අලුත්ගම දර්ගා නගරයේ හා බේරුවල පසුගිය 15 වැනිදා ඇති වු ගැටුම් සම්බන්ධයෙන් මාධ්‍ය කටයුතු කළ ආකාරය ගැන බලවත් කනස්සල්ල පළ කරන බව බෞද්ධ සංවිධාන විසි තුනක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය,කොළඹ තරුණ බෞද්ධ සංගමය,රාජ්‍ය සේවා බෞද්ධ සංගමය,කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය,ජයග්‍රහණය සංවිධානය ,බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව,ධර්ම විජය පදනම,ජාතික සංඝ සම්මේලනය,බොදු බල සේනා ,සිංහල රාවය ජාතික සංවිධානය,සිංහල වීරවිදහන,ජාතික විද්වත් සභාව,බෞද්ධ බල කේන්ද්‍රය,හෙළ බොදු සවිය,දේශප්‍රේමී විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ,ස්වර්ණ හංස පදනම,හෙළ දැය වඩන්නෝ,රාවන සවිය ජාතික සංවිධානය ,හෙළ යුගය ජාතික සංවිධානය,හෙළ විජය ජාතික ව්‍යාපාරය,ඓතිහාසික පුද බිම් රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය,ශාන්ති පදනම,ශ්‍රී ලංකා මහාබෝධි පදනම එම සංවිධානයෝය.
පසුගිය 22 වැනිදා කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට රැස්ව මෙම ඒකාද්ධ ප්‍රකාශය නිකුත් කළේය.
එහි මෙසේ සඳහන් වේ.
පසුගිය පොසොන් පොහෝය දිනයේදී (2014-06-12) පතිරාජගොඩ,කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමයේ අයගම සමිත ස්වාමීන්වහන්සේ ධර්මදේශනයක් සඳහා පතිරාජගොඩ ශ්‍රී විවේකාරාමයට වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී පිරිසක් පාර අවහිර කිරීමත් උන් වහන්සේට පහර දීමත් හේතුකොටගෙන ඇති වු සිදුවීම් දාමය පිළිබඳව විවිධ මත විචාර,විග්‍රහ දේශිය හා විදේශිය විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රකාශට පත් කැර ඇත.
එමගින් අයගම සමිත ස්වාමීන්වහන්සේට හිමි වු අසාධාරණයත් ගැටුම්කාරී තත්ත්වයෙන් පසු මෙම ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට සිදු වු අසාධාරණයත් අප තුළ බලවත් කනගාටුවක් හා කනස්සල්ලක් ඇති කරයි.මෙම සිදුවීම් දාමයේ සත්‍ය කතාවේ ඇත්ත නැත්ත මාධ්‍ය මගින් වසා දමමින් බෞද්ධ ජනතාවගේ හඬ සැළැසුම් සහගතවම වාරණයකට ලක් කරන ලදි.එබැන් ඒ පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය රජයට පළ කර සිටින අතර මේ රටේ බෞද්ධ භික්ෂුන් වහසේලාටත් බෞද්ධ ජනතාවටත් දේශිය සහ ජාත්‍යන්තර වශයෙන් ගෙන ගිය බොරු ප්‍රචාර හරහා සිදු වු අප කීර්තියට හා අගෞරවයට බෞද්ධ විරෝධි මාධ්‍ය වාරණයකට කටයුතු කළ බලධාරීන් මෙහි වගකීම බාර ගත යුතුය.
බොහෝමයක් දේශිය විදේශිය මාධ්‍ය හරහා ගෙන ගිය මෙම සිදු වීම මුල් කර ගෙන ප්‍රචාර වලින් සිදු වුයේ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ජනයා ස්ලාම් ,කිතුනු,හින්දු කිසිදු ආගමක් නොඉවසන ආචාරශිලී ගෝත්‍රවාදී අන්තවාදී සමාජයක් ලෙස පෙන්වාදීමටය.
අලුත්ගම සිදු වීමේ සත්‍ය කතාව රටට හෙළි කර නීතීය ක්‍රියාත්ම කරනවා වෙනුවට සිංහල බෞද්ධයන්ගේ හඩට මුකවාඩම් දැමීම හා මාධ්‍ය ආයතනවලට වාරණ නියෝග නිකුත් කිරීම සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඒක පාර්ශවික ක්‍රියා කලාපය දැඩි පිළිකුලින් යුතුව අප හෙළා දකින අතර සිංහල බෞද්ධ සමාජයට කළ අසාධාරණය පිළිබඳව අපගේ බලවත් කනස්සල්ල හා විරෝධය මෙයින් පළ කර සිටින අතර අලුත්ගම සිදු වීමේ සත්‍ය කතාව පහත සැකෙවින් දක්වමු.
01පොසොන් පොහොය දින පතිරාජගොඩ කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමයේ අයගම සමිත ස්වාමීන්වහන්සේ ධර්ම දේශනයක් සඳහා වැඩම කරමින් සිටියදී පිරිසක් පාර හරස්කරගෙන සිටීම නිසා ඔවුන්ට ඉවත් වන ලෙස දැනුම් දීම හේතු කරගෙන ගැටුමක් ඇති විය.
02එහිදී එම තරුණයින් පිරිසක් අයගම සමිත ස්වාමීන්වහන්සේට පහර දුන් අතර මේ පිළිබඳව අලුත්ගම පොලීසියට පැමිණිලි කරන ලදි.පැමිණිල්ල විභාග කර සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නවා වෙනුවට පොලීසිය හිතාමතාම සිද්ධිය සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කරමින් බොහෝ වෙලාවක් රස්තියාදු කරන ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළේය.මෙම පහරදීම සම්බන්ධ අය පොලීසියට ගෙනවිත් සමාව ඉල්ලා සිටින්නේ නම් මෙය සමතයකට පත් කැර ගැනීමට අයගම සමිත හිමියන් එකඟතාව ද පළ කළේය.පොලීසිය නීතීය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වු නිසා පහරකෑමට ලක් වු අයගම සමිත හිමි රෝහල් ගත විය.
නීතීය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාදවීම නිසා අලුත්ගම පොලිස් ස්ථානය ඉදිරිපිට රැස්වු බෞද්ධ ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති විය.මෙම සිදුවීමෙන් පසු ප්‍රදේශය පුරා බෞද්ධ ජනතාව අතර නොසන්සුන්තාවයක් හා ආතතියක් ඇති විය.ඒ වගේම කටකතා ද පැතිර ගියේය.
මෙම තත්ත්වය හේතු කරගෙන අලුත්ගම බේරුවල ශාසනාරක්ෂක බලමණ්ඩලය හා භික්ෂුන් වහන්සේලා එකතුව මෙයට විරෝධය පළ කිරීම සඳහා අයගම සමිත ස්විමීන්වහන්සේ පිළිගෙන විහාරස්ථානයට වැඩම කරවීම සඳහා 2014-06-15 වැනි ඉරු දින බොදු හමුවක් අලුත්ගම නගරයේ පැවැත්වීමට කටයුතු කෙරිණි.
එම බොදු හමුව බොදු බල සේනා හෝ සිහල රාවය විසින් සංවිධානය කරන ලද්දක් නොවේ .ජාතික මට්ටමේ බෞද්ධ සංවිධාන වලට ද මෙම අවස්ථාවට ආරාධනා කරන ලදි.එම බොදු හමුවට පොලිස් අවසරය ලැබුණු අතර සිද්ධීය වු පතිරාජගොඩ දර්ගා නගරය වෙනුවට අලුත්ගම නගරයේ මේ බොදු හමුව පැවැත්වුයේ ගැටුමක් ඇතිවීම වැළැක්වීමේ චේතනාව නිසාමය.
04මෙවැනි සිද්ධියකින් පසු පැවැත්වෙන බොදු හමුවක ආවේගශිලී හැගීම්බර කතා පැවැත්වුවද කිසි විටෙකත් මුස්ලිම් ජාතිකයින්ට පහරදීමට මෙම රැස්වීම තුල පෙළඹවීමක් ඇති කළේ නැත.
මෙම රැස්වීම පුරා සිංහල බෞද්ධයන්ට ඇති වු අසාධාරණයන් හා දුක් ගැනවිලි විවිධ ස්වරයෙන් ඉදිරිපත් විය.
පොලීසියේ, දේශපාලනඥයනේගේ හා ඇතැම් අන්තවාදී අයගේ ක්‍රියා කලාප එහිදී විවේචනයට ලක් විය.බොදු හමුව නිමා වීමෙන් පසුව සාමකාමී පිරිස විසුරුවා හැරීමට සංවිධායක භික්ෂුන් වහන්සේලා කටයුතු කළ අතර ඒ ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රණගල මහතා වේදිකාවට නැඟ භික්ෂුන් වහන්සේලාට ස්තූති කළේය.
ඉන්පසු භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සමඟ අයගම සමිත හිමියන් උන්වහන්සේගේ විහාරස්ථානයට වැඩම කරවීමට පා ගමනින් ගිය අවස්ථාවේ දී දර්ගා නගරයේ ද පොලු වලින් හා ගල් මුගුරුවලින් පහර දෙන්නට වු අතර එහිදී මාගල් කන්දේ සුධම්ම හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා කිහිප නමක් පහර කෑමට ලක් වු අතර එල්ල වු පහරකින් බිම ඇද වැටුණු සුධම්ම හිමියන් සිහිසුන් වීමෙන් පසු රෝහල්ගත කැරිණි.
ප්‍රහාර මැඩ පැවැත්වීමට පොලීසිය අසමත්වීමත් බොදු හමුවට සහභාගී වී විසිර යමින් සිටි පිරිසට මෙම ආරංචියත් සමඟ නැවත එකතු වී පහර දෙන පිරිස් වලට පෙරළා පහර දෙන්නට පටන්ගත් අතර එතැන් සිට සිදු වු ප්‍රචණ්ඩකාරී හා ගැටුම්කාරී තත්ත්වය සියලු දෙනා දන්නා කරුණකි.
මෙම ගැටුම් වලින් පතිරාජගොඩ ගම්මානයේ සිංහල බෞද්ධ ජනතාවට සිදු වී ඇති අලාභහානී මෙන්ම වැලිපැන්න නගරයේ බුදු මැදුරටත් එහි සිංහල ව්‍යාපාරික ස්ථාන වලටත් සිදු වී ඇති හානීය සුපුරුදු පරිදි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නියෝග මගින් මාධ්‍ය වාරණයකට ලක් විය.
බෞද්ධ ජනතාවගේ විරෝධතා උද්ඝෝෂණ තහනම් කැරිණි.එහෙත් ඇතැම් කණ්ඩායම් බෞද්ධ විරෝධි ප්‍රකාශ හා විදේශිය වශයෙන් බොරු ප්‍රචාර ගෙන යාමට ද ඉඩ ලබා දෙන ලදි.එම සිද්ධි වලට සම්බන්ධව අත්අඩංගුවට ගැනීම් වලදී අපක්ෂපාතීව කටයුතු කරනවා වෙනුවට පක්ෂග්‍රාහීව කටයුතු කළ බව අත්අඩංගුවට ගැනීමේ ක්‍රියා දාමයෙන් මේ වන විටත් මොනවට පැහැදිලි වෙමින් ඇත.පෙට්‍රල් බෝම්බ අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දින දෙකකදී ඇප ලබා නිදහස ලබද්දී මෙම සිද්ධී හා සම්බන්ධ යැයි කියමින් අත්අඩංගුවට ගන්නා නිරායුධ සිංහල තරුණයින් සති ගණන් බන්ධනාගාර ගත කැර ඇත.
නීතීය පක්ෂග්‍රාහීව සිදු වන බව ප්‍රදේශවල දැන් සිදුවෙමින් තිබෙන සිදුවීම් වලින් පැහැදිලි වන අතර එය ප්‍රදේශයේ බෞද්ධ ජනතාව අතර නොසන්සුනාතාවක් ඇති කිරීමට හේතු වී ඇත.
මෙමගින් අප බලාපොරොත්තු වන්නේ මාධ්‍ය මගින් වාරණයකට ලක් වු අලුත්ගම කතාවේ ඇත්ත නැත්ත ඔබ හමුවේ තබමින් බෞද්ධ ජනතාවගේ සිත් තැවුල් පිළිබඳව අවධානය කරමින් ඊට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටීමට මිස ජාතිවාදයක් හෝ ආගම්වාදයක් අවුස්සන්නට නොවන බව කරුණා මෛත්‍රීය පෙර දැරිව දන්වා සිටීමට කැමැත්තෙමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධයන්ට ඇත්තටම අසාධාරණයක් වෙලා තියෙනවා. එත් මේ වෙලාවේ ආණ්ඩුව මේ ගැන ප්‍රසිද්ධ වෙන්න දුන්නේ නැති එක එක අතකින් හොඳයි. මොකද මේවා ඒ වෙලාවේම පෙන්නුවානම් වෙන පළාත් වලත් කලබල ඇතිවෙන්න තිබුණා. හැබැයි දැන් ආණ්ඩුව මේ තත්ත්වය ලෝකය දැනුවත් කල යුතුයි. නැතිනම් ඒගොල්ලෝ හිතන්නේ සිංහල මිනිස්සු විතරක් මුස්ලිම් අයට ගැහුවා කියලයි. (ස)
පසුගිය දින කිහිපයේ, තොරතුරු හරි හැටි නොදැන මා දන්නා කිහිපදෙනෙක් අලුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාකුල තත්වයක පසු උනා. ලංකාදීප පුවත්පත පලකළ මේ පුවතේ අප නොදන්නා කරුණු බොහොමයක් ඇතුලත් වී තිබීම නිසා, අප විසින් මේ ලිපිය PDF ලේඛනයක් ලෙස සකස් කර රටින් බැහැර ජීවත්වන ශ්‍රී ලාංකික මිතුරන් වෙත යවනු ලැබුවා. මෙහි පළවෙන කරුණු සමග ඔබ සැම එකඟ වෙන්නේනේ නම්, කරුණාකර මේ ලිපිය හෝ වෙබ් සම්බන්ධය වැඩි දුරටත් ඔබ සැමගේ මිතුරන් වෙත යවන්න. ස්තුතියි.(අ)
රජය නුවනට හුරු විදියට වැඩ කල නිසා ප්‍රශ්නය ඉක්මනට සමථයකට පත් වුණා. සුළු ජාතියක් නිසාත් ශ්‍රී ලංකාවට මහුණ දෙන්න වෙලා තිබෙන පරීක්ෂණ වලට ලොකු වෙනසක් වෙනවා .මම නියම සිංහල රටට හරි ආදරේ.පිට රටක සිට සිංහල අවරුදු උලලේ සියලුම ජාතින් එක්ක ශ්‍රී ලංකික හැටියට අපි සතුටු වෙනවා අපේ අතේ මුදලින් වියදම් කර අපි සංවි(න කරන්නේ (manchester mother lanka fase book visit) කරලා බලන්න .මම කිතුනු වකි .අපි සෑම මොන අගම විස්වාස කලත් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ .අපි සියල්ලෝ මනුෂයෝ .සියල්ලෝ මිය යන්නෝ .නුගත්තු ප්‍රශ්න ඇති කලත් .උගත්තු කල්පනාවෙන් ඉදිරියදී අපිට සාමය ඕනය .ඔබලාට දෙවීපිහිටයි (අ)
හැම පැත්තෙන්ම අපිටම තමයි දොස් අහන්න වෙන්නේ අන්තිමට (නි)
වසන් කලාද? වසන් කෙරෙව්වාද? (දී)
මේක සහතික ඇත්ත. (දී)
අපි සියලු දෙනා ලාංකිකයෝ (දී)
අනේමන්ද මොනවද මේ කියන්නේ වෙන්නේ (දී)
දැන් ඒ ගැන කරලා වැඩක් තියෙනවද (දී)
ඒ ගැන කතා කරලා වැඩක් නැහැ (දී)
ශාන්ත, ඔබ තව පාරක් හිතල බලන්න.(දී)
අලුත්ගම සිදුවීම මාධ්‍ය එලෙසින්ම පෙන්නුවේ නැහැ ඒකට හේතු තියෙනවා සමාජයේ යහපත උදෙසා (දී)
සිංහලයට කියල ජිවත් වෙලා ඉන්න තව රටක් මේ ලෝකේ තියෙනවද?ලංකාව ඇරෙන්න.අපි සිංහලයෝ වශයෙන් අපේ අනාගත පරපුරට අපේ ජාතිය ගැන කියල දෙන්නවත් ඉතිරි වෙයිද මෙම ගියොත්? ලංකාවේ අහිංසක මිනිස්සු රටේ වෙන දේවල් ගැන දැනගන්නේ මාධ්‍ය හරහා. ඉතින් මාධ්‍ය වලින් ඇත්තට ඉඩක් නැති උනාම ඉතින් ස්වාධීන රූපවාහිනි වගේ රජයට පක්ෂ පැති ආයතන මගින් මහජනතාව මුලාවට ලක් වෙනවා. ඇත්ත කතාකරන මාධ්‍ය වේදියෝ මරල දාන ස්මාජයක අපි මහජනතාව වශයෙන් මේ රට වෙනුවෙන් හඬක් නගන්නේ නැහැ නේද? සිංහල ජාතිය වෙනුවෙන් නැගී ඉන්න කාලේ ඇවිත් අපිට. රටේ මහජනතාව ගැන කතා කරන්න ඉන්නේ මම දැකපු එක චරිතයක් තමයි අනුර කුමාර දිසානායක ම්නත්‍රී තුමා. විපක්ෂයේ හඩක් නගන රජය හරි විදියට විවේචන කරන්න හීයක් දැන් ලංකාවේ නැහැ. හැම දෙයක්ම මහගෙදර බලේට යටත් වෙලා... (ස)
ඇත්තම කතාව ඒක තමයි . අපිත් ඒකට මුහුණ දුන්නා. (දී)
කවුරු කොහොම කිව්වත් , බුද්ධ ධර්මය අනුව මොන හේතුවකට උනත් කෙනෙකුට හිංසා කිරීම හරි දෙයක් වෙන්නේ නෑනේ. (දී)
කවුද කියන්නේ මාධ්‍ය හැසිරුණ විදිහ හරියි කියලා (දී)
ජාතික ප්‍රශ්න වලදී ලංකාදීප පුවත් පත අපක්ෂපාතීව ප්‍රවෘත්ති පළ කිරීම ගැන අප සැම මේ පුවත් පතට ස්තුති වන්ත විය යුතුයි. මාධ්‍යය වාරණයකට කැස කවන්නේ සුලු ජාතියෙන් යැපෙන අවස්ථාවාදී දේශපාලඥයෝයි. ඔවුන්ට එසේ යැපෙන්න බලය ලැබුනෙත් බහුතරය වූ සිංහල-බෞද්ධ ඡන්ද වලිනුයි. සිංහල-බෞද්ධ බහුතරය ට අවශ්‍යය වන්නේ වර්ග, ආගම්, ජාති අනුව රට පාලනය කිරීමක් නොව සැමටම සාධාරණ නීතියක් ක්‍රියාවේ යෙදෙනවා දකින්නයි. පාලකයින්ගෙන් මෙය ඉටු නොවේ නම්, වර්ගයක් හා ආගමික කණ්ඩායමක් හැටියට මේ බහුතරය දේශපාලන ක්‍රියා මාර්ගයකට දිනක නැඹුරු වේ නම් එයද ඓතිහාසික අවශ්‍යතාවයක් බවට පත්වීම නොවැලැක්විය හැකියි. (අ)
වීරසිංහ කියන නමේ තේරුම මොකක්ද කියල දන්නේ නැති අය කියන කතා අපි ගණන් ගත යුතු නෑ. මෙයාල ඉස්සරත් පාවල දුන්න. අදත් කරනවා. ඒ වගේම හෙටත් කරාවි. එත් අපි නොසැලෙමු! (ස)
කාලෝචිත විදිහට තමයි මාධ්‍ය හැසිරුනේ (දී)
අනේ මන්දා අප්පා මොනවා කරනවාද කියලා (දී)
මාධ්‍ය කටයුතු කල ආකාරය හරි (දී)
මොකුත් නොවිච්ච විදිහට තමයි හිටියේ ඒ දවස් වල (දී)
මාධ්‍ය ඒ වෙලාවේ ඒ විදිහට හැසිරුනේ නැතිනම් ලංකාව උඩු යටිකුරු වෙන්න තිබ්බා (දී)
මේ ලිපියටත් කූට ලෙස සිංහල නම් වලින් අදහස් දක්වන්නේ කව්ද කියල අපි දන්නවා. (ස)
වැඩිය කලබල වෙන්න එපා (දී)
නිකන් කාටවත් දොස් පවරන්න එපා (දී)
මමනම් වරදක් දකින්නේ නැහැ (දී)
මාධ්‍යට තිබ්බා ලොකු විනාශයක් කරන්න නිසි ප්‍රසිද්දිය දුන්නානම් (දී)
ඒ කතාව නම් හරි (දී)
මාධ්‍යට වාරණ (දී)
මාධ්‍ය සදාචාරය මේ මොහොතේවත් උදාවීම සතුටක්. කාගේවත් බලපෑමක් නිසා බොදුනුවන්ට හෝ අන්‍යජාතීන්ට අසාධාරණයක් වන්නට මාධ්‍යයට අයිතියක් නැත. එය මාධ්‍ය සීමාව ඉක්මවා ගිය තැනක්. සත්‍ය තොරතුරු වාර්තා කලා නම් මාධ්‍ය ගරුත්වය රැකෙනවා. දැන්වත් ඇත්ත දැමීම ගැන අපි සතුටු වෙනවා. වටරැක නාටකය, පානදුර නෝ ලිමිටි විනාශය බොදු සංවිධාන වලට පටවන්නට මාධ්‍ය ගත් උත්සහාය පිළිකුල් කරනවා. ඒවායෙ තතුත් සත්‍යවාදීව පල කරන්නයි කරුණාවෙන් ඉල්ලනවා. (ස)
දැන් එලිඋනානේ (දී)
වීරසිංහ ජාතිය සිංහල ද ආගම බුද්ධාගමද. එක ගෙදර තියා ගෙවල් දහයක පින්තුර දැම්මත් වෙලා තියන ඇත්ත සිද්දිය තමයි ලියල තියෙන්නේ. වීරසිංහ නමටත් කැතයි අහල තියන ප්‍රශ්නය. (නදී)
අපි විස්තර අහගත්තෙ ඒ පැතිවල ඉන්න අපේ නෑදෑයන්ගෙන් (දී)
මේ බෞද්ධ සංගම් නිකුත් කරපු නිවේදනයවත් අඩුගානේ ලංකාවේ මාධ්‍ය පෙන්නුවොත් පුදුමයි. (දී)
මේ ගැන මෙහෙම හරි පෙන්නපු එක හොඳයි (දී)
එදා මේ සිද්දිය පතුරුගහපු මොළ හොදන්නෝ කව්රුවත් අද සද්දයක් නැ. (දී)
බුදු බන යනු සතුරාටත් මෙත් සිත් පැතීරිමය් කෙනකු කල වරදකට තවත් කෙනකුට ගහන එක මොන ධර්මයද? (දී)
මේ සමුලු සමාගම් 23 ම ඉදිරියේදීත්, මින් පසුවත් තව තවත් ක්‍රියාශීලීව බුද්දාගමට, සිංහල බෞද්ධයන්ට විනකරන සියලුම බලවේග වලට විරුද්දව වෑඩ්කරන්නයි ශ්‍රී ලංකාවාසී බෞද්ධ අප කෘතවේදීව ඉල්ලා සිටිමු.(නදී)
මෙන්න ඇත්ත අන්තවාදයනි (නදී)
මෙය ඉංග්‍රීසියෙන් ඵල කරන්න (නදී)
බොහෝ මාධ්‍ය වල ඉන්නෙ ජරා බායිල නේ (දී)
ශේරාන් ඔබ හරි (දී)
ඇත්ත හෙලි වෙයි. මෙහෙම හරි වාර්තා කිරීම ගැන ලංකාදීපයට පිං (නදී)
අපිත් සිංහල දන්නවා හමුදුරුවනේ. එකම ගෙදර පින්තූර අරගෙන දාන්න එපා. ඔය කියන සංවිධාන යුද්ධය වෙලාවේ කොහෙද හිටියේ? (නදී)
මෙන්න සත්‍ය. සිංහලයා අසරණ වී ඇති ආකාරය. අපි මෙතෙක් ඇසුවේ එක කතාවක් පමණි. (නදී)
මොකටද මෙහෙම සිංහල දෙමල මුස්ලිමි යනුවෙන් වර්ග කරන්නේ. ඇයි අපිට බැරි හැමෝම මනුස්සයෝ නේද කියල හිතන්න. (නදී)
වීරසිංහ, හොදටම විශ්වාසද නම වීරසිංහ කියලා. ඔය ඔක්කොම සංවිධාන යුද්ධය වෙලාවේ හිටියෙත් ලංකාවෙ තමයි. (නදී)
'ඇත්තට' මේ රටේ ඉඩක් නෑ. මේ රටේ බෞද්ධයාට යන කල දවස දිහා බලනකොට පිළිකුලක් දැනෙනවා දේශපාලකයෝ ගැන. (අ)
මාධ්‍යට ඉහලින් උපදෙස් දෙන්න ඇති වහන් කරන්න කියලා (දී)
මංගල නම් අපේ කුරුදු පොලු මංගලගේ කෙනක් වගේ. (දී)
වීරසිංහ තමුන්ගේ නම බලුසිංහ කියල දැම්මොත් නරකද ? (දී)
අහෝ දුකකි ඉරකි තිතකි (දී)
හැම පැත්තෙන්ම සිංහල අපි අසරණයි. අපි මේ ගැන කතා කොලොත් ජාති ද්‍රෝහීන්. (අ)
වින්සන්ට් ඔබ් හරි. කෙනෙක් වැරැදි කලානම් ඒ පුද්ගලයාටයි දඬුවම් කල යුත්තේ. (අ)
නීතිමය පියවර ගන්න (දී)
මේක සුළු පටු විනාශයක් නොවෙයි (දී)
මේවාට කෑගහපු බොදුබල හාමුදුරුවන්ට තමයි අන්තිමට කලබල ඇති කරනවා කියල කිව්වේ (අ)
මේවාගේ අය රජ කාලෙත් හිටියා. (අ)
ඇයි මේවා දාන්න මෙච්චර කල් ගත්තේ (අ)
කලබල ඇතිකරලා දැන් මාධ්‍යට දොස් පවරනවා. (අ)
දෙයියනේ වෙලා තියෙන අපරාධයක් (දී)
දැන් අන්තිමට වැරදි මාධ්‍යයද? (නි)
ශාන්ත,කලබලයට මුල්වූ හාමුදුරුවන්ට පුන් පොහෝදා පහර දීම ගැන ඇයි ඔබ කතා කරන්නේ නැත්තේ.....? ඔබ මැරිලා ඉපදුනු කෙනෙක්ද...? (අ)