාන මාරු කර තිබේ. 13 June 2017
මාධ්‍ය නිදහස කප්පාදු කරලා යයි නාමල් කියයි වර්තමාන ආණ්ඩුව ජනතාවට ඇත්ත තත්ත්වය එළි කිරීම සඳහා මාධ්‍යයට ඇති අයිතියට ඉඩ දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 13 June 2017
අධිකරණයේ ස්වාධීන්තවය ගැන ජගත් මානව හිමිකම් කවුන්සිලයට කරුණු පහදයි අධිකරණය සහ නීතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම උදෙසා වත්මන් රජය වැදගත් පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දී ඇත. 13 June 2017
ඔසඳ යාපා අත්අඩංගුවට ගන්න වරෙන්තු කුරුඳුවත්ත නෙළුම්පොකුණ ආසන්නයේ ඉකුත් වසරේ සිදු වු රිය අනතුරක් සම්බන්ධව අදාල නඩු විභාගයට අධිකරණයේ පෙනී නොසිටිම නිසා රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසද යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (13) වරෙන්තු නිකුත් කළේය. 13 June 2017
‘සීනි මිල වැඩිකර නැහැ‘ - රජය කියයි සීනි ආනයන බද්ද රුපියල් 10න් වැඩි කළද වෙළඳපොළේ සීනි මිල වැඩිකර නැතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 13 June 2017
පස් නැතිව දකුණු අධිවේගයේ වැඩ නවතියි දකුණු අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් පස් නොමැති වීම නිසා මේ වන විට අඩ පණ වි ඇතැයි වාර්තා වේ. ආණ්ඩු මාරුවත් සමග විවිධ ගැටළු රැසකට මුහුණ දි නැවත ඒවා යථා තත්වයට පත් වීමෙන් පසු වැඩ ආරම්භ කෙරුණු දකුණු අධිවේගී මාර්ගයේ ඉදි කිරිම් සදහා ප්‍රමාණවත් පරිදි පස් ලබා ගැනිමට නොහැකි විම මේ තත්ත්වය උදා වී ඇතැයි එහි ඉදිකිරිම් සිදුකරන පිරිස් පවසති. රජය විසින් පස් කැපීම හා ප්‍රවාහනය සම්බන්ධයෙන් විවිධ අණ පනත්,නීති රිති පැනවිම ද මීට හේතු වී ඇතැය 13 June 2017
කෝටියක රත්තරන් කකුල්වල බැඳ පන්නන්න බැරිවෙයි රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් තම කකුල් දෙකෙහි බැද ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා බටයකු අද (13) කටුනායක ගුවන් තොටුපොළේ අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක,අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් ධර්මසේන කහදව මහතා පවසයි . 13 June 2017
පාකිස්තානය අවසන් පූර්ව වටයට එංගලන්තයේ කාඩීෆ් නුවරදී පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 49.2 කදී සියලු දෙනා දැවී ලකුණු 236 ක් ලබාගත්තේය. 12 June 2017
‘සීමාවේ සිටියානම් මිලියන 889 කට වැඩියෙන් ඉතිරි කරගන්න තිබුණා‘ මුලින් දැනුම් දුන් රුපියල් බිලියනයේ සීමාවෙන් මෙම බැඳුම්කර නතර කළා නම් රුපියල් මිලියන 889කට අධික මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව තිබු බව බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසීය. 12 June 2017
බාලවයස්කරුවකුට දුන් මරණ දඬුවම ගැන ජනපතිට දන්වන්න නියෝගයක් බාලවයස්කාරයෙකුව සිටියදී කළ මිනීමැරුමක් සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයෙන් මරණ දඬුවම් පනවා ඇති ළමයා සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කළේය. 12 June 2017
වෛද්‍ය සභාවේ මුල් පුටුව මහැදුරු කාලෝටම දෙන්න යයි ඉල්ලීමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය තවදුරටත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාටම ලබාදෙන්නැයි සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 12 June 2017
‘සියයට 905 ක් වැඩියෙන් බැඳුම්කර නිකුත් කරලා‘ 2015 පෙබරවාරී 27 වැනිදා වන විට රජයට අවශ්‍යව තිබු මුදල් ප්‍රමාණයට වඩා සීයයට 905ක් වැඩියෙන් බැඳුම්කර වෙළඳ පොළට ඉදිරිපත් කොට ඇතැයි බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (12) හෙළි කළේය. 12 June 2017
කුවේට් ගිය ලක් කතකට මනුෂ්‍ය ඝාතන චෝදනා අවිවාහකව ගැබ් ගෙන සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් නීතිවිරෝධී ලෙස සිය දරු ගැබ විනාශ කර ගැනීමට උත්සාහ කිරීම හා ඉන් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුවේට් පොලීසිය විසින් එම ලාංකික කාන්තාව අත්අඩංගුවට ගෙන ඇතැයි එරට තානාපති ආරංචි පවසයි. 12 June 2017
ප්‍රංශ මැතිවරණයේ ජය ජනපති එමානුවෙල්ගේ පැත්තට බරවෙයි ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයෙන් මධ්‍යස්ථ මතධාරී ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ. 12 June 2017
‘අගමැතිගේ ඇතැම් තීරණ ගැන ජනපතිගේ ප්‍රසාදයක් නෑ‘ - එස්. බී. ඇමැතිවරුන් වෙනස් කර විෂයයන් පැවරීමේ තීන්දු ගෙන ඇත්තේ අගමැතිවරයා බවත් ඊට ජනපතිගේ සතුටක් ඇතැයි තමා නොසිතන බවත් සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා උඩරට සංවර්ධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය. 12 June 2017
උතුරු කළුතරදී මෝටර් රියක් සමුද්‍රදේවියේ ගැටේ මරදාන සිට ගාල්ල බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රියට උතුරු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෝටර් රථයක් ගැටී ඇතැයි පොලිසිය පවසයි. 12 June 2017
මංතීරු නීතිය කඩ කළ රියදුරන් 1190කට වැඩ වරදී කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයන්හි මංතීරු නීතිය උල්ලංඝණය කළ රියදුරන් 1190 දෙනකුට එරෙහිව අද දිනයේ නීතිමය පියවර ගත් බව පොලිසිය කියයි. 12 June 2017
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026