(මනෝප්‍රිය ගුණසේකර)
මාර්ගයක් සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට ලග්ගල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට එරෙහි අල්ලස් නඩුවේදී බොරු සාක්කි දුන් බව පිළිගත් එම ප්‍රාදේශීය සභාවේ හිටපු රියදුරෙකු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (31) නියම කළේය.
සාක්කිකරු පැමිණීල්ලට අගතිදායක අන්දමින් බොරු සාක්කි දෙන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් ඔහු රිමාන්ඩ් බාරයට පත් කළ විනිසුරුවරයා මෙම නඩු විභාගය අවසානයේදී බොරු සාක්කිදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩුවක් පවරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.
අධිකරණය හමුවේ බොරු සාක්කි දුන් බව පිළිගත් ලග්ගල ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු වශයෙන් වසර 27ක කාලයක් කටයුතු කොට මේ වන විට විශ්‍රාමිකව සිටින 61 හැවිරිදි කේ.ජී. ගුණතිලක නමැත්තා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කළේය.
2017 වසරේදී මාර්ගයක් සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ලග්ගල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ප්‍රදීප් රණසිංහ නැමැත්තාය. විත්තිකාර ලග්ගල ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම් ප්‍රදීප් රණසිංහ නැමැත්තාට එරෙහි නඩුවේදී පැමිණීල්ල වෙනුවෙන් සාක්කි දෙමින් සිට කේ.ජී. ගුණතිලක නමැත්තා අල්ලස් කොමිසමට ලබාදුන් කටඋත්තරයට පටහැනි අන්දමින් සාක්කි ලබාදෙන බව අධිකරණයට දැනුම් දුන් පැමිණීල්ල මෙහෙයවු අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය ඔහු පැමිණීල්ලට අගතිදායක සාක්කිකරුවකු වශයෙන් නම් කොට ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසු අවස්ථාවේිදී තමන් අධිකරණයේ දිවුරුම් පිට බොරු සාක්කි දුන් බව පිළිගත්තේය.
ඒ අවස්ථාවේදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් සාක්කිකරු රිමාන්ඩ් බරයට පත් කළ විනිසුරුවරයා ඔහුට ඇප ලබාගැනීමට හැකියාව ඇත්තේ අභියාචනාධිකරණයෙන් පමණක් බවද දැනුම් දුනනේය.
මෙම නඩුවේ සාක්කි විභාගය අවසානයේදී දිව්රුම් පිට බෙරු සාක්කිදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වෙනම නඩුවක් පැවරීමට අල්ලස් කොමිසමට නියම කළ විනිසුරුවරයා වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරි 02 වැනිදා දක්වා කල් තැබීය.
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අල්ලස් නඩුවකට බොරු සාක්කි දුන්නාට මතක හිටින පාඩමක්