රුපියල් අසූ තුන් ලක්ෂයක් වටිනා රට සල්ලි තොගයක් තම යට ඇඳුම් තුළ සහ අත් බෑගයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මවක(57) සහ ඇගේ දියණියද(39), අසල්වැසි කාන්තාවක්ද(64) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදි අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකාරියෝ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි නිතර නිතර ඉන්දියාවට යන එන අයවලුන් බව රේගුව කියයි.
අත් අඩංගුවට ගත් විදේශීය මුදල් අතර ඇමරිකානු ඩොලර් පනස් නව දහස් පන්සීයක්, සෞදි රියාල් එක්දහස් හාරසිය පහක් සහ යුරෝ එක්දාස් දෙසීයක්, ස්ටාර්ලින් පවුම් තුන්සිය හතලිස් පහක් තිබු බව රේගුව කියයි.
මෙම කාන්තාවන් තිදෙනා ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 124 දරණ ගුවන් යානායෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණ රේගුවට කිසිවක් ප්‍රකාශ නොකර රේගු පරිශ්‍රය පසුකරමින් ගුවන්තොටුපොළෙන් පිටවීමට යද්දී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොල රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත රේගු අධිකාරී එස්. ඥානානන්ද, නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ සහ සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, හසන්ත ගුරුගේ, බුද්ධිද සිල්වා සහ සේනානි පෙරේරා යන නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල ලංකාවෙන් යද්දී ගෙන ගියේ මොනවද? (ස)
අරුණ, ලෝකයේ සෑම රටකම තිබෙනවා නීතියක්. එම රටේ සල්ලි පිටට ගෙනියන ප්‍රමාණයේ උපරිමයක්. ( මුදල් වලින් ) එසේම වෙන රටක සල්ලි එම රටට ගෙන ඒමේ උපරිමයක් ද තිබෙනවා . රටින් රටට ප්‍රමාණය වෙනස්. එහෙත් ඔබට සාධාරණ විදියට උපයපු මුදල් බැංකුවක මාර්ගයෙන් තමාට කැමති බැංකු ගිණුමකට යොමු කළ හැකි වගේම සංචාරක මුදල්පත් හෝ බැංකු අණකරයක් මාර්ගයෙන් ඔබේ සියලුම මුදල් ඔබට ගෙන යා හැකිය. (ස)
ඇත්තටම කියන්න පුලුවන්ද හරියට කියක් ගෙනි යන්න පුලුවන්ද කියලා...මොකද අපි අමාරුවෙන් රටවල් වල දුක් විඳල ගේන සල්ලිත් ...මෙහෙම යනකොට මොනවා වෙයිද?? (ස)
නිවැරදි මුදල ඩොලර් 10000.00 (ස)
මෙම අදහස් තීරුවේම රැගෙන ආ හැකි උපරිම මුදල ඩොලර් 5000, ඩොලර් 10000 සහ ඩොලර් 15000 වශයෙන් ගණන් තුනක් සදහන් වෙනවා.නිවැරදි මුදල හරියට කියන්න පුලුවන් නම් ජනතාවට වැදගත් වේවි. (නි)
පුතේ ඒ සල්ලි මොකද කරන්නේ මගේ අප්පේ ලොකු මුදලක්නේ? (නදී)
අපි බලාගෙන ඉන්නේ විදේශ විවිමය ඩොලර් 30.00000 ක් ඇමෙරිකා වලින් ලැබුන නඩුවට මොකද වෙන්නේ කියලා.(නදී)
මම සිතන්නේ ලංකාවෙන් මොනවා හෝ රේගුවට හොරෙන් පිට කර ඒවා මුදල් කර නැවත ඒමේදී අසුවී ඇති බවය. කෙසේ උනත් දැන් හොර කම අසුවී හමාරයි. රේගු නිලදාරින්ට බොහෝ ස්තුතියි. ලංකාවේ පිටට මුදල් ගෙන යනවා වගේම පිටින් ලංකාවට මුදල් රැගෙන ඒමේදීත් සීමාවක් තියෙනවා. ලෝකයේ සියලුම රටවල එහෙමයි.(නදී)
කාන්තාවොත් කරන දේවල්? (නි)
විදේශයක රැකියාවක් හෝ ව්‍යාපාරයක් කොට පැමිණීමේදී බැංකු අණකර හෝ සංචාරක චෙක් හෝ විදේශ මුදල් නෝට්ටු වශයෙන් හෝ මෙරටට ගෙන ආ හැක. එහෙත් එම මුදල ඇමෙරිකන් ඩොලර් 15,000 ඉක්මවයි නම් එය රේගුවට ප්‍රකාශනයක් මගින් දැන්විය යුතුය. සමහර අවස්ථාවලදී එම මුදල දින 90 ක් ගතවනතුරු ලංකා රුපියල් වලට මාරු නොකරන ලෙසට දැන්වීමටද ඉඩ ඇත. මේ බව මහා බැංකුවේ විනිමය පාලක දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබුණි. (නි)
ඔය වැඩේ ගොඩින් බේරාගන්න තිබුණනේ... (නි)
මම දැනගෙන හිටියේ නැහැ පිටරට සල්ලි ලංකාවට අරගෙන එනකොට තමන් ගෙනෙන ගණන රේගුවට කියන්න ඕනෑ කියලා. (නි)
අනේ මන්දා. මම එක සැරයක් ඇහුවා මුදල් ප්‍රකාශ කරන්න ඕනෙද කියලා. ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගන්නේ නැත්නම් ඕනේ නැහැ කිව්වා. ඕනේ ගානක් ගෙනියන්න පුළුවන් මම හිතන විදිහට. හැබැයි පිට රටක සේවය කරලා එන අවුරුදු ගාණ ගැන හැටියට එහෙ ගන්න පඩිය හැටියට තමන්ට ඔප්පු කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම නැතුව සතියක් ගානේ වෙන කොහේ හරි ගිහින් සල්ලි ගේන එක වරදක්. (ස)
පිටරට සිට ඩොලර් 10000 ක් දක්වා ප්‍රකාශ නොකොට ගෙන ආ හැකිය. එයට වැඩි මුදලක් පවා ගෙන ආ හැකි අතර එය රේගුවට ප්‍රකාශ කල හැක. මහා බැංකුවේ විනිමය නීති වල දක්වා ඇත්තේ මේ විදිහටය. (ස)
කරුණාකරලා අපිව දැනුවත් කරන්න පිටරටක සේවය කරලා එනකොට අපිට අතේ මුදල් ගෙන්න බැරිද කියලා. ඊට යම්කිසි සීමාවක් තිබෙනවද? ඔය ලසන්ත කියන ඩොලර් 5000 ඕනෑම සංචාරකයෙකුට රටකින් පිටවන විට ගෙනයාහැකි මුදලයි. අපි හම්බකරන මුදල් බැංකු හරහා එවනකොට ලොකු කොමිස් මුදලක් ගෙවන්න වෙනවා. (නි)
මිනිසුන්ගේ ඇති දැනුවත්කමේ අවමභාවය මෙම ගැටළු වලට හේතුවයි (නි)
කුමාරිගේ අදහස ඇත්ත. සාමාන්‍ය ජනතාව දැනුවත් කරන්න ඕනි. (ස)
ලුම්බිණි වගේ අයගේ ප්‍රතිචාරයෙන් පේන්නේ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමත් කරන්න ඕනි කියලා. ඒත් මේ සිද්ධිය නම් සැලසුම් සහගත හොර වැඩක්. (ස)
මෙයාල නිතර ඉන්දියාවට යන එන ඇත්තෝ නම්, අහු නො වී කොයිතරම් දේවල් එහා මෙහා කරන්ට ඇත්ද? මේ කට්ටිය කිසියම් කෙනෙකුගේ හෝ සංවිධානයක පඩියට වැඩ කරන අනියම් සේවිකාවුන් වෙන්න පුළුවන්. ඒ නිසා රේගු හා පොලිස් බුද්ධි අංශ හරහා මේ ජාවාරම් වල පිටුපස සිටින මෝරු ටික තරාතිරම නොබලා අල්ලා නිතිය ඉදිරියට ගෙන ආ යුතුය. (ස)
මාර වැඩක් නේ යාලු. (ස)
ගණන ඩොලර් 5000 වඩා වැඩි නම් කියන්න ඕන. (ස)