කිණිහිර මෙහෙයුමේදී යාපනය කොළොම්බුතුර්හි දී සතුරු ප්‍රහාරයකට ලක්වූ අජිත් ප්‍රියන්ත සෙබළා සුසුම්නිවේ ආබාධයෙන් රෝදපුටුවකට සීමා වී සිටියි.
අජිත් අවිවාහකය
අවුරුදු අසූවක් ඉක්මවූ සිය පියාත් ඊට ආසන්න වයසක පසුවන මවත් පෝෂණය කළේය.
පසුගිය පළමු වැනිදා නායයෑමෙන් ඔහුගේ නිවස යටවීය
දැන් අජිත්ටත් මව් පියන්ටත් යන එන මං නැත ප්‍රදේශවාසීහු සුසුම් හෙලමින් අජිත් දෙස බැලූවද ඔවුනද අසරණය. කරකියා ගත හැකි තත්වයක් ඔවුන්ට ද නැත
අජිත් සේම යුද්ධය වෙනුවෙන් දිවියේ කොටසක් කැප කළ හිටපු පළාත් සභා මන්ත්‍රී විකුම් ගුණසේකර මහතා ද අජිත්ගේ සුවදුක් බැලීමට රෝදපුටුවෙන් ආවේය.
අජිත්ට නිවාසයක් සකසා දීමට අවශ්‍ය ඉඩමක් ලබාදීමට වලල්ලාවිට රණවිරු සුබසාධක සංගමය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇති අතර එහි නිවාසයක් ඉදිකරගැනීම ඊළඟ ප්‍රශ්නය වී ඇත.
අජිත් ප්‍රියන්තගේ දුර කතන අංකය 0725505561
රණවිරු සුබ සාධක සංගමය- 0716241581



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ඔය හැමෝටම මේ රණ විරුවෝ අමතක වෙලා. දැන් රණ විරුවෝ ලව්වා වැලි කොට්ට අහුරනවා. (ස)
පාත්වෙන හෙන ඔක්කොම පහත් වෙන්නේ නැති බැරි අයටම නේ.අර අපි හැමෝවම බලාගන්නවයි කියන කෙනාට ඕව පෙනෙන්නේ නැද්ද එහෙම නැතිනම් ඇති හැකි කෙනා සමග අතයට ගනුදෙනු කරනවද.? (ස)
ගෝඨාභය රාජපක්ෂ මැතිඳුගේ අවධානයට මෙය යොමු වේවා. (ස)
කොළඹ වටරවුම් පාරේ කිලෝ මීටර් එකකට රුපියල් කොටි දෙසිය තිස් හතක වියදම් කරන රටක,තමන්ට රටවල් පහක ගෙවල් තියනවා කියන ඇමතිවරු ඉන්න රටක මේවා ගැන කියන්ඩ වෙන්නේ කුනුහරුපෙන්ම තමා.දේශපාලකයා සැප විඳී, රණවිරුවා දුක විඳී. (ස)
හොඳයි අපි එකතුවෙලා පුලුවන් විදියට සහයෝගය දෙමු. (ස)
නරකද ඔය කාර් රේස් වලට වියදම් කරන සල්ලි කන්දරාවෙන් බින්දුවක් යොදලා මේ ගෙය හදලා දුන්න නම්. දුර කතන අංක දැම්මට ලංකාවේ ඉන්න පොදු ජනතාව ගෙන් වැඩි හරියක් අද ඉන්නේ තුන් වේල කන්නත් අමාරුවෙන්. (අ)
පිටිගල ඔයා හරියට හරි , මන්ත්‍රී වරුන්ට දෙන වරප්‍රසාද බැලුවම එයාල තමා මේවට උදව් කරන්න ඕනේ මුලින්ම. (ස)
අසරණයින්ට තමයි හැම කරදරයක්ම (නි)
ඇස්,ඉස්,මස්, පුදා රට ගලවා දුන් මේ උදාර සෙබළුන් හට ලොවට අත පාන්ට ඉඩ නොතබා ඔවුන්ට කෘතගුණ සැලකීම තමයි සැබෑ යුද ජයග්‍රහණය. සැබෑ ආශ්චර්ය එය විය යුතුයි. (දිල්)