මාදුරුඔය ඉෂෙඩ් ඩී මහඇළට වැටුණ වල් අලියකු කඹවලින් සෑදු ඉණිමඟක ආධාරයෙන් ගොඩ ගැනීම මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ නිලධාරීන් සහාය ඇතිව වෙහෙරගල ගජ මිතුරෝ සංවිධානයට හැකි විය.
අරලගංවිල අලුත්ඔය ප්‍රදේශයේ දී ජලය බීමට ඇළට බැස්ස අලිය මෙම ඇළට වැටී ඇත්තේ 27 වැනි අලුයම් කාලයේ බව ගජමිතුරෝ සංවිධානය කියයි. එතැන් පටන් කිලෝමිටර් 10 පමණ පහළට අලියා ඇළ දිගේ ගසා ගෙන ගොස් දින දෙකක් තිස්සේ ඇළේ රැඳී සිටියේය. ඇළේ වැටී සිටි අලියාට ප්‍රදෙශවාසීන් කෑම දුන්නේය.
ඇළ මාර්ගයට ජලය සපයන මාදුරුඔය ජලාශයේ දොරටු මහවැලි නිලධාරීන්ගේ සහාය වසා දැමුණු අතර පසුව විශාල කඹ ආධාරයෙන් සෑදූ ඉනිමඟ දිගේ අලියා ගොඩට පැමිණ පිඹුරත්තෑව වනය දෙසට පළවා හැරීමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇළට වැටුණු වන සතුන් හට ගොඩවීමට ක්‍රමයක් නොසෑදීම මෙහි සැලසුම් හා ඉදිකිරීම් කළ කාලයේදී කළ වරදක්. දැන්වත් එය නිවැරදි කළ යුතුයි. කිලෝ මීටර් දෙකක පමණ දුර ප්‍රමාණ වලින් අලින්ට/වන සතුනට ගොඩවීමට හැකි පඩි කීපය බැගින් සැදිය හැකියි.එය ඇළේ ජලය ගැලීමට බාධා නොවන අයුරින් කළ හැකියි. මහවැලි ඉංජිනේරු මහතුනි, ඇමතිතුමනි, වන ජීවී ඇමතිතුමනි, ඔබගේ අවධානය පිණිසයි. (නි)
ගලබඩ , මම පිටිගල මිලානෝ නෙවෙයි.(නදී)
පිටිගල මිලානෝ අයියත් ලස්සන කතාවක්නේ ලියල තියෙන්නේ.(නදී)
මේ ලිපියට දෙන්න පුලූවන් හොඳම මාතෘකාව තමයි, අලියා නොයන මගෙත් යයි කියලා නේද? (නදී)
අපේ කුඩා කාලයේ අපේ වැඩිහිටියෝ පරිසරයට මොනතරම් ආදරය කලාද?අපි කුඹුරේ වැඩ කරලා අම්මා ගේන ඇඹුල කාල කුඹුරේ පිට වේල්ලෙන් වතුර බිව්වේ. දිය කූඩැල්ලෝ, ගෙම්බෝ. ඇටිකිත්තෝ ,ඉස්ගේඩියෝ, සේරෝ, කූරෝ , හිටිය ඒ පරිසරයේ.අලියා නොයන මග, අලියා නොකන දල්ල, නැට්ට නැති බට්ට, වගේ තේරවිලි තේරුවා අපි කුඹුරේ පැලේ, කමතේ වාඩිවෙලා සමාරිස් ආතා නියර උඩ කෙහෙල් පැළයක් සිටුවලා ගොක් කොළ සරසලා කෙමක් කලාම අලියා, උරා, කුඹුරට බහින්නේ නැහැ. ගොයම් මැස්සෝ නැහැ. කෘමි නාශක වල පැලැටි නාසක නැහැ. පොහොර දන්නේ නැහැ, ගෙරිකටු පොර බිත්තර වී එක්ක කලවම් කරලා කුබුරට ඉස්සම අස්වැන්න හරි සතුටු දායකයි. ගොයම් පාගන කොට කමතේ උත්සවයක් වගෙයි. දැන් තත්වය ගැන හිතන කොට අපේ ළමයි හරි අවාසනාවන්තයි කියලා හිතෙනවා. අලියා නොකන දල්ල දැන් හැමතැනම අලියා කනවා. හක්ක පටස්. වෙඩි උණ්ඩ තමයි අද අලියා කන්නේ."" විනාශ කාලෙන විපරීත බුද්ධිහ් "" කිව්වලු. (දී)
මම යෝජනා කරනවා එජාපයේ චන්ද ලකුණ " ඉනිමග " කරන්න කියලා. ෂුවර් එකටම ගොඩ එන්න පුළුවන් වෙයි.(දී)
අලියා බේරාගත් මග ඉනිමග (දී)
ඒ කියන්නේ අලියා අද ගොඩ කියලද (දී)
අලියා නොකන දල්ලත් අද හෙටම කයිද දන්නේ නැහැ (දී)
මෙම අවස්තාවෙ අවසාන ජවනිකාව ස්දහන්ව නැත. ගොඩට ආ අලියා යතුරු පැදි දෙකකට පහර දි විනාස කලේය.. එය මනාව එක් නලිකාවකින් පෙන්වන ලදි. එ අලියා බෙරා ගැනිමට පැමිනි තරුනයන් ගේය.. එ තිරිසනා ගෙ හැටිය.. නමුත් එ අහින්සක දුප්පත් නමුත් එඩිතර ගොවි මහතුන් ගෙ යතුරු පැදි පුර්න රක්ෂණ නොවෙ.. එනිසා අඩුම ගනනෙ වනජිවි අයගෙ යුතුකම වන්නෙ ඔවුන්ගෙ යතුරු පැදි සදා දිමට උපකාර කිරිමයි. (දී)
මේ සතුන් මෙහෙම වැටෙන්නේ වතුර බොන්න ගිහින්නේ. ඒ නිසා උන්ට පහසුවෙන් වතුර බොන ස්ථාන හැදුවොත් නරකද? මනුස්සකමින් පිරි හදවත් වලට අපේ ප්‍රණාමය. (නි)
අපේ සමහර මහත්වරුන්ටත් ඉණිමගක් හදමුද උඩට එන්න? (නි)
අලි හිඟ මේ රටේ ඉතුරුවෙලා ඉන්න කකුල් 4 අලි ටිකවත් බේරාගමු මලේ (නි)
දැන් අලියට යන එන මං නැතිවෙලා තියෙන නිසා ඉණිමං වලත් යනවා! (නි)
අලි දැන් නොයන තැනක් නැහැනේ බලනකොට. (නි)
අලියා නොයන මග? ඒකත් දැන් කියන්න බෑ.(නදී)
අලියා නොයන මග-ඉණිමග .... අලියා යන මග-අලුත් ඉණිමග ... (නි)
ගජ මිතුරනි, ඔබේ ලිපිනය පළ කරන්න. මටත් ඔවැනි සතුන් බේරා ගැනීමේ සංවිධානයකට බැඳෙන්න ඕනෑ. (නි)
ඒ වුණාට දැන් අලි ඉස්සර නොගිය පාරවල් වලත් යනවා. (නි)
අලියා නොයන මග ඉණිමගනේ. අලියා බේරාගත් අයට ගොඩක් පින්! (නි)
අලියා නොයන මග - ඉණිමග (නි)
ගජ මිතුරන්ට මගේ ගෞරවනීය ආචාරය! ඒ වගේම මේ අලියාට කෑම දුන් ගමේ ජනතාවටත් හිස නමා ආචාර කරනවා. බොහොම පින් ! (නි)
අලියා නොයන මග ඉණිමග නේ... (නි)
කෙනෙකුට අසරණ වූ වෙලාවට උදව්වක් කිරීම උතුම් ගුණයකි. උතුම් මනුස්ස ගතියකි. සහභාගි වූ සියලුම දෙනාට ගොඩක් පින් (නි)
මේ ඉසෙඩ් ඇළට මීට පෙරත් අලි වැටිලා තිබුනා. තව කොතරම් සතුන් වැටිලා ඇද්ද ? මේ ඇළට වැටුන සතුන්ට පහසුවෙන් ගොඩවෙන විදියේ ස්ථිර වැඩපිළිවෙලක් සදාදෙන්න (නි)
කොහොම හරි කමක් නැහැ, අලියා බේරුණානේ. (නි)
දැන් බැලුවාම අපේ පැරණි කියුම් බොරු වෙනවානේ (දී)
ඒකියන්නෙ අලියට නොයන්න පුළුවන් තැනකුත් නැ.කොහොම හරි අලියාගේ පන බේරපු එක ලොකු දෙයක් (දී)
කට්ටියක් හක්ක පටස් දාල අලි මරනවා. තවත් කට්ටියක් මැරෙන්න යන අලියව ඉනිමන් දාලා බේරා ගන්නවා. එකම සමාජයේ අන්ත දෙකක්.(නදී)