IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අම්මගෙයි දුවගෙයි රට සල්ලි මල්ල රේගුවේදී ඇරේ

රුපියල් අසූ තුන් ලක්ෂයක් වටිනා රට සල්ලි තොගයක් තම යට ඇඳුම් තුළ  සහ අත් බෑගයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මවක(57) සහ ඇගේ දියණියද(39),  අසල්වැසි කාන්තාවක්ද(64) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදි අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකාරියෝ කොළඹ ග්‍රෑන්ඩ්පාස්   ප්‍රදේශයේ පදිංචි නිතර නිතර ඉන්දියාවට යන එන අයවලුන් බව රේගුව කියයි.

අත් අඩංගුවට ගත් විදේශීය මුදල් අතර ඇමරිකානු ඩොලර් පනස් නව දහස් පන්සීයක්, සෞදි රියාල් එක්දහස් හාරසිය පහක් සහ යුරෝ එක්දාස් දෙසීයක්,  ස්ටාර්ලින් පවුම් තුන්සිය හතලිස් පහක්  තිබු බව රේගුව කියයි.

මෙම කාන්තාවන් තිදෙනා ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 124 දරණ ගුවන් යානායෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණ රේගුවට කිසිවක් ප්‍රකාශ නොකර රේගු පරිශ්‍රය පසුකරමින් ගුවන්තොටුපොළෙන් පිටවීමට යද්දී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොල රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත රේගු අධිකාරී එස්. ඥානානන්ද, නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ සහ සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, හසන්ත ගුරුගේ, බුද්ධිද සිල්වා සහ සේනානි පෙරේරා යන නිලධාරීහු සිදු කරති.



අදහස් (0)

අම්මගෙයි දුවගෙයි රට සල්ලි මල්ල රේගුවේදී ඇරේ

ලසන්ත Tuesday, 22 April 2014 05:40 PM

ඔය වැඩේ ගොඩින් බේරාගන්න තිබුණනේ... (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 22 April 2014 08:32 AM

මම දැනගෙන හිටියේ නැහැ පිටරට සල්ලි ලංකාවට අරගෙන එනකොට තමන් ගෙනෙන ගණන රේගුවට කියන්න ඕනෑ කියලා. (නි)

:       0       0

ලසන්ත Tuesday, 22 April 2014 09:08 AM

ගණන ඩොලර් 5000 වඩා වැඩි නම් කියන්න ඕන. (ස)

:       0       0

නිමල් පෙරේරා Wednesday, 23 April 2014 08:44 AM

මෙම අදහස් තීරුවේම රැගෙන ආ හැකි උපරිම මුදල ඩොලර් 5000, ඩොලර් 10000 සහ ඩොලර් 15000 වශයෙන් ගණන් තුනක් සදහන් වෙනවා.නිවැරදි මුදල හරියට කියන්න පුලුවන් නම් ජනතාවට වැදගත් වේවි. (නි)

:       0       0

සිරි Tuesday, 22 April 2014 08:30 AM

මාර වැඩක් නේ යාලු. (ස)

:       0       0

ගිහාන් Tuesday, 22 April 2014 09:19 AM

මෙයාල නිතර ඉන්දියාවට යන එන ඇත්තෝ නම්, අහු නො වී කොයිතරම් දේවල් එහා මෙහා කරන්ට ඇත්ද? මේ කට්ටිය කිසියම් කෙනෙකුගේ හෝ සංවිධානයක පඩියට වැඩ කරන අනියම් සේවිකාවුන් වෙන්න පුළුවන්. ඒ නිසා රේගු හා පොලිස් බුද්ධි අංශ හරහා මේ ජාවාරම් වල පිටුපස සිටින මෝරු ටික තරාතිරම නොබලා අල්ලා නිතිය ඉදිරියට ගෙන ආ යුතුය. (ස)

:       0       0

රංජිත් Wednesday, 23 April 2014 08:37 AM

නිවැරදි මුදල ඩොලර් 10000.00 (ස)

:       0       0

කුමාරි Tuesday, 22 April 2014 09:44 AM

ලුම්බිණි වගේ අයගේ ප්‍රතිචාරයෙන් පේන්නේ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමත් කරන්න ඕනි කියලා. ඒත් මේ සිද්ධිය නම් සැලසුම් සහගත හොර වැඩක්. (ස)

:       0       0

චන්දු Tuesday, 22 April 2014 10:48 AM

කුමාරිගේ අදහස ඇත්ත. සාමාන්‍ය ජනතාව දැනුවත් කරන්න ඕනි. (ස)

:       0       0

අල්විස් Tuesday, 22 April 2014 06:26 PM

විදේශයක රැකියාවක් හෝ ව්‍යාපාරයක් කොට පැමිණීමේදී බැංකු අණකර හෝ සංචාරක චෙක් හෝ විදේශ මුදල් නෝට්ටු වශයෙන් හෝ මෙරටට ගෙන ආ හැක. එහෙත් එම මුදල ඇමෙරිකන් ඩොලර් 15,000 ඉක්මවයි නම් එය රේගුවට ප්‍රකාශනයක් මගින් දැන්විය යුතුය. සමහර අවස්ථාවලදී එම මුදල දින 90 ක් ගතවනතුරු ලංකා රුපියල් වලට මාරු නොකරන ලෙසට දැන්වීමටද ඉඩ ඇත. මේ බව මහා බැංකුවේ විනිමය පාලක දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබුණි. (නි)

:       0       0

මිලාන් Tuesday, 22 April 2014 06:48 PM

ක‍ාන්තාවොත් කරන දේවල්? (නි)

:       0       0

අරුණ Wednesday, 23 April 2014 10:38 AM

ඇත්තටම කියන්න පුලුවන්ද හරියට කියක් ගෙනි යන්න පුලුවන්ද කියලා...මොකද අපි අමාරුවෙන් රටවල් වල දුක් විඳල ගේන සල්ලිත් ...මෙහෙම යනකොට මොනවා වෙයිද?? (ස)

:       0       0

ශානි Tuesday, 22 April 2014 11:12 AM

මිනිසුන්ගේ ඇති දැනුවත්කමේ අවමභාවය මෙම ගැටළු වලට හේතුවයි (නි)

:       0       0

නිශාන්ත Tuesday, 22 April 2014 11:12 AM

කරුණාකරලා අපිව දැනුවත් කරන්න පිටරටක සේවය කරලා එනකොට අපිට අතේ මුදල් ගෙන්න බැරිද කියලා. ඊට යම්කිසි සීමාවක් තිබෙනවද? ඔය ලසන්ත කියන ඩොලර් 5000 ඕනෑම සංචාරකයෙකුට රටකින් පිටවන විට ගෙනයාහැකි මුදලයි. අපි හම්බකරන මුදල් බැංකු හරහා එවනකොට ලොකු කොමිස් මුදලක් ගෙවන්න වෙනවා. (නි)

:       0       0

රණා Tuesday, 22 April 2014 11:20 AM

පිටරට සිට ඩොලර් 10000 ක් දක්වා ප්‍රකාශ නොකොට ගෙන ආ හැකිය. එයට වැඩි මුදලක් පවා ගෙන ආ හැකි අතර එය රේගුවට ප්‍රකාශ කල හැක. මහා බැංකුවේ විනිමය නීති වල දක්වා ඇත්තේ මේ විදිහටය. (ස)

:       0       0

ලංකාතිලක Tuesday, 22 April 2014 07:27 PM

මම සිතන්නේ ලංකාවෙන් මොනවා හෝ රේගුවට හොරෙන් පිට කර ඒවා මුදල් කර නැවත ඒමේදී අසුවී ඇති බවය. කෙසේ උනත් දැන් හොර කම අසුවී හමාරයි. රේගු නිලදාරින්ට බොහෝ ස්තුතියි. ලංකාවේ පිටට මුදල් ගෙන යනවා වගේම පිටින් ලංකාවට මුදල් රැගෙන ඒමේදීත් සීමාවක් තියෙනවා. ලෝකයේ සියලුම රටවල එහෙමයි.(නදී)

:       0       0

සෙහාන් අමරසිංහ Tuesday, 22 April 2014 11:37 AM

අනේ මන්දා. මම එක සැරයක් ඇහුවා මුදල් ප්‍රකාශ කරන්න ඕනෙද කියලා. ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගන්නේ නැත්නම් ඕනේ නැහැ කිව්වා. ඕනේ ගානක් ගෙනියන්න පුළුවන් මම හිතන විදිහට. හැබැයි පිට රටක සේවය කරලා එන අවුරුදු ගාණ ගැන හැටියට එහෙ ගන්න පඩිය හැටියට තමන්ට ඔප්පු කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම නැතුව සතියක් ගානේ වෙන කොහේ හරි ගිහින් සල්ලි ගේන එක වරදක්. (ස)

:       0       0

උත්තරා බණ්ඩාර - ටොරොන්ටෝ Wednesday, 23 April 2014 12:28 PM

අරුණ, ලෝකයේ සෑම රටකම තිබෙනවා නීතියක්. එම රටේ සල්ලි පිටට ගෙනියන ප්‍රමාණයේ උපරිමයක්. ( මුදල් වලින් ) එසේම වෙන රටක සල්ලි එම රටට ගෙන ඒමේ උපරිමයක් ද තිබෙනවා . රටින් රටට ප්‍රමාණය වෙනස්. එහෙත් ඔබට සාධාරණ විදියට උපයපු මුදල් බැංකුවක මාර්ගයෙන් තමාට කැමති බැංකු ගිණුමකට යොමු කළ හැකි වගේම සංචාරක මුදල්පත් හෝ බැංකු අණකරයක් මාර්ගයෙන් ඔබේ සියලුම මුදල් ඔබට ගෙන යා හැකිය. (ස)

:       0       0

සරත් බංඩාර Wednesday, 23 April 2014 12:57 AM

අපි බලාගෙන ඉන්නේ විදේශ විවිමය ඩොලර් 30.00000 ක් ඇමෙරිකා වලින් ලැබුන නඩුවට මොකද වෙන්නේ කියලා.(නදී)

:       0       0

චන්ද්‍ර Tuesday, 22 April 2014 02:00 PM

මෙයාල ලංකාවෙන් යද්දී ගෙන ගියේ මොනවද? (ස)

:       0       0

ජේමිස් Wednesday, 23 April 2014 02:20 AM

පුතේ ඒ සල්ලි මොකද කරන්නේ මගේ අප්පේ ලොකු මුදලක්නේ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 24 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 661 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 133 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3083 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1065 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2074 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30587 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23706 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 421 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 195 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site