ශ්රී ලංකාවේ හීලෑ අලි ඇතුන් හදුනා ගැනීමේ නිසි ක්‍රම වේදයක් හඳුන්වා දෙන්නැයි කියමින් හීලෑ අලි ඇතුන්ගේ සංගමය අලි පෙරහරකින් පැලවත්තේ සිට ගොස් වනජීවී ඇමැතිට අද (26) සන්දේශයක් බාර දීමට යයි.
මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිළමේ නිලංග ප්‍රදීප් දෑල බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ගමන සුදානම් කැර ඇත.
අලි ඇතුන් 21 දෙනෙක්ගේ පිට නැගී අමාත්‍යංශයට යාමට නියෝජිතයෝ සැරසෙති.
ලංකාවේ හීලෑ අලි ඇතුන් 135 දෙනකු පමණ සිටින බවත් අයිතිකරුවනට එම සතුන් පිළිබඳ නිත්‍යනූකූල ලියැවිල්ලක් අවශ්‍ය බවත් ඔවුහු කියති.
වන ජීවී නිලධරයින් පවසනුයේ හීලෑ අලි ඇතුන් හිමිකරුවන් වාර්ෂික බලපත්‍රයක් නිකුත් කරන බවයි.
කෑලෑවල සිටින අලි පැටවුන් හොරෙන් අල්ලා විකිණිමේ ජාවාරමක් ඇතැයි පරිසරවේදීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියෙක් වුණත් වටුවෙක් උනත් තමන්ගේ නිදහසට කැමතියි. මේ සතුන්ට වද හිංසා කරන්න එපා.ආදරෙන් රැක බලා ගන්න. (ස)
අනවසර අලි පැටවුන් වටලන කොටද ඕව මතක් වෙන්නේ? (ස)
හීලෑ අලි දැනගන්නේ ආයුබෝවන්ඩ හෙන්ඩුවෙනුයි ඇත්ගොව්වගේනුයි නේ. (ස)
අලි රැක බලාගන්න එක මිනිස්සු කරන්න ඕන නෑ.ඒක එයාලගේ අම්මලයි සොබා දහමයි කරයි .මිනිස්සුන්ගේ යුතුකම තමයි උන්ට උන්ගේ පාඩුවේ ඉන්න අරින එක. (ස)
සැම සත්වයෙකුම සමුහ වශයෙන් ජීවිතය ගෙනයාමට ආසයි. අපිට මෙන්ම ඔවුන්ටත් සිතිවිලි ඇති වෙනවා. මෙය තේරුම් ගැනීමට නොහැකිවීම පුදුමයක්. මේ පින්බර සිරි ලංකාවයි. (නි)
මේ සත්තුන්ට මිනිසුන්ගේ හැඟීම් දැනීම් පවා වැටහෙනවා. (නි)
අලියා කියන්නේ හරිම අහිංසක සතෙක් (නි)
මේ සතුන් රැක ගැනීමට පරසර සංවිධාන වලට උදව් කල හැකි ක්‍රමයක් තියෙනවද ? (අ)
ඇත් ගොව්වනි, ඔබලා අලිහිමියන්ට කඩේ ගියාට වැඩක් නැත .ඔබලාට නියමිත වැටුප් ක්‍රමයක් ,අර්ථසාධක හා සේවක ප්‍රතිලාබ දීමනා , ජීවිත රක්ෂණ , අතිකාල , ගමන් ගාස්තු ආදිය ලබාගැනීම සඳහා යොමුවන්න .(අ)