කොග්ගල සිට ගාල්ල අධිවේගී මාර්ගය හරහා කඩුවෙල දක්වා ශ්‍රී ලංගම අධි සුඛෝපභෝගී නව බස් රථ සේවාවක් අද (4) සිට ආරම්භ විය. කොග්ගල සිට කඩුවෙල දක්වා බස් ගාස්තුව රුපියල් 450ක් බව ලංගමය පවසයි. මේ සඳහා බර්රථ 10ක් යොදවා ඇත.
කොග්ගල සිට ගාල්ල අධිවේගී මාර්ගය හරහා කඩුවෙල දක්වා ශ්‍රී ලංගම අධි සුඛෝපභෝගී නව බස් රථ සේවාවක් අද (4) සිට ආරම්භ විය. කොග්ගල සිට කඩුවෙල දක්වා බස් ගාස්තුව රුපියල් 450ක් බව ලංගමය පවසයි. මේ සඳහා බර්රථ 10ක් යොදවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! දුප්පත් ලංගම බස් ටික ප්‍රවේශම් කරගන්න. පුද්ගලික අංශය කියන විදියට වැඩ නොකළොත් ලංගම බස් ඔක්කොම නැතිවේවි. ලංකාවේ ගමනාගමනය පාලනය කරන්නේ ඒගොල්ලොනේ. (නි)
කරුණාකර ලබන ඡන්ද වලදී ජනතාද්‍රෝහී දේශපාලකයන්ට සහ ඔහුගේ සහචරයන්ට මනාප නොදී සන්ධානයේ හෝ වෙනයම් පක්ෂයක බුද්ධිමත් , අවංක , සංවර පුද්ගලයෙකුට ඔබගේ මනාපය දෙන්න.ඔවුන් අපිට සේවය කරන්න කියලා ඡන්දය අරගෙන ආණ්ඩුවෙන් අපිට ලබාදීලා තිබෙන සහනත් කඩකප්පල් කරලා දානවා (නි)
ශ්රී ලංකාවේ ජනගහනයෙන් 95% දිලිදු සහ මධ්‍යම පන්තික ජනතාවක් ඔවුන්ට ප්‍රාඩෝ , පැජරෝ හෝ බෙන්ස් වාහන නොමැත , අපට ජනාධිපති තුමා අධිවේගී මාර්ගයේ ගමන් කරන්න දීපු ලංගම බස් ටික ඩිපෝ වලට ගාල් කරපු මේ දේශපාලකයන්ට සහ බස් මුදලාලිලාට විරුධව ජනතාව පාරට බැස උද්ගෝෂණය කරන්න කාලය පැමිණ ඇත .ගවයන්ගේ ඓතිවාසිකම් වලට, පවා දිවිනසා ගනිමින් උද්ගෝෂණ කරන සංවිධාන ඇති රටක මගී ජනතාවගේ ඓතිවාසිකම් වෙනුවෙන් තවම මේ කිසිම සංවිධානයක් පෙනී නොසිටීම විමතියට කරුණකි , (දී)
යන්නේ කොහොමද ප්‍රවාහන සේවයක් නැහැනේ (දී)
මාතර-කොළඹ අධිවේගී මාර්ග බස් සේවය අාරම්භ නොවන්නේ අැයි ඇයි මාතරට යන්න මිනිස්සු නැදද......??????????????? (දී)
මාතරට යන්න වෙන පාරක් තියෙනවා . ගාලු හරහා යන්න ඕනේ නැහැ (දී)
මෙම අධි වේගී මාර්ග වල බස් රථ වලට සහ බර වාහන රියදුරන්ට විශේෂ අවවාද දිය යුතුය , වාහන පැදවීමේ නිතිය පිලිබඳ / උපරිම වේගය සහ වාහන දෙකක් අතරේ තිබිය යුතු දුර ප්‍රමාණය . සහ වාහන අධිවේගී මාර්ගයට දැම්මට තිබිය යුතු කාර්මික ප්‍රමිතියත් . මේවා හරියට කලොත් අනතුරු අවම කල හැක (දී)
කොග්ගල ඉදන් කඩුවෙලට රු. 450.00 නමුත් මහරගම ඉදන් ගාල්ලට රු.500.00 මොකක්ද මේකේ පදනම. වැඩි දුරක් තියෙන්නේ කොහෙටද කවුද මේවයේ ගාස්තු නියම කරන්නේ. කරුණකර ගාල්ල මහරගම ගාස්තු අඩු කරන්න එක හරි අසාධාරණයි . (දී)
අධි වේගී මාර්ගය මාතරට නම් බස් එක කොග්ගල ට සීමා කරන්නේ මිනිස්සු දකුණු පළාතට යන්නේ මඩොල්දුව බලන්න විතරක් කියල හිතන නිසා වෙන්න ඇති. (ස)
කොග්ගල සිට බස් රථ සේවය අාරම්භ කිරීමෙන් වැඩි දෙනෙකුට සෙතක් නැති බව මගේ හැඟීමයි. මාතර-කොළඹ අධිවේගී මාර්ග බස් සේවය අාරම්භ නොවන්නේ යම් බලවතෙකුගේ නියමය පරිදි බව අපි දන්නවා.පොදු මහජනයාගේ පහසුව කවුරුන් හෝ වේවා මේ බලවතාගේ නියමයට යටයි. මැති, අැමති, මහ අැමති විශාල සංඛ්‍යාවක් ඉන්න මේ රටේ පුළුවන් නම් කවුරුන් හෝ ඉදිරියට විත් මාතර-කොළඹ බස් සේවය අාරම්භ කර පෙන්වන ලෙස ඉල්ලා සිටනවා. (නි)
කමක් නැහැ. මෙහෙම ටිකෙන් ටික ඉදිරියටම යමු. (නි)
අපෙන් සුභ පැතුම්! (නි)
තව බස් රථ ටිකක් යෙදෙවුවා නම් නේද හොඳ? (නි)
ආණ්ඩුවේම සමහර දේශපාලකයෝ ලංගම බස් ධාවනයට ඉඩ නොදෙනකොට අධිවේගී මාර්ගයෙන් ජනතාවට ඇති ඵලය කුමක්ද? (නි)
මට පෙනෙන විදිහට ලංකාවත් දැන් අර සෝමාලියාව වගේ. දේශපාලකයන්ගේ ලේකම්ලා කියාගන්න උදවිය, බස් මුදලාලිලා සහ වෙන වෙන ජාවාරම්කාරයෝ කොටස් වලට කඩාගෙන තමන්ට ඕනෑ ඕනෑ විදිහට පාලනය කරන්නේ. (නි)
හොඳ වැඩක්. දැන් වෙලාවට ගමනක් යන්න පුළුවන් (නි)
අැයි මාතරට බස් දාන්න බයද?... (ස)
වැඩේ නම් හොදයි ගමනාගමන පහසුකමත් දුන්නානම් තමයි හොද (දී)
මේ පාරේ බස් යනවාද (දී)
මහරගම සිට ගාල්ලට යනව වගේ ගමනාන්තය පිළිවෙලකට දුවනවනම් වැඩේ හොඳයි. කොග්ගලට යන එක තේරුමක් නෑ නේද? (දී)
අයියෝ ඔයාගේ කට වගේ වැඩ නෑ.(නදී)
මංගලගේ කුරුදු පොලු හමුදාවට බයේ බස් මාතර යන්නේ නෑ..(නදී)
ආණ්ඩුවත් දැන් ඒ කාලේ එජාපය වගේ වෙලාද මන්දා. කෝ අපේ ඒ ජ නි ස ආණ්ඩුව දෙවියනි? (නදී)
මාතරට ඔය තරම් බයද? දැන් කියන්න බලන්න කාල සටහන (නි)
රදිකා, අඩුවට ගත්තම කුට්ටිය යන්නේ.(නදී)
පුද්ගලික බස් කාරයන් හා කොමිස් ගන්න පාලකයන් නිසා ලංකාවේ පොදු ගමනා ගමනය දියුණු කල නොහැක.(නදී)
අඩුවට නෙමේ සබ්ද අඩු ,හොඳ සැප ජපන් බස් පාරට දමමු.(නදී)
ඇයි මාතරට නොයන්නේ? අඩුම ගානේ ගාල්ලටවත් නොයා මේක සාර්ථක වෙන්නේ නැහැ. පුද්ගලික බස් වලට මෙපමණ බයද? (නි)
කොග්ගල සිට මාතරට මදවේගයෙන්.(නදී)