රුපියල් විසි අටලක්ෂයක් වටිනා නිම නොකළ රන් දම්වැල් තම දරුවන්ගේ ඇඟෙහි බැඳගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික යුවලක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
සැකකරුවන් තරුණ වියේ පසුවන කල්මුණේ පදිංචි අඹු සැමි යුවලකි.
වයස අවුරුදු 4 ක් වු සිය වැඩිමහල් පිරිමි දරුවාගේ ශරීරයේ නිම නොකළ රන් දම්වැල් තුනක් ද මාස 14 ක් වු අත දරුවාගේ බඩෙහි නිම නොකළ රන් දම්වැල් 3 ක් බැඳ තිබු බව රේගුව කියයි.
කාන්තාවද නිම නොකළ රන් වළලූ දෙකක් පැළඳ සිටි ඇත.
අත් අඩංගුවට ගනු ලැබු රන් අභරණ වල බර ග්‍රෑම් 560 කි.
මොවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 153 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
මේ පිළිබඳව රේගු පරීක්ෂනය සිදු කළ නියෝජය රේගු අධ්‍යක්ෂක කේ.එස්.කේ.දි සිල්වා මහතා විසින් සැකකාර යුවලට රුපියල් විසිදහසක දඩ නියම කොට එම රන් අභරණ රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.එස්.කේ දි සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඩැනී අප්පුහාමි, ඩී.අරේවත්ත සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ.කේ.ආර් සමන්ජිත්, ඒ.ජේ.ඒ.එස් ගුණසේන, ආර්.එම්.එන්.සී බංඩාර, ජනිත් විමලදාස, සාගර කුමාර සහ ගයාන් විජේගුණරත්න සහ සිනාරි පෙරේරා යන නිලධාරීහු සිදු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වෙනත් ක්‍රමවේදයන් අත්හදා බලනවා වගෙයි. (නි)
දැන් මෙහෙම රාජසන්තක දේපල වලිනුත් හොඳ ආදායමක් තිබෙනවා නේද රජයට? නරකද ඒවා නැති බැරි අයට බෙදා දුන්නොත්? (නි)
රාජසන්තක කරන දේවල් ඇත්තට කොහෙද යන්නේ? (නි)
රාජසන්තක කරපුවා වල මේ දක්වා වටිනාකම කීයද ?(නදී)
මොකද මේ රත්තරන් පැළඳ ගත් සියලු දෙනාම චෙන්නායි පැත්තටම යන්නේ? (නි)
මේ දඩ මුදල්, රාජසන්තක කරන භාණ්ඩවල විස්තර විනිවිදව පෙන්නුම් කරනවා නම් මහජනයාගේ වැරදි අදහස් නතර වෙනු ඇත. (නි)
මත්තලින් ගියා නම් ඉවරයිනේ. (නි)
රාජසන්තක කරන රත්තරන් වලට මොකද වෙන්නේ? (නි)
රාජ සන්තක රත්තරන් වලට මොකද වෙන්නේ කියලා කාගෙන්ද අහන්න ඕන. (ස)