අයිතිකරුවකු නැති පාර්සලයෙන් කුඩු මතු වෙයි රුපියල් ලක්ෂ 25 ට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මන්නාරමේ සිට ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අද (14) පෙරවරුවේ මන්නාරම මාර්ග බාධකයකදි අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි. 14 September 2022
මානව හිමිකම් කවුන්සලයේ බලපෑම් හෙළාදකිනවා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සහ මානව හිමිකම් කෙවිට පෙන්වා ව්‍යවස්ථා සංශෝධන සඳහා බලකිරීම සම්බන්ධයෙන් රටක් ලෙස සියලු පාර්ශ්ව හෙළා දැකිය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. 14 September 2022
නේපාලය සහ ලංකාව අතර තරුණ හුවමාරු ’’පාලමක්’’ හදයි ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ සංවර්ධනයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීම පිළිබඳව නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික එකඟතාවකට පැමිණීම වෙනුවෙන් වන මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්විණි. 14 September 2022
මහ රැජිණ ගැන ශෝක විවාදය 24 වැනිදා අභාවප්‍රාප්ත දෙවෙනි එලිසබෙත් මහ රැජින වෙනුවෙන් ශෝක යෝජනා විවාදයක් ලබන 23 වැනිදා සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (13) තීරණය කළේය. 14 September 2022
දිගටම ලයිට් දෙන්න ඔස්ට්‍රේලියාව සමඟ සාකච්ඡා අරඹයි ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදුලි අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ක්ෂෙත්රයේ ඕස්ට්‍රේලියා ආයෝජකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (14) පැවැත්විණි. 14 September 2022
ආනන්ද පද්මසිරි දිවි ගමනට සමුදෙයි ප්‍රවීණ ගේය පද රචකයකු වූ ආනන්ද පද්මසිරි අභාවප්‍රාප්ත විය. 14 September 2022
ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10ක් රට හැර ගිහිල්ලා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10 කට අධික සංඛ්‍යාවක් පසුගිය මාස 20 තුළ විදේශගත වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුම් බණ්ඩාර මහත්මිය පැවසුවාය. 14 September 2022
අඹෙිවෙල මිල්කෝ කම්හලේ ඩීසල් හොරට විකුණලා මිල්කෝ සමාගමට අයත් අඹෙිවෙල කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඉන්ධන වංචාවකට සම්බන්ධ සියලු සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කර තිබෙි. 14 September 2022
නව විදුලි ගාස්තු ගැන විමසීමට ක්ක්‍ෂණික දුකරථන අංකයක් විදුලි පාරිභෝගිකයන්ට නව විදුලි ගාස්තු පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා නව දුකරථන අංකයන් හදුන්වා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 14 September 2022
පැහැරගත් අනියම් පෙම්වතියට මෝටර් රථය තුළදී පිහි ප්‍රහාරයක් දික්වැල්ලේ ඇඟළුම් කම්හලක තරුණ සේවිකාවක පැහැර ගත් ඇගේ අනියම් පෙම්වතා බව කියන තරුණයකු එම කාන්තාවගේ අතපය ගැටගසා මෝටර් රථයකින් අධිවේගයේ ඔස්සේ පැහැගෙන විත් බද්දේගම මහගොඩකන්ද ප්‍රදේශයේදී මාර්ගය අසල මෝටර් රථය නතර කර එම කාන්තාවට තියුණු ආයුදයකින් පහර දෙද්දී පොලිසිය අහසට වෙඩි තබා එම තරුණිය බේරාගත් බව පොලිසිය කියයි 14 September 2022
නෙළුම් කුලුනට යන්න හරි ටිකට්ටුව ගන්න දකුණු ආසියාවේ උසම කූලුන ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු හෙට (15) සිට ආරම්භ වන අතර, එය නැරඹීමේ ප්‍රවේශ පත්‍රය ලෙස සඳහන් ව්‍යාජ ප්‍රවේශ පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළව ඇතැයි චීන තානාපති කාර් යාලය පවසයි. 14 September 2022
රැජිනට ගෞරව කළ කාන්තාව දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය එංගලන්තයේ ලන්ඩන් නුවරට ගෙන ඒමට පෙර, එය ස්කොට්ලන්තයේ ශාන්ත ගයිල්ස් දේවස්ථානයේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබියදී, ඊට අවසන් ගෞරව දැක්වීමට ප්‍රථමයෙන් අවස්ථාව ලැබුණේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකට යැයි පැවැසෙයි. 14 September 2022
’’අරයා මෙයා’’ නිසා වැඩ කරන්න බැරි වුණා යැයි කියාගෙන එන්න එපා රටට ආහාර සම්පාදනය කිරීමේ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරා ඇති අතර ’’ දිසා ලේකම්වරුන් ඇවිත් අරයා හින්දා මෙයා හින්දා වැඩ කරන්න බැරි වුණා යැයි කියන්නට එපා’’ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 September 2022
ඉන්ධන කෝටාව එපා: ත්‍රිරෝද රථ රියදුරෝ විරෝධතාවයක ඉන්ධන කෝටාව අත්හිටුවා ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රිරෝද රථ රියදුරන් සංවිධාන කළ විරෝධතාවයක් බොරැල්ලේදී අද (14) පැවැත්විණි. 14 September 2022
ජාතික සභා යෝජනාව 20 වෙනිදා විවාදයට ආර්ථික ප්‍රශ්න ඇතුළු රටේ දැවෙන ප්‍රශ්න විසඳීම අරමුණු කරගත් ජාතික සභාව පිහිටුවීම සම්බන්ධයෙන්වූ යෝජනාව ලබන 20 වැනිදා අඟහරුවාදා විවාද කිරීමෙන් අනතුරුව සම්මත කරගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 14 September 2022
පශු සම්පත් මණ්ඩලයට කෝටි දාහතරක ලාභයක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පසුගිය වසරේදී(2021) රුපියල් දාහතර කෝටි පනස් ලක්ෂයකට වැඩි ලාභයක් උපයා ගෙන ඇත. 14 September 2022
කිලිනොච්චිය දියවරෙන් පුරවන්න වැව් දෙකක් එකට යා කරයි කිලිනොච්චියේ වැව් දෙකක් එකට යා කොට සංවර්ධන කටයුතු සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 70 ක් වෙන් කර තිබේ. 14 September 2022
පාසල් දරුවන්ට බත් වේලක් දෙන්න යයි පාසල් දරුවන් ලක්ෂ 18කට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යටතේ පෝෂ්‍යදායි බත්වේලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙි. 14 September 2022
ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා අලුත් වෙයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් මේ මස අගදී සම්මත වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 14 September 2022
පුංචි මන්ත්‍රී සභාවේදී සරම උස්සා පිහියක් පෙන්නයි බලංගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයකු අද පැවැති මාසික සහා රැස්වීමේදී රමිබෝ වර්ගයේ උල් පිහියක් ප්‍රදර්ශනය කිරිම සභාවේ නොසන්සුන් තාවයක් ඇති විය. 14 September 2022
මුහුදුබඩ දුම්රිය මාර්ගගයේ දෝෂය අවසන් මුුහුදු බඩ දුම්රිය මාර්ගයේ කළුතර ඇති වූ සංඥා දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇතැයි කළුතර දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙක් පැවැසීය. 14 September 2022
වැසි රහිත කාලගුණයක් ප්‍රදේශ කිහිපයකට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (14) වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 September 2022
කඩු කුලියට දුන් යාපනයේ තරුණයෙක් මාට්ටු තහනම් සංවිධානවලට අයුද සපයන බව කියන තරුණයකු යාපනය වඩුක්කෝට්ටේ මුරුකන් කෝවිලඩි, තුණවි හිදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 14 September 2022
තාවකාලික රියැදුරු බලපත්‍ර කාලය දික් කරයි මාස 6ක වලංගු කාලයක් සඳහා නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර වසරක කාලයක් සඳහා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 14 September 2022
මන්ත්‍රී නිවාසවලට පහරදුන් තව පහක් අල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී බී හේරත් සහ සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරුන්ගේ වාරියපොල සහ ගොකරැල්ල පිහිටි නිවාසවලට සහ කාර්යාලවලට පහර දී ගිනි තබා අලාභහානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය. 14 September 2022
කළුතර නිවාස ණය වංචාව යට ගහන්න ලිපිවලට ගිනි තබලා අඩු ආදායම්ලාභීන් නිවාස ණය වෙනුවෙන් ගෙවන ලද මුදල් වංචාවේ යෙදුණු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කීප දෙනකු එක්ව අපහරන කමිටුවේ අවසරයක් නොමැතිව ණය අයකර ගැනීමට තිබෙන ලිපි ගොනු විශාල ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර ඇතැයි කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 14 September 2022
ලොක්කන් දෙදෙනෙකුගෙන් වාහනවලිනුත් තෙල් ඇදලා ජාතික ජලසම්පත් හා ජලාපවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි (අයකිරීම්) ඒකනායක වීරසිංහ මහතාගේ නිල රථයෙන් සහ පොලිස් ප්‍රධානියකුගේ මෝටර් රථයෙන් කිසියම් සංවිධානාත්මක පිරිසක් ඊ ෙය් (12) රාත්‍රී ඒවායේ බට කපා ඉන්ධන සොරකම් කිරීමේ සිද්ධින් දෙකක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත. 13 September 2022
ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ජිනීවා හී විරෝධයක් රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් හා සත්‍යගහයක් සංවිධානය කර තිබිණි. 13 September 2022
ජනපති කාර්යාලයෙන් කුසගින්නට වැටක් කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” සහ “කිසිදු දරුවෙක් මන්ද පෝෂණ තත්ත්වයට ගොදුරු නොවිය යුතුය” යන මූලික දැක්ම පදනම් කර ගනිමින් ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13)ආරම්භ කෙරිණි. 13 September 2022
පාස්කු ප්‍රහාරය: නඩු 107 නිෂ්ප්රභා කරන්නැයි නීතිපති ඉල්ලයි පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදූවු ජීවිත හා දේපල හානියට වන්දි ගෙවීමට රජය කටයුතු කරමින් සිටින හෙයින් රජයට එරෙහිව පවරා ඇති නඩු 107 නිෂ්ප්රභා කරන්නයි නීතිපතිවරයා කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මියගෙන් අද 13 ඉල්ලා සිටියේය. 13 September 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026