IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අත් බෑගයේ රන් බකල් චෙන්නායි ගමන බකල් කරයි

රුපියල් දහතුන් ලක්ෂ හතලිස් පන්දහාස් හත්සීයක් වටිනා  රත්තරන් බකල් 6 ක් සහ රන් කූරක් සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකාරිය කල්මුණේ පදිංචිකාරියකි.

රන් බකල් 6 ක් ඇගේ අත් බෑගයේ පටි වලද,  රන් කූර එන්නත් නලයක ද දමාගෙන ඇය ගුවන්තොටුපොළට පැමිණ තිබු බව රේගුව කියයි.

අත් අඩංගුවට ගත් රන් වල බර ග්‍රෑම් 245 කි.

ඇය ඉන්දියා ගුවන් සේවයට අයත් ඒ.අයි 274 දරණ ගුවන් යානයෙන් චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණ ඇත.

මේ පිළිබඳව රේගු පරීක්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක  ඒ.කේ.ජී.එල්.එෆ් පෙරේරා මහතා   සැකකාරියට රුපියල් හැත්තෑපන් දහසක දඩ නියම කොට  රන් බකල් හා කූර රාජසන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂණය යටතේ නියොජ්‍ය රේගු අධ්‍යක්ෂක  ඒ.කේ.ජී.එල්.එෆ් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඩබ්ලිව්.ඒ.යූ අබේවර්දන සහ සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.එස්.ඉසෙඩ්  ෆායික්, ලලිත් දුෂ්‍යන්ත, සිසිර පෙරේරා, බී.ඒ.එන්.කේ බාලසුරිය සහ නිරෝෂ විජේතුංග යන නිලධාරීහු සිදුකරති.

 



අදහස් (0)

අත් බෑගයේ රන් බකල් චෙන්නායි ගමන බකල් කරයි

දිනා Saturday, 12 April 2014 08:22 PM

මිනිස්සු මේවස හංගන්නේ ඇග ඇතුලේ කොටස් වල. මෙයා අහිංසක හෙරක් වගේ හි හි හි (දී)

:       0       0

නලින් පෙරේරා Saturday, 12 April 2014 08:28 PM

දැන් කෝ ඒ රාජ සන්තක උන බඩු ටික (දී)

:       0       0

කසුන් Saturday, 12 April 2014 09:45 AM

එක අතකට වෙන දඩුවම් මොකටද? අර තරම් වටිනා රන් තොගය අහිමිවීමම මදෑ... (නි)

:       0       0

කෝසල Saturday, 12 April 2014 09:45 AM

කාන්තාවට දෙන දඩුවම මොකක්ද දැන්? (නි)

:       0       0

හිෂාන් Saturday, 12 April 2014 10:48 AM

ලංකාවෙන් රත්තරන් අරගෙන ගියාම වෙන වැරැද්ද මොකක්ද? ඉන්දියාවට ප්‍රශ්නයක් නැත්තම් අපිට මොකද? (නි)

:       0       0

අල්විස් Saturday, 12 April 2014 11:36 AM

හිෂාන් කියන්නේ මේ ලෝකේ හසරක් නොදන්නා පොඩි ළමයෙක්. මෙවැන්නෝ තමයි මේ වගේ වැඩ කරලා අහුවෙන්නේ. ඒ වගේම කසුන්ගේ අදහසට කියන්න ඕනෑ දේ මේකයි. මේ රත්තරන් ඒ කාන්තාවගේ නොවෙයි වෙන්න ඇති. කාන්තාව පඩියට වැඩ කරන්නියක් වෙන්න බැරි නැහැ (නි)

:       0       0

පද්මා Saturday, 12 April 2014 12:02 PM

මදැයි අවුරුදු කටේ කරගත්ත දේ? (නි)

:       0       0

ශාන්ති Saturday, 12 April 2014 12:45 PM

කියලා වැඩක් නැහැ පද්මා මදැයි අවුරුදු සරුවට කන්න හැදුව නේද ? (දී)

:       0       0

නයනජිත් Saturday, 12 April 2014 12:47 PM

මම කොහොමද ඉතින් වැඩේ වැරදියි කියලා කියන්නේ වරදට දඩුවමක් තියෙන්න ඕනෙනේ (දී)

:       0       0

ගන්දර සයිමොන් Saturday, 12 April 2014 01:19 PM

අත් බෑගයේ රන් බකල් චෙන්නායි ගමන බකල් කරයි . මෙය දුටු විට මටම සිනා ගියා (දී)

:       0       0

දමිත් Saturday, 12 April 2014 01:21 PM

රත්තරන් පිටරට අරන් යන්න බැරිද නීතියෙන් තහනම්ද (දී)

:       0       0

ජීවන් Saturday, 12 April 2014 01:23 PM

අවුරුදු කියලා වංචාව නවත්තන්නේ නැහැ, (දී)

:       0       0

බණ්ඩාර Saturday, 12 April 2014 01:25 PM

ගන්දර සයිමොන්ගේ අදහස හරි, නියම නිර්මානාත්මක මාතෘකාවක් (දී)

:       0       0

ලක්මාල් Saturday, 12 April 2014 01:27 PM

මිනිස්සු ජිවත් වෙන්නද නැතිනම් නොදැනුවත් කම නිස්සාද මෙවන් වැඩ කරන්නේ (දී)

:       0       0

රණා Saturday, 12 April 2014 01:56 PM

මහ බැංකුව මගින් ප්‍රකාශ කර ඇති පොතක විනිමය පාලන රෙගුලාසි ගැන තිබෙනවා. ඒ අනුව රත්තරන් පිටරටට රැගෙන යා හැකියි. රේගු ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුත්තේ මූල්‍යමය කටයුතු වලට ගනු ලබන රන් සදහා පමණයි. එහිත් සීමාවක් නැහැ. ප්‍රකාශ නොකළ යුතු දෙයක් සඟවාගෙන යාම වරදක් නොවේ. (නි)

:       0       0

විද්ව Saturday, 12 April 2014 02:03 PM

දමිත්, රත්තරන් කියන්නේ වටිනාකමකට. ඒ වටිනාකම තීරණය කරන්නේ විනිමය වෙළඳපොල හරහා රටක මධ්‍යම බැංකුව විසිනුයි. රටකට රත්රන් මිලදී ගන්නේද එම රටේ මධ්‍යම බැංකුවයි. රත්තරන් බෙදා දෙන්නේද මධ්‍යම බැංකුවයි. රටක රත්තරන් වැඩිවෙන්න වැඩිවෙන්න ඒ රටේ ආර්ථිකයට බෙහෙවින් ශක්තිමත් පිළිගැනීමක් තියෙනවා. එහෙයින් රටක ආර්ථිකය උස් මිටි කරන්නට අදාළ වන වැදගත් මුලද්‍රව්‍යයක් වන්නේ මේ රත්තරන්ය. ඒ අනුව රටකින් රටකට නීති විරෝධීව රත්තරන් එහා මෙහා ගෙනයාම තහනම් වේ. මෙය අද ඊයේ ඇතිකළ නීතියක් නොවෙයි. (නි)

:       0       0

භානු Saturday, 12 April 2014 02:28 PM

ඔක්කොම රත්තරන් චෙන්නායි පැත්තටම තමා ඇදෙන්නේ. පහුගිය දවස් වල මිනිස්සුන්ගේ කනේ කරේ තිබිලා කඩා ගෙන ගිය ඒවත් එහෙ තියනවාද දන්නේ නැහැ. (නි)

:       0       0

සලීම් Saturday, 12 April 2014 02:46 PM

අනේ මන්දා, මේ අවුරුද්දකුත් අත ළඟ තියාගෙන කරගන්නා දේවල්? (නි)

:       0       0

සිල්වා Saturday, 12 April 2014 02:48 PM

වෙන ක්‍රමයකටයි ඕවා ගෙනියන්න තිබුණේ.... (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 12 April 2014 03:38 PM

රන් ග්‍රෑම් 245ක් අල්ලන්න රේගුවේ 9 දෙනෙක් සහභාගි වුණාද?(නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 12 April 2014 04:20 PM

පද්මා,ශාන්ති,මෙයා අවුරුද්දට ඉල්ලන් කාලා තියෙන්නේ.(නි)

:       0       0

ලංකාතිලක Saturday, 12 April 2014 04:38 PM

රණා නමැති කෙනෙක් අමුතුම විදියේ අසත්‍යක් ප්‍රකාශ කර තිබෙනවා. ටිකක් කියවලා බලන්න, සොයා බලන්න, ආසා හිතෙනවා දැනගන්න. (නි)

:       0       0

අංජන Saturday, 12 April 2014 05:40 PM

අනේ රත්තරන්, මෙහෙම කරන්න එපා(නි)

:       0       0

සංකල්ප Saturday, 12 April 2014 06:57 PM

රනා, සිල්වා,හිෂාන් වැනි අයගේ කොමෙන්ට්ස් දකිනකොට ප්‍රශ්නය තේරුම් ගෙන නැති බව හොඳටම පැහැදිලිවෙනවා. කෙටියෙන් කියනවා නම් රත්රන් නීති විරෝධී ලෙස පිටරට ගෙනයාම සපුරා තහනම් දෙයක්. රත්තරන් යනු කුමක්දැයි මෙහි විද්ව නමැති කෙනෙක් සරලව විග්‍රහ කරනවා. රටක රත්රන් යනු ආයෝජන සඳහා උපයෝගී කරගන්නා මුදලට සමානම දෙයකි. රත්රන් පිට රටකට ගෙනයාම යනු රටක මහා බැංකුව විසින් කරන විකිණිමකි. ඒ හැරෙන්නට පිරටකට හොර රහසින් ගෙනයාම කළ නොහැකිය. එසේ කරන්නෝ රටට ආදරයක් නැත්තෝය. මෙවැනි වරදවලට දඩ ගැසීම පමණක් ප්‍රමාණවත් නැත. (දී)

:       0       0

මනෝජ්-සාජා Saturday, 12 April 2014 07:12 PM

මෙතැන දාල තියන අදහස් බැලුවම රත්තරන් කොච්චර වටිනවා උනත් එපා වෙනවා . (දී)

:       0       0

සහන් බණ්ඩාර Saturday, 12 April 2014 07:46 PM

ලෝක වෙළද පොලේ මිල වැඩිලු රත්තරන්........සමහරු හොර රහසේ ගෙනයාලු රත්තරන්.......උකස් කරල සින්න වෙන්නේ අපේ රත්තරන්.....මේවා දැකල කෝප ගන්න එපා 'රත්තරන්'.................. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1087 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6705 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3670 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 308 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1539 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1643 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28689 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23610 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site