පළමු මාස තුනේ රාජ්ය ආදායම කෝටි 83,400ක් මෙම වසරේ (2024) පළමු මාස තුළ රාජ්ය ආදායම අපේක්ෂිත ඉලක්කය ඉක්වා ඇති බවත් එම මාස තුන තුළ රුපියල් කෝටි 83,400 ක ආදායමක් ලබා ඇති බවත් මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 22 April 2024
ඉන්දීය ක්රිකට් කළමනාකාරවරුන් 2කට අධි චෝදනා පල්ලෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ පැවැති ’’ලෙජන්ට් ට්රොපි 2024’’ ක්රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට ජාතික ක්රිකට් තේරීම් කමිටුවේ සභාපතිට,එංගලන්ත හා නවසීලන්ත ක්රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්රිකට් කළමනාකාරවරුන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්රාත් අධිකරණයට කරුණු දක්වමින් අද (22) පැවසීය. 22 April 2024
ඉන්දීය සංචාරකයන් ගෙන්වන්න රාම මාවත එළදකී ඉන්දු - ශ්රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්රමවේදයක් සමඟින් ශ්රී රාමායන් ට්රේල්ස් (ශ්රී රාමායන මංපෙත) ව්යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම කොළඹ, ටාජ් සමුද්රා හෝටලයේ දී සිදු විය. 22 April 2024
ඊශ්රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි ඊශ්රායල හමුදා බුද්ධි අංශ ප්රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්රායලයට එල්ල වුණු හමාස් ප්රහාරය සම්බන්ධයෙනි. 22 April 2024
’’හොරෙන්ගෙනා වාහන දෙන්න එපා’’ රේගුවට හොර රහසේ ආනයනය කර ව්යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගි වාහන 112ක් පැවරීම හෝ අන්සතු කිරීම වළක්වමින් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද නිකුත් කළේය. 22 April 2024
පොලිසිය - බුද්ධි අංශ දේශපාලන අතකොළු නොවිය යුතුයි පොලිසිය සහ බුද්ධි අංශ දේශපාලන අතකොළු නොවිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 22 April 2024
පොලීසිය යැයි පවසා නිවසක් කොල්ලකාලා නිවසකට පොලිස් වෙස්ගත් කණ්ඩායමක් නොරෝච්චෝල නාවක්කාඩු ප්රදේශයෙ නිවකට අද(22) කඩා වැදි එහි තිබු රන් ආභරණ,මුදල් ජංගම මුදල් ඇතුළු ලක්ෂ 90 වැඩි දේපොල කොල්ල කා නිවැසියන් කාමරයක දමා වසා පලා ගොස් ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි. 22 April 2024
විජේදාස -සර්ව ආගමික නායක හමුවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ලංකා මානව හිමිකම් (ලංකා) සංවිධානයේ සර්ව ආගමින නායකයන් අතර හමුවක් අධිකරණ අමාත්යාංශයේදී අද(22) සිදුවිය. 22 April 2024
ආයතන පහක ලොක්කෝ කෝප් කමිටුවට ශ්රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්ය ආයතන පහක ප්රධානීහු පොදු ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට මේ සතියේදී කැඳවෙති. 22 April 2024
ජාජබ මැයි රැළිය 4කට බෙදේ ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ජාතික ජන බලවේගය සිය මැයිදින රැළි මැයි 1වැනිදා උතුර, උතුරු මැද, දකුණ, සහ බස්නාහිර යන පළාත්වල ප්රධාන නගරයන්හිදී පැවැත්විමට තීරණය කර ඇත 22 April 2024
විජයදාසගේ නම මැතිවරණ කොමිසමට ශ්රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස තෝරාපත් කර ගත් අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට පියවර ගන්නා බව පක්ෂයේ මෛත්රී පාර්ශවය පවසයි. 22 April 2024
දකුණු ඉන්දීය සහ මෙරට වැදි ජනතාව අතර නෑදෑකම් තහවුරු වේ ශ්රී ලංකාවේ වැදි ජනතාව සහ දකුණු ඉන්දියාවේ ගෝත්රි 5 ක් අතර ජානමය සමානකම් පවතින බව කොළඹ විශ්වවිද්යාලයේ විද්යාඥයෝ පවසති. 22 April 2024
ඉරාන ජනපති පාකිස්තානයට ශ්රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්රාමාත්ය ෂෙහාබාස් ෂරීෆ් ප්රමුඛ රජයෙන් ඉහළ පිළිගැනීමක් හිමිවිය. 22 April 2024
උලපනේ හිමි ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ් ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි ඇතුළු තිදෙනෙකු ලබන 26 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රසාන් අමරසේන මහතා අද (22)නියෝග කළේය. 22 April 2024
‘විජේදාස ගැන අද තීරණයක් ගන්නවා‘ අධිකරණ අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්ව සිටියදී නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධූරයට පත්වීම බරපතල තත්වයක් බවත් ඒ මහතාගේ පක්ෂ සාමාජිකත්වය පිළිබඳව අද දිනයේ පක්ෂය තීරණයක් ගනු ඇති බවත් බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (22) පැවසීය. 22 April 2024
‘ෆොක්ස්හිල්‘ අනතුරේ ධාවකයින් රිමාන්ඩ් දියතලාව නරියාකන්ද ’’ෆොක්ස්හිල් සුපර් ක්රොස් තරඟයේ’’ මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ තරගකරුවන් දෙදෙනා මේ මස 30 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට බණ්ඩාරවෙල මහේස්ත්රාත් ඇන්ටනි එස්.පීටර් ෆෝල් මහතා අද (22) නියම කළේය. 22 April 2024
වැස්ස මහ කන්නයේ වගාවෙන් 70%ක් ගිලගනී 2023 /24 වර්ෂයේ මහ කන්නයේ දී අධික වර්ෂාව හා ගංවතුර නිසා එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම්වලින් හෙක්ටෙයාර් 68,131ක් විනාශයට පත්ව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. 22 April 2024
‘පොහොට්ටුවේ’ මැයි රැළිය කැම්බල් පිටියේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ ලෝක කම්කරු දිනය වෙනුවෙන් සංවිධානය කරන මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී මැයි මස 1 වැනිදා පස්වරු 2.00 සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම පක්ෂය පැවසීය. 22 April 2024
පාස්කු විවාදය දින තුනක් පාස්කු ඉරු දින ප්රහාරය පිළිබඳ විවාදයක් බදාදා (24) සිට දින තුනක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි එහි නියෝජ්ය මහ ලේකම් කාර්ය මණ්ඩල ප්රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. 22 April 2024
විදුලි ලේකම්ගෙන් කෝටි 50ක් වන්දි ඉල්ලයි විදුලිබල පනත් කෙටුම්ප සකස්කර කඩිනමින් අමාත්ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා විදුලිබල අමාත්ය කංචන විජේසේකර මහතාට ලබාදීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කර කර ඇතැයි සඳහන් කරන අල්ලස,දූෂණය,නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර මහතා ඒ වෙනුවෙන් විදුලි බල ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතාගෙන් රුපියල් කෝටි පහක වන්දියක් ඉල්ලීම සම්බන්ධ එන්තර වාසිය විදුලි බල අමාත්යංයේ අතිරේක ලේකම් එස් ජයසුන්දර මහතා ලබාදුන්නේය. 22 April 2024
ජ්යෝතීර්වේදී චන්ද්රසිරි බණ්ඩාර අභාවප්රාප්ත වෙයි ප්රවීණ සහ ජනප්රිය ජ්යෝතීර්වේදියෙක් වන චන්ද්රසිරි බණ්ඩාර මහතා අද (22) පෙරවරුවේ අභාවප්රාප්ත විය. 22 April 2024
හරිත සරසවි ඉදිකිරීම් භූමියේ මළ සිරුරක් හෝමාගම පිටිපන පිහිටි හරිත සරසවියේ දෙවන අදියරෙහි ඉදි කිරීම් භූමියේ පොල් ගසක් යට තිබී මිය ගිය පුද්ගල මළ සිරුරක් අද (22) හමු වූ බව හෝමාගම පොලිසිය පවසයි. 22 April 2024
‘ෆොක්ස්හිල්‘ ධාවකයින් දෙදෙනකු අත්අඩංගුවට දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගය අතරතුරේ හත්දෙනෙකුට මරු කැදවමින් , 21 දෙනෙකුට බරපතළ තුවාල සිදු වූ මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ තරගකරුවන් දෙදෙනකු අද (22) සැකපිට අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය පවසයි . 22 April 2024
රනිල් ඉන්න තුරු කාටවත් බඩගිනි වෙන්න දෙන්නෙ නෑ රනිල් පාලන බලයේ සිටින තුරු රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන ජනතාවගෙන් එක් අයෙකුටවත් බඩගින්නේ ඉන්නට ඉඩ තබන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබෙිවර්ධන මහතා ගාල්ලේ දී පැවසීය. 22 April 2024
රිය අනතුරින් සිසුවිය මරුට කන්තලේ , රජඇල ප්රදේශයේදී සිදු වූ වෑන් රථ අනතුරකින් පාසල් සිසුවියක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 22 April 2024
කොටි වැළලූ රන් ගොඩ ගන්න ගිය පී.සී සහ නාවික භටයකු මාට්ටු සිලාවතුර පොලිස් ස්ථානයට යාබද ස්ථානයක එල්ටීටීඊ සංවිධානය වලදමා ඇතැයි කියන මුදල් හා ස්වර්ණාභරණ ගොඩගැනීම සඳහා වළක් හාරමින් සිටි නාවික භටයකු, පොලිස් සැරයන්වරයකු ඇතුළු සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පිරිසක් සීලාවතුර නාවික හමුදාව පවසයි. 22 April 2024
හිටපු කොස්තාපල් හෙරොයින් සමඟ මාට්ටු හෙරොයින් මත්ද්රව්ය ළඟ තබාගත් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු කතරගම නව නගරයේ හෝටලයක් තුල රැදී සිටියදී අත් අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි . 22 April 2024
රන්නගල ඇල්ලේ නාන්න ගිය අයෙක් මරුට මතුගම රන්නගල ඇල්ලේ දිය නෑමට ගිය පිරිසක් අතරින් එක් පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි මතුගම පොලිසිය පවසයි. 22 April 2024
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර,සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්පලත් ගාල්ල,මාතර සහ අනුරාධපුර දිස්ත්රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 22 April 2024
උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආර්ථික විද්යා හා සංඛ්යාන අධ්යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය මේ අනුව 2022 වර්ෂයේදී එකොළොස් ලක්ෂ විසිහත් දහස් හත්සිය පනස් අට දෙනකු සහ පසුගිය වසරේදී දාහතර ලක්ෂ තිස් හත්දහස් හයසිය හත් දෙනකු විදේශගතව ඇති බව ඔහු කීවෙය. 22 April 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026