IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අලියා ඉණිමග දිගේ යයි

මාදුරුඔය ඉෂෙඩ් ඩී මහඇළට වැටුණ වල් අලියකු කඹවලින් සෑදු ඉණිමඟක ආධාරයෙන් ගොඩ ගැනීම මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ නිලධාරීන් සහාය ඇතිව වෙහෙරගල ගජ මිතුරෝ සංවිධානයට හැකි විය.

අරලගංවිල අලුත්ඔය ප්‍රදේශයේ දී ජලය බීමට ඇළට බැස්ස අලිය මෙම ඇළට වැටී ඇත්තේ 27 වැනි අලුයම් කාලයේ බව ගජමිතුරෝ සංවිධානය කියයි.  එතැන් පටන් කිලෝමිටර් 10 පමණ පහළට අලියා ඇළ දිගේ ගසා ගෙන ගොස් දින දෙකක් තිස්සේ ඇළේ රැඳී සිටියේය.  ඇළේ වැටී සිටි අලියාට ප්‍රදෙශවාසීන් කෑම දුන්නේය.

ඇළ මාර්ගයට ජලය සපයන මාදුරුඔය ජලාශයේ දොරටු මහවැලි නිලධාරීන්ගේ සහාය වසා දැමුණු අතර පසුව විශාල කඹ ආධාරයෙන් සෑදූ ඉනිමඟ දිගේ අලියා  ගොඩට පැමිණ පිඹුරත්තෑව වනය දෙසට පළවා හැරීමට කටයුතු කළේය.

 

 



අදහස් (0)

අලියා ඉණිමග දිගේ යයි

නාරද Saturday, 29 March 2014 09:22 AM

අලියා නොයන මග-ඉණිමග .... අලියා යන මග-අලුත් ඉණිමග ... (නි)

:       0       0

සමන් - ඕමානය Saturday, 29 March 2014 09:50 AM

ඇළට වැටුණු වන සතුන් හට ගොඩවීමට ක්‍රමයක් නොසෑදීම මෙහි සැලසුම් හා ඉදිකිරීම් කළ කාලයේදී කළ වරදක්. දැන්වත් එය නිවැරදි කළ යුතුයි. කිලෝ මීටර් දෙකක පමණ දුර ප්‍රමාණ වලින් අලින්ට/වන සතුනට ගොඩවීමට හැකි පඩි කීපය බැගින් සැදිය හැකියි.එය ඇළේ ජලය ගැලීමට බාධා නොවන අයුරින් කළ හැකියි. මහවැලි ඉංජිනේරු මහතුනි, ඇමතිතුමනි, වන ජීවී ඇමතිතුමනි, ඔබගේ අවධානය පිණිසයි. (නි)

:       0       0

ජීනා Saturday, 29 March 2014 10:02 AM

අලි දැන් නොයන තැනක් නැහැනේ බලනකොට. (නි)

:       0       0

පිටිගල Saturday, 29 March 2014 08:47 PM

ගලබඩ , මම පිටිගල මිලානෝ නෙවෙයි.(නදී)

:       0       0

ඉන්දික Saturday, 29 March 2014 10:30 AM

දැන් අලියට යන එන මං නැතිවෙලා තියෙන නිසා ඉණිමං වලත් යනවා! (නි)

:       0       0

බණ්ඩාර Saturday, 29 March 2014 10:30 AM

අලි හිඟ මේ රටේ ඉතුරුවෙලා ඉන්න කකුල් 4 අලි ටිකවත් බේරාගමු මලේ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 29 March 2014 10:44 AM

අපේ සමහර මහත්වරුන්ටත් ඉණිමගක් හදමුද උඩට එන්න? (නි)

:       0       0

කුමාරි Saturday, 29 March 2014 10:46 AM

මේ සතුන් මෙහෙම වැටෙන්නේ වතුර බොන්න ගිහින්නේ. ඒ නිසා උන්ට පහසුවෙන් වතුර බොන ස්ථාන හැදුවොත් නරකද? මනුස්සකමින් පිරි හදවත් වලට අපේ ප්‍රණාමය. (නි)

:       0       0

ප්‍රභාත් Saturday, 29 March 2014 12:05 PM

මෙම අවස්තාවෙ අවසාන ජවනිකාව ස්දහන්ව නැත. ගොඩට ආ අලියා යතුරු පැදි දෙකකට පහර දි විනාස කලේය.. එය මනාව එක් නලිකාවකින් පෙන්වන ලදි. එ අලියා බෙරා ගැනිමට පැමිනි තරුනයන් ගේය.. එ තිරිසනා ගෙ හැටිය.. නමුත් එ අහින්සක දුප්පත් නමුත් එඩිතර ගොවි මහතුන් ගෙ යතුරු පැදි පුර්න රක්ෂණ නොවෙ.. එනිසා අඩුම ගනනෙ වනජිවි අයගෙ යුතුකම වන්නෙ ඔවුන්ගෙ යතුරු පැදි සදා දිමට උපකාර කිරිමයි. (දී)

:       0       0

නුවන් Saturday, 29 March 2014 12:59 PM

අලියා නොකන දල්ලත් අද හෙටම කයිද දන්නේ නැහැ (දී)

:       0       0

ෂෙල්ටන් Saturday, 29 March 2014 12:59 PM

ඒ කියන්නේ අලියා අද ගොඩ කියලද (දී)

:       0       0

රවීන් Friday, 28 March 2014 09:32 PM

අලියා නොයන මග? ඒකත් දැන් කියන්න බෑ.(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 28 March 2014 09:38 PM

කට්ටියක් හක්ක පටස් දාල අලි මරනවා. තවත් කට්ටියක් මැරෙන්න යන අලියව ඉනිමන් දාලා බේරා ගන්නවා. එකම සමාජයේ අන්ත දෙකක්.(නදී)

:       0       0

සරත් සෞදි Saturday, 29 March 2014 01:20 PM

අලියා බේරාගත් මග ඉනිමග (දී)

:       0       0

පිටිගල Saturday, 29 March 2014 01:45 PM

මම යෝජනා කරනවා එජාපයේ චන්ද ලකුණ " ඉනිමග " කරන්න කියලා. ෂුවර් එකටම ගොඩ එන්න පුළුවන් වෙයි.(දී)

:       0       0

මනෝජ්-සාජා Friday, 28 March 2014 10:45 PM

ඒකියන්නෙ අලියට නොයන්න පුළුවන් තැනකුත් නැ.කොහොම හරි අලියාගේ පන බේරපු එක ලොකු දෙයක් (දී)

:       0       0

පිටිගල Saturday, 29 March 2014 02:20 PM

අපේ කුඩා කාලයේ අපේ වැඩිහිටියෝ පරිසරයට මොනතරම් ආදරය කලාද?අපි කුඹුරේ වැඩ කරලා අම්මා ගේන ඇඹුල කාල කුඹුරේ පිට වේල්ලෙන් වතුර බිව්වේ. දිය කූඩැල්ලෝ, ගෙම්බෝ. ඇටිකිත්තෝ ,ඉස්ගේඩියෝ, සේරෝ, කූරෝ , හිටිය ඒ පරිසරයේ.අලියා නොයන මග, අලියා නොකන දල්ල, නැට්ට නැති බට්ට, වගේ තේරවිලි තේරුවා අපි කුඹුරේ පැලේ, කමතේ වාඩිවෙලා සමාරිස් ආතා නියර උඩ කෙහෙල් පැළයක් සිටුවලා ගොක් කොළ සරසලා කෙමක් කලාම අලියා, උරා, කුඹුරට බහින්නේ නැහැ. ගොයම් මැස්සෝ නැහැ. කෘමි නාශක වල පැලැටි නාසක නැහැ. පොහොර දන්නේ නැහැ, ගෙරිකටු පොර බිත්තර වී එක්ක කලවම් කරලා කුබුරට ඉස්සම අස්වැන්න හරි සතුටු දායකයි. ගොයම් පාගන කොට කමතේ උත්සවයක් වගෙයි. දැන් තත්වය ගැන හිතන කොට අපේ ළමයි හරි අවාසනාවන්තයි කියලා හිතෙනවා. අලියා නොකන දල්ල දැන් හැමතැනම අලියා කනවා. හක්ක පටස්. වෙඩි උණ්ඩ තමයි අද අලියා කන්නේ."" විනාශ කාලෙන විපරීත බුද්ධිහ් "" කිව්වලු. (දී)

:       0       2

දිනා Saturday, 29 March 2014 12:22 AM

දැන් බැලුවාම අපේ පැරණි කියුම් බොරු වෙනවානේ (දී)

:       0       0

සංජය Saturday, 29 March 2014 02:44 PM

මේ ලිපියට දෙන්න පුලූවන් හොඳම මාතෘකාව තමයි, අලියා නොයන මගෙත් යයි කියලා නේද? (නදී)

:       0       0

ශාන්ති Saturday, 29 March 2014 01:06 AM

කොහොම හරි කමක් නැහැ, අලියා බේරුණානේ. (නි)

:       0       0

සේපාල දිසානායක Saturday, 29 March 2014 02:57 AM

මේ ඉසෙඩ් ඇළට මීට පෙරත් අලි වැටිලා තිබුනා. තව කොතරම් සතුන් වැටිලා ඇද්ද ? මේ ඇළට වැටුන සතුන්ට පහසුවෙන් ගොඩවෙන විදියේ ස්ථිර වැඩපිළිවෙලක් සදාදෙන්න (නි)

:       0       0

ඩික්සන් Saturday, 29 March 2014 02:59 AM

කෙනෙකුට අසරණ වූ වෙලාවට උදව්වක් කිරීම උතුම් ගුණයකි. උතුම් මනුස්ස ගතියකි. සහභාගි වූ සියලුම දෙනාට ගොඩක් පින් (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 29 March 2014 04:16 PM

පිටිගල මිලානෝ අයියත් ලස්සන කතාවක්නේ ලියල තියෙන්නේ.(නදී)

:       0       0

බණ්ඩා Saturday, 29 March 2014 05:16 AM

අලියා නොයන මග ඉණිමග නේ... (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Saturday, 29 March 2014 06:33 AM

ගජ මිතුරන්ට මගේ ගෞරවනීය ආචාරය! ඒ වගේම මේ අලියාට කෑම දුන් ගමේ ජනතාවටත් හිස නමා ආචාර කරනවා. බොහොම පින් ! (නි)

:       0       0

සෙනත් Saturday, 29 March 2014 08:10 AM

අලියා නොයන මග - ඉණිමග (නි)

:       0       0

සෙනෙත් Saturday, 29 March 2014 08:13 AM

අලියා නොයන මග ඉණිමගනේ. අලියා බේරාගත් අයට ගොඩක් පින්! (නි)

:       0       0

පවනි Saturday, 29 March 2014 08:14 AM

ඒ වුණාට දැන් අලි ඉස්සර නොගිය පාරවල් වලත් යනවා. (නි)

:       0       0

වසන්ත Saturday, 29 March 2014 08:53 AM

ගජ මිතුරනි, ඔබේ ලිපිනය පළ කරන්න. මටත් ඔවැනි සතුන් බේරා ගැනීමේ සංවිධානයකට බැ‍ඳෙන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 62 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 332 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 415 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3332 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1230 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 1196 3

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23039 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22881 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site