මැංගුස් සටන යුද්දයකින් අවසන් කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්යාලය අතර පැවැති මැංගුස් සටන අවසානයේදී ඇතිවූ ගැටුමකින් ක්රිකට් පිති ප්රහාරයට ලක්වූ කළුතර තිස්ස විදුහලේ ක්රිකට් කණ්ඩායමේ උප නායකයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පයාගල පොලිසිය කියයි. 01 May 2023
විදුලිය කෝටි 367ක දීමනා හොර පාරෙන් ගෙවලා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා විවිධ කාර්ය මණ්ඩල දීමනා වශයෙන් රුපියල් කෝටි 367 ක මුදලක් 2020 සහ 21 වර්ෂවලදී අමාත්ය මණ්ඩල තීරණයට සහ කළමනාකරණ සේවා චක්රලේඛ විධිවිධානවලට පටහැනිව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 01 May 2023
පොහොට්ටුවේ මැයි රැලිය ඇරැඹෙයි ශ්රී ලංකා පොදුජන පෙරමුණ ’අභියෝග බිද අභිලාෂ ජයගමු’ යන තේමාව යටතේ බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වන මැයි දින රැලියට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදී සම්ප්රාප්ත විය. 01 May 2023
පාලවියේදී දුම්රියක් ගිනි ගනී පුත්තලම පාලවියෙ සිට අරුවක්කාළු හුණුගල් කොරිය වෙත හුණුගල් ප්රවාහනයට යමින් තිබු දුම්රියක ඇන්ජීම හදිසියෙ ගිනි ගැනිමට ලක් විමේන් පසු එම දුම්රිය පුත්තලම කුරුණෑගල මාර්ගය වැසියන ලෙස නැවති විනාඩි 30 කට ආසන්න කාලයක් එම මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවති ගිය බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 01 May 2023
’’වැඩ කරන මිනිස්සු උද්ඝෝෂණ වලට හිර කළේ නෑ’’ වැඩකරන ජනතාව උද්ඝෝෂණ වලට හිර කළේ නැති එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එජාප නියෝජ්ය නායක ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 01 May 2023
කම්කරුවාට නැති දේශපාලකයාට ඇති මැයි දිනය කම්කරුවන් වෙනුවෙන් දිනයක් වෙන් කර තිබුණද අද වන විට එය කම්කරුවා වෙනුවෙන් නොමැති බව දඹුල්ල ප්රදේශයේ කළ සංචාරයකදී අපට දැක ගත හැකි විය. 01 May 2023
දෙදරු පියා කපා කොටා මරලා නොරෝච්චෝල දළුව නිර්මලපුර ප්රදේශයෙ දී දෙදරු පියකු අමානුෂික ලෙස ලි මුගුරු හා යකඩ පොලුවලින් පහර දී තියුණු ආයුධවලින් කපා මරා දමා ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි. 01 May 2023
සජබ මැයි පෙළපාලිය ගමන් අරඹයි “වැඩබිමෙන් ඇරඹෙන මව්බිමේ අරගලය” යන තේමාවෙන් සමගි ජන බලවේගයේ මැයි දින පෙළපාලිය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ. 01 May 2023
සැමියා බිරියට පෙට්රල් හලා ගිනි තියලා පවුල් ආරවුලක් බිරිඳගේ සිරුරට පෙට්රල් වත්කර ගිනි තබා ඝාතනය කළේ යැයි කියන සැමියාද පිලිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි. 01 May 2023
යුද-නාවික සෙබළු ලක්ෂ 50ක ගංජා සමග මාට්ටු මහනුවර-යාපනය ඒ-9 මාර්ගයේ පුනෑව ප්රදේශයේ මාර්ග බාධකයක් යොදා සිදු කළ මෙහෙයුමකදී ලක්ෂ 50කට අධික කේරල ගංජා සමග යුද හමුදා සෙබළකු සහ නාවික හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය පවසයි. 01 May 2023
කියුබාවේ මැයි දිනේ අවලංගු කරයි කියුබාව කම්කරු දිනය වෙනුවනේ සෑම වසරකම පවත්වනු ලබන සාම්ප්රදායික මැයි දින පෙළපාලිය මෙවර අවලංගු කිරීමට එරට කොම්යුනිස්ට් රජය කටයුතු කරන ලදි. කියුබාවේ පවතින ඉන්ධන හිඟය එයට හේතු විය. 01 May 2023
සාම්ප්රදායික දේශපාලනයෙන් මිදී අලුත් ගමනක් යමු සාම්ප්රදායික දේශපාලනයෙන් මිදී රට පිළිබඳ අලුතින් සිතා අලුත් මාවතක යන පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය කර ගනිමු යැයි එජාප නායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සියලු එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය. 01 May 2023
ටෝකියෝ විද්යාලයෙන් ජැක් මාට ආරාධනයක් ටෝකියෝ විද්යාලයේ බාහිර මහාචාර්යවරයකු ලෙස සේවය කිරීමට අලි බබා නිර්මාතෘ ජැක් මා හට ටෝකියෝ විශ්ව විද්යාලය ආරාධනා කර තිබේ. 01 May 2023
අතට වැඩබලන සභාපතිවරයෙක් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන් විජේලාල් ද සිල්වා මහතා පත්කර තිබේ. 01 May 2023
ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සීමාව පනියි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළමු කාර්තුවේදී ඉලක්කගත බදු ආදායම ඉක්මවා ආදායම් උපයා තිබෙන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. 01 May 2023
ගෑස් මිල තව දින කීපයකින් පහළට? තව දින ටික දිනකින් ගෑස් මිල තවත් අඩු වනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා පැවසීය. 01 May 2023
ජී.ආර්. පෙරේරා දිවි මඩලට සමුදෙයි ප්රවීණ රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා අද (1) පෙරවරුවේ අභාවප්රාප්ත විය. 01 May 2023
ඉන්ධන සහනය බස් හිමියාට පමණයි: මගියාට නෑ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් අඩු වුවද පොදු ප්රවාහන බස් ගාස්තු අඩු නොවන බවත් බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල සියයට 4 කට වඩා වැඩි ප්රතිශතයකින් අඩුවිය යුතු බවත් ජාතික ගමනා ගමන කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 May 2023
ත්රීවිල්වලින් මගියාට සහනයක් නෑ පෙට්රල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කළ ද ත්රීරෝද රථ ගාස්තු අඩු කළ නොහැකි බව ත්රීරෝද රථ වෘත්තිය සමිති පවසයි. 01 May 2023
අයි.ඕ.සී. ඉන්ධන මිලත් අඩු කරයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (30) මධ්යම රාත්රීයේ සිට මිල අඩු කළ ඉන්ධන වර්ගවල මිල ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද අඩු කළ බව එම සමාගම පවසයි. 01 May 2023
හොරොව්පොතාන අනතුරින් දෙකක් මරුට හොරොව්පොතාන ප්රදේශයේදී වූ මෝටර් රථ අනතුරකින් යුදහමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු මියගොස් රථයේ රියදුරා බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. 01 May 2023
එජාප මැයි දින උළෙල ඇරඹේ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරු උළෙල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනයේදී ආරම්භ කෙරිණි. 01 May 2023
විදුලිසැර තිදරු පියාට මරු කැඳවයි යාපනය කෝපායි ප්රදේශයේදී විදුලි සැර වැදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෝපායි පොලීසිය සදහන් කරයි. 01 May 2023
වැල්ලේ සුරංගගේ ගෝලයෙක් එස්.ටී.එෆ්.දැලේ මහාපරිමාන මත්ද්රව්ය ජාවාරම් කරුවෙකු වන ගමගේ ප්රදිප් සුරංග නොහොත් වැල්ලෙ සුරංගගෙ ගෝලයකු මට්ටක්කුලිය සාගර විශ්ව විශ්වවිද්යාලය ඉදිරිපිටදී පාසල් සිසුන් ට මත්පෙති අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි . 01 May 2023
අදත් සවස තද වැසි තත්ත්වයක් දිවයිනේ බොහෝ ප්රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 01 May 2023
ඉන්සියුලින් ඇන බිරිය මරන්න හදලා:දොස්තර සැමියා මාට්ටු ඉන්සියුලින් එන්නත අධි මාත්රාවක් බලහත්කාරයෙන් සිය තරුණ බිරිඳට විද ඇය ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන ත්රිකුණාමලය මහ රෝහලේ සේවය කරන වෛද්යවරයකු බම්බලපිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 01 May 2023
සිසුවා අහුලා දුන් අත් පළඳනාව විදුහල්පති කාමරයේදී අතුරුදහන් මීගමුව ප්රදේශයේ පාසල් භූමියක වැටී තිබියදී සිසුවකු අහුලාගෙන විදුහල්පතිට බාර දුන් වටිනා රන් ආභරණයක් නිල කාමරයේ කබඩ් එකක් තුළ තබා තිබියදී අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි. 01 May 2023
කුඩු අංජු කොටු වූ හැටි සිංහාරගේ අමල් සිල්වා හෙවත් ගොනාකෝවිලේ කුඩු අංජු නැමැත්තා ප්රංශ සුරූපිනියක් සමඟ පවත්වාගෙන ගිය බව කියන අනියම් සම්බන්ධතාවයක් නතර කර නොදැමූ නිසා ඊට පළිගැනීමක් වශයෙන් ඔහු සමග එරට වෙසෙන ශ්රී ලාංකික බිරිඳ තම සැමියා ජාත්යන්තර රතු නිවේදන නිකුත් කර තිබෙන පාතාල අපරාධකරුවකු මෙන්ම ජාත්යන්තර මත්ද්රව්ය ජාලයේ සිටින ප්රබලයකු බවටට එරට පොලීසියට ඔත්තුවක් ලබා දුන්නාය. 01 May 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026