ඉතාලියේ රෝම නගරයේ සන්ජොවාන්නි මෙරුලානා මාවතේදී ,එම ප්‍රදේශයේම අවන්හලකදී ඉතාලි ජාතික කාන්තාවකගේ (73 ) අත්බෑගයක් සොරකම්කිරිම සම්බන්ධයෙන් ලාංකිකයෝ දෙදෙනෙක් (25,43 ) ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
කාන්තා අත්බෑගයක් සමග සිටි සැක කටයුතු ලාංකිකයන්ව දැක පරික්ෂා කළ පොලීසිය මේ අත් බෑගය සොයා ගත්තේය. එහි යූරෝ 270 (රුපියල් 49410 ) ද තිබී ඇත. පසුව අත්බැගය කාන්තාවට භාරදී ඇති අතර ලාංකිකයන්ව අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියත් හොදයි ඒ ජාතිකයනුත් හොදයි. ලාංකිකයින් ටික දෙනෙක් අපේ නම කනවා.(නදී)
මේ අය අපේ නමත් කනවා. (දී)
වාසව කියන වචනයේ තේරුම "වසල" කියාන වචනයට සමාන පදයක් ද? දන්නා කෙනෙක් ඇත්නම් මට කියල දෙන්නකෝ. උගතෙක්ගේ "කටේ නරි වාදම රෙද්ද පල්ලෙන් බේරෙනවා." අර කතාවට කියනවනේ, කට නරින තාක් කල් මොඩයත් ඥානවන්තයෙක් කියලා. එහෙම නේද වාසව ගොයියෝ? (නදී)
නුගත් මිනිස්සු ඉතාලියට රිංගල ලස්සන රට කනවා හැමතැනම හොරකන් කරන්නේ ලංකාවේ නුගත් කට්ටිය. ලංකාව ට යහපතක්ම වේවා මේවගේ නුගත් කට්ටිය ඉතාලියේ එන්නකම් (අ)
අයියෝ! (නදී)
බුදුන් වහන්සේ පවසා තිබෙන ලෙස නම්, "කෙනෙකු භ්‍රාහ්මනයෙකු හෝ වසලයෙකු වන්නේ, ඔහුගේ උපත අනුව නොව ඔහු හෝ ඇය කරන ක්‍රියාව මතයි". මෙතන උපන් රට, ජාතිය, ආගම නොවේ වැදගත් වන්නේ අදාල පුද්ගලයයි. ලංකාවේ ජිවත් වන අය මෙන්ම ලංකාවේ ඉපදී විදේශ ගත වුවන් අතරත් වසල, අමන, අධම ගති ඇති නොමිනුසුන් සිටීම අරුමයක් නොවේ. නමුත් එක පුද්ගලයෙකු කල අවකල් ක්‍රියාවක් දෙස බලා මුළු රටකම පුරවැසියන්ව ඒ තත්වයේ ලා සැලකීමට, තරම් එම රටවල වෙසෙන ශිෂ්ඨ සම්පන්න ජනතාව පටු ආකල්ප නොදරාවී. නමුත් අවාසනාවට ශ්‍රී ලාංකිකයින් අතර නම්, එවැනි පටු මනස් සහිත අමනයින් සිටින බව පැහැදිලියි. තවද, තමන් ජිවත් වෙන රටේ පමණක් වැදගත් ශ්‍රී ලාංකිකයන් ඇතිබව මව පෙන්වීමට උත්සහ කිරීමත් සමහරුන්ගේ හීනමානය ප්‍රදර්ශනය කිරීමක් බවම දැක තිබෙනවා. අනුන්ගේ මුදල් පසුම්බිය දෙස බලා හුල්ලමින් තවකෙකුට අපහාස කරමින් කුරිරු සතුටක් ලබන අයත්, අර හොරකම කල පුත්ගලයාගේ ගණයටම වැටෙන, අතර ඔවුන්ගේ වසල කම හා මා කියූ අනෙක් දේවල් ද ඔවුන්ගේ නිරුවත හෙළිදරව් කල අවස්ථාත් මා ඕන තරම් දැක තිබෙනවා.(නදී)
රට කොතරම් වැදගත් වුණත් වැඩක් නැහැ, යන මිනිස්සු නොවැදගත් නම්.(නි)
ඒ වගේ වැදගත් රටක ඇයි මෙවැනි දේවල් කරන්නේ? (නදී)
කොහෙත් මේ වගේ මිනිස්සු ඉන්නවා .(නදී)
රටේ නමත් කනවා (අ)
මේවා අහල මට නම් පිස්සු වගේ. (නදී)
ඇත්ත කියා කියා තිබෙන පුද්ගලයා දන්නවද මේ වැදගත් නොවන මිනිස්සු ඇවිල්ල තියෙන්න කොහේ සිටද කියා? ඔහුගේ අම්මා, තාත්තා, ඔහු සිටින ලංකාවෙන් මයි. (නදී)
ඔය හිතන විදියට ඉතාලියේ ඉන්න හැමෝම එහෙම නැහැ ඔබ තුමා දන්නා දේ ගැන කියන්න නොදන්න දේ කියන්න එපා.(නදී)
අපේ රටේ නම කන්නේ නැතුව නැවතත් ලංකාවට ගිහිල්ලා මුහුද ආශ්‍රිත රක්ෂාව කර ගෙන ඉන්න. දැන් මෙහෙ හිටියා ඇති.(නදී)
ඉතාලි ගියත් හඳට ගියත් අපේ සමහර අය රටේ නම තියනවා. රටේ හැටියට තමා පිටරට ගියත් වැඩ. පුදුම වෙන්න දෙයක් නැහැ.(නදී)
"ඇත්ත" ,දැන් මට කියනවද ඔය වැදගත් කියන මිනිස්සු ඉන්නෙ කොයි රටේද කියල? (නදී)
ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් 98% ම කරන්නේ ජරාම ජරා වැඩ.දැන් ටික කාලයකට ඉස්සර අවුරුදු 80 ක ආච්චි කෙනෙක්ව දුෂණය කළා අපේ අය 5 දෙනෙක් එකතුවෙලා.කොහොමත් ඉතාලිය කියන්නේ එච්චරම වැදගත් මිනිස්සු ඉන්න රටක් කියන්න බැහැ. (දී)
රෝමයේ මෙරුලානා වීදිය අසල තිබෙන ලංකාවේ අවන්හල් දෙකේම විශ්ෂයෙන්ම සිකුරාදා සහ සෙනසුරාදා රාත්‍රී අපේ අය මරා ගහගන්නවා (අ)