කැකිරාව කුඹුක්වැව ආනාරක්ෂිත වගා ළිඳකට වැටුණු වල් අලි දෙදෙනකුගේ දිවි බේරා ගැනීමට වන ජීවී නිලධරයෝ සමත් වුහ.
කුඹුක්වැව ශ්‍රී සුදර්ශනාරාමාධිපති ළිඳවැවේ සුමනජෝති හිමියන් ඇතුළු ගම්වාසීන්ගේ දැනුම්දීම මත ලොකු අලියාත් මාස පහේ අලි පැටවාත් ගොඩ ගැනීමේ මෙහෙයුම ඇරැඹිණි
අලි පැටවා ගොඩගත් සැණින් විමලජෝති හිමියන් ඉදිරිපිට හොඬය හා දෙදන නමාගෙන සිටීම සියලු දෙනාගේ පුදුමයට හේතු විය.
මවගෙන් හා රැලෙන් වෙන් වු මෙම පැටවා පණ්ඩුලගම වනජීවී කාර්යාලයයට භාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගා ලිද වටේට දඩු වැටක් ගහන්ඩකෝ මේ වැඩේ ඉවරයක් නැහැනේ. හැමදාම අලියෙක් වගා ලිදේ.(නදී)
අලි පැටිය නාලාගිරි, කඩොල් පරම්පරාවේ පැටියෙක්. ඒකයි බුද්ධ පුත්‍රයාණන් ළඟ වැඳ වැටුණේ. (ස)
තිරිසනුන් කාරුණික, ධාර්මික වන යුගයේ මිනිසුන්ගේ තිරිසන්, කෘරකම් වර්ධනය වන්නේ කිනම් අරුමයකටදැයි නොදනිම්...(දිල්)
අලි පැටියාටත් කරුණාව හොදට දෙනෙනවා ඇති, එකනේ හාමුදුරුවන්ම තෝරගෙනම වදින්නේ.(දිල්)
ඔය වගා ළිං වටේ වැටක් ගහල තිබුනානම් නේද හොඳ. සත්තුත් බේරෙනවා මිනිස්සුත් බේරෙනවා. බැරි වෙලාවකවත් වගා ළිං අයිති කෙනෙකුගේ දරුවෙක් වැටුනොත්!!! එහෙම නැත්නම් රාත්‍රී යාමයේ අමතක වීමකින් මේවගේ අනතුරක් උනොත්! අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන්න හදන්න එපා. බුද්ධිමත් වෙන්න උත්සහ දරන්න.(නදී)
කලගුණ දන්නා තවත් අලි පැටියෙක්. (ස)
තිරිසන් සතුන් ළඟ කොතරම් හොඳ ගතිගුණ තියෙනවද? ස්වාමින්වහන්ස, ඔබ වහන්න්සේලා ඇතුළු ගම්වාසීන්ට මගේ ප්‍රණාමය!!!! (ස)
එක වරක් අලියව ගොඩ ගත්ත මිනිහව පාගල මැරුව හැටි වීඩියෝ එහෙමත් තිබ්බ මතකද දන්නේ නෑ. වන සතුන්ට උදව් කළ යුතුයි. හැබැයි පෙරලා උන්ගෙන් සැලකුම්, ප්‍රතිචාර බලාපොරොත්තු නොවී. තිරිසනෙක් බව මතක තබා ගත යුතුයි. (ස)
ඔවුන්ගේ ජිවිත ගළවා ගත්තාට අපේ ප්‍රණාමය! නමුත් උන්ට නිදහසේ ජිවත්වන්න උන් සිටි වනයටම නිදහස් කරන්න. (නි)
දැන් ඉතින් ඊළඟට කොහේටද මේ අලි පැටියා යන්නේ? (නි)
වගා ළිඳට වැටුනේ අලි දෙන්නෙක් කිව්වට පෙන්නන්නේ එක අලියෙක් ගැන විතරයිනෙ. (ස)
ඇති යාන්තන් හොද අදහස් ටිකක් දාලා තියෙනවා. (දිල්)
අසරණ සත්තු, අපිට වගේම උන්ටත් මේ මහ පොළව අයිතියි. (ස)
ඇසට කඳුළු ආවා, පැටියා ඉන්න විදිය දැක්කම. බේරාගත් සැමට පින්සිදු වෙනවා. (නි)
අද කාලේ මිනිස්සුන්ට නැති කෙළෙහිගුණ සත්තු ළඟ තියෙනවා (නි)
ලස්සන අදහස් මැද්දට දැම්මා නේද ගොම ටිකක්,ලක්මිණි? අනේ අපොයි ඇස් පෙනීම! (නි)