විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඔවුන් පිළගැනීමට එහි රතු පළස එළා තිබිණි.
ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඔවුන් පිළිගත් අතර සර්ව ආගමික වතාවත්වලින් පසු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.
ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමට විශාල පිරිසක් කටුනායක ගුවන්තොට අසළ රැස්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරාගේ අදහස කියවලා මම තවම හිනා වෙනවා. ඔයාට තිබුණ මොළය මේ ලෝකයේ කාටවත් නොතිබුණ එකනේ පුදුමේ. ඔය පණ්ඩිතකම් පැත්තක තියලා කරුණට අදාලව අදහස් දාන්න.කුහකකමක මහත! තාමත් සුභ පැතුවේ නැහැ නේද? (නි)
මගේ උණුසුම් සුභ පැතුම්, සියලුම ක්‍රීඩකයන්ට. (නි)
අපි සැමදා ඔබට ණයගැතියි විරුවනේ. (නි)
සියලුම ක්‍රීඩකයින්ට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
ලංකාවේ සිංහයන්ට ජය වේවා! නමුත් අපේ ගොඩක් අයට චන්දිමාල්ව අමතක වෙලා. ප්‍රවීන් වගේ ක්‍රීඩාලෝලීන් ඉන්නකම් අපේ රටේ ක්‍රිකට්/ ක්‍රීඩකයන් ආරක්ෂා වේවි. චන්දිමාල්, ඔයා කවදාහරි ක්‍රිකට් වල අර්ජුන රණතුංග කෙනෙක් වෙනවා කියලා අපිට විශ්වාසයි. ඔබට ජය. (නි)
රටට ජයක් ගෙනදුන් ඔබට ඉදිරියටත් ජයෙන් ජය ලැබේවා! (නි)
ඔබ සියලු දෙනාටම සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! වචන වලින් කියලා නිම කරන්න බැරි සතුටක් තියන්නේ. ජය වේවා! (නි)
ලංකාවේ නම ලෝකය පුරා රැඳෙව්වාට ගොඩක් සතුටුයි අපට. (නි)
මගේ ලක් මව සැමදා දිනේවා! (නි)
සංගා, මහේල, මාලිංග ඇතුළු සැම සදා අපේ හිත්වල රැඳේවි (නි)
බන්දුල පෙරේරා කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ.අනේ මන්දා මර්වින්, මෙයා කවදා දෙයක් තේරුම් ගනීද කියලා (නි)
ඔබයි අපගේ දේශයේ සැබෑ අභිමානය... (නි)
අපේ පුංචි රට ශ්‍රී ලංකාව, ලෝකයේ මුල් තැනට ගෙනඒමට කැපවීමෙන් ක්‍රීඩා කළ අපේ සිංහ පැටවූ ටිකට උණුසුම් සුභ පැතුම් පතමු ! (නි)
මහේල, සංගක්කාර, ඔබ දෙපල ඇත්තෙන්ම විශිෂ්ටයි. (නි)
ජය වේවා! (නි)
ලියන්න වචන නැහැ. මමත් ලංකාවේ හිටියා නම් අනිවාර්යයෙන්ම සුභ පතන්න,දැකගන්න එනවා.මගේ චුටි පුතා ලංකාවේ ඉඳලා අපි දිනපු හැටි ලස්සනට කියනවා.එයාට දැන් අවුරුදු 5යි. අපේ ක්‍රිකට් වීරයන්ගේ නම් කීපයක්ම දන්නවා (නි)
මෙදා සැරේ අවුරුද්ද නම් ජයටම කන්න පුළුවන් (නි)
මගේ ලක් මෑණියන් සැමදා දිනේවා! (නි)
ඇත්තටම මට හිතාගන්න බැරි සතුටක් තියෙන්නේ. මේ වගේ ජයග්‍රණයක් ලැබූ මොහොතේ ලංකාවේ නැති එක ගැන ගොඩක් දුකයි (නි)
සිරියලතා කියන්නේ ලංකාවේ ඉන්න බැරිවුණාට කරුමය කියලාද? ඒකට කමක් නැහැ.තවම ප්‍රමාද නැහැ.වහාම ලංකාවට පියාඹලා එන්න. (නි)
සැමදා දිනේවා ලක් මෑණි මගේ! (නි)
ලෝක කුසලාන දිනාගෙන මවුබිමට පැමිණි සියලුම ක්‍රීඩකයින්ට අපේ උණුසුම් සුභ පැතුම් හද පිරි සතුටින්! (නි)
සුභ පැතුම්! ක්‍රිකට් නිසා රටේ සියලුම දෙනා සතුටින් ඉපිලෙනවා.මටත් හරිම සතුටුයි.ඡන්ද කාලෙට මේ මිනිසුන්ම පිල් බෙදිලා කපා කොටා මරාගන්නවා. (නි)
චාමි, මේ හැසිරීම ලෝකෙටම පොදු දෙයක්. ඇමෙරිකාවේ ඉස්කෝල තරඟ අවසානයේත්, බ්‍රසීලයේ ගම් දෙකක් අතර තරඟ අවසානයේත්, යුරෝපයේ කණ්ඩායම් අතර තරඟ අවසානයේත් මේ කී නොකී හැමෝම මේ විදියට හමුවෙනවා ඒ නිසා අප්සෙට් වෙන්න එපා. . (දී)
විශිෂ්ටයි, නියමයි, අපේ කණ්ඩායමට ජය වේවා. (ස)
ලංකාවට ගෞරවයක් ගෙන ආවට හදවතින්ම අපි ඔවුන්ට ආශිර්වාද කරමු . ආයු රඛකන්තු ආ වඩා. (නදී)
ජයවේවා ශ්‍රී ලංකා කණ්ඩායමට! ඔබ අපට අභිමානයකි.සුපිරි තරගයක් අපි බැලුවා. ඔබට ජය! (නි)
අපේ ක්‍රිකට් විරුවන්ට සුබ පැතුම්! (නදී)
හොඳයි, බන්දුල මහත්තයෝ, 86දී ත්‍රස්තවාදී ක්‍රියාවක් හැරුනුකොට අපේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් යානයක් මගීන්ගේ ජීවීත අනතුරට ලක් කරමින් වැටුණු බවක් අසා තිබේද? සිංගප්පුරු ගුවන් සේවය අනතුරුවලට ලක්වී ඇත. එහෙත් තවම අපේ ගුවන් සේවය නිසා ජීවීත හානි වී නොමැත. එසේ නැතත්, මෙම ගුවන් යානය ගොඩබෑවේ කටුනායකයි. කාලගුණය නිසා වෙනත් ගුවන් තොටුපලකට ගොඩ බැස්සුවා නම් සමහරවිට අවදානම් තත්ත්වයක් ඇතිවීමට තිබුණි. කටුනායක පැමිණීමට කිසිදාක බියවිය යුතු නැත. (නි)
ජය වේවා! සියලු දෙනාම එකමුතුව සෙල්ලම් කළා. සුභ පැතුම් මාලිංග, සංගා, මහේල, චන්දිමාල් ඇතුළු සියලු දෙනාටම. බන්දුල පෙරේරා කියනදේත් ඇත්තක් තිබෙනවා. ඒ කතාවේ වැරැද්දක් නැහැ. (නි)
අපේ විරුවන්ට මතක ඇතුව පඩි වැඩි කරන්න.(නි)
අපේ කොල්ලෝ දිනුවත් පැරදුනත් අපි ආදරයෙන් පිලි ගන්නවා (දී)
අපේ බන්දුල පෙරේරා මහත්තයව තමා ක්‍රීඩා ඇමැතිකමට ගන්න තිබුනේ. එතකොට ක්‍රීඩකයන් එක්කෙනාට එක ගුවන් යානය බැගින් සපයා දෙවි. ක්‍රීඩා අරමුදල හින්දුනත් කමක් නැහැ .ලෙඩා මලත් බඩ සුද්දයි කියලා සතුටු වෙන්න පුළුවන්. බන්දුල මහතාණෙනි මේ ප්‍රීතිමත් අවස්ථාවේ අපි ඉස්සෙල්ල ක්‍රීඩකයන් ට සුභ පතා ඉන්පසු ඔව්න් ගේ ජීවිතාරක්ෂාව ගැන සිතමු. (දී)
ලෝක කුසලානය දෙස බැලීමට වෙලාවයි (දී).
මාලිංග කියන්නේ අති දක්ෂයෙක්. වාසනාවන්ත නායකයෙක්. නමුත් දිනේෂ් චන්දිමාල් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම මහත්මයෙක්.අයි.පී.එල් වලදී තමන්ට ලැබුන ලන්සුව පසෙක තබා ගෙදර හිටියා. 20/20 ලෝක කුසලානයේදී අවසාන තරග තුන කැපකළ, තරඟ දිනන විට අවංකවම සතුටු වුණ නියම ශ්‍රී ලාංකික කොල්ලෙක්. චන්දි ,ඔබට ජය! (නි)
ජය වේවා (දී)
අපේ සුභපැතුම් (දී)
ක්‍රිකට් විරුවනි, ඔබ මුදලට ක්‍රිකට් ගසා (අයි පි එල්) රටට පැමිණි විටදී ලැබුණු ප්‍රතිචාරයත්, රට වෙනුවෙන් ක්‍රීඩා කර පැමිණෙන විටදී ලැබෙන ප්‍රතිචාරයත් ගැන සිතන්න. සැමවිටම 'පළමුව මව්බිම' ලෙස සිතන්න. ඔබ සැමට මගෙත් උණුසුම් සුබ පැතුම්. (දී)
තව තවත් මේවගේ ජයග්‍රහණ ලබා ගන්න ශක්තිය අපේ කොල්ලන්ට ලැබේවා (දී)
අපේ වීරයන්ට ජය වේවා (දී)
අපේ සිංහ පැටියනි, 2015 වසරේත් රතු පලස උඩින් එන්න සමගියෙන් කටයුතු කරන්න. ජාතියේ ආශිර්වාදය ඔබට. (නි)
වාස් සහ මාවන් අමතක කළ යුතු නැහැ නේද? (නි)
දැන් ඉතින් මණ්ඩලය උඩ පැන පැන නටාවි.දැක්කනේ සංගයි මහේලයි කළ කතාව. (නි)
ඒ වුණාට චන්දිමාල්ට මෙහෙම නොකර ඉන්නයි තිබුණේ (නි)
හදවතින්ම සුභ පැතුම්! ලංකාවේ ඉපදීම ආඩම්බරයක් (නි)
අපේ නිහතමානී ක්‍රීඩකයන්ට සැමදා ජය. අනේ කෝ තව ෆොටෝ දාන්න අපිට බලන්න. සංගා මහේල ඔබ දෙපල විශිෂ්ටයි. (ස)
ජය වේවා ශ්‍රී ලංකා !!! (ස)
ලක් මෑණියන් සැමදා දිනේවා!!! (ස)
සැමදා ජයෙන් ජය ලක් මෑණියන්ගේ දරුවන්ට. රන්පලසක්ම වේවා යන ගමන ඉදිරියෙන් ඉදිරියට. පෙන්නුවා අපේ සුරු විරු කම ලෝකයට . මුළු හදවතින් සුබ පතනෙමි අපේ මේ විරුවන්ට. (ස)
අනේ මගේම කරුමෙට මේ දවස්වල මට ලංකාවේ ඉන්න බැරී වුණානේ. ජය වේවා අපෙ විරෝදාර සිංහ පැටවුනේ (ස)
නියමයි. නියමයි. ජය වේවා. ක්‍රිකට් පොතේ ලංකාවේ නම රැදෙව්වට ගොඩක් සතුටුයි අපට. අපේ කොල්ලන්ට ජය වේවා. (ස)
අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් ! (ස)
ජය ශ්‍රී... (ස)
අපේ සිංහ පැටව්න්ට ජය වේවා. (ස)
එළ එළ කොල්ලනේ. ජය වේවා. මගේ ලක්මෑණියන් සැමදා දිනේවා. (ස)
අපිට කියාගන්න වචන නැහැ. අපේ සිංහයෝ අපි වෙනුවෙන් ලෝකය හෙල්ලුවා. සංගා, මහේල, මාලිංග ඇතුළු සැම සදා අපේ හිත්වල රැදෙනවා. අපි වෙනුවෙන් 2015 ලෝක කුසලානය දිනන්න සැම ශක්තියක්ම ලැබෙන්න කියා මම ප්‍රර්ථනා කරනවා. ජය ශ්‍රී ලංකා. (ස)
ජය වේවා අපේ රජ පැටවුන්ට. (ස)
ජය වේවා විරුවනේ. අපිට එහෙට ඇවිත් ජයඝෝෂා පවත්වන්න වරම් නැහැ. එහෙත් අපි සැමදා ඔබට ණයගැතියි විරුවනේ. (ස)
අපේ කණ්ඩායමේ එකමුතුකම තමයි අද අපි හැමෝටම මේ ලැබිල තියෙන්නෙ. සැමදා දිනේවා ලක් මෑණි මගේ. (ස)
ජය වේවා!!! (ස)
ජය වේවා !!!! ඔබට සැමදා ජය !!!! ඒත් චන්දිමාල් කරපු කැප කිරීම අමතක කරන්න එපා. සමාන ගෞරවයක් චන්දිමාල්ටත් ලැබිය යුතුයි. (ස)
අපේ රටට කීර්තියක් ලබා දුන් සියලුම ක්‍රිකට් විරුවන්ට සුබ පැතුම්. (ස)
ජය වේවා. ස්තුති මහේල සංගක්කාර ඔබ දෙපලට,මාලිංග ඔබ විශිෂ්ටයි. ලක් මව දිනේවා!!! (ස)
අපේ ක්‍රිකට් විරුවන්ට සුබ පැතුම්!!! (ස)
ජය ශ්‍රී..... (ස)
ජය වේවා!!! (ස)
අපේ රටට ජයවේවා!! (ස)
කෝ, මම බලාපොරොත්තු වුණ කෙනා නැහැනේ (නි)
30 වසරක යුද්ධය නිම කර ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේ තවත් සන්ධිස්ථානයක් පසු කරන්න සමත් වුණා. මෙම කුසලානය දිනා ගැනීම ඕස්ට්‍රේලියාව, ඉන්දියාව,එන්ගලන්තය වැනි අපට එරෙහි රටවල් වලට කියා දුන් පාඩමක් බවයි විද්වතුන් පවසන්නේ. (නි)
20% ක් ක්‍රීඩකයන්ට ගෙවීම සාධාරණයි (නි)
මම නම් කල්පනා කළේ මැලේසියාවේ ගුවන් යානයට සිදුවූ දේවත් පාඩමකට නොගෙන තවමත් එකම ගුවන් යානයක වටිනා කියන පුද්ගලයන් මෙහෙම පටවන එකයි.තාක්ෂණයේ දියුණුවට කළ නොහැකි දේ තිබෙන බව මලයාසියා ගුවන් යානය ඔප්පු කර තිබියදී මේ වගේ තීරණ ගන්න අපේ අයගේ ඇස් ඇරෙනකොට අපිට අපේ රටට කීර්තිය ගෙනෙන ජාතික සම්පත් අහිමි වෙලා තියේවි කවදාහරි. (නි)
ජාතියේ පැතුම ඉටු වුණා.ඔබගේ ශක්තියට ජය! ඒ වගේම ඔබගේ ජය සහ පරාජයේදී පිටුපසින් සිටියේ අපේ රටේ ජනතාව බව අමතක කරන්න එපා.රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් යමක් ඔබට කරන්න පුලුවන් නම් මෙහි අගය තවත් වැඩිවේවි. (නි)
ජය වේවා අපේ රජ පැටවුන්ට! (නි)
මවු රටේ නොසිටියත් හදවතින් අපි ඔබ සමඟයි (නි)
ජයවේවා! 2015 ලෝක කුසලානයත් ලංකාවටම ලබාගන්න නුවණ ,ශක්තිය, අවස්ථාව ලැබේවා ! සැමටම ප්‍රණාමය වේවා! (නි)
ජයවේවා ශ්‍රී ලංකා කණ්ඩායමට! (නි)
ජය වේවා අපේ කොල්ලන්ට! (නි)
ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)
ජය වේවා ශ්‍රී ලංකා කණ්ඩායමට (ස)
අතපත්තුට වුණ දේ නම් චන්දිමාල්ට කරන්න එපා. ඔහුට හොඳ අනාගතයක් තිබෙනවා (නි)
අපේ ශ්‍රී ලංකා කොල්ලන්ට මගේ හදපත්ලෙන් සුභ පැතුම්! රටට තවත් ජයක් ගෙනදුන් ඔබලාට ඉදිරියට ජයෙන් ජය! (නි)
ජය වේවා ! අවුරුදු 18 කට පස්සේ. හරිම සන්තෝයි. (ස)
අපේ සිංහයන්ට තව තවත් ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා. ,අපිට ආඩම්බරයි අපේ කොල්ලෝ ගැන. (ස)
කෝ ක්‍රීඩා ඇමති (ස)
අපිට හරි සතුටුයි. අපේ කොල්ලන්ට සැබෑම සුබ අනාගතයක් ......... ජයවේවා (ස)
"අපේ රටට කීර්තියක් ලබා දුන් සියලුම ක්‍රිකට් විරුවන්ට සුබ පැතුම් !!!" (ස)
අපේ වීරයන්ට සුබ පතන ගමන්ම හාල්, පරිප්පු, සීනි පෙට්‍රල් වලට ඇහ ගහගෙන ඉම්මු ! (ස)
අනේ මගේම කරුමෙට මේ දවස්වල මට ලංකාවේ ඉන්න බැරී වුණානේ.අපේ කොල්ලන්ට ජය වේවා. (ස)
ඒත් කෝ මහේල මේ පිංතූර වල? අනේ මොකුත් හිතන්න එපා. මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති. (ස)