අර්තාපල් ආනයන බද්ද රුපියල් 15 දක්වා ද ලොකු ලූණු කිලෝවක රුපියල් 10 පැවැති බද්ද රුපියල් 25 දක්වා ද වැඩි කැර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
ලොකු ලුනු බදු අඟහරුවාදා (12) සිට ද අර්තාපල් බදු ලබන සිකුරාදා (15) සිට ද ක්‍රියාත්මක වන බව අමාත්‍යංශය කියයි.
අර්තාපල් ආනයන බද්ද රුපියල් 15 දක්වා ද ලොකු ලූණු කිලෝවක රුපියල් 10 පැවැති බද්ද රුපියල් 25 දක්වා ද වැඩි කැර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
ලොකු ලුනු බදු අඟහරුවාදා (12) සිට ද අර්තාපල් බදු ලබන සිකුරාදා (15) සිට ද ක්‍රියාත්මක වන බව අමාත්‍යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් මිනිස්සු කන්න දෙයක් නැතුව දුක් විඳිනවා. ඒත් ඒක පෙනෙන්නේ කීයෙන් කී දෙනාටද? සල්ලි තියන පොහොසතුන් විතරක් ඉතිරිවෙලා ළඟදීම දුප්පතුන් ටික හාමතේ මැරුණම ලෝකයේ ධනවත්ම රට හා සංවර්ධිතම රට ලංකාව වෙයිද? (නි)
පාර්ලිමේන්තු කැන්ටිමේ කෑම ගණන් යන්නේ නැතුව ඇති මගේ හිතේ. (නදී)
ගිය අවුරුද්දෙ කාර්ගෝ පෙට්ටිය පුරවද්දී මගේ ගොඩනැගිල්ලේම ඉන්න ඉන්දියන් ජාතිකයෙක් මගේ පෙට්ටියට එබිකම් කරලා බලලා මුහුණේ ඉරියව් වෙනස් වුනා. එයා හිතල තියෙන්නේ මගේ පෙට්ටියේ තියෙන්නේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ වෙන්න ඇති කියලා. ඉන්දියාවේ කන බොන අත්‍යාවශ්‍ය ආහාර වලට බදු ගහන්නේ නැහැ. මොනවා කරන්නද අපේ කරුමේ කියා හිත හදා ගන්නවා. (නදී)
මගේ කාර්ගෝ පෙට්ටිය ගන්න ගිය දවසේ වයසක අම්ම කෙනෙක් කුඩා දරුවෙක් වඩාගෙන මීගමුවේ ඉදලා අාවේ ඇයගේ දුව විසින් කුවේට් සිට එවන ලද කුඩා පෙට්ටිය නිදහස් කර ගන්න. පෙට්ටියේ තිබුනේ කුවේට් වැඩ කරන ගෙදරින් ලැබුන කන බොන දේවල්. අනේ ඒ පෙට්ටියට පවා රුපියල් 12,000 ක් බදු ගැහැව්වනේ. දවසම වෑන් එක තියන් හිටියට රුපියල් 7,000 ක් ගෙවන්න වුනා. මුළු වියදම රුපියල් 19,000 ක්. අසරණ අම්ම සාප කර කර බඩු පෙට්ටිය අරගෙන ගියා. (නදී)
මොනවා වැඩිකළත් කමක් නැහැ. ලංකාවේ පුන්නක්කු වලටයි ,තණකොළ, පිදුරු මිලට නම් අත තියන්න එපා. දන්නවනේ.... (නි)
ඕස්ට්‍රේලියාවේ සිට නිවාඩුවට ආ යාලුවෙක් කිව්වෙත් ඒ අය දන්නා කියන අයට නෑදෑයින්ට තෑගි විදියට ගෙනාවේ කෑම ජාතිලු. අපේ දුවගේ දරුවා බලන්න එනකොට ඒ උදවිය ගෙනාවේ ළදරු කිරිපිටි. දුවත් කිව්වේ " අනේ තාත්තේ ඒ අන්කලුයි ඇන්ටියි සබන් පුයර නොගෙන කිරිපිටි ගෙනාවේ දිව්‍යඥානය පහළ වෙලා වෙන්න ඇති " කියලා. (නි)
දැන් මේ කාලයේ මේක වැඩි කරන්නේ නැතුව කොහොමද? පොඩ්ඩක් හිතන්නකෝ ! (නි)
ඔය කියන විදිහට සංවර්ධනය වෙලා නම් බදු අඩු කරන්න ඕනෑ නේද? (නි)
අපිව දැන් මිරිකලා මිරිකලා යුෂ සේරම අරගෙන ඉතුරුවෙලා තියන හපේටත් පහර ගහනවා. අපිත් මිනිස්සු නේද?ඔය උතුමන්ලාට වගේ අපේ දරුවන්ටත් කුසගින්න දැනෙනවා. (නි)
බඩට ගහනවා තරම් පාපකර්මයක් තවත් නැහැ. හැමදාම ජීවත්වෙන්න ඇවිල්ලා ඉන්නවා කියලනේ සමහරු හිතාගෙන ඉන්නේ. දැනටත් හරිම අමාරුවෙන් ජීවත්වෙන මිනිසුන්ට තමයි මෙහෙම කරන්නේ. මේවට බදු ගහන්නේ නැතුව රේස් කාර්, ඉන්ටර්කූලර් ,ප්‍රාඩෝ වල බදු ඉවත් කරන්නේ කොහොමද නේද? (නි)
අපිට වැරදිලා. අවංකවම අර්තාපල් වෙනුවෙන් ජනතාව බදු හැටියට ගෙවන්නේ ශතයෙනුත් ඉතා සුළු කොටසක්. බලන්න රජයක් පවතින්නේ අවුරුදු පහයි. අවුරුද්දට දවස් 365 යි. ඉතින් රුපියල් 15 වේ බද්ද දින 1875 න් බෙදලා බලන්න. මේ සුත්‍රයම ලොකු ලූණු කිලෝවක බද්දටත් ආදේශ කරලා බලන්න. අද ලංකාවට වෙලා තියෙන්නේ ජනතාවගේ ගණන් සහ මිල සුත්‍ර වල තියෙන දැනුමේ අඩුකමක් මිසක බදු වල ප්‍රශ්නයක් නෙමෙයි. (නි)
බදු වැඩි කළොත් අර ආර්ථික මධ්‍යස්ථාන වල ඉන්න සමහරුන්ට තමයි වාසිවෙන්නේ. (නි)
මොකටද ඔච්චර බදු ගහන්නේ? ආණ්ඩුවට සල්ලි නැද්ද? කමක් නෑ යුද්දෙ දිනුවනේෙ.(දිල්)
බලාගෙන පාරට බහින්නේ මිනිස්සු උහුලන එකම ඇති ඔබ මණ්ඩලයට හෙන ගහන්න (නදී)
බදු වැඩි කලාට ප්‍රස්නයක් නැහැ ඔය ආහාර පානවලට නම්. හැබැයි අනෙක් පැත්තෙන් දේශීය නිස්පාදනත් වැඩිදියුණු කලයුතුයි. ආනයනික නිෂ්පාදනවලට සාපේක්ෂව. එවිට දේශීය වගාකරුට සෙත සැලසෙනවා වාගේම පාරිබෝගිකයටත් සෙතක් සැලසේවි. (නදී)
අපේ කන බොන දේවල් වලට බදු ගහලා අසරණ මිනිස්සු නැතිකරලාම දානවා. එහෙත් ලැම්බෝගිනි,ෆෙරෙර්රි,ප්‍රාඩෝ වලට බදු මිලක් නැතුවම ආනයනය කරනවා. මේවා කා වෙනුවෙන්ද? (නි)
බැරි වෙලාවත් පුන්නක්කු මිල වැඩි කළා නම් බලන්න තිබුනා බන්දුල පෙරේරාගේ අදහස්,උදහස් එහෙම. එහෙම දෙයක් වෙලා නැති නිසා කරබාගෙන ඉන්නවා. (නි)
හිල්මි, දින 1875ට කන්නේ අල කිලෝවක් පමණද? මදි පාඩුවට කන්නේ පුන්නක්කුද? (නි)
සමන්ත, අසරණ මිනිස්සු හුල්ලන ශාපය හුනියමක් වෙන්න පුලුවන් (නි)
ලංකාවේ බත් කන උදවිය දැන් ඉතින් ලොකු ලූණු වෙළෙන්දාව කන්න හදයි. හරියට විදුලි මනු කියවන්නාව විදුලි බිල වැඩියි කියලා කන්න හදනවා වගේ. (නි)
අනේ හිල්මි, නොදන්නා දේ නොකියා ඉන්න. මේ බද්ද ගහන්නේ කිලෝ එකකට. කඩේට ගිහිල්ලා බලන්නකෝ සතේද වැඩි වෙලා තියෙන්නේ කියලා. ඉසුරන්දි, පිටරටින් ගේන ඒවාට බදු ගහලා හරි යන්නේ නැහැ . පිටරටින් ගෙනෙන ඒවාට දේශීය දේ එක්ක තරඟ කරන්න අමාරුයි. බඩු මිලත් අඩුයි. ලංකාව කියන්නේ පුද්ගල ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් ආහාර වලට වියදම් වෙන රටවල් වලින් එකක්. (නි)
බඩේ හුලන් පිරුනාම හොඳට හු කියන්න පුළුවන්. ඒ නිසා මේ මිල වැඩිකිරීම ගැන දේශප්‍රේමි අපි ඉන්නේ හරිම සතුටින්. (නි)
බදු මිල වැඩි කරනු, විදුලි බිල වැඩි කරනු, දුම්රිය ගාස්තු වැඩි කරනු " මේවා පේන්නේ නැද්ද (නදී)
මට 12 ට පෙර ලුණු කිලෝ 50කුයි 15 ට පෙර අල කිලෝ 50 කුයි අරන් තියන්ඩ අම්මේ. (නදී)
අර දුම්රිය පොලේ බෝඩ් අල්ලපු කට්ටිය මේවට බෝඩ් අල්ලන්න කැමති නැතුව ඇති නේද? බඩු මිල වැඩි කරනවටයි හලෝ බෝඩ් අල්ලන්න ඕනේ (නදී)
අද අර මරදානේ හූ කියපු නරි සෙට් එක මේවට හූ කියන්නේ නැද්ද? (නදී)
ඌව පලාතේ අල , ලුණු වගාව සරුවටම ඇති වගේ. ඡන්දයක් අත ළඟ තිබියදී අත්‍යාවශ්‍ය භාණ්ඩ බදු නැංවීම නම් නුවනට හුරු නොවේ (නදී)
මම නිවාඩුවට ලංකාවට එනකොට කිලෝ 40 වෙනුවට ගෙනෙන්නේ ලොකු ළූණු, අල, මිරිස්, පරිප්පු, කොත්තමල්ලි, සුදු ළූණු, සීනි හා විස්කි බෝතල් දෙකක් පමණි. යුරෝපයේ ලොකුලූනු කිලෝවක් වෙන්නේ රුපියල් 25 පමණි කිලෝ 10 වැඩිය ගත්තොත්. (නදී)
නරියනි බඩුමිල වැඩි කරනවටයි හූ කියන්න ඕනේ (නදී)
ගහන්න ගහන්න බදු, ආසියාවේ අාස්චර්යය නිසා මෙහෙ සල්ලි වැහි වහල අපිට සල්ලි වැඩි වෙලා කරගන්න දෙයක් නැතුව ඉන්නේ (නදී)
ඇන්ටන් ප්‍රබාකරන් මැරෙන්න ඉස්සර මීට අවරුදු 4-5 කට කලින් අපි ලංකාවට එනකොට අරගෙන ආවේ විදුලි උපකරණ සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ. දැන් අවරුදු 4 ක සිටම මම නම් ලංකාවට එනකොට කාර්ගෝ පෙට්ටියේ දාන්නෙම කිරි පිටි, සීනි, පරිප්පු, හාල්, කරවල, තුනපහ, රින්සෝ කුඩු වගේ දේවල්. හරියට ඉතියෝපියාවට, සෝමාලියාවට, උගන්ඩාවට, බංගලිදේශයට නිවාඩුවට යනවා වගේ. කියන්න ලජ්ජා වෙන්නේ මොකටද ලංකාවේ යථාර්තය ඒක තමයි. (නදී)
මේ තරම් කන බොන දේවල් වලට බදු ගහපු රජයක් ඉතිහාසයේ තිබිලත් නැහැ. ඉදිරියේදී බිහි වෙන්නේ නැහැ.(නදී)
දරුවන්ට තුන් වේල කන්න අදින්න නැතිව ගඟට මුහුදට දරුවන් සමගම අම්මලට පනින්න සිද්ද වෙන දවසත් වැඩි ඈතක නැහැ. ඒකට තමයි ලංකාවේ අාස්චර්ය කියලා කියන්නේ. (නදී)
වෙළඳ ඇමතිතුමා ආපු දා ඉඳන් කරන්නේ බදු වැඩි කරන එකයි. බඩු මිල උස්සන එකයි විතරනේ කවදාවත් ඕක පහලට නම් දාන්නේ නැහැ. ඇමතිතුමෝ, මේක අපේ පුරුවේ කරුමේ. (නදී)
පුදුමයි පරිප්පු අමතක වුන එක (නදී)
මහින්ද කැලිෆෝනියා, අපි හැම වෙලාවකම පරිප්පු කන හන්දා එ්ක අමතක කරලා දාන්න ඇති.(නදී)
තිලක්- ඔබගේ අදහසට ස්තුතියි. රටට ගෙන්වාපු ලැම්බෝගිනි රේසින් කාර් වලට බද්ද ගැහුවා නම් මුළු රටම ගෙන්වන අල, ළූණු, පරිප්පු, කොත්තමල්ලි බදු රහිතව ගෙන්වන්න පුළුවන්. (නදී)
ඊළඟ බද්ද ගෙවල් වල හදන බල්ලන් බළලුන් වැනි සතුන්ට නගර සභාවේ ලියා පදිංචි කිරීමේ ගාස්තුව. ඊට පස්සෙත් ණය පොලී වාරිකය ගෙවන්න බැරි වුනොත් සිංහ රාජ කැලය විකුණයි. (දිල්)
එතකොට මේ බදු මිල වැඩිකරන්නේ මුදල් අමාත්‍යාංශයෙන්ද .? පාරිභෝගික හා වෙළඳ කටයුතු අමාත්‍යංශයෙනුත් වැඩිකරනවා කියල පත්තරවල පළවෙන වෙලාවල් තියෙනවා නේද?(දිල්)
ලොකු ලුණු ,අල ගොවියා ... දිරිමත් කරන්න වෙන්න ඇති අපේ බන්දුල සර් ඔය වැඩේ කරන්න ඇත්තේ ඉස්සර ආර්ථික විද්‍යාව පන්තියේදී සර් නම් කියන්නේ බල්ලා රට ගිහින් බල්ලාට රට ගිගිහින් කියලා දැන් සර් කියනවා ඇත්තේ මොකක්ද දන්නේ නෑ (දිල්)
මොනවා! අල,ලුණු රටින් ගේනවද? මේ වගේ සරුසාර පසක් ඇති මේ රටේ මේවා වගාකරන්න බැරිද? ඔය බදු වැඩිකළා මදි.තව වැඩි කරන්න (නි)
තිලක්ගේ කතාව මසුරන් (නි)
සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් වැතිරියව් - බත් නොකා බැට කකා පාලනේ හොඳ කියව්- කන්න නැහැ බොන්න නැහැ ඒ වුණත් හෙට මළත්, කවුරු මෙහි රජකළත් පාලනේ හොඳ කියවු.... (නි)