ඇතින්නියන් මරා පැටවුන් සොරා ගැනීමේ උපක්‍රමයක් ඇති බව පෙනේ යැයි වනජීවී අමාත්‍යංශය කියයි.
වයඹ වනජීවී කළාපයේ පමණක් මව අහිමි වු පැටවු 4 දෙනෙක් වන ජීවී භාරයට ගනු ලැබුහ.
මීට මාස දෙකකට පෙර ගල්ගමුව පහළගම ගස් බැඳ සිටි අලි පැටවකු කැලයට මුදා හළ නමුත් එම පැටවා පැහැර ගැනීමේ උත්සාහයක් ගැන වනජීවී නිලධරයින්ට තොරතුරු ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සතාව අනේ ඉක්මනට නිදහස් තැනකට යවන්න. පින් සිද්ධ වෙනවා (නි)
අයියෝ! ඇයි මේ අලි පැටියව මෙහෙම කූඩුවක දාලා? (නි)
බුදුන් වැඩිය ලක්දීපේ..මේවගේ පහත් වැඩ කරන අය ලංකාවෙන් ඇතුගා දමන්න ඕන ත්‍රස්තවාදය නැතිකලා වගේ . (දී)
හොරුන්ගේ අම්මගෙන්මනේ පේන අහන්න වෙන්නේ.(නදී)
මොනවා වුණත් මේ අහිංසක සත්තු මෙහෙම කූඩුකරලා තියන එක පවු නේද? (නි)
දැන් බලනකොට ලංකාවේ අලි පැටවුන් උපදින්නේ ඕපපාතිකවද මන්දා. නැත්නම් "පටක රෝපණ"ක්‍රමයටද? මේකට දන්නා කෙනෙක් පිළිතුරක් දෙන්න (නි)
එතකොට අලි හොරකම් කරන අයට මොන හොරා කියලද අනේ කියන්නේ? (නි)
පන්සල් වලටත්, වලවූ වලටත්, ලොකු දේශපාලකයින් ළඟටත් අලි ගෙනෙන්නේ එකම විදියට නේද? නැතුව අලි අම්මා ඇවිල්ලා පැටියව පන්සලට පුජා කරනවද? අපි බෞද්ධ වුණාට සත්‍යයට මුහුණ දෙන්නේ නැහැ. කවදා මිනිසාට නුවණ පහළ වේද? (නි)
පාදඩ දේශපාලනයේ පිහිටෙන් චණ්ඩින් වූ අයගේ උපක්‍රම තමයි ඉතින්. (නි)
මේවා කරන්නේ මිනිස්සුද ඇත්තටම? (ස)
අලියා කියන්නේ මිනිස් ආත්මෙට පෙර ආත්මය කියල නේද කියන්නේ? (ස)
නාලකගෙ කතාව හරි...ඒත් මෙහෙම හරි මේ ගොල්ලන්ව බලාගන්න එකත් මදි ද... (ස)
අසරණ අලි පැටව් අලි අම්මලාගෙන් වෙන් කරන අසාධාරණ මිනිසුන්. (ස)
නාලක, ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත. (නි)
මේවට වග කියන්න ඕන අපිම පත් කරපු කට්ටිය තමයි. (ස)
අලි පැටව් මෙහෙම බලු පැටවූ වගේ කූඩු වල දානවද? මේක නම් අපරාධයක්. ඉඩකඩ තියෙන එළිමහනක තියන්න එපායැ. (ස)
මව් පිය සරණ නොදත් අයයි මෙවැනි තිරිසන් වැඩ කරන්නේ. (ස)