එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දෙනවාද නැද්ද යන පාර්ලිමේන්තු විවාදයෙන් දිමු ජයරත්න අගමැතිවරයා මින් මද වේලාවකට පෙර නැගිට ගියේය.
අගමැතිවරයා කතා කිරීමට නැඟී සිටියේ දෙමළ ජාතික සන්ධානයේ එස් විනයාගමූර්ති මන්ත්‍රීවරයාගේ කතාවේ අවසානයේය.
ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා ද නැගී සිටියේය.
තමා පළමුව නැඟිට සිටි හෙයින් එය තමාගේ වාරය බව අගමැති මූලාසනයට දැන්වීය.
තමාට කතාව නුදුනහොත් සභාවෙන් පිටවී යන බව ද අගමැති කීවේය.
එය අගමැතිගේ වාරය බව එක්සත් ජාතික පක්ෂයේ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා ද පැවසීය.
එහෙත් මූලාසනයේ සිටි නියෝජ්‍ය කාරක සභාපති චන්ද්‍රකුමාර මුරුගේසු මන්ත්‍රීවරයා ඊළඟ කථිකයා ලෙස හඳුනා ගත්තේ ඩග්ලස් දේවානන්ද ඇමැතිවරයාය.
ඒ සමඟම අගමැති නැඟිට ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් එහෙම යන එක හොඳද? (නි)
ඔය ගියාට නැවත එවි. (දී)
අනේ යන්න එපා (නදී)
තමන්ට නොගැළපෙන තැන් වලින් ඉවත්වී යාම තමයි හොඳම දේ (නි)
හොඳ තීරණයක් (නි)
මෙවැනි එඩිතර තීරණයක් ගත් අගමැතිතුමාට මගේ ප්‍රණාමය. මම දැක්කා මෙතුමා නුවර විරෝධතාවකදී සිංහයෙක් වගේ ගමන් කළ අයුරු.(නදී)
හිතේ අමාරුවට යන්න ඇති, මොනවා උනත් අගමැතිනේ. අනික වයස බලන්න (අ)
ඔහු ගත්තේ එඩිතර තීරණයක් (නි)
රට කොයිබටද කියා හිතාගන්නත් බැහැ. කොහොම වුණත් සුභ ලකුණු නම් පෙනෙන්න නැහැ (නි)
හිතාගන්නත් බැරි දේවල්නේ දැන් දැන් සිද්ධ වෙන්නේ (නි)
සියල්ලන්ම එකතු වෙලා තීරණයක් ගන්න එක නේද කරන්න ඕනෑ? (නි)
බොහොම හොඳයි අගමැතිතුමනි (නි)
අනේ ඇයි එහෙම ගියේ? (නි)
ඔබතුමා කළේ හරි දේ (නි)
ඔබතුමා කෝපගන්න එපා. ඕවා ඔහොම තමයි (නි)
හැබැයි ඉතින් ඡන්දයට නාවොතින් නම් එච්චර හොඳ නැහැ (නි)
පුදුමයිනේ (නදී)
අනේ අපේ අගමැතිතුමා! (නි)
අනේ! එතුමාට ඇයි එහෙම කළේ? (නි)
එතුමා නැවත එන බව විශ්වාසයි (නි)
එතුමා හරිම අවංක, සංවේදී කෙනෙක්. ඒ වෙලාවේ හිත රිදෙන්න ඇති (නි)
නිහඩව මෙලෙස ඉවසීමෙන් කටයුතු කිරීම තමයි වඩාත් සුදුසු (නි)
ඇයි එතුමා එහෙම කළේ? (නි)
අයියෝ! තව ටිකක් ඉවසන්න තිබුණනේ (නි)
මෙහෙම කරන එක කොතරම් දුරට හරිද මන්දා? (නි)
හරියට කතාකරගන්නවත් බැරිව (අ)
මට මතක් වෙනවා මමයි තව දෙන්නෙකුයි ඒ කලේ කරපු විහිළු. (අ)
මේක ළදරු පාසලක් වගේ (අ)
ආයෙත් එන එකක් නැද්ද? (නදී)
මානව හිමිකම් කොමිසම් කණ්ඩායම එනකොට නම් ඔබ තුමා නැගිටලා යන්න එපා.(නදී)
දැන් මෙතුමාගේ කාලය හරි විශ්‍රාම සුවයෙන් කල් ගත කරන්න. තරුණ නායකයන්ට ඉඩ දීලා යන්න බැරි ඇයි? (නදී)