(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව විවිධත්වයෙන් පොහොසත් ජාතියක් වන අතර, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවය තුළින් අනාගතය ශක්තිමත් කිරීමට අප සැම එක්ව ක්‍රියා කළයුතු බව අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය රාමසාන් දින පණිවිඩයෙන් පවසයි.
රාමසාන් උත්සවය අපට සිහිපත් කර දෙන්නේ සහජීවනය, ඉවසීම, යුක්තිය සහ සාමය අරමුණු කොටගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවය බවද අග්‍රාමාත්‍යවරිය කියයි.
ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින අපගේ ඉස්ලාම් භක්තික සහෝදර සහෝදරියන් පූජනීය රාමසාන් උත්සවය සමරන මේ මොහොතේ, සාමය, සමෘද්ධිය සහ අධ්‍යාත්මික සැනසීම වෙනුවෙන් මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
රාමසාන් යනු ගැඹුරු පසුවිපරම, යාච්ඤාව සහ ස්වයං විනය පිළිබඳ කාලයක් මෙන්ම එය අපට අනුකම්පාව, ත්‍යාගශීලීභාවය සහ එකමුතුකම යන වටිනාකම්ද උගන්වන කාල පරිච්ඡේදයකි. මෙම ශුද්ධ මාසයේ අපගේ මුස්ලිම් සහෝදරත්වය අනුගමනය කරනු ලබන උපවාසය භක්තියේ ක්‍රියාවක් පමණක් නොව, අව වරප්‍රසාදිත අපේම සහෝදර ප්‍රජාව මුහුණ දෙන අරගලයන් පිළිබඳ සිහිපත් කිරීමකි. එය පවුලේ අය, මිතුරන් සහ ප්‍රජාව සමඟ අපගේ බැඳීම් ශක්තිමත් කරන අතරම ඉවසීම, නිහතමානිකම සහ කෘතඥතාව වර්ධනය කිරීමටද හේතුවන කාලයකි.
එහි හරය තුළ, කරුණාව දැක්වීම, සමාව දීම සහ පුණ්‍ය කටයුතුවල යෙදීම වැනි මානව හිතවාදී ක්‍රියාවන් අන්තර්ගතය. මෙම කාලය තුළ පිළිපදින සකාත් සහ සදකා පිළිවෙත, අවශ්‍යතා ඇති අය සමඟ බෙදා හදා ගැනීමේ වැදගත්කම පිළිබිඹු කරන අතර සැබෑ සමෘද්ධිය යනු අනිකාට නැගී සිටීමට අතදීම බවද අපහට සිහිපත් කරයි. මෙම වටිනාකම් විශ්වීය වන අතර ඉස්ලාම් බැතිමතුන් පමණක් නොව සියලු ජන ප්‍රජාවන් සමඟ ගැඹුරින් බැඳී පැවතිය යුතුය. එසේම ඒවා විවිධ ඇදහිලි සහ නොයෙක් ආගමික සමාජීය පසුබිම්වල ජනතාව අතර සමගිය සහ අවබෝධයද පෝෂණය කරනු ඇත.
උපවාස මාසය ප්‍රීතිමත් ඊද් උත්සවයෙන් අවසන් වන නමුත්, මේ රාමසාන් උත්සවයේ වටිනාකම් වන අනුකම්පාව, එකමුතුකම සහ පරාර්ථකාමීත්වය - අපගේ දෛනික ජීවිතයට එක්කර ගැනීමට කටයුතු කරමු. මෙම ආශිර්වාද ලත් මාසය අපසැමටත් සමස්ථ රටටත් ජාතියටත් සාමය සහ සෞභාග්‍ය පිළිබඳ පණිවිඩය ගෙනෙනු ඇත.
කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.
විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා
ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අනාගතය ශක්තිමත් කරන්න එක්ව වැඩ කරමු
සුමනාවතී Monday, 31 March 2025 09:56 AM
අගමැතිතුමියණි, මම ඔබට ගොඩක් ආදරෙයි. ගරැ කරනවා, ඒ වගේම අනුර ජනාධිිපතිතුමාටත් ඒ වගේම ආදරෙයි ගරැ කරනවා. නමුත් මතක කියා ගන්න පිට වගේම ඇතුලෙත් හොරැ ඉන්න බව. ඒ කියන්නෙ හොර කම් කරනවා කියන එක නොවෙයි. නමුත් පුතිපත්ති අතින් ගැල පෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දෙපළම ඔයිට වඩා තදින් ඉන්න ඕනේ
අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩMonday, 31 March 2025 10:59 AM
සුමනාවතී කියපු නතාව මම තදින්ම පිළිගන්නවා. මමත් ජනාධිපතිතුමාටයි අගමැතිතුමියටයි හරිම ආදරෙහි. ගරැ කරනවා. ඒ දෙන්නම හරිම සිලාචාරයි. අනික අපේ රටේ බොහෝ දේශපාලකයින්ට හරිම ආදරශමත් චරිත දෙකක්. අවංකයි. යමක් කරන්න අවංකවම උත්සාහ කරනවා. ඒ වුනාට සමහර පක්ෂයේ නම ගිය අය ගැන අපිට එහෙමම කියන්න බැහැ. ඒක නිසා බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. නිතරම ජනතා අදහස් විමසන්නත ඡන්දයක් ලගට ආවහම ලැහැස්ති වෙලා වැඩක් නැහැ. හැම දාම ඡන්දෙ අත ලගම කියල හිතාගෙන ජනතාවට ඕන දේවල් කරන්න. මම ඔබ දෙපළට විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. සුභ පතනවා.
Mohan Mangala Mapa Monday, 31 March 2025 10:36 AM
එහිදි තීරණ ගන්නේ නැතුව ලංකාවේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න බෑ.... පක්ෂය සහ බලය ගැන නොහිතා නීතිය බල ගැන්වීමත් එය ක්‍රියාත්මක කිරිමත් උපරිම උත්සහයක් ගත යුතුයි
රම්බොඩ Monday, 31 March 2025 10:42 AM
ඔය කියන සහජීවනය එයාලා ළඟ නෑ. ඒක බොරු වදනක් විතරයි. එයාලාගෙ ප්‍රජාණනය ම විකෘතියක්.
Nimal Monday, 31 March 2025 12:08 PM
සියල්ලටම කලින් ජාතික ආරක්ෂාව හදාලා ඉන්න... ජාතික ආරක්ෂාව තියා පොලිසියටවත් ආරක්ෂාවක් නෑ...
Jamal Monday, 31 March 2025 03:10 PM
ලොක්කාටම හරියන කෙනො මෙයාත් කියපු එකක්වත් කරන්නේ නෑ... ඔක්කොම අමතකයි.. බොරු බයිලා විතරයි
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Monday, 31 March 2025 06:43 PM
හැපී රාමඩාන්...!