අරලගංවිල අලුත්ඔය ඉසෙඩ් ඩී ඇළට ට්‍රැක්ටරයක් පෙරළීමෙන් ට්‍රේලරයේ ගමන් කළ 10 දෙනකුගේ සිරුරු සොයා ගත් බව පොලිසිය කියයි.
ට්‍රැක්ටරයේ 23 දෙනකු පමණ ගමන් කළ බව ද දැනගන්නට ඇත.
මනම්පිටිය නිකවලන්දේ සිට නෑ ගමනක් යමින් සිටිය දී ට්‍රැක්ටරය මෙම ඇළට පෙරළෙන්නට ඇතැයි දැනගන්නට ඇත.
ට්‍රැක්ටරයේ ගමන් කළ සෙසු අය සොයා සිවිල් ආරක්ෂක බලකාය හා සහන සේවකයෝ ඇළ මාර්ගය සෝදිසි කිරීම ඇරැඹීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ජිවත් වන්නෙ ඉතා සුන්දර දූපතකයි ඒත් එහි කියෙන් කීදෙනාටද පීනන්න පුලුවන්.(නදී)
මේ අවුරුදු කාලේ සියයක් විතර මැරෙන්න ඇති (අ)
දිනෙන් දින සිදු වන අනතුරු ප්‍රමාණයේ වර්ධනයක් මිස අඩුවක් පෙන්නුම් කරන්නේ නැහැ.(අ)
කාටවත් බැන බැන හින්දල වැඩක් නැහැ. ලංකාවේ මත් පැන් තහනම් කරපල්ලා (අ)
ඉක්මන් කොටයි.(නදී)
මාර පාපයක් කර ඇති නේද (අ)
මොන තරම මිනිස්සු ගොඩකට රස්සාවක් නැතුව රස්තියාදු වෙනවද කියල තේරෙන්නේ මේ වගේ විවිද අවස්ථාවල පලවෙන පින්තුර දකිද්දී තමයි ..(අ)
ඉතාමත්ම අවාසනාවන්ත සිදුවීමක් .. සතුට විනෝදය දුකට පෙරලුන විදිය නම් හරිම අකාරුනිකයි ..(අ)
කණගාටු දායක සිදුවීම් හැමතැනම .(අ)
ඉතාමත්ම අවාසනාවන්ත සිදුවීමක් .(නදී)
රියදුරා බීලද ගිහින් තියෙන්නේ (අ)
මේ පිටිගල කියල ලියන්නේ කව්ද? ඇයි මෙවැනි දේ ලියන්නේ? (නදී)
ලංකාවේ මිනිස්සු ඇයි මේ වගේ වැඩ වෙන්න ඉඩ තියන්නේ.(නදී)
ඉතාම කනගාටු දායක සිදුවීමක්.. මෙවැනි විපත් වළක්වාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉවත් කර දිරායාමට දමා ඇති රේල් පීලි ඕනෑතරම් තියනවා.. ඒවා අරගෙන සිවිල් ආරක්ෂක බලකාය හෝ යුද හමුදාව යොදවා මෙවැනි තැන්වලට ආරක්ෂක වැටවල් සවිකිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන්.. එවැනි වැඩවලින් කොමිස් මුදල් ලබාගත නොහැකි නිසා කිසිවෙකුත් එවැනි වැඩ පිළිවෙලකට ඉදිරිපත් නොවනු ඇත.(නදී)
මට නම් හිතාගන්නවත් බැහැ හරිම කනගාටුදායක සිද්ධියක්. මියගිය අයට නිවන් සුව. තුවාලකරුවන්ටත් ඉක්මන් සුවය පතමි.(නදී)
මට පේන්නේ පිටිගල මේවා ලියන්නෙ බීල ද කොහෙද? සිහිය තියෙන කෙනෙක් නම් මේ වගේ වලාවට ඔය වගේ කතා කියවීද? (නදී)
අනේ නෑගම් යන්ට ගිය පිරිසකට වෙච්ච දෙය හද කම්පා කරවන සිදුවීමක් වාහනය හසුරුවන්නාගේ අවධානය වෙනතකට ගියාවත්ද? හුඟ දෙනෙක් වාහන එලවනකොට කතා කර කර එලවනවා එහෙම නැතිනම් වාහනයේ යන අනිත් අය එයාව කතාවට ඇද ගන්නවා මෙය ක්‍රියා දෙකම හොඳ නැහැ අපරාදේ වටිනා ජීවිත මිය ගිය අයට නිවන් සුව පතමි. (මුදී)
ඒ අය දුප්පත් අහිංසක මිනිස්සු. එයාලට හොද පොදු ප්‍රවාහන සේවයක් නැහැ. ලොකු ලොකු උදවිය ලම්බෝගිනි වල යද්දී මේ අහිංසකයන්ට පිහිට වෙන්නේ ගොඩට මඩට දෙකටම පිහිටවෙන ඇත ට්‍රැක්ටරේ විතරයි. (අ)
මේකේ ප්‍රතිචාර දාන පිස්සන්ටයි මේ කියන්නේ. බස් තිබ්බා නම් .අත් ට්‍රැක්ටර් වල යනවද අපි.(නදී)
මේ මොන අපරාදයක්ද? (නදී)
ගොඩක් කණගාටුයි! දුරදිග නොබලා ක්‍රියාකරන එකේ ප්‍රතිපලයක් තමයි මේ. ජීවත්ව ඉන්න අයටත් මේවා හොඳ පාඩම්. මිනිසුන් තමන්ගේ ජිවිත ගැන මිට වැඩිය වටිනාකමකින් හා වගකීමකින් කටයුතු කල යුතුයි නේද? (නදී)
මේ මොන අපරාධයක්ද? (ත)
පරෙස්සමට යන්න එපායෑ
මොනාද මේ ටිකේම මේ අහන්න ලැබෙන්නේ? (ත)
ඉරණම විසඳෙන්නේ කොතැනද කොහොමද කියා අපි දන්නේ නෑ. (ත)
මේ දිනවල වැඩි හරියක් අනතුරු අවුරුදු සොමියට බීමත් කම. බිව්වම හිතෙන්නේ තමන් නිතරම හරි වැඩකාරයා කියලා, අන්තිමට එනිසා අහිංසකයෝ ජීවිතයෙන් වන්දි ගෙවනවා. (ත)
හරිම කණගාටු දායක පුවතක්. පුදුමේ ඔය පළාත් වල වැව්,ඇලවල්,හතර වටේම තිබිලත් පීනලා ගොඩ එන්න බැරි වුන එක. (ත)
අනේ පව්. බොහෝ දෙනා මෙහෙම ගියත් මේවා හරිම අනතුරු දායක ගමන්.(ත)
මේ වගේ අනතුරුදායක ස්ථානවලවත් ආරක්ෂක වැටක් ඉදි කරන්න වෙනවා. (ත)
ඔබ සැමට නිවන් සැප ලැබේවා (ත)
කොච්චර අපේ උදවියට කියනවද මෙහෙම පුරවාගෙන යන්න එපා කියල .රට දියුණු වුනානම් මෙහෙම වෙන්නේ නෑ නේද?
පසුගිය කාලයේ දියේ ගිලීමෙන් සෑහෙන ගණනාවක් මියගියා. ජනතාවට පීනන්න පුරුදුකරන්න . පාසැලෙන් පටන් ගන්න.(නදී)
අධිවේගී මාර්ග හදන එක ගොඩක් හොඳයි. ඒත් මේ ජිවිත වල ආරක්ෂාවට හොඳ වැඩ පිළිවලක් යොදන එකත් වැදගත් නේද? (නදී)
හැම තිස්සෙම පොලිසියෙන් දැනුවත් කරනවා,කෝ අහනවයැ.(නදී)
මේ පිටිගල කියන මනුස්සයාගේ හදවතක් නැහැ වගේ. මෙච්චර දෙයක් වෙලත් කියන කතා. කොහොමද ඔයා කියන්නේ බීල ගියා කියලා.(නදී)
ඔබ සැමට නිවන් සුව ! (නදී)
සසර වසනා තුරු මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවා .මියගිය සැමට නිවන් සැප ලැබේවා !!!. (අ)
මොන පාපයක්ද අපෝ මේ සසර වසන තුරු මෙවන් කරදරයක් නම් නොම වේවා (අ)
පව් අහිංසකයෝ ටික (අ)