කුඩු අලෙවි කරන නිවසක සිටි පොලීසියේ තුනක් අත්අඩංගුවට මත්කුඩු අලෙවි කරන නිවසක සැක කටයුතු අන්දමින් රැදී සිටී පොලිස් කොස්තාපල් වරුන් තිදෙනෙකු අද(29) අලුයම අත්අඩංගුවට ගත්බව වැලිපැන්න පොලිසිය පවසයි . 29 August 2024
ජගත් කුමාර සජිත්ට හේත්තු වෙයි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ජගත් කුමාර පවසයි. 29 August 2024
ළමා නිවාසයෙන් අතුරුදන් වු තිදෙනා කැකිරාවෙන් හමුවෙයි මාතලේ ළමා නිවාසයකින් අතුරුදන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා කැකිරාව ගිරානේගම ප්රදේශයේ සැරි සරමින් සිටියදී කැකීරාව පොලිසිය අද (29) පොලිස් භාරයට ගෙන තිබේ. 29 August 2024
දරුවන්ගේ ගැටුමට පියා මැදිහත්වී සිසුන් හතරක් රෝහලේ කල්පිටිය අධ්යාපන කොට්ඨශයට අයත් පාසැලක සිසුන් සිව් දෙනෙකු පාසැල නිමාවී එමින් සිටියදී පාසැලට නුදුරින් මහ මගදී සිසුවෙකුගේ පියෙකු විසින් පහරදීමේ සිද්ධියක් හේතුවෙන් රෝහල් ගත කොට ඇතැ යි කල්පිටිය පොලිසිය පවසයි. 29 August 2024
ගොවි බිමක වෙඩි තැබීමක් : අයෙක් අත්අඩංගුවට අනුරාධපුර, තලාව මැදවැව ප්රදේශයේ ගොවි බිමක සිදු වූ වෙඩි තැබීමකින් හා පහර දීමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත් වෙඩි තැබීම සිදු කර පලා ගිය පුද්ගලයා මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය පවසයි. 29 August 2024
රනිල්ගේ ප්රතිපත්තිය එළි දකියි කතා කරමින් තර්ක කරමින් සිට රටේ අනාගතය බිඳගන්නවාද ? නැතිනම් රටට අනාගතයක් ලබාදීම සඳහා වැඩ කරනවාදැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පුළුවන් ශ්රී ලංකා ජනපතිවරණ ප්රතිපත්ති ප්රකාශය එළි දක්වමින් අද පැවසීය. 29 August 2024
තිදරු පියා බඳින තුවක්කුවට බිලි ගල්කිරියාගම දික්වැන්නාගම ප්රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 29 August 2024
හම්බන්තොට පළාත් පාලන ආයතන 9ක හිටපු සභාපතිවරුන්ගේ සහාය ජනපතිට හම්බන්තොට දිස්ත්රික්කයේ පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නවයක හිටපු සභාපතිවරුන් මෙවර ජනාධිපතිවරණයේ දි පොහොට්ටු අපේක්ෂකයා මඟහැර ස්වාධින අපේක්ෂක රනිල් වික්රමසිංහ මහතාට සහාය දැක්විමට එකඟතාවය පලකරති. 29 August 2024
විදෙස් මැතිවරණ නිරීක්ෂකයෝ රාජකාරි අරඹති ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ අද (29) උදෑසන ඔවුන්ට නියමිත රාජකාරී ආරම්භ කළහ. 29 August 2024
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට හිටපු පළාත් මන්ත්රීවරයෙක් අල්ලයි අතුරුගිරිය ප්රදේශයේ ටැටූ මධ්යස්ථානයක් විවෘත කිරීමට ගිය ව්යාපාරික සුරේන්ද්ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පානදුර ප්රදේශයේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරුට නවාතැන් දුන් බව කියන හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්රීවරයෙකු අද (29) දින අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසයි 29 August 2024
‘ගොවියාට තෘප්තිමත් අනාගතයක් හදනවා‘ රටේ ජීවනාලිය වූ ගොවියාට සමඟි සන්ධාන රජය යටතේ හඬක්, තැනක්, ඉඩක් ලබාදී ගොවියාට තෘප්තිමත් අනාගතයක් ලබාදෙනවා යැයි ජනාධිපතිධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා වැල්ලවායේදි පැවසිය. 29 August 2024
තලතාගේ පුරප්පාඩුවට කරු: ගැසට්ටුව පිටවෙයි තලතා අතු කෝරළ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් මන්ත්රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කරුණාරත්න පරණවිතාන මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 29 August 2024
දියණියගේ මුහුණ පිලිස්සු පියා අත්අඩංගුවට බණ්ඩාරවෙල ලියන්ගහවෙල අඹදන්ඩේගම ප්රදේශයේ නිවසක දි දැල්වූ ගිනිකූරකින් සිය බාලවයස්කාර 12 හැවිරිදි දියණියගේ මුහුණ පුලුස්සා බැණ තර්ජනය කරමින් පහරදී දී දියණියට කෲර වධහිංසා දුන්නැයි සැකපිට දෙදරු පියෙකු අද (29) අත්අඩංගුවට ගත් බව ලියන්ගහවෙල පොලිසිය පවසයි . 29 August 2024
බඹරු නිසා තිදරු පියාට දිවි අහිමි වෙයි ගිරිල්ල රෝහලට බෙහෙත් ගැනීමට ,මහ කිරින්ද ප්රදේශයේ සිට පැමිණි පුද්ගලයෙකු රෝහලෙන් බෙහෙත් රැගෙන ආපසු නිවසට යන අවස්ථාවේ මහ මගදී බඹර ප්රහාරයකට ලක්ව මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි . 29 August 2024
රිය අනතුරින් අයෙක් මරුට කහටගස්දිගිලිය පොලිස් වසමේ පුහුල්දිව හන්දිය ආසන්නයේදි වෑන් රථයක් හා ත්රී රෝදයක් එකිනෙක ගැටිමෙන් ත්රී රෝද රියදුරා මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකළ බව කහටගස්දිගිලිය පොලිසිය කියයි. 29 August 2024
විටින් විට තැනින් තැන වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. 29 August 2024
හොර විස්කි ස්කාගාරයක් යුද හමුදාව වටලයි සිංගප්පූරු ජාතිකයකු විසින් නිතීවිරෝධිව මහා පරිමාණයෙන් මහර කඩවත ප්රදේශයේ පවත්වාගෙන ගිය විස්කි ස්කාගාරයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. 29 August 2024
ක්ලබ් වසන්ත ඝාතනයේ තවත් දෙකක් මාට්ටු ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් තුවක්කු කරු සහ තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 29 August 2024
දරුවන්ට දෙන්න ආ නිල ඇඳුම් වේයන්ට කන්න ඇරලා පාසල් සිසුන් සඳහා 2024 වර්ෂයට නොමිලේ බෙදා දී ඉතිරිව තිබූ නිල ඇඳුම් තොගයක් කින්නියා කොට්ඨාස අධ්යාපන කාර්යාලය තුළ වේයන් කා දමා විනාශ වීමට ඉඩ හැර ඇතැයි වාර්තාවේ. 29 August 2024
අපරාධ කල්ලි නායකයකු දිවයිනට රැගෙන එයි මිනීමැරුම් , කප්පම් ගැනීම් සහ මත්ද්රව්ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන ගීත්මාල් බිනෝයි දිල්ෂාන් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් පිරිසක් ඩුබායි හිදි අත් අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට රැගෙන ආවේය. 29 August 2024
නඩු කාමරයෙන් කෝටි 24 කුඩු පන්නලා කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්ෂිතව තබා තිබු රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වී ඇති බව හෙළි වී ඇත. 29 August 2024
සේවකයෝ සමුළුවේ රෝගීහු මහ පාරේ තපිති මහරගම අපෙක්ෂා රෝහලේ විකීරණ ඒකකයේ ප්රධානියා ඇතුළු චිකිත්සක නිලධාරීන් සියලු දෙනා එම ඒකකය වසා දමා සමුළුවකට සහභාගී වීම හේතුවෙන් එහි පැමිණි රෝගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව අද ආපසු හැරී ගියහ. 28 August 2024
පෙම් හබයක් නිසා සිසුවාට පිහි පහර පාසල් නිමවි නිවෙස් බලා යමින් සිටි පිලිමතලාව ප්රදේශයේ පාසලක සිසුවකුට පාසල් හැරගිය සිසුන් පිරිසක් පිහියකින් ඇනිම පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කඩුගන්නාව පොලිසිය පවසයි. 28 August 2024
දඹුල්ල තන්ඩර්ස් ක්රිකට් කණ්ඩායමේ හිමිකරුගේ දුරකතනය රසපරීක්ෂකට එල්. පී. එල් 2024 ක්රිකට් තරගාවලියේදී තරග පාවාදීමට බලපෑම් කළේ යැයි ඇප මත මුදාහැර සිටින දඹුල්ල තන්ඩර්ස් ක්රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්රිතාන්ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන්ගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළින ගමගේ මහතා මහතා අද (28) නියෝග කළේය. 28 August 2024
ඡන්ද කතාවෙන් ආහර පරීක්ෂකගේ දතක් ගැලවේ ජනාධිපති අපේක්ෂකයින්ට බහින්බස් වී පුද්ගලික රෝහලක ආහාර පරීක්ෂකවරයකුගේ දතක් ගැලවෙන්නට පහර දුන් එම රෝහලේ අරක්කැමියකුට දැඩි අවවාද කළ කොළඹ අතිරේක මහේස්ත්රාත් පසන් අමරසේන මහතා රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත මුදා හැදැරීමට අද (28) නියෝග කළේය. 28 August 2024
බොකලගම ජාජබ කාර්යාලයට ගිනි තියලා මීරිගම බොකලගම ප්රදේශයේ ජාතික ජන බල වේගයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයට ගිනි තබා ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. 28 August 2024
ඇමැති සබ්රි සමාව ඉල්ලයි ගුවන් ගමන් බලපත්ර ලබා ගැනීමේදී ජනතාවට විදීමට සිදුවූ දුෂ්කරතා සම්බන්ධයෙන් තමා රජයේ නියෝජිතයකු ලෙස ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. 28 August 2024
වාදබේද ඉවතලා එකම අරමුණක ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් විරසකව සිටි හිටපු අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ හා මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්, දේශපාලනයේදී සදාකලික හතුරන් හෝ සදාකලික මිතුරන් නොමැත යන කියමන පසක් කරමින් එකම වේදිකාවේ එකට සුහදව අල්ලාප සල්ලාපයේ යෙදුණු දෙදෙනා මෙසේ එක සිටියේ ස්වාධීන අපෙක්ෂක ජනාධිපති රනිල්ක වික්රමසිංහ මහතාට සහාය පළකරමින් අද අකුරණ නගරයේ පැවැති ප්රචාරක රැලියෙ වේදිකාවේය. 28 August 2024
නිරෝෂන් ප්රේමරත්නගේ සහාය සජිත්ට මාතර දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිරෝෂන් ප්රේමරත්න මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්රේමදාස මහතාට සහාය දක්වමින් අද (28) තංගල්ලේ පැවති ජන රැළිය ඇමතීය. 28 August 2024
පළාත් ඡන්දෙට මැකෝ නීතිපති හමුවෙයි? පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. 28 August 2024
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026