බෞද්ධ හා පාලි සරසවි සිසුහු පොලිසිය සමග ගැටෙති හෝමාලම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මගින් හෝමාගම පිටිපන නගරයේ සංවිධානය කළ විරෝධතාවයකට පොලිසිය ඊට විරෝධය පල කිරීම නිසාවෙන් ඇති වූ ගැටුමකින් පසු එම විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු ත්‍රී රෝද රථයක් සහ ශබ්ද විකාශන යන්ත්‍රයක් අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි. 13 December 2022
යුක්රේනයෙන් රුසියාවට ෂෙල් ප්‍රහාරයක් රුසියාවේ දකුණු දෙසින් පිහිටි බ්‍රයැන්ස්ක් පළාතේ ක්ලින්ට්ස්කී නමැති නගරයට යුක්රේනයෙන් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 13 December 2022
යානා කුලියට ගන්න හේතුව ඇමැති කියයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බදු පදනම යටතේ ගුවන්යානා 11ක් ලබාගන්නේ එය ප්‍රතිව්‍යුහගතකරන තුරු පවත්වාගෙනයාමට බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 13 December 2022
රනිල් කාගේ ජනාධිපති අපේක්ෂකයා ද? රනිල් වික්‍රමසිංහ යනු පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නොව රටේ ජනාධිපති අපේක්ෂකයා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 13 December 2022
උතුරු නැගෙනහිර සතුන් මළ හේතුව සොයාගනියි උතුරු නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන්ගේ මරණවලට හේතුව සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය බව විමර්ශන මගින් සනාථ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය කියයි. 13 December 2022
ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව දින තුනක නිල සංචාරයක් සඳහා අද (13) උදෑසන කොළඹ වරායට සේන්දු විය. 13 December 2022
වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට බන්ධනාගාර ගතකළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (13) නියෝග කළාය. 13 December 2022
තිළිණිට-ජානකීට ඇප තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරි තිළිණි ප්‍රියමාලී සහ ජානකී සිරිවර්ධනට ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද අවසර දුන්නේය. 13 December 2022
සජබය පුංචි ඡන්දෙට අයදුම්පත් ඉල්ලයි ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගය අපේක්ෂක අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 13 December 2022
උමාඔයෙන් අප්‍රේල් සිට මෙගාවොට් 120ක් උමාඔය විදුලිබල ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට එකතු කරන බවත් ෆරාබ් ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය ලබන අප්‍රේල් අවසන් වන විට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 13 December 2022
ජනවාරියේ සිට පාසල් සිසුන්ට අලුත් වැඩසටහනක් පාසල් සිසුන්ගේ පෞරුෂය සංවර්ධනය කිරීමේ සහ ඔවුන් වැරදි චර්යාවලින් වළක්වාගැනීමේ අරමුණින් සෑම පාසලකම ලබන වසරේ ජනවාරි 4 වැනිදා සිට ‘සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 13 December 2022
බෙහෙත් ඉල්ලා මුලතිව් කාන්තාවෝ පාරට බසිති මුලතිව් රෝහලේ පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයට වහාම විසඳුම් ඉල්ලා විරෝධතාවක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. 13 December 2022
විශ්වවිද්‍යාල කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් අනීතික ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය සහ ජන පීඩක අයවැයට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සංවිධාන කරන ලද උද්ඝෝෂණයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අද (13) පැවැත්විය. 13 December 2022
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කරමින් දකුණු ඉන්දියාව සහ කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ කොලඹ වරායන් අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹදී ප්‍රකාශ කළේය 13 December 2022
ඉන්දියානු නාවික ප්‍රධානියෙක් මෙරටට ඉන්දියානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්.හරි කුමාර් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (12) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 13 December 2022
මවු සෙනෙහස නොදුටු පුතෙක් වසර පහකට ආසන්න කාලයක් ලුණුගම්වෙහෙර රෝහලේ ප්‍රතිකාර ගත් මව බලන්න එන්නැයි පණිවුඩ පිට පණිවුඩ යැව්වත් නොපැමිණි තම එකම පුතු මව මියගොස් භූමිදානය කළ පසු රෝහලට පැමිණ තොරතුරු සොවීමේ පුවතක් ලුණුගම්වෙහෙර රෝහලෙන් වාර්තා වේ. 13 December 2022
මෛත්‍රීට පාස්කු සිද්ධියෙන් ගැලවෙන්න බෑ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීමෙන් නිදහස් විය නොහැකි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. 13 December 2022
60 පැන්න මැතිසබේ සේවකයන් වෙනුවෙන් විපක්ෂ නායක හිට ගනී පාර්ලිමේන්තු නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය තව වසරකින් දික් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (13) දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය. 13 December 2022
හිටපු උපකුලපතිට පහරදුන් තවත් සිසුහු 4ක් අල්ලයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට සහ ඔහුගේ පුතුට පහරදී තුවාල සිදුකිරිම සහ නිවසට පහර දී අලාභහානි සිදු කිරීම සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් 4 දෙනකු අද (13) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. 13 December 2022
හිටපු උපකුලපතිට පහරදීම ගැන මැතිසබයේ අප්‍රසාදය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් විසින් පහර දෙනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි කනස්සල්ල සහ අප්‍රසාදය අද (13) පළවිය. 13 December 2022
කතුන් ජාවාරමේ හතට ඇප ඕමාන් රටේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව රක්ශිත බන්ධනාගාර ගත කර සිටි ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන නිලධාරීවරයා වූ එදිරචාරිගේ කුෂාන් නමැත්තා සහ අශා දිසානායක යන අය ඇතුලු සැකකරුවන් හත්දෙනකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (13) නියෝග කළේය. 13 December 2022
හිටපු උපකුලපතිට පහරදුන් සිසුහු 6 දෙනෙකු අත්අඩංගුවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිවසටද අලාභානි කළ බවට චෝදනා ලත් සිසුන් හය දෙනෙකු පේරාදෙණිය පොලිසියට ඊයේ (12) රාත්‍රියේ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ . 13 December 2022
මුජුබුර්ගෙන් ඩයනාට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් රජයට දැඩි මතවාදී ප්‍රහාර එල්ල කරන මන්ත්‍රීවරයකු වන තමා සමාජ විරෝධී ක්‍රියාවලට ක්‍රියා වලට සහය දක්වන්නේ නම් අද සිටින්නට සිදුවන්නේ පාර්ලිමේන්තුවේ නොවේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් පැවසීය. 13 December 2022
පලාලි ගුවන් තොටුපළ දියුණු කරන්න ඉන්දියාව සූදානම් යාපනයේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පහසුකම් වැඩිදියුණු කිරීමටත් පුළුල් කිරීමටත් ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා ප්‍රකාශ කර ඇත. 13 December 2022
’’ලංකාවට යනවා නම් රක්ෂණයක් ගන්න’’ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් සංචාරක රක්ෂණයක් ලබා ගැනීම වෙනදාට වඩා ඉතා වැදගත් බවත් ඉන් ප්‍රමාණවත් ආවරණයක් ලැබෙන්නේ දැයි සොයා බැලිය යුතු බවත් සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට උපදෙස් ලබා දී ඇත. 13 December 2022
ලබන මහ කන්නයේ සිට පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි රජය මැදිහත්වීම මත සිදු කෙරෙන පොහොර බෙදාහැරීමේ කටයුතුවලින් 2023/24 මහ කන්නයේ සිට ඉවත්වීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 13 December 2022
අම්පාර-මන්නාරම නගර සභා මහනගර සභා කරයි අම්පාර සහ මන්නාරම නගර සභා මහනගර සභා බවට උත්ශ්‍රේණිගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. 13 December 2022
නිහාල් නෙල්සන් ගීතයට සමුදෙයි ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. 13 December 2022
අනියම් බාප්පාගේ පහරින් හය හැවිරිදි සිඟිත්තෙක් මරුට මවගේ අනියම් සැමියාගේ පහරකෑමට ලක් වූ 6 හැවිරිදි කුඩා දරුවකු අද (13) අළුයම ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගම්පහ පොලිසිය පවසයි. 13 December 2022
අනතුරින් පසු ඩුබායි පැන්න ව්‍යාපාරිකයා අත්අඩංගුවට කොල්ලුපිටියේ දී පසුගියදා මෝටර් රථ අනතුරකින් පසුව මෝටර් රථය දමා ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටි කෝටිපති ව්‍යාපාරික සැකකරු ඊයේ (12) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි. 13 December 2022
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026