(යොහාන් භාසුර)
විදුලිය බිඳ වැටී පැය හයකට පමණ පසු දිවයින පුරාම විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකි වූ බව විදුලි බල මණ්ඩය දැනුම් දුන්නේය.
කොත්මලේ සිට බියගම දක්වා විදුලි රැහැන්වල දෝෂයක් මෙම විදුලි විසන්ධිවීමට හේතු වි ඇති බව විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විදුලි බල මණ්ඩලය පවසා සිටියේ මෙම සිද්ධියෙන් විදුලි පාරිභෝගිකයනට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් සිය මණ්ඩලය කනගාටුව ප්‍රකාශ කරන බවයි.
තවද විදුලිය විසන්ධි වූ මොහොත් මාධ්‍ය සිදු කළ මෙහෙය සම්බන්ධයෙන් සිය කෘතඥ තාවය ද පුද කර ඇත.
කෙසේ වුවද මෙම විදුලි විසන්ධිවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරම්භකරන බවද විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
-----------------------------
(යොහාන් භාසුර)
මුළුමනින්ම ඇන හිට තිබූ විදුලි සැපයුම මේ වනවිට ප්‍රදේශ කිහිපයක යථා තත්වය ට පත්ව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
සෙසු ප්‍රදේශවල විදුලි සැපයුම ද කඩිනමින් ලබා දීමට කටයුතු කරමින් ඇති බවද පවසයි. පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද සවස රට පුරාම විදුලිය විසන්ධි විය.
ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් විදුලිය විසන්ධිවීමට හේතුවී ඇති බව විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය.
රාත්‍රි 9.30 පමණ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කළ හැකි බවද එම ප්‍රකාකයා වැඩි දුරටත් පැවැසීය.
කෙසේ වුවද ජාතික රෝහලට ඇතුළු සියලු රෝහල් ආසන් ප්‍රදේශවලට මුලින්ම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරිමට විදුලි බල මණ්ඩලය කටයුතු කර ගෙන යයි.
විදුලිය විසන්ධි වීම නිසා ජල සැපයුමට ද යම් බාධාවක් එල්ල වි ඇතැයි වාර්තාවේ.
--------------------------------------
6.48
ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටේ
(යොහාන් භාසුර )
කොළඹ, ගාල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්ක ඇතුළු විශාල ප්‍රදේශයකට විදුලි සැපයුම බිඳ වැටී ඇති බව ජනතාව පවසති.
මෙම විදුලි බිඳ වැටීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී පැවසුවේ විදුලිය බිඳ වැටීමක් පිළිබඳව වාර්තා වී ඇති බවත් එම විදුලි බිඳ වැටීමට හේතුව මෙතෙක් වාර්තා කර නොමැති බවත්ය.
ලංකා විදුලි බල මණ්ඩලය ඉංජිනේරු අංශය මේ වන විට ඒ පිළිබඳව සොයා බලමින් සිටින බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
කමල් අමරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස පත්කරනු ලැබ සිටි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අඳුරු වූ රටට පැය හයකට පසු ආලෝකය
Dharmatileke Saturday, 09 December 2023 10:10 PM
ඒක අලුත් දෙයක්ද?
Lalla Saturday, 09 December 2023 10:57 PM
වැඩබැරි ටාසන්ලා පිරුණු ලංවිම... මැතිසබයට ගැලපෙන කට්ටිය නේද? අතිරේක සම්ප්‍රේෂණ මාර්ග හෝ උපකරණ නැති ජාලයක් තබාගෙන බීලා වැඩිකර පඩි සහ දීමනාත්, විශ්‍රාම වැටුපකුත් ගන්නවා නේද? ලංවිම රටට පිළිකාවක් නොවේද? මේ සියලු බර පෞද්ගලික අංශයට නේද?
Bamunuarachchi Sunday, 10 December 2023 09:19 AM
ඔවැනි බලාපොරොත්තු රහිත දේවල් සිද්ද වෙනවා. කණගාටුවට කරුණ සමහර නූගත් මිනිස්සු දක්වපු ප්‍රතිචාර...!
චින්තක Sunday, 10 December 2023 05:58 PM
ඇත්ත... ඒත් ඒ වෙලාවේ අපේ ස්ථාවර හා ජංගම දුරකථන අක්‍රිය වුණා... CEB ඇෆ් අක්‍රිය වුණා. තොරතුරු දැනගැනීමේ කැමැත්ත නිසා ප්‍රදේශයේ විදුලි අධිකාරී කාර්‍යාලයට කතාකරන්න අමාරුයි. දුරකථන භාවිතයේ නැහැ කිව්වා හරියට තොරතුරක් ලැබුණා නම් ඉටිපන්දම් හෝ ගේන්න තිබුණා... ඒකත් නැතුව හරිම දුකක් ඇතිවුණා...